මත්තල නිසා ඉන්දියාව පාඩු ලබන හැටි ගුවන් නිලධාරියෙක් විස්තර කරයි.

BackUp ගුවන්තොටුපොළක් වශයෙන් මත්තල යොදා ගනිද්දී , පාඩුව සිදුවන්නේ එම කර්තව්‍යය සිදු කරන ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළට බව ගුවන්තොටුපොළ නිලධාරියෙක් විස්තර කරයි.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා එක්ස්රේ ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි සංවේදිත උපකරණ, කෝටි 5 කට වඩා වටිනා වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත රුපියල් කෝටි 200 කට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීම දේශපාලන පළිගැනීමක් මෙන්ම රටේ ආර්ථිකයෙන් හා සම්පත් වලින් පලිගැනීමක් බව ගුවන් තොටුපල සේවකයෝ පෙන්වා දෙයි.

පහත දැක්වෙන්නේ මත්තල ගුවන්තොටුපොළ ගැන mahinda.info මගින් මීට පෙර පළ කළ සම්පූර්ණ විස්තරය.

මත්තල කියන්නේ ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළක් ය, ඒකට එන්නේ මොණරු සහ අලි විතරයි ආදී වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි උදවිය තවමත් අපහාස කරන හැටි ඔබ අනන්තවත් දැකලා ඇති.

පසුගිය කාලයේ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළට එරෙහිව මඩ ගැසූ අය මොනවා කිව්වත් පසුව කියන්න ගත්තා මත්තල ගුවන් තොටුපොළ නිසා ගුවන් සමාගම් රැසකට වාසි අත් වෙනවා කියලා. එසේම ඔවුන් කිව්වා මත්තල දිගටම කරන් යනවා කියලා. පහත වීඩියෝව බලන්න.

මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ යනු ගුවන් යානා ආවේ නැතත් මුදල් ඉපයිය හැකි තැනක් බවත්, ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටනම් අත්‍යවශ්‍යම වන සේවා ස්ථානයක් බවත් ඔබ දැන සිටියාද?

මේ දේවල් මා මුලදී කියද්දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන සහෘදයන් පවා මේ කතා අවිශ්වාස කරාවි. ඒත් පහතින් දක්වලා තියෙන ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු කියවා බැලීමෙන් අප කියන්නේ ඇත්තද බොරුද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්. අපි කියන නිසාම පිළිගන්න ඕන නෑ, මේ සමග ඇති මූලාශ්‍ර එකින් එක බලන්න.

 

අවශ්‍යතාවය

[1]. ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අවශ්‍ය වන්නේ මේ නිසා.

(i). ඔබ දන්නවාද A380 යනු ලෝකයේ තියෙන විශාලතම “අන්තර් මහාද්වීපික” මගී ප්‍රවාහණ ගුවන් යානයක්. එය ගොඩ බැස්සවීමට වඩාත් ගැලපෙන ධාවන පථයක් ශ්‍රී ලංකාවේ නෑ.

(ii). කටුනායක ගුවන් තොටුපොළට A380 ගොඩබස්සවන්නට අපහසුයි.  පහත පින්තූරයේ දැක්වෙන A320 ගුවන් යානය අපේ රටේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවයේ භාවිතා වෙන වර්ගයක්. ඒ සමග ඇති විශාල ගුවන් යානය A380. වෙනස පේනවානෙ.

airbus

(iii). කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය A380 සඳහා වඩාත් සුදුසු ලෙස විශාල කරන්න බැරි කමක් නෑ. නමුත් එහෙම කරන්න ගියොත් කටුනායක ගුවන්තොටුපොළ මාස කීපෙකට වසා දාන්න සිදුවෙනවා. ඒ කියන්නේ ඒ මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටීවි. ඒක ජාතිකව පමණක් නොවෙන් ජාත්‍යන්තරවත් බලපාන ප්‍රශ්නයක් වේවි.

(iv). ඊට අමතරව ඒ සඳහා අධික පිරිවැයක් යනවා. හේතුව තමයි කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය තවත් දික් කළොත් ඒ සඳහා බොහෝ වටිනා ඉදිකිරීම් ඉවත් කිරීමට සිදුවීම. එම මුදලත් වැය කරමින් රටේ ගුවන් ගමන් නවතාගන්නවාට වඩා අලුතෙන්ම ගුවන්තොටුපොළක් ඉදිකරන එක වඩාත් වාසිදායකයි.

(v). කටුනායක ගුවන් තොටුපල පමණක් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් මීට පෙර හදිසි අවස්ථාවකදී ගුවන් යානා යොමු කෙරුණේ ඉන්දියාවේ 115.100MHz යටතේ ක්‍රියාත්මක වන ත්‍රිවන්තපුරම් ගුවන් තොටුපල සහ චෙන්නායි ගුවන්තොටුපොළ වෙතටයි.

– එබැවින් ශ‍්‍රී ලංකාවට එලෙස පැමිණෙන සියලූ ගුවන් යානාවලට අමතර ඉන්ධන ප‍්‍රමාණයක් ද රැගෙන ඒමට සිදුවුණා. සාමාන්‍ය ගුවන් යාන ගොඩබෑ හැකි කටුනායක සිට ආසන්නතම ගුවන්තොටුපොළ ඉන්දියාවේ Thiruvanathpuram ගුවන්තොටුපොළ නිසා සෑම ගුවන් යානයකටම අමතර ඉන්ධන ටොන් 2ක් පමණ ගබඩාකරගෙන පියාසර කිරීමට සිදුවෙනවා.

– එමගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වල පිරිවැය ඉහල යනවා.

– වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන එනවා යනු අදාල ගුවන් යානයෙන් ගෙන ආ හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා.

