මත්තල වී ගබඩාවක් කිරීමෙන් රටට අත් වූ ඉරණම මෙන්න…

එජාපයෙන් මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ට එරෙහිව විශාල අවලාද ව්‍යාපාරයක් දියත් කර අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත එය වී ගබඩාවක් බවට පත් කළා. ඔවුන් මවා පෙන්වූයේ එනිසා රටේ සහල් ප්‍රශ්නය විසඳී ඇති බවකුයි. නමුත් එහි ඇත්ත කතාව මෙලෙසයි.

 

[1]. මත්තල වී ගබඩාවක් කළාට උතුරු මැද ගොවීන්ට වී ටික විකුණා ගන්නවත් නොහැකිවයි සිටින්නේ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා වසා දාලා. සහල් කිලෝව රු 100 ට වඩා ඉහළ ගිහිල්ලත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා හිස් නොකර සිටින්නේ කිනම් අතරමැදියාගේ වුවමනාවට ද? එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් ගොවීන් කියන දේවල් මෙලෙසයි.

 

[2]. වී විකුණාගන්න බැරිව බලා සිටින කාලය අතරතුරදීත් ලොරියකට දවසකට රු 3000 ක් ගෙවිය යුතු අතර දවස් 3 ක් යද්දී වී වලින් ලැබෙන ලාභය ලොරි වලටම ගෙවා අවසන්… පහත වීඩියෝවේ දැක්වෙන පරිදි, යහපාලන ආණ්ඩුවට වී මිලදී ගැනීමට නොහැකිව ඇත්තේ ගබඩා නොමැති නිසා නොව, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති නිසා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති වරයා ප්‍රකාශ කරනවා.

 

[3]. පහත දැක්වෙන්නේ මීට දින කිහිපයකට පෙර රාජාංගනය යාය 7 වී අලෙවි මණ්ඩලයේ ගබඩාව අසළට පැමිණි ගොවීන් තම වී අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව මහ වැසි මැද අසරණව බලා සිටින ආකාරයයි.

 

[4]. යල කන්නයේ අස්වනු නෙලූ මිණිපේ ජනපදයේ ගොවීන් වී විකුණාගත නොහැකිව සිටි ආකාරය.

 

[5]. මත්තල වී ගබඩාවක් බවට පත් කළේ ශ්‍රී ලංකාව තුළ වී අතිරික්තයක් තිබෙන බවත් එනිසා වී ගබඩා කිරීමට ස්ථානයක් නොමැති බවත් කියමිනුයි. එලෙස වී අතිරික්තයක් තිබේනම්.
(i). වෙළඳපොළේ සහල් කිලෝවක් රු 100 ක් පමණ වන්නේ කෙසේද? (ගබඩා වල තිබෙන අතිරික්ත වී වෙළඳපොළට නිකුත් කළානම් මිල අඩු වෙනවා)
(ii). ගොවියා වී විකුණන්නට යද්දී වී කිලෝව රු 25 වැනි අගයක් වෙන අතර අතිවිශාල ලාභයක් ලබන අතරමැදියා කවුද?

බුලත් විටක ගණන රු 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බුලත් විටක් මිලට ගන්නත් වී කිලෝ 2 ක් විකිණීමට සිදුවී තිබෙනවා – 2015/08/28 රිවිර පුවත්පත

 

[6]. රු 70 ට තිබූ සහල් කිලෝව රු 100 දක්වා ඉහල යද්දී, යහපාලකයින් ලක් සතොසේ තියාගෙන කල් ඉකුත් වූ සහල් කිලෝ 9030 ක් පොළොවට පස් කරනවා.  මූලාශ්‍රය 2015/09/01 NethFM

 

[7]. මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කිරීම මගින් පහර වැදුණේ මහින්ද රාජපක්ෂ මහතාට නොව, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයටයි. උදාහරණ ලෙස පසුගිය 2014 වසරේ පළවූ පුවතක් මෙන්න.

මාගම්පුර වරායයි මත්තල ගුවන්තොටයි දැක ප්‍රංශ තානාපති ආයෝජකයන්ට එන්න කියයි

හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික වරාය හා මත්තල මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවී ඇති සංවර්ධන කටයුතු හා ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංස තානාපති ජීන් පෝල් මොන් චූ මහතා පසුගිය සතියේදී හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක් සිදුකෙළේය. මෙහිදී හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ආශි්‍රතව සිදුවී ඇති සංවර්ධනය හා ආයෝජන අවස්ථා දැක බලා ගත් තානාපතිවරයා ශ්‍රී ලංකාව හා ප්‍රංසය අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා ප්‍රංසයේ ආයෝජකයන් හට හම්බන්තොටට පැමිණෙන ලෙස දැනුම් දෙන බව සඳහන් කර තිබේ. මූලාශ්‍රය: 2014-05-01 මව්බිම පුවත්පත

මිතුරා සමග මෙන්ම සතුරන් සමගත් එකසේ සිනා සෙන, එකසේ ගනුදෙනු කරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා අප රටේ සංවර්ධන හැකියාව පෙන්වා විදේශ රාජ්‍ය දිනා ගත්තේ එලෙසයි.

