මහින්ද මැතිඳුන්ගේ කාලයේ අධ්‍යාපන තීන්දු වලට මඩ ගැසූ අයට කරගත් විනාසය වැටහෙයි.

[1]. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත්වන සංඛ්‍යාව වසරකදී ලක්ෂ 2 ක් ඉක්මවන අතර මේ තත්වය තුල පසුගිය වසර තිහක කාලය තුල තරුණ අසහනය වර්ධනය වීමට හේතු විය.

ගණිතය පිළිබඳ දැනුම සෑම කටයුත්තකදීම වාගේ අත්‍යවශ්‍ය වේ. එනමුත් ගණිත හැකියාව නොමැති වුවද මොළයේ දකුණු අර්ධය වඩාත් වර්ධනය වී ඇති අයට කලා හැකියාව උපරිමයෙන් තිබීමට හැකිය.

උදාහරණ ලෙස විනාඩි කිහිපයක් වැය කර මෙම අන්තර්ජාල අභ්‍යාසය සිදුකිරීමෙන් ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට පුළුවන.
[2]. එම කාරණා කිහිපය හේතු කොටගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ “කලා විෂය ධාරාව පමණක්” හැදෑරීමට ඉඩ සලසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 2014 ජුලි මාසයේදී නව චක‍්‍රලේඛයක් නිකුත් කෙරුණි. (2014/07/30 NethFM)

එම තීරණය ගත්තේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය ඉහළ යමින් පැවැති යුගයකදී බවත් සිහිපත් කළ යුතුයි. (2014/04/09 Mawbima)

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ එම යෝජනාව සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ පැසසුමට ලක්ව තිබූ බව BBC මාධ්‍යවේදීන් පවා වර්තා කර තිබේ.

එනමුත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාරයක් එවකට විපක්ෂයෙන් එල්ල කළ අතර, එහි අරමුණ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කිරීමයි.

 

[3]. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, උසස් පෙළ හැදෑරීමටනම් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කළේය. ඒ අනුව උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමටත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කෙරුණි. (2015/01/27 News.lk)

 

[4]. එහි ප්‍රතිඵලය වූයේ එජාපයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. දිනය 2015 මාර්තු 30, සාමාන්‍ය පෙළ ගණිතය දෙවන වරටත් අසමත් වීම නිසා සිසුවියක් සාරියකින් ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත්තාය. (2015/03/30 HiruNews)

ඊට අමතරව හැටන් ප්‍රදේශයේ තවත් සිසුවියන් 2 නෙක් සියදිවි නසාගැනීමට තැත් කළ බව ඉහත වීඩියෝවේ වාර්තා කර තිබුණි.

යහපාලන ආණ්ඩුව හුදු  දේශපාලනික හේතු මත උගත් ආර්ථිකවිද්‍යා ගුරුතුමාට මඩ ගසමින් තමන් ගත් අනුවණ තීරණය ගැන වැටහුණි.

 

[5]. අන්තිමට යහපාලන ආණ්ඩුවෙන් කළේ කුමක්ද? ජනවාරියේ ගත් තීරණය ගැන කිසිදු මතක් කිරීමක් නොකර O/L අසමතුන් සියල්ලන්ට උසස් පෙල හදාරන්න අවස්ථාව ලබා දෙන බවට ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා තීරණය කිරීමය. (2015/09/24 SriTv)

එදා බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට පමණක් අවසර දීමයි. පහත දැක්වෙන පුවතට අනුව යහපාලන ආණ්ඩුවේ අලුත් තීරණය කුමක්දැයි පැහැදිළි නැති අතර, සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ විද්‍යා/වාණිජ විෂයන් සඳහා අවසර දෙන බව කීවත් එය පුදුමයක් නොවේ.

එජාපයේ සමහර ආධාරකරුවන් ෆේබුක් එකේ පවසා තිබුණේ, “මහින්දගෙ කාලෙදි කරපු වැරදි දැන් නිවැරදි කරන බව” ය. එනමුත් ඇත්තටම සිදුවී ඇත්තේ මහින්ද මැතිඳුන්ගේ UPFA ආණ්ඩුව දුරදිග බලා ගත් නිවැරදි තීරණ වලට මඩ ගැසීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් සිදුකළ දේවල් ආපසු අකුලා ගැනීම බව ඔබට පේනවා නේද?

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද මැතිඳුන්ගේ කාලයේ අධ්‍යාපන තීන්දු වලට මඩ ගැසූ අයට කරගත් විනාසය වැටහෙයි.

  • Piyaseeli Senanayake

    The coup planners knew all these. That is why the amounts robbed by the Rajapakse’s went into Billions of US Dollars. Due to lack of mathematical knowledge our innocent people believed all these.

    By the time we realised it is too late. The course of the country has made a complete U turn on security, self-help and agriculture.