– බැකප් ගුවන්තොටුපොළ වඩාත් දුරින් පිහිටීම නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල රක්ෂණ වාරික මුදලත් ඉහළ යනවා.

– ස්වභාවික ව්‍යසනයකදී හෝ වෙනයම් බරපතල සිදුවීමකදී විදේශ වල සිට විශාල ලෙස ගුවන් යානා පැමිණියහොත් කටුනායක ගුවන් තොටුපොළට පමණක් එම එයාර් ට්‍රැෆික් එක පාලනය කරගත නොහැකි වෙනවා. (උදා: සුනාමි ව්‍යසනය වෙලාවේ විදේශයන්ගෙන් ආධාර සහිතව ගුවන්යානා විශාල ප්‍රමාණයක් ආ මොහොතේ කටුනායක ඉඩ මදි වුණා.) සැහැල්ලු ගුවන් යානා රත්මලානට යැව්වත් අනෙකුත් ගුවන් යානා ගොඩ බාන්න වුණේ ඉන්දියාවේයි.

– මෙරට තවත් ගුවන් තොටුලක් ක‍්‍රියාත්මක වීමේදී ඉහත දේවල් වැළකෙනවා.

 

ස්ථානය

[2]. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුම තැන මත්තල ප්‍රදේශයම බව කිව්වොත් ඔබ මවිත වේවි.

(i). ප්‍රධානතම හේතුව තමයි ඕස්ට්‍රේලියා – යුරෝපා ජාත්‍යන්තර වඩාත්ම Economic ගුවන් මාර්ගය ශ්‍රී ලංකාවේ දකුණු මුහුද හරහා පිහිටා ඇති නිසා ගුවන්තොටුපොළ දකුණේ පිහිටුවීමට සිදුවීම. පහත පින්තූරයේ දැක්වෙන්නේ A380 ගුවන් යානා දෙකක් එක පෙලට අපේ රටට පහළින් ගමන් ගන්නා හැටි.

route

(ii). හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වැදගත්කම පක්ෂ බේධයකින් තොරව බොහෝ දෙනා පිළිගන්නවා. ඒ ගැන තවත් තොරතුරු සහිත ලිපිය මෙතනින්මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට අවශ්‍ය වූයේ හම්බන්තොට වරායට ආසන්නයෙන්මයි. ඊට හේතුව නම් වරායක කටයුතු සහ ගුවන්තොටුපොළ කටයුතු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබීම. උදාහරණ ලෙස වරායකින් ගෙන එන බඩු ගුවන් මගින් යැවීමට සිදුවීම දැක්විය හැකියි. මේ ගැන සම්පූර්ණ පැහැදිළි කිරීම මෙම ලිපියෙන්.

(iii). ඊට අමතරව හම්බන්තොට වරායේ කටයුතු මහාපරිමාණව ආරම්භ වීමත් සමගම ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙන අතර, ඒත් සමගම දකුණු පළාතට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍ය වෙනවා. කොළඹ මාතර අධිවේගී මාර්ගය ඉදි කළේත්, මාතර සිට හම්බන්තොට දීර්ඝ කරන්නේත්, දුම්රිය සේවයකුත් ආරම්භ කිරීමට සැලසුම් වූයේත් ඒ සඳහායි. එවිට මත්තල සහ කටුනායක එකම අධිවේගී මාර්ගයකින් සම්බන්ධ වෙනවා. මෙය අපේ රටේ දිගුකාලීන සංවර්ධන මාස්ටර් ප්ලෑන් එකේ පුංචි කොටසක් පමණයි.

(iv). මත්තල ගුවන්තොටුපොළ ඉදි කළේ කැළයක් මැද්දේ කියලා සමහරු කිව්වාට එය ඉදි කර තිබෙන්නේ වනාන්තර වලින් හැකි තරම්ම ඈතට වෙන්නටයි. පහත සිතියම බලන්න, දකුණු පළාතේ ඇති වනාන්තර වලින් ඈතින්ම තිබෙන ප්‍රදේශයේ එය පිහිටවූ බව ඔබට පේනවා. මූලාශ්‍රය.

mattala

(v). එතකොට දැන් බලන්න රත්මලන ගුවන්තොටුපොළ පිහිටා තියෙන්නේත් අත්තිඩිය කුරුළු අභය භූමියට කිලෝමීටර් 0.73 ක් වගේ ආසන්නයෙන්. මූලාශ්‍රය. ඔබටම දුර මැනීමට අවශ්‍යනම් මේ වෙබ් සයිට් එක භාවිතා කරන්න.  ඊනියා පරිසර සංවිධාන පහුගිය ටිකේ ජනතාව අන්දපු ඇන්දිල්ල පේනවානෙ.

ratmalana

(vi). මත්තලට කිලෝමීටර් හය හතක් දුරින් කැළෑ තියෙනවා කියලා එයට එරෙහි වෙන අය, අත්තිඩිය කුරුළු අභය භූමිය කිලෝමීටරේකටත් අඩුවෙන් ආසන්නයෙන්ම තියෙන නිසා රත්මලාන ගුවන්තොටුපොළත් ඉවත් කරන්න කියනවාද කියලා අපි අහනවා.