ප්‍රංශ තානාපති තුමාගේ ප්‍රසංශාව හිමි වූ මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළා කියල දැනගත්තාම ඔවුන් වෙන කිසිදු ආයෝජකයෙකුට මෙරටට එන්න කියන්නේ නෑ.

ඒ බව තවත් සනාථ කරමින් විදේශීය ආයෝජන නොලැබුණ වත්මන් යහපාලන ආණ්ඩුවට රට කරන් යාමට පිට පිට නැවතත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ණය ලබා ගන්නට සිදුව තිබෙනවා. (Source: Sri Lanka Central Bank to issue Rs. 24 billion Treasury Bills – 2015/09/05 lankabusinessnews.com)

 

[8]. මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමට අවශ්‍යව තිබුණේ කලාපීය බලවත් රටකටයි. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තුරු එය නොහැකි වුණ අතර අවසානයේදී එතුමාව පරාජය කිරීමටත් එම රටේ බුද්ධි අංශ මැදිහත් වුණා. මේ වන විට මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමේ ඉරණමට ලක් වී තිබෙන අතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වර්ගීකරණයෙන් සහ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සිදුවහොත් එය අනිවාර්යයෙන්ම වසා දැමෙනවා.

 

[9]. මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමත් සමගම
(i). ශ්‍රී ලංකාවේ ගුවන් යානා වලට හදිසි ගොඩබෑමක් සඳහා අවශ්‍ය වෙන දෙවන ගුවන්තොටුපොළ වශයෙන් තබා ගැනීමට චෙන්නායි ගුවන්තොටුපොළට අමතර විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා.
(ii). අනික් අතට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානා වලටත් ශ්‍රී ලංකාවේ කටුනායක ගොඩබෑමට නොහැකි වුවහොත් එහි දෙවන ගුවන්තොටුපොළ වශයෙන් චෙන්නායි ගුවන්තොටුපොළ භාවිතා කිරීමට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා.
(iii). එසේම කටුනායක සිට චෙන්නායි දක්වා වැඩි දුරක් ඇති බැවින් ගුවන් යානා වලට අමතර ඉන්ධන වැඩිපුර ගෙන යාමට සිදුවෙනවා.
(iv). ගුවන් යානයේ ගෙන යා හැකි බර අඩු කිරීමට සිදුවෙනවා.
(v). රට තුළ දෙවන ගුවන්තොතුපොළක් නොමැති වීම නිසා ගුවන් යානා වලට අදාල රක්ෂණ වාරික ඉහළ යනවා.
(vi). ඒ සියල්ලේම එහි ප්‍රතිඵලය වන්නේ ගුවන් ටිකට් පත් වල මිල ඉහළ යාමයි.

පෙර ලිපිය: මත්තල ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්.

අන් අයටත් දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මත්තල වී ගබඩාවක් කිරීමෙන් රටට අත් වූ ඉරණම මෙන්න…

  • shyam

    It is a crying shame that the present government is unable to take a proper stand due to political vendetta! We as a country need to question whether it is feasible to approve such 3rd grade politics! We have a former president who goes to the country mentioned aforesaid and paint a picture that their lives could have been lost if Mr. Rajapaksa was re-elected to office! The crying question is this, where will Sri Lanka be in a couple of years? It would be a colony of India for sure! Indians despite their differences are patriotic to the core; for them their country’s interest comes first and foremost; Mr. Rajapaksa thought the same way about Sri Lanka, India knew if he was in power, they could not manipulate this country’s economy and politics according to their agenda! Under the guise of extending the hand of friendship they brutally and ruthlessly stabbed a friendly neighbour to protect their interests. With CEPA on the cards, very soon our country’s economy will be tied to India which would lead to another set of problems! The saddest part of it is that our selfie and facebook generation and educated persons with degrees do not see the hidden danger lurking under the facade of friendship shown by these so called friendly countries! Our Sri Lankan society’s thinking has become blunted by pseudo values and sadly many do not realize that they are caught in a trap which would be detrimental to the survival of Sri Lanka as an independent nation! We will be living in a slaves mentality wherein another country’s deemed values will be forced down our throats, without scant respect to our own country’s values! Our pseudo educated elitists and facebook generation will embracee these changes with open arms without realizing that they are opening a Pandora’s box! These pseudo valued clan will label us who have become the voiceless, as rabid ultra nationalist or racists who are against cohabitation and reconciliation! A morally bankrupt society will automatically chose an amoral person to lead the country! This is what is happening! History is recurring in all it’s glory just like it happened 200 years ago,we have literally as a nation cut of our nose to spite our face!

