මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා කියන රනිල්ගේ බොරුවට විමල්ගෙන් පිළිතුරු

ඇමරිකාව සමග ඒකාබද්ධ යෝජනාවක් ගෙනවිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව සහ රණවිරුවන්ව බේරා ගන්නවා කියන රනිල් වික්‍රමසිංහ මහතාගේ බොරුවට විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුනි. ඇමරිකන් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා කියන රනිල්ගේ බොරුවට විමල්ගෙන් පිළිතුරු

  • Power

    “යුද්ධය තිබෙන කාලයේ ඒ ගැටුම පාවිච්චි කරලා විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත ගැහුවා,ඇඟිලි ගැහුවා,අවතීර්ණ වුණා.ඒ ගැටුම නිසා, ගැටුම ඉවර වුණා.ගැටුම ඉවර උනාට පස්සෙ එම ගැටුමේ කිසියම් නැති ගැටලුවක් තියනවා කියලා පෙන්නලා මොකක්ද මේ වෙන්නෙ වෙන්නේ..?”

    පැහැදිලිවම…විමල් වීරවංශ මැතිතුමණි,

    අද වෙන්නෙ ඒක තමයි. යුද්ධය තිබූ සමයේ අප මාතෘ භූමියට වින කිරීමට ඇති උවමනාව නිසා මේ රටට අදාල ප්‍රශ්න වලට අතගසා මිනීමරු ත්‍රස්ත නායකයා ඇතුලු මිනීමරු ත්‍රස්ත කල්ලිය බේරාගෙන තව තවත් මේ රටේ ලේ වැගිරීම් කරන්නට එදා හිටපු අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිරාජ්‍යවාදීන්ට බිය වී ඔවුන් ඉදිරියේ දන නොනාමා “අපේ වැඩ අපි බලා ගන්නම්, කියා එදා ඔවුන්ට කියූ නිසා ඔවුන්ගෙ එම පාපතර මෙහෙයුම විනාශ කරමින් මේ රටට දැවැන්ත යුධ ජයග්‍රහණයක් ලබා දෙමින් මේ මවුපොළවේ ගැලූ රුධිර ගංඟා නැවැත්වූ වරදට එම මානූශික මෙහෙයුමේ දැවැන්ත නායකත්වයන්ට හා ජීවිත පුද දෙමින් පෙරට ගිය අප වීරෝධාර රණවිරුවන්ට අද දඬුවම් කිරීම සදහා එදා සිටම යුද්ධය ඉතාම තුච්ච අයුරින් හෑල්ලු කරමින් අපේ ලංකාව ගැන රටට අහිතකර බලවේග වලට බොරු කියූ දේශීය පාදඩයන් ගේ අධික උවමනාව මත එම අධිරාජ්‍යවාදීනූත් තමන්ට එදා සේනාධිනායක මහින්ද රාජපකෂ,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා හමුදාවෙන් පළිගැනීමට නොලැබුණු නිසා අද එම වටිනා ස්වර්ණමය අවස්ථාව ඒ සඳහා ලැබෙන නිසා ඔවුනුත් යුහුසුලුව ඒ සඳහා කටයුතු කරමින් සිටී.

    දේශමාමකත්වයෙන් යුතුව අදහස් දක්වන මෙවැනි සුජාත පුතුන් කියන සත්‍යය මේ රටේ ජාතික පාණ්ඩුව කියාගන්නා එකට ඇමති කටු සූප්පූ කිරීම සඳහා රිංගූ ඇමතිප්‍රේමීන්ටයි,බහුතර කෘතගුණ නොදත් ජනතාවට තේරෙනවා ඇතිද..?

    එසේ නොමැති නම් නැව ගිලුනත් බෑන් චූන් කියා තේරුනත් නොතේරෙන අයුරින් සිටිනවාද..?

  • Dinuu

    විමල් වීරවංශ මැතිඳුනි, ඔබතුමා මහින්ද මැතිදුන්ගේ පමණක් නොව ලක් මෑණියන් ගේත් පෙර පිනට ලැබුන කල්‍යාණ මිත්‍රයෙකි. රට වෙනුවෙන් අපමණ වෙහෙස ගනිමින් ඔබතුමා ජනතාව දැනුවත් කරමින් ගන්නා වෙහෙස අපි කලක පටන් දුටුවෙමු.

    වරප්‍රසාද හා තනතුරු හඹා යන, ජනතාවට පිටු පෑ දේශපාලන චරිත අපට තිත්ත වී ඇති වෙලාවක… සෑබෑ දේශප්‍රේමී ඔබ වැනි අය අපේ හද පුදසුන් හි සදහටම වීරත්වයෙන් පිදුම් ලබනු ඇත. රට බේරාගැනීමේ උදාර සටනෙහි නියැලුණු ඔබේ නලලෙන් පිසින ඔය හැම දහඩිය බිදුවකටම අපි ඔබට ණයගැති වෙමු. ඔබ වැනි උදාර ලංකා පුත්‍රයකු බිහි කල ඒ උතුම් දෙමව්පිය දෙපලටද අපේ ප්‍රණාමය හිමි වේ.