(vii). ඇත්තම කතාව තමයි මත්තල ගුවන්තොටුපොළට කුරුල්ලන්ගෙන් කරදරයක් තිබේනම් ඒ හා සමානම කරදරයක් කටුනායක ගුවන්තොටුපොළටත් තියෙනවා. මුහුදු ළිහිනින්, කොකුන්, පරෙවියන් එහි එමටයි. ජනතාවගේ ගුවන් ගමන් වල වේගය වැඩි කර දීම සඳහා එහි තුවක්කුවක් මානාගෙන සිටින නිලධාරී මහත්තයෙක් “තමන්ගේ ගමන” ප්‍රමාද කරගන්නවා. සෑම ගුවන් තොටුපොළකම සිදුවෙන ඒ දේ කියමින් තමයි පහුගිය කාලේ ජනමාධ්‍ය මගින් කෘතිම ලෙස කැළෑ සතුන් ගැන උලුප්පමින් ජනතාව කුපිත කෙරෙව්වේ. සංවේදී අය සහ ගැබිනි මව් වරුන් පහත වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

(viii). ඊගාවට මත්තල වටේට තෙත් බිම් තියෙන තියෙන නිසා සමහරු විරුද්ධ ඇති. ඒත් ඉහත මත්තල සිතියමේ බලන්න අදාල කිලෝමීටර් හය හතක වපසරිය තුළ කොළ පාටින් ගස් කොළන් පේන්නේ නෑනෙ. එතකොට බලන්න කටුනායක අවට, තෙත් බිම් විතරක් නෙමෙයි වටේටම වන රොදවල්. ඒ මදිවට දකුණු පැත්තේ ආසන්නයෙන්ම මීගමුව කලපුව. ගස් කොළන් සහ කලපුව දූෂණය වෙනවා කියලා කටුනායක ගුවන් තොටුපොළටත් අර කට්ටිය එරෙහි වෙනවාද? මූලාශ්‍රය.

katunayaka

(ix). පහුගිය කාලේ එජාප ජවිපෙ ආදීන්ගේ ගොබෙල්ස් න්‍යාය අනුව මත්තල කැලෑවක්, පරිසර විනාශයක් සිදුවෙනවා කියමින් ගිය බොරුවේ තරම දැන් පේනවානෙ.

(x). ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමේදී අත්‍යවශ්‍ය වන භූ විෂමතාවයක් තමයි, යම් විදිහකින් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් කරන්න වුණොත්, ඒ කිව්වේ උදාහරණ ලෙස ගුවන් යානයේ රෝද එලියට එන්නේ නැතිනම් ගිණිගැනීමක් සිදු නොවන පරිදි එය ගොඩ බෑම සඳහා සුදුසු පරිසරයක් අවටින් තිබීම.
ඒ සඳහා
– ජලාශයක් (මුහුද හෝ ගංගාවක්)
– විශාල මඩ වගුරු බිමක්
තිබීම අත්‍යවශ්‍ය වනවා.

(xi). අන්න ඒ නිසයි රත්මලාන සහ කටුනායක යන ගුවන්තොටුපොළවල් දෙකම මුහුද ආසන්නයේ තියෙන්නේ. ඒත් මුහුදට බාන්න වුණොත් ඇතිවන ප්‍රශ්නය තමයි යම් විදිහකින් ඇතුළට වතුර කාන්දු වී යානයේ සිටින මගීන් දියේ ගිලීමට හැකි වීම.

(xii). මත්තල ගුවන්තොටුපොළ පිහිටා තියෙන්නේ නොගැඹුරු වතුර සහිත වගුරු බිමක් අසලයි. හදිසි ගොඩබෑමක් කිරීමට අවශ්‍ය වුවහොත් සුදුසුම පරිසරය තමයි ඒ. නමුත් එහෙම හදිසි ගොඩබෑම් කිරීමට සිදුවන්නේ බොහොම කළාතුරකින්. උදාහරණ ලෙස පසුගිය යුද සමයේ ගුවන්හමුදාවට අයත් යානා අනතුරට පත් වුණා.

(xiii). යම් විදිහකින් එලෙස ගොඩබෑමට සිදුවුවහොත් සහ එමගින් යම් පරිසර හානියක් සිදුවුවහොත් අදාල ගුවන් සමාගම මගින් පරිසර හානිය වලකාගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුදල අපේ රටට ගෙවනවා. ඒ කියන්නේ කාන්දු වුණ තෙල් බිංදුවක්වත් ඉතිරි කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි එලෙස හානි වීමට අමතර වන්දි මුදලකුත් ගෙවනවා. ඒ සල්ලි වලින් ගුවන්තොටුපොළ වටේ පරිසරය කළින් තිබ්බාටත් වඩා සුන්දර කර සැකසීමට පුළුවන්.

(xiv). ඊගාවට මනුෂ්‍ය වාසස්ථාන වලින් ඈතට වෙන්න ගුවන්තොටුපොළ පිහිටා තිබීමත් අත්‍යවශ්‍යයි. හදිසි ගොඩබෑමක් වුවහොත් නිවාස ගොඩනැගිලි ජීවිත වලට සිදුවිය හැකි විනාශය අවම කිරීමට මෙන්ම ගුවන් යානා අහසට යද්දි ඇතිවන විශාල ශබ්දයෙන් මනුෂ්‍යයින්ට වන පීඩාව නිසයි එලෙස ගුවන්තොටුපොළවල් ජනාවාස වලින් ඈතින් ඈතින් පිහිටුවන්නේ.

(xv). දේශගුණික කලාප 2 ක ගුවන්තොටුපොළවල් 2 ක් පිහිටා තිබීම වැදගත් වෙනවා. කාලගුණය අයහපත් වීම නිසා කටුනායක ගුවන්තොටුපොළ වැසීමට සිදුවුවහොත්, කොළඹට හාත්පසින්ම වෙනස් දේශගුණික තත්ත්වයක් සහිත හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවන ගුවන්තොටුපොළට වඩාත්ම සුදුසු ස්ථානයයි.

(Xvi). යම් දිනෙක නිපදවන ගුවන් යානයකට වඩාත් දීර්ඝ ධාවනපථයක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පරිදි ධාවන පථය දීර්ඝ කිරීමට මත්තල ගුවන්තොටුපොළේ ඇති තරම් ඉඩ තිබෙනවා.