  • Power

    සාමාන්‍ය පෙළ ගණන් අසමත් වී සාරී,හැට්ට වලින් ඉදිරියටත් එල්ලෙන ප්‍රවණතාවයක් ආවොත් සමහර විට යහපාලන ආණ්ඩුව කියන්ඩ බැරි නෑ..”මේ වැඩේ හරියන්නෙ නෑ..දැන් ළමයි මෝස්තරේට වගේ සාමාන්‍ය පෙළ ගණන් ෆේල් වෙච්ච ගමන් එල්ලෙන්ඩ බලනවා”

    ඒක නිසා අපි තීන්දුවක් ගත්තා…මෛත්‍රී සමඟ යහපාලන සමාජයක් උදෙසා මේ රටේ පාසල් යන දූවා දරුවන්ට (විශේෂයෙන් දුවලට) සාමාන්‍ය පෙළ නොලිය ම උසස් පෙළ කරන්ඩ අවස්ථාවක් දෙන්ඩ.

    • Pink Panther

      ඇයි ශ්‍රී ලංකාව තුල සාරී සඳහා ඉහල බදු පැනවීම උනත් කරන්න බෑ ..යහපාලන ආර්ථික විශාරදයෝ! 😉

  • හොඳ ලමයා

    ගණිතය අසමත් අය උසස් පෙල හදාරන්න කලින් නැවත ගණිතය සමත් කරගන්න සක්‍රීය ක්‍රමයක් ඇති කරන්න ඕන. දෙවන වර කරනකොට මුදලක් අය කිරීමේ ක්‍රමයක් තියෙනවනම් අපේ අය පලවෙනි සැරෙන්ම කරයි. මොනව වුනත් ගණිතය නිවැරදිව ඉගැන්විය හැකි ගුරුවරුන් ඉතාම විරලයි. ඒක කිසිදු රජයකට විසඳන්න බෑ. ඒකට රටේ මිනිස්සුන්ගෙ දක්ෂතාවය තියෙන්න ඕනෙ. ගණිතයට අදාල කර්ම තියෙනව. ඒව හැදිල තියෙන විදිය දන්න අය අඩුයි. ඒක දර්ශනයක් වගේ. ගුරුවරියන් නම් ගණිතයට කොහෙත්ම හරියන්නෙ නෑ. අධ්‍යාපන ක්ෂේත්‍රයට කාන්තාවන් යොදවා ගැනීම අවම කරන්න ඕන. ගණිත විෂයට කාන්තා පාසැල් වලටත් ගුරුවරු ( පිරිමි ) යොදවන්න පුලුවන්නම් ප්‍රතිඵල වැඩි වෙනවා. අනිත් එක ඉගැන්නිල්ල කෙසේ වෙතත් ඔය ගෑනු සාරි කෑලි, පිට නැති හැට්ට විෂේශ ක්‍රම වලට ඇඳගෙන තොල් පාට කරගෙන විෂේශ විදිහකට හිතාගෙන ඇවිදගෙන පන්ති වලට එනකොටම ළමයි එක තත්පරේට උන් ගැන තීරණය කරල ඉවරයි. එතනින් පස්සෙ උන්ට ඉගැන්නිල්ලක් නෑ. ගණිතය කියන්නෙ සංවේදී විදිහට තාත්විකව දැනෙන්න ඉගැන්විය යුතු විෂයයක්. ඒක ඉගෙන නොගත් එවුන් රටේ මොන ක්ෂේත්‍රයකටවත් හරියන්නෙ නෑ. ඇඳුම් මහනවටත් උපාධි දෙනව. මොනා හරි චුට්ටක් ඉගෙන ගෙන විද්වතෙක්, ලොක්කෙක් කියල හිතාගෙන එන එවුන් රට නැති කරනව. ඔය එකෙක් ප්‍රබාකරන්ගෙ දාතු හොයනව කියන්නෙ. උගෙ ගෑනිගෙ__ට වක්කරන්න වෙන්නැති.
    රනිල්, ආප්පයා, මැකෝ ඇතුලු රටේ මෝඩ ජනතාව ඉලක්කමක් වත් එකතු කර ගන්න දන්නෙ නැති නිසා මැතිවරණ ප්‍රතිඵලෙත් හොරට වෙනස් කරගෙන ගාන වරද්ද ගත්තා. එතකොට ගනන් දන්නෙම නැති එවුන් උසස් නිළ වලට ගියා නම් හොර ඉලක්කම් ටික අපිටම දාල දෙන්න කියයි.
    ගණිතයට ජීවන අත්දැකීම් සහ තමාගේ පරිසරය තදින් බලපානවා. සාමාන්‍යයෙන් ගණිතයට ලකූණු 90-100 ගන්න ලමයි විභාගයකදි අසමත් වෙන්න පුලුවන්. ඒකට සමහර විට විභාගය ආසන්නව සිදුවුන විෂේශ සිදුවීමක් හේතු වෙන්න පුලුවන්. මනස වෙනස් වුනොත් ඒක ශරීරයේ අභ්‍යන්තරව ආතතියක් වශයෙන් රැඳී පවතිනවා. ඒක ඉවත් කරගන්න ලමයින්ට තේරෙන්නෙ නෑ. එතකොට හිතට වෙනසක් නොදැනුනත් කරන දේවල් ඔක්කොම ඉතා සියුම් ආකාරයට වරදිනවා.