    මව්බිමට ජයවේවා! රට රැකගත් වීරෝධාර රණවිරුවන්, සෙන්පතිවරුන්, රජිඳා ඇතුලු තවමත් මේ රටේ හුස්ම ගන්න සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!. රට බේරා ගැනීමේ උදාර සටනට ජයවේවා! තෙරුවන් බල සහ සියලු දෙව් බල පිහිට වේවා!

  • හොඳ ලමයා

    මහින්දව පුටුවට ගෙනිච්චා අයෙමත් බේරුවා කිය කිය ජනතාවගෙ අවධානය අනවශ්‍ය බොරු සුරංගනා කතාවලට දාගෙන රවට්ටගෙන කාලය සම්පූර්ණයෙන්ම නාස්ති කර කර ඉන්නව රටේ එක වැඩක්වත් කරන්නෙ නැතුව හොරා කකා.
    රනිල් රෝමකූප ගිවිසුමකට අත්සන් කලත් නැතත් වැඩක් නෑ. මහින්දව මොන පුටුවකටවත් ගෙනියන්න ලෝකෙ මොකෙකුටවත් නීත්‍යානුකූලව අයිතියක් නෑ. යුධ අපරාධයක් වෙලා නෑ. යුද්ධය අපරාධයක් නම් ත්‍රිවිධ හමුදාවට සාමාජිකයන් සපයපු රටේ සියලු දෙනාම, සෑම පවුලක්ම අපරාධ කරුවෝ, රටටම බෝම්බ ගහපු ත්‍රස්තවාදින් හැර.

  • kumara

    Irakaye janadipathi Sadam Husains ellumgas giye desiya yanthranayakinma neda?

  • Dinuu

    දණ ගසමින් අධිරජ රටවල් හමුවේ…
    යහපාලනය මහ වරදකි අද කෙරුවේ…
    පිටරට අධිකරණයට දායක වූවේ…
    චන්දෙත් නැතුව ඒ හැම සම්මත වූවේ…!

    ටී වී පුවත් පත් හැම දෙන බය කරලා…
    අගමැති ජනපතිත් හැම දෙන බොරු කරලා…
    රණවිරු සෙන්පතින් නිරිඳා බිලි දීලා…
    පිටරට අධිකරණ එකඟව පිහිටුවලා…!

    වුන දේ ජිනීවා රටටම සඟවාලා…
    රට රැක ගත් රණවිරු පාවා දීලා…
    සෙන්පති රජින්දා හොඳටම කොටු කරලා…
    පාවා දී ඇත රට බිල්ලට දීලා…!

    යහපාලනය රකගන්නට තම ‘බලය’…
    රට රැකි විරුවනට කරනා හිරිහැරය…
    එක්වී පිටුදකිමු-‘විමසනු ජනමතය’…
    බලකර සිටිමු එක්වී පා ‘විරෝධය’…!

    රට බෙදනා වැඩකට දැන් මුල පුරලා…
    දිවි පිදු රට රැක්ක විරුවන් විසි කරලා…
    මුලු රට දැයම මහ විපතට ඇද දමලා…
    මේවා පිටු දකිමු අප සැම එකතු වෙලා…!

  • Pink Panther

    බටහිරට ඕන විදිහට නටවන රූකඩ ආණ්ඩුවක් ඔවුන් ලංකාවේ හැදුවේ ඕකට තමයි..
    ඊටත් වඩා බටහිර ගැති චින්තනයක් තියෙන එවුන් තමයි ඔය ආණ්ඩුවේ තීරණ ගන්නේ..
    උන්ට රට ගැන හැගීමක් තිබ්බේ නෑ කවදාවත්. උන් එදා යුද්ධය වෙලාවේ හිටියෙත් තමන්ගේ රටට විරුද්ද පිලේ..
    මේ රටේ මිනිස්සු තමන්ට පුළුවන් විදිහට මේ මහා පාවා දීමට විරෝධය පළකිරීම තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් එකම විසදුම..
    ඒකෙන් මුන්ගේ සැර බාල කරන්න පුළුවන්..
    ජාත්‍යන්තර අධිකරණයේ සිට වචනය දැන් වෙද්දී මාරු කරෙත් ඔය පහු ගිය දවස් ටිකේ ඇතිවෙච්ච කතා බහ නිසයි..
    කිසිම විදිහකින් වචනයකින් වත් මේ දේශද්‍රෝහී ක්‍රියාවලියට මේ රටේ ජිවත් වෙච්ච යුද්දය ගැන මතකයක් හරි තියෙන කිසිම කෙනෙක් සහය දෙන්න නරකයි..
    දේශපාලන මතය කුමක් උනත් මේ කරන්නේ රටේ නිදහස පාවලා දීලා එදා රට බේරා ගැනීම වැරදියි කියන දෙය නේද කියලා හැමෝම තේරුම් ගන්න ඕනේ…

Leave a Reply