ඉහත කරුණු 16 මූලික කරගත් විට හම්බන්තොට වරාය ආසන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීමට ඇති හොඳම තැන මත්තල බව ඔබට සිතියම බැලීමෙන් පැහැදිළි වේවි.

 

ප්ලේන් බාන්නේ නැතිව ලාභ ලබන හැටි.

[3]. මත්තල ගුවන්තොටුපොළෙන් මුදල් ඉපයීමට නම් එයට ගුවන් යානා පැමිණීම අවශ්‍ය වන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙමයි.

(i). ඉහත විස්තර කළ A380 වර්ගයේ දැවැන්ත ගුවන් යානා එක් මහාද්වීපය සිට තවත් මහාද්වීපයකට් ගමන් ගන්නේ පූර්ව සැලසුමකට අනුවයි. ඒ සඳහා සාමන්‍යයෙන් මාස 2 කට පමණ පෙරදී සූදානම් වෙනවා. Flying Routes සැකසෙන්නේ හැකි තරම් A380 ගොඩබෑමට හැකි ගුවන්තොටුපොළවල් ආසන්නයෙනුයි. ඊට හේතු කිහිපයක් පහතින්.
– හදිසියේ ගොඩබෑමට අවශ්‍ය වුවහොත් ඊට පහසුකම් සකසා ගැනීමට. (උදා: යානය අභ්‍යන්තරයේ නිවීමට නොහැකි ගින්නක් ඇතිවීම, යානයේ කාර්මික දෝශයක් ඇතිවීම, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවීම, කොල්ලකෑමක්/හයිජැක් වීමට යාම, මගීන් හදිසියේ දැඩි ලෙස රෝගී වීම ආදිය)
– තිබෙන ගුවන්තොටුපොළවල ආසන්නයෙන් පියාසර කිරීම නිසා ගුවන් යානය සහ මගීන් වෙනුවෙන් අදාල ගුවන් සමාගමෙන් ගෙවියයුතු රක්ෂණ මුදල අඩු වීම.

(ii). උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තයට පියාසර කරන A380 ගුවන් යානයකට ඉන්ධන පිරිවැය වඩාත් අඩු මාර්ගය පිහිටන්නේ ශ්‍රී ලංකාවට පහතින්. ඒත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගුවන් තොටුපොළක් නොමැති වීම නිසා අමතර ඉන්ධන තොගයක් වැය කරමින් වඩාත් දීර්ඝ මාර්ගයක් සැලසුම් කර ඉන්දියාවෙ චෙන්නායි හරහා ගමන් කිරීමට සිදුවුණා. ඔය විදිහට අවුරුද්දකට දාස් ගාණක් දැවැන්ත ගුවන් යානා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ සිට යුරෝපයට ගියේ ඉන්දියාව හරහායි.

(iii). නමුත් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදිකිරීමත් සමග ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට ආසන්නයෙන් එම දැවැන්ත අන්තර් මහාද්වීපික ගුවන් යානා වලටත් දැන් ගමන් කිරීමට හැකි වී තිබෙනවා.  එවිට ඔවුන් යන්නේ කෙටි දුරක්. ඒ හරහා,
– අඩු ඉන්ධන ප්‍රමාණයකුයි වැය වෙන්නේ.
– කාලය ඉතිරි වෙනවා.

(iv). අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. www.flightradar24.com යනු වාණිජ ගුවන් යානා යාන මාර්ග ඔන්ලයින් නැරඹීමට හැකියාව ලබා දී ඇති වෙබ් අඩවියක්. එයට ගොස් එහි සිතියමෙන් ශ්‍රී ලංකාව දෙසට ගොස් බලන්න, එයාර්බස් 380 සහ බෝයින් 747 වැනි දැවැන්ත ගුවන් යානා හරියටම මත්තල ගුවන්තොටුපොළට ඉහලින් යන හැටි ඔබ දකීවි. ශ්‍රී ලංකාව පහු කරමින් යන ගුවන් යානා මත Click කිරීමෙන් ඒවායේ මාර්ගය බලාගන්න පුළුවන්. අප මෙම ලිපිය ලියද්දීත් මත්තල ගුවන් තොටුපොළ හරහා A380 යානයක් පියාසර කරනවා.

A380

(v). මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට පෙර ඒවා පියාසර කළේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් සහ කාලයක් වැය කරමින් ඉන්දියවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසළිනුයි. දැන් භාවිතා කරන්නේ වඩාත්ම Economic Flying Route එකයි.

(vi). එවැනි ගුවන් ගමනක් යාමට පෙර මත්තල ගුවන් පාලක අංශය සමග සම්බන්ධ වී ගුවන්තොටුපොළේ පහසුකම් (හදිසියේ ගොඩබාන්න වුණොත් කියලා) වෙන් කරගත යුතුයි.

(vii). ගුවන් යානය ගමන් කරද්දී මත්තල ටවර් එකේ සිටින Air Traffic Controller නිලධාරීන් දෙදෙනෙක්ගේ සහාය, Ground Handling – IFR (instrument flying) clearance එම ගුවන් යානයට ලැබෙනවා.

18%20copy[1]

(viii). ඒ ආකාරයෙන් ගුවන් යානයක් ගමනාන්තයට ගිය පසුව අදාල ගුවන් සමාගම විසින් ඒ සඳහා මුදලක් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගිණුමට බැර කරනවා.

(ix). ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාව අවට මුහුද මෙන්ම ශ්‍රී ලංකාව අවට අහසත් අයත් වෙන්නේ ශ්‍රී ලංකා රජයට යි. ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝමීටර් ලක්ෂ 10 කට ආසන්න බව සැලකෙනවා. අපේ රට වටේට දවැන්ත සාගරයක් පිහිටීම නිසයි එම වාසිය අපට අත් වන්නේ.