  • Dinuu

    මව්බිමට ණය නැති-පියාණනි දයාබර-මව්බිමත් දරු කැළත්-රැකගත්ත ආදරෙන්…
    ලක්බිමට බරක් වූ-ඒ දුදන රකුසන්-ඔබට කළ සියලු වින-ඉවසම්ද කෙලෙසින්…
    යුද බියෙන් ඇලලි රට-දිවි පරදුවට තබා-රැකගත්ත විරුවන්-රකිමු බැති පුද දෙමින්…
    තෙරුවනේ බල රැගෙන-අප්පච්චි හා සමඟ-ලක්මෑණි රැක දෙන්න-සියලු දෙව් අනුහසින්…!

    ලක් දෙරණ රැකගත්ත-අප්පච්චි හා සමඟ-විරුවනට හදි කලොත්-මුලු රටම වැනසේවි…
    පින්බිමට අරක් ගත්-දෙව් රජුන් කුපිත වී-මහ විපත් මුලු රටට-නියතවම සිදුවේවි…
    මහ පොළොව ගුගුරුවා-හෙණ හඬත් පතුරලා-භූමි කම්පා..නාය-මුලු රටම වැලපේවි…
    දරුණු වැසි ඇද හැලී-මහා ගං උතුරලා-ගම් නියම් යට වෙවී-මහ විපත් සිදු වේවි…!

    තිදෙව්ලොවටම බලැති-මහා බුදු ගුණ බෙලෙන්-රැකේවා මව්බිමත්-අප රැක්ක විරුවනුත්…
    අප්පච්චි හා සමඟ-සෙන්පතින් විරුවනුත්-රැකගන්න පෙල ගැසෙමු-පින් බිමේ සියලු සත්…
    දුදන අණුවන පිරිස-මැඬ ගනිමු වෙර දරා-ලක් ධජය සෙවන යට-එකම පවුලක් ලෙසත්…
    එකට එක්වී නැගිට-පෙරට යමු අප සැමත්-දිනන තුරු ‘අවනඩුව’-ලැබ සියලු දෙව් බලත්…!

  • මොංගල් සමරේ

    මා වැනි බිලින්දා
    වර වර ලගට් කැන්දා
    දුක්සැප කුමන්දා
    අසන නිරිදූ වෙන කොයින්දා

    රටට හිතැති පන ඇති මිනිසෙක්
    දැයට මහිම ගෙනදුන් උතුමෙක්
    රටේ පිනට පහල වූ නායකයෙක්
    මිහිදු මැතිදු නම් දෙවියෙක්

    මිහිදු මැතිදු හට ජය ජය නිරතුරු
    පැතිරෙයි එතුමාගේ කිත් ගුණ දස ඇත
    දුරුවී දොස් අපහාසද හිරු දුටු පිනි මෙන්
    වේවා යහපත එතුමාට සැමවිට

  • මොංගල් සමරේ

    යහපලනයාස් සංගීත සාජ්ජේ

    සිරිමෝඩි – සන්දානෙත් මගේ තමයි ශ්‍රීලනිපෙත් මගේ තමයි
    මේ ඔක්කොම මගේ තමයි මගේ රාජ්ජේ

    MR clean- කෝ හතුරෝ කෝ හතුරෝ කෝ අපගේ හතුරෝ
    ගම්මන්පිලයයි වීමලෙයි වාසුයි තමයි අපේ හතුරෝ

    සිරිමෝඩි+Mr clean අපි දෙන්න එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ
    මුළු රටටම අපි කෙළිමු කිසි ගැම්මක් නැතුවම

    අන්ද මන්ද ටොයියා වහ බෝතල් ගන්න වෙයිද දන්නේ දන්නේ නෑ දන්නේ නෑ
    පොලවී පස් කන්න වෙයිද දන්නේ නෑ දන්නේ නෑ
    අපිම දන්නේ නැ කවුරුත් අපිව දන්නේ නෑ
    දන්නේ නැ දන්නේ නැ නැ නැ

    බයියාස් ලනු ටික ටික හොද හැටි දෙනවා සිරිසේනය ඒවා කෙලින් ගිලිනවා
    අපිට බොරු චාටු එපා අපිට බොරු චාටු එපා රනිලාගේ

    සංගීතය – ආල පාලු විත් මෙගා deal
    අධ්‍යක්‍ෂනය තොප්පිගල මැට්ටා
    සංවිධානය යහපාලන දේදුන්නෙන් අනාතවුවන්ගේ සංගමය

Leave a Reply