    • Sitharan

      You are correct.
      Did those pseudo intellectuals think about why India doesn’t elevate an unrepentant Khalistanist in ministerial ranks? It’s well known mano ganeshan openly supported ltte and is a known separatist yet he is given the “reconciliation” task. One cannot reconcile with unrepentant terror supporters. Their false martyrdom antics are to hide their guilt.
      Now high class betrayers are getting the highest privileges while those who defend values are classified as criminals. Look at the so called “field marshall” and how other commanders are treated. He could have been hanged if things went differently.
      But there is a flip side of it. When their share of loot becomes scarce (there are already signs of it) they will start to betray each other as is in their nature. By then many will suffer further due to these stupid moves but things are already getting exposed, the more Goebbels lies are out there the shorter their days would be. There is a certain enjoyment in watching stray dogs biting one another.

  • Power

    “ගොවියෙක් වෙන එක පුදුම කරුමයක් කියලයි මම නම් කියන්නෙ”

    නෑ ගොවි මහත්මයා,එවැනි වටිනා රැකියාවක් තවත් නෑ.ඔබලා වැනි දිරිය වටිනා මිනිසුන් නිසා තමයි මේ රටේ බත්කන අපි කවුරුත් අද අපේ කුසගින්න නිවාගන්නෙ. එසේ නොමැතිව මේ රටේ ජීවත් වන මඩ නොගෑවෙන රැකියා කරන පිරිස සේ ඔබත් හයිෆයි විභාග ගහලා ටයිකොට් දාගෙන ඒ.සී කාමරයකට වෙලා පරිගණකයකට ඇණ අණ සිටීමට පුරුදු වුනා නම් අද මේ රටේ බහුතර බත්කන මිනිස්සුන්ට හුලං තමයි. සමහරු නම් පාන් කියාගන්ඩවත් බැරිව කියයි පාන් තියනවනේ කියා.ඒ ඔවුන්ට තේරෙන හැටි. එහෙත් අද උදාවී ඇති ශෝචනීය තත්ත්වය මත ඔබ මේ රටට අවශ්යන බත සපයන ගොවියන් වශයෙන් මෙසේ ඉතා කණගාටුවෙන් යුතුව කියන එක ගැනත් පුදුම විය යුතු නැත.

    මන්ද වෛරය හා පළිගැනීම් මතින් මායාකාරී දින 100 ඇතුලත රට අරාජික කරවූ වර්තමාන යමපාලන ආණ්ඩුව අනේකවිද දුක් කන්දරා මතින් ගිනි කාශ්ඨක අව්වේ දැවෙමින්,මහ වැසි සමඟ පොර බදමින්,රැයක් දවාලක් නොමැතිව තම දරුවන් රැකගන්නා සේ රැකගත් මේ ගොයමේ වී ටික විකුණා ගැනීමට පැමිණෙන ඔබව තුට්ටුවකට මායිම් කර නැත.සමහර විට ඔබත් යම් වෙනසක් ඇති වේ යැයි සිතා යහපාලනය වෙනුවෙන් එදා ජනවාරී 8 සහ මෙදා අගෝස්තු 17 තම මනාපය පුදන්ඩ ඇති. ඔව් වෙනසක් උනා. ඒ වෙනස තමයි දැන් ඔබලාට මෙවැනි ආකාරයෙන් උදා වී තිබෙන්නෙ.ඔබලා සිතා බලන්ඩ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලන සමයේ ඔබලාට මෙවැනි විපතක් වුණාද කියා.එතුමා තිස් අවුරුදු මිනීමරු යුද්ධය අවසන් කර දැමීමත් සමඟ එතෙක් අතහැර දමා තිබූ කුඹුරු අක්කර දහස් ගණනක් යලි අස්වද්දා විශේෂයෙන්ම උතුරු හා උතුරු මැද පළාත් වල කිසිදු මර බියකින් තොරව තම ගොවිතැන නිදහසේ කරගෙන ගිය ආකාරය ඔබලාට අමතක නැතිව ඇති.ඒ වගේම යල මහ කන්නයන් හි වී මිලදී ගැනීම සුලු සුලු අඩුපාඩු කම් මධ්‍යයේ උවත් කෙසේ හෝ කලට වේලාවට සිදූ වූ බව ගොවියන් වශයෙන් ඔබ නොදන්නවා විය නොහැකිය.