(x). ඒ අනුව අති දැවන්ත ගුවන් යානා ශ්‍රී ලංකාව අසළින් යනවා කියන්නේ ශ්‍රී ලංකාවට නිකම්ම තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා.

(xi). ඔය ආකාරයෙන් ලැබෙන මුදල ඉතාමත් විශාල අගයක්. අපට වාර්තා වී ඇති ආකාරයට ඉදිරි කාලය තුළ මත්තල ගුවන්තොටුපොළේ පහසුකම් සැපයීම තවත් වර්ධනය කරගතහොත්, මත්තලට ගුවන් යානා ආවේ නැතත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන මුදල ප්‍රමාණවත්.

(xii). නමුත් පසුගිය කාලයේ මත්තල මාසික ආදායම රු 16000 ආදී වශයෙන් අහන්නට ලැබුණේ ගුවන් ටිකට්පත් වලින් ලැබෙන ආදායම විය යුතුයි. නමුත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන අති විශාල ධනස්කන්ධය සහ දෙවන ගුවන්තොටුපොළ නිසා රටට ඉතිරි වෙන මුදල ගැන වැඩිය ප්‍රසිද්ධ වෙන්නේ නෑ.

(xiii). ගුවන් යානා බාන්නේ නැතිව ආදායම් ලබන හැටි ගැන පසුගිය කාලයේ බොහෝ ජනමාධ්‍ය වලින් ප්‍රචාරය නොවුණත් දෙරන වෙබ් අඩවියෙන් මෙවන් පුවතක් වාර්තා කර තිබෙනවා.

Srilankan5_600px_13_02_01[1]

 

මත්තලට වැය වුණ මුදල.

[4]. මත්තල ගුවන්තොටුපොළ හදන්න අති විශාල ජාතික ධනයක් නිරපරාදේ වැය කළා කියලා ඒ දවස් වල සමහරු පැවසුවා.

(i). ඒත් ඉහත දැක්වූ කාරණා අනුව ඔබ දන්නවා මත්තල යනු අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් කියලා.

(ii). මත්තල ඉදිකිරීමට වැය වී ඇත්තේ ඩොලර් මිලියන ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් 26,250,000,000 (එකල $/SLR විනියම අනුපාතය රු. 125 ක් ලෙස සලකා).

(iii). හැබැයි යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 2015 අගෝස්තු 8 වන විට රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 7211 ක් හෙවත් රුපියල් 72,110,000,000 ක් වෙනවා. මූලාශ්‍රය

(iv). ඒ අනුව “යහපාලනය” වෙනුවෙන් නාස්ති කල සල්ලි වලින් තවත් ගුවන්තොටුපොළ 2 ක්ම ඉදි කර ඉතිරි සල්ලි වලින් අර තාමත් හොයාගන්න බැරිවුණ හෙළිකොප්ටර් 6 සහ බංකින්හැම් අශ්වයාවත් ගන්න තිබුණා.

 

කුමන්ත්‍රණය සහ ආර්ථික ඝාතකයින්

[5]. මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම නිසා ඉන්දියාව අසලින් ගිය අන්තර්මහාද්වීපික ගුවන් යානා ප්‍රමාණය දැන් අඩු වෙමින් පවතිනවා. ඒ අතරේ හම්බන්තොට මාගම්පුර වරාය දැනටමත් ලාභ ලබමින් පැවතීම නිසා ඉදිරියේ සිංගප්පූරුවට හිසරදයක් වෙන තරගකරුවා වන්නේ මාගම්පුර වරායයි….. දැන් මේවා ගැන සිතන්න…,

(i). පහුගිය කාලයේ මත්තල ගුවන්තොටුපොළට සහ හම්බන්තොට වරායට එරෙහිව කෘතිම ලෙස දැඩි අපවාදයක් එල්ල වුණා,

(ii). මත්තලට වඩා දිගින් අඩු කටුනායක ගුවන් පථයේ පළල වැඩි කිරීමට විදේශ ආධාර යෝජනා වුණා. A380 සඳහා අවශ්‍ය උපරිම පළල මීටර් 60 වෙද්දී (මත්තල ඇත්තේ එම පළලයි), දිගින් අඩු කටුනායක ගුවන් පථය මීටර් 75 ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් සැකසුණා.

(iii). ජනාධිපතිවරණයේදී එවකට එජාපය ප්‍රමුඛ විපක්ෂයේ බොහෝ සාකච්ඡා පැවතුණේ සිංගප්පූරුවේ,

(iv). ඉන්දියානු මැදිහත්වීම් උග්‍ර වුණා,

(v). මත්තල සහ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිර්මාතෘ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අති දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගොස් එතුමාව පරාජය වුණා,

B9Tw-saCQAA9kle[1]

(vi). මත්තල ගැන ඇත්ත කතාව ජනතාවට හෙළි කිරීමට හැකියාව තියෙන බොහෝ විශේෂඥයින් පවා අද්භූත ලෙස නිහඬව සිටියා, ප්‍රධානීන්ව වචනයක්වත් මාධ්‍ය වෙත කීමට නොහැකි වන සේ සිරගත වෙනවා,

(vii). මත්තල ගැන ගුවන්තොටුපොළ නිලධාරීන්ගේ පැහැදිළි කිරීම ජනමාධ්‍ය වල විකාශය වීමට එරෙහිව අදිසි හස්තයන් ක්‍රියාත්මක වුණා.

(viii). මෑතකදී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ එක්තරා විදේශ බුද්ධි අංශයක් ගැන හෙළි කළා…

ඔය සිදුවීම් ජාලය එකිනෙක ගලපලා බලන්න, ලැබෙන චිත්‍රය මොන වගේද කියලා…..

