මහින්ද දින්නනම් තමන්ගෙම ආණ්ඩුවක් හදනවා, ඒත් අපි දිනලත් අපිට ආණ්ඩුවක් නෑ. – මංජු ශ්‍රී

මහින්ද රාජපක්ෂ මහතා තම එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් කළ සේවය ගැන එජාප නායකයින්ගේත් වක්‍රාකාර පැසසුමට ලක් වෙමින් තිබේ.

“පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරු 106 දෙනෙක් පත් කර ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් මන්ත්‍රිවරු ටිකක් අරගෙන ඇමතිකම් දීලා 113 පුරෝගෙන තමන්ගෙ පාක්ෂිකයින්ට වැඩ කරන ආණ්ඩුවක් ගෙනියනවා. අද අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ජාතික ආණ්ඩුවක් කියල හදාගෙන යනවා. හොඳම අමාත්‍යාංශ ටික ඒ පැත්තට දීලා…” ආදී වශයෙන් බස්නාහිර පළාත් සභාවේ එජාප විපක්ෂනායක මංජු ශ්‍රී අරංගල මහතා පවසයි.

එසේම ඔහු පැවසූයේ “හැබැයි මේ යන තත්ත්වය තුළ ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට විජාතික ආණ්ඩුවක් බවට පත් වෙන්න වැඩි කලක් යන්නෙ නෑ” යනුවෙනුයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්ද දින්නනම් තමන්ගෙම ආණ්ඩුවක් හදනවා, ඒත් අපි දිනලත් අපිට ආණ්ඩුවක් නෑ. – මංජු ශ්‍රී

  • Samantha

    අපටනම් කීමට ඇත්තේ මේ ආණ්ඩුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් නොව මුළු රටටම විජාතික ආණ්ඩුවක් බවට දැනටම පත් වෙලා කියලයි.

  • Rata wenuwen

    තත්වය හොද නැති බව වැටහිලා
    අරන්ගල අයිය උඩ බුරනවා තදවෙලා
    ඉල්ලගෙනම කාපු අයට හිරවෙලා,
    කුම්බිලා කටු උගුරේ ඇනිලා විසවෙලා.

  • Dinuu

    එජාපය තුලම ඇති කලකිරීම හොදින්ම පැහැදිලියි මේ කතාවෙන්. අර පෙර අවාසනාවකට තමන් ගැහැණියද පිරිමියාද කියලා තෝරා බේරාගන්න බැරි අය ඉන්නව වගේ මයිත්‍රී තමා එජාපද ශ්‍රීලනිප ද තෝරා බේරා ගන්න බැරිව වයර් මාරු වෙලා ඉන්නේ ජනවාරි 8 සිටම. අපිත් ඉතින් එයාගෙ “ඒකාධිපති වියරුව” නාටකයේ “විවිධ ජවනිකා” නරඹමින් ඉන්නවා. රනිල්/මයිත්‍රී/චන්ද්‍රිකා ගේ ග්‍රහණයට හසුවුන ලන්කා මාතාවට ඉතින් දෙයියන්ගෙම පිහිට තමා!

  • Pink Panther

    අරංගල අයියට තද වෙලා තියෙන්නේ තමන්ට තනියම කන්න තිබ්බ ඒකෙන් කොටසක් සිරිසේනගේ කට්ටියක් කන එකට මිසක් දේශප්‍රේමයක් මතු වෙලා නොවෙයි…
    සිරිසේනයි-රනිලුයි,චන්ද්‍රිකයි රටම විජාතික ආණ්ඩුවක් යටතේ පාලනය වෙන රුකඩ පාලනයක් සහිත රටක් කරලා…

Leave a Reply