    එහෙත් අද…

    රටට අති දැවන්ත පාඩුවක් කියමින් කුණුකතා කිය කියා සිටපු යමපාලන කල්ලිය ලොවක් වටිනා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල අද ඉතා නරුම ලෙස වී ගබඩාවක් බවට පත්කොට හමාරය.එහෙත් උතුරු මැද, මීටර් ගණනක් ඈතට විහිදෙන වී පටවාගත් ට්‍රැක්ටර් හා ලොරි රථ සමගින් මේ රටේ බහුතර මිනිසුන්ගේ කුස ගින්න නිවාලන ඔබ… තම කුඹුරේ,කමතේ වින්ද දුක් වලට අමතර ව දින ගණන් අව් කූඨකයට වේලෙමින්,වර්ෂාවට තම අස්වැන්නත් සමඟ නැහැවෙමින් තම වටිනා අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව මහ පාරෙත් දුක් විදියි.

  • Dinuu

    “මඩ සෝදා ගත් කල ගොවියා රජ කම ටත් සුදුසුයි” වේලක් බත් නැතිව ඉන්න බැරි රටක් මේක. වී ගොවියාට හැකි ඉක්මනින් සාධාරණයක් ඉටු කරන්න රජයට බල කර සිටිය යුතුව ඇත. අලුත් තනතුරු වලට හා වරප්‍රසාද වලට පොරකමින් ඉන්න දේශපාලකයින්ට අසරණ චන්දදායකයා අමතක වුන ඉක්මන?

    එක අතකට අපේ චන්ද වලට මේ රටේ අද වටිනාකමක් නැහැනේ. ජනතාව ප්‍රතික්ශේප කරපු අය ලැයිස්තු වලින් අරගෙන ජනතාවම මට්ටු කරන අලුත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිවෙලානේ මේ රටේ! ඒකට අර්ථ දක්වලා තියෙන්නේ බටහිරෙන් ගෙනාව ‘සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය’ කියලා.

    එහෙම ජනතාව ප්‍රතික්ශේප කරලා ලිස්ට් එකෙන් නැවත බලයට ආපු මන්තිරියෙක් ආපහු ගමට ගිහින් ජනහමුවක් තියලා කිව්වා “පැරදුනේ මම නෙවෙයි. තමුන්නාන්සෙලයි පැරදුනේ” කියලා. අපොයි දෙයියනේ. මෙහෙමත් අබුද්දස්ස කාලයක අපිටත් ජීවත් වෙන්න සිද්ධ වුනානේ!

  • Singhe

    මම මේ දෙස බලා සිටින්නේ ඉතාමත් ප්‍රීතියෙන් බව කිව යුතුව ඇත්තේ මට මුනිච්චාවට සහ බොරු සෝබනේටවත් බොරු කිව නොහැකි බැවිනි.
    කුම්බලා මාළු කෑවනම් දුක විඳපන් බලලෝ කියන පැරණි කියමන මට මෙහිදී මතක් වේ. තවම සිද්ධ වුනේ නැති බවත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් සිහි කරමි.

  • sayumi

    ඕක තමයි අපි කිව්වේ – තුට්ටුවකට නෑ ඇහුවේ
    යහපාලන ඇපල් ගහේ – රස දැනුනද දැන් ආයේ
    එක පාරක් වෙච්ච වරද – යලි නෑ නිවැරදි කෙරුවේ
    ඔලුවේ අත ගහ ගත්තට – බොනවා නෙමෙයි වහ මාමේ
    මෝඩ කමට සිදුවූ දේ – සමා වෙලා ඉවසත්වා
    සතරවරම් දෙවි රජවරු – මගෙ මව් බිම සුරකිත්වා!

    (අර කවිය මට ආයි දාන්න හිතුනා; ඒත් මේ දුකට පත් වෙලා තියෙන ගොවි ජනතාවගේ මුහුන බලා ගෙන ආයි මට ඒක ලියන්න බෑ.)

    ~එඩිටර් තුමා, ඉතාම වැදගත් කාලීන ප්‍රශ්නයක් ගැන පලකල මේ ලිපියට ගොඩක් ස්තුතියි.

Leave a Reply