 

පහුගිය කාලේ නොදැනුවත් කමින් මත්තලට අපහාස කළ යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

18 comments to මත්තල නිසා ඉන්දියාව පාඩු ලබන හැටි ගුවන් නිලධාරියෙක් විස්තර කරයි.

  • හොඳ ලමයා

    පොනිල් 2002 න් පස්සෙ අත්තිඩිය අභය භූමියත් කෑලි කඩල උගෙ හෙංචයියන්ට දුන්න. නමුත් චන්ද්‍රිකා ආපහු බලෙන් ඌව ආක්‍රමණය කරපු නිසා හෙංචයියන්ට ඒවට ඔප්පු හදාගන්න බැරුව එහෙ මෙහෙ රස්තියාදු වෙවී හිටිය. ඒව දුන්නෙ ලොකු ගෙවලුත් තියෙන හෙංචයියන්ට. අපි කල්පනා කලා වතුර විලක් මැද්දෙ මුන්ට ඉඩමක් තියෙනව කියන්නෙ මොකක්ද කියල. මහින්ද මාමා දූරදර්ශී විදියට ඒව වටේ අගල් හාරල ඒවට රිංගන්න බැරි විදියට හදල සමහර තැන්වල වටේට ඇවිදින්න, දුවන්න, ව්‍යායාම කරන්න මංතීරු හදල දුන්න නිසා දැං ඒව බේරිලා තියෙනව. බත් ගිලල අතට අහුවෙච්ච දේ ගිලල රටත් ගිලල බඩ තඩි දොට්ට පැනපු පිං බතාලටයි උන්ගෙ ගෑනුන්ටයි දැං මහින්ද මාමව එළවලා දාල ඉතුරු හරියට ආප්පයාගෙනුත් මොනව හරි කන්න පුලුවං වෙයි කියල හිතාගෙන ජරාව පිරිච්ච බඩවල් බහිනකං ගඳ කිහිලි වලින් දාඩිය වක්කරගෙන ඇවිදින්න පුලුවං.

  • shyam

    No matter how much rational and logical explanations are given the majority of our people have their eyes, ears and reasoning capabilities blunted to hear the truth!It is obvious that we are spiraling towards an economic and amoral abyss; but even educated people who have the knowledge behind the workings do not seem to care about explaining, collaborating or refuting the facts presented! It is as if the voice of reason has been stilled in our society at present! There is a subtle and insidious campaign going on to change the mindset of the people without them even realizing that the mindset is being changed! Even if a reasonable argument is put forth it would be shot down under the guise of racial discrimination and rabid reasoning! Sri Lanka is a country like no other, where her own people are the first to feed her as fodder to other countries in order for her people to feed their stomachs at the cost of national interest!

  • Manuri

    Guys never trust Indians ..they are never there for good….now it is clear why they got heavily involved in this entire project of removing MR……

    I think it is about time the official of the two airports come forward and speak out…

    Don’t we have any other stupid place to put the rice …?

    this is not about rice this is the sheer vegnence against the name |MR…

    somebody should come forward and stop this

    UNP is not a government that made the lives of the villagers comfortable …..they want the village to be a village as much as posssilbe and use that to stay in the power by giving false promises..

    people in the area should rally round and stop this for good ….

    • Sitharan

      Those who have nothing other than their short term petty thoughts are behind this drama. India wouldn’t complain if the same airport was in their land.
      Some pseudo elite say Mr. MR’s main support comes from villages in a derogatory manner and call them names showing their classist bunkum. They are not aware it’s mostly the villagers who made sacrifices for the people to live in peace in life and death. There are plenty of places to store rice and there is a complaint about rice monopoly. An ignorant people is the blind instrument of its own destruction.
      It’s pleasant to see people rallying round to stop this.

  • Piyaseeli Senanayake

    Are our MPs and the Ministers serving us or foreign powers? This is why it is important to elect those who love the country and above all those who have a back bone.

  • Power

    හෙණ ගහන අපරාධයක් අද දින වර්තමාන පාණ්ඩුව විසින් දියත් කරා.ඒ අපේ පුංචි ලංකාවේ ඉදිවූ මහින්ද රාජපක්ෂ දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපල වී ගබඩාවක් කොට ගුවන් යානා වෙනුවට ගුල්ලන් ගෙන්වා ගැනීමේ වෛරී මෙහෙයුමයි.මෙතන ඇත්තෙ වෙන කිසිවක් නොව.මෙයත් මහින්ද රාජපක්ෂ පාලන සමය මේ රටට කිසිදු වැඩකට නැති ව්‍යාපෘති කරමින් සිට රට අස්ථාවර කිරීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළාය කියන නරුම මතය මේ රටේ බහුතර ජනතාවගේ සිත් තුලට යලි යලිත් කා වැද්දීමයි.එය රාජ්‍ය රූපවාහිනී ඇතුලු වෙනත් ක්‍රම මගින් ජනතාව වෙත රස කරමින් ලබා දෙමින් පවතී.මේ ඉහත කරුණු නොදත් සමහර මිනිසුන් මෙය එක පයින්ම විශ්වාස කරති.ඇත්තනේ..”ප්ලේන් එන්නෙ නැත්තං ඔය නිකං තියන එක වී ටිකවත් දාපුවාම මොකද වෙන්නෙ” යනුවෙන් අනිවාර්යයෙන්ම ඔවුන් කියනු ඇත.ඒ වගේම සමහරු “අපිට මොකටද ඔය මත්තල අපි ඉන්නෙ මත්තලයැ නේද බං” කියාද කියණු ඇත.

    එහෙත් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ ලොව අනෙකුත් රටවල සමඟ තරප්පු පේලියේ ඉහළට නගිමින් සිටි මේ ශ්‍රී ලංකාද්වීපය නැවතත් මේ භූමියට සතුරු බලවේග වලට තරප්පු පේලියේ ඉහළටම නැගීමට උදවු කර අපේ මාතෘ භූමියේ කකුලෙන් ඇද නැවතත් රටක් ජාතියක් පරාජය කිරීම අවශ්‍ය එම බලවේග වලට මනාව මාර්ගය පහදා දීමක් පමණි.

  • Helaya

    I don’t understand why people belive this UNP. Everybody has forgotten the past. People talk like they came from another planet. Ungreatful people have forgotten the comforts now they are enjoying after MR period. Lest see what we get from this fools, they just started……

    • Sitharan

      Even 1977 riots and 1983 riots were started under their patronage. Of course political parties can have blemishes from the past but when they hypocritically play blame game and those advocates are in significant ranks they should be exposed. They label everyone who criticizes them as “racists” but they think everyone votes for racial reasons and even insult Chinese. The consequences are to come. Some things are taken too much for granted until they disappear.

  • Nalini

    It is part of Indian Empire’s defense and attack strategic plans. Airports of the size and facilities of Mattala is a very useful runway for modern day fighter planes and India is building them with the help, technology, and parts from the US and other countries. That is why Chandrika did not build it. The word going around is she has been paid more than a billion dollars by the Indian Empire through Singapore, US, UK and Norway etc.

  • Nalini

    1983 July killing of soldiers was a well planned job by the Indian Empire’s most ruthless and secretive intelligence service the Third Eye (known as Research and Analysis Wing RAW. The killing was well planned to coincide with the World Council of Churches gathering in Toronto Canada.

  • India is NO# 1 enemy of my country.They destroyed 30 years of progress in my country by producing a suicide Bomber to kill innocent citizens of Motherlanka. India trained and Financed the terror machine and allowed sanctuary to them to move around freely.India did immense damage to our economy and still they do. UNP Govt is responsible for break up of our beautiful country with the help of Indian parasites.We should rally behind progressive forces in this country and stand against this evil country India without any fear.Down with India.

  • Rata wenuwen

    මව් පිය යුවලක් දරුවෙකු සදා-එනම් ජාතක කර බිහිකරන්නෙ ඉපදුනු ගමන් තම පවුලට සව්භාග්ගය ලගාකරගැනීමට නොවේ; එම දරුවා හොදින් හදා වඩා උගතෙක් සහා වියතෙක් කර තම පවුලට මෙන් රටටද සේවයක් කරනවා දැකීමය. ( අද බොහෝ දෙනා උගත්තු වුනාට ඔහුනට බුද්දිය සහ ප්‍රජ්නාව නැත. එසේනම් වියතකු නොවේ ). අප ප්‍රස්චාත් අද්දියාපනය ලබද්දී සමහර දේශකයන් කිසිම කොලයක්, නොට් එකක් නොබලා සිය කල්පනාවෙන් දේශනය කරති; එහෙත් සමහර ලෙක්චර්ස්ලා කොලබලාගෙන කියවති. ඉතින් අපිත් සටහන් කරගෙන ගෙදරගොස් එවා පොත්සමග රිෆර් කරද්දී තනිකර පොතේ කොපියක් බව වැටහෙනවා.ඉතින් ඒය උගත්තු මිස වියත්තු නොවේ.
    එවගේ තමයි අපේ ගුවන් තොටුපල ,නැව් වරාය, දුර දිග නුවනකින්, වියත් දැනුමකින් තමයි එවා ගොඩනැගුනේ. අද හෙටම එවාගේ ඉපයීම් ලැබෙන්නෙ නැහැ.එය කුඩා ලමයෙකු උස් මහත් කර වියතෙකු කරනවා වගෙ වැඩැක්.
    අපේ රටට දෙවෙනි තොටුපලක් අවශ්යයි. එය පොඩි ගුවන් යානයක් බස්සවන්න නොවේ, එය කටුනායකට වඩා විශාල එකක් වි යුතුයි.හදිසි අවස්තාවකදී ගොඩබැමකදී අවශ්ය පරිදී විශාල වියයුතුයි., නැත්නම් ඒ අවශ්යතාවය ඉටුකිරීමෙදි චෙන්නායි වලට යන ගාස්තුව අපේ රටේම ඉතිරිකරගන්න පුලුවන් වෙනවා.මේ කාරනාව අරජුන රනතුන්ග මහතා දින 100 ආන්ඩුව කලෙ පෙන්නුම් කලා.ඕස්ට්‍රලියාවෙ සිට පියාසරකරන එ380 ගුවන් බසය මත්තල හරහා යනවිට ලබාදෙන ඉන්දන ආදයමෙන් සරුවට මෙ ගුවන්තොටුපල නඩත්තුකිරිමෙ හැකියාව අපෙ රටට තියෙනව.ඒ නඩත්තු සෙවයට යොදවන දෙශිය ඉන්ජිනේරුවන්ට ලැබෙන රැකියාකොපමන අගේද?ඔවා අපෙ ඔලමොට්ටල උගතුන්ට පෙන්නෙ නැහැ.වයිරය ඊර්ශියාව මුල්වු අදහස් මුදුන් පත්කරගැනිම්යි බලාපොරොතුව, මොන ආන්ඩු තිබුනත් මොන ආන්ඩු රට කෙරුවත්
    රටට සෙතක් වන්නෙ නම් අපක්ශපාතිව ඒ කාර්ය ඉදිරියට අරගෙන යායුතුයි
    නැව් තටකයත් එසේමයි. ලොකු නැව් නැම්ගුරම්ලන්න පහසුවන්න තමයි එය ගොඩනැගුවේ. තව අවු.20 ,30 යනවිට ලොකයේ විශාල නැව් නිශ්පාදනය වනවිට හම්බන්තොට වගේ විශල තටාක අවශ්යයි, ඉතින් එයට උචිත අයුරින් තමා එවා ගොඩනැගුවේ, එවිට ලැබෙන ආදායම දැන් ජිවත්වෙන අපට නොව අනගතයෙ ඉපදෙන අපේ දරුවන්ට. අපෙ රටට. දැනටමත් මේ වරාය නිසා සින්ගපුරුවට රිදිලා,ඔහුන්ට ඔනැ මෙය කඩාකප්පල් වෙනවා දකින්නයි. මෙවා අපෙ රටෙ පුස් මොල උගතුන්ට නොවැටිහිම අපේම අභාග්ගියක්, රට කරවන්නෙනි! කලේ කව්ද නොවෙයි ; ආන්ඩුගැන නොවෙයි රටවෙනුවෙන් රට ගැන හිතන්න. වයිර නොකරන්න !!!!

  • Pink Panther

    ඔය වී ගබඩා කිරීමේ වැඩේ තනිකරම පටු දේශපාලනික අරමුණෙන් කරපු එකක්. ඕකෙන් හදන්නේ මහින්ද මහතා කරපු දේවල් කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් කියලා මිනිස්සුන්ට පෙන්වන්න..
    හැබැයි ඕක මහා අමන ගොන් වැඩක් කියලා දැනටමත් වටහා ගෙන ඇති ..ඕකත් බොරුවක් කියලා හිමින් සැරේ ශේප් කරයි..
    ලංකාවේ වී අලෙවි මණ්ඩලයට රනිල්,චන්ද්‍රිකාලා කරපු දේවල් මතක් කොලොත් ඉතින් වී ගබඩා ගැන අමුතුවෙන් කියන්න ඕනේ වෙන එකක් නෑ..
    වී අලෙවි මණ්ඩලයේ විකුනලා විනාශ කරලා රජයේ ගබඩා මෝල් නැති නාස්ති කොරපු රනිල්ලා අද වී ගබඩා කරන්න ලංකාවේ තිබෙන එකම විකල්ප ගුවන්තොටුපොළ තමයි පාවිච්චි කරන්නේ..
    මේවා මේ විදිහට කරන්නේ අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු පක්ෂවලට ඕන විදිහට හිතනවා මිසක් පොදුවේ තැනගේ දැක්මකින් සිද්ධියක් දිහා බලන්නේ නෑ කියලා ඔය දේශපාලකයෝ දන්නා නිසා..
    නැත නම් “පාඩු ලබනවා යයි ඔවුන් කියන” ගුවන්තොටුපලක් වී ගබඩා කිරීමට යොධා ගන්නවා වගේ ගොන් අදහසක් ඉදිරිපත් කරන්නේ කොහොමද?
    ලංකාවේ වෙන තැනක් ඇත්තෙම නැද්ද මේ සඳහා..
    සාමාන්‍ය පුදගලයෙක් ව්‍යාපාරයක් සඳහා හදන බිල්ඩිමක් උනත් පාඩු ලබනවා කියලාඔය වගේ දේවලට පාවිච්චි කරන්නේ නෑ මොකද ඊට වඩා පහසුවෙන් ඔහුට වෙනත් දෙයකින් ඉටා වඩා ලොකු අදායමක් හොයන්න පුළුවන්..
    ඔය වී ගබඩා කිරමේ අදහස මත්තල ගුවන්තොටුපොළ වාදක නැති නොවැදගත් දෙයක් කියලා මිනිස්සුන්ගේ ඔලුවට දමන එක තමයි..
    මහින්ද මහතාව හෙලා දැකලා ඔහුට පහර ගැසීමේ අරමුනුන් ක්‍රියාත්මක උන තවත් එක අමන දේශය විනාශ කරන එක වැඩපිළිවෙලක් තමයි මෙය.

  • pubudu

    indiyawata **** dena evun thamai meka vahuwe

  • Rata wenuwen

    එඩිටර් මහත්තයො,
    විමල්, වාසු, දිනේශ් නොමග යවා, ආප්පයා තවත් පවාදිමක් කලානේද. විස්වාසකරන් ආවා මදැයි, ඔන්න ඔවා තමයි “බි.. තියගෙන ඇ. “දෙකෙන් කෙලිනවා කියන්න. ඉදිරියටත් ඔය අමනුශ්ශයා කරන්නෙ බූරුකොලේ හන්ගාගෙන ගහන එකයි. කුමාර, අලුත්ගමගේ මහත්තයෝ හදන්න අලුත් පක්ශය,තවත් ඉවසුවා ඇති.

  • champ

    It is unbeleivable that why not MR, Dinesh, Vasu,Wimal and Udaya cannot realize traps of My3 and Ranil.Todate from 8 th January non of our expectations were able to fullfil as we had no proper plan and we were easily trapped.so disapointing……..
    Now we have lost all the golden oppertunities to come over the blow that hit us on 8th jan.

  • Rata wenuwen

    පාවාදුන් එකා හැසිරෙන හැටි නොදෙනා ,
    අපේ අයියලත් උගෙ ලනු හොද හැටි කන්නා,
    බූරු කොලේ හන්ගාගෙන වැඩ දුන්නා,
    විමල් , වාසු, සහා දිනෙශුත් අසුවෙන්නා.

  • බෝනිකර තරු Deal කුමාර

    දැක දැකත් නොදක්කා සේ
    අසුනත් නොඅසුනා සේ
    අද ගොළු බිහිරන් සේ
    ඉදිමු අපි මේලේ සේ

Leave a Reply