“ලංකාවේ කාර් වැඩියි” – කාර් එකක් ගන්න UNP යට ඡන්දෙ දෙන්න කියපු අය දැන් කියන දේ

“ෆුල් ලීසිං” තහනම් කරමින් නිකුත් කල චක්‍රලේඛය පැහැදිළි කරමින් රවි කරුණානායක මහතා පැවසූයේ පසුගිය කාලය තුළ අනවශ්‍ය ලෙස මෝටර් රථ මෙරටට ආනයනය කර ඇති නිසා මෙම තීන්දුව ගත් බවයි.

කාර් පාරවල් වලට දරාගන්න බැරි තත්ත්වයට ඇවිත් ඇති බවත් එය තමන් නිවැරදි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහාමාර්ග වලට දරාගන්න බැරි තරම් වාහන ආ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එජනිස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ අලුතෙන් මහා මාර්ග ඉදි කිරීම සහ තිබෙන මහා මාර්ග පුළුල් කිරීමයි. සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා හයිබ්‍රිඩ් වාහන වලට රජයෙන් සහන ලබා දුනි, දුම් පරික්ෂාව අනිවාර්ය කෙරුණි, පොදු ප්‍රවාහනය සංවර්ධනය කෙරුණි. නමුත් කිසිම විටෙකවත් දැන් රටේ වාහන වැඩියි කියා වාහන සීමා කිරීම වැනි කැකිල්ලේ තීන්දු ගත්තේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීමකුයි පහත දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ “පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න” යනුවෙනුයි.

තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ ගැන විස්තර.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1
  •  
  •  
  •  
  •  
    1
    Share

9 comments to “ලංකාවේ කාර් වැඩියි” – කාර් එකක් ගන්න UNP යට ඡන්දෙ දෙන්න කියපු අය දැන් කියන දේ

  • මොංගල් සමරේ

    කෑමෙන් කෑම ඉල්ලගෙන කෑම
    නැමෙන් නෑම ඇදගෙන නෑම
    දීමෙන් දීම රනිල්ට චන්දය දීම
    යාමේ යාම යහපාලනයට යාම

    සොයව් සොයව් මොලේ සොයව්
    තොපේ මොලේ කොහෙද සොයව්
    බලව් බලව් සොයල බලව්
    ලැබුණු වෙනස සැපද බලව්

    යහපාලන ටොයියෝ
    මීහරකුන් වගේනේ අයියෝ
    හොරා හොරා කිව්වට කයියෝ
    ඇදගෙනම නාන්නේ මේ ගොයියෝ

  • මොංගල් සමරේ

    ගහන ගහන බොරු සියල්ල නැතිකර
    යහපාලනයේ ගොන්කම් එළිකර
    රටකට පණදුන් මිනිසා වටකර
    එක්වී සදනෙමු පවුරක් තදකොට

    සිරිමා බෝ දම් සිසිලෙන්
    දන්ත දාතු රැකවරණින්
    අපෙ අප්පච්චිට නීති සවියෙන්
    ලැබෙයි තිසරනේ බලයෙන්

    • Dinuu

      බොනිකර් සමරේ වුනාට…
      ලියනා කවි අප්පච්චිට…
      රසවත් බව පවසන්නට…
      දිනූ ට අවසර ලැබෙන්ට…!

      සිරිමා බෝ දම් සිසිලෙන්…
      දන්ත දාතු රැකවරණින්…
      ඔබ අද පතනා විලසින්…
      අප්පච්චී රැකගනිමින්…!

      අප සැම එක් පවුලක් මෙන්…
      හැම විට එඩිතර සිතකින්…
      පෙරටම යමු රට වෙනුවෙන්…
      සැම දෙවි බල ලැබ ගනිමින්…!

      රට රැකගත් වෙහෙස වෙලා…
      රණවිරුවන් පිටු දැකලා…
      වින කරනා හැටි පෙනිලා…
      රට වැසියන් කලකිරිලා…!

      ලක් මව රැකි සුජාත පුතු…
      රණවිරු සෙන්පති සැම මතු…
      අප සැමදා රැක ගත යුතු…
      පිටරටුනට නොම වී නතු…!

  • niro

    hiksssss panchavida kriya valiya.. paw jaha palaneta vote karapu gonnu

  • ජීවන්

    යූ.ඇන්.පී පක්ශයේ ගොඩාක් ඉන්නේ ලද බොලද,ඔල මොට්ටල වැඩකරන පිරිසක්…බලන්න මෙතනදී දුප්පතාට වාහනයක් ගන්ඩ බෑ….පෝසතාට මෙක බලපාන්නෑ..අද සල්ලි කාරයන්ට වහන 15/20 තියෙනවා…බලන්න මෙරටේ සල්ලි තමාගේ සුක විහරනයේ උපරිමාන්තයට ලගා කරගන්නා පෝසතා ,මේ තනි පුද්ගලයෙකු නිසා මොන තරම් මුදලක් පිටරට යනවද….පෝසතා මේ ආර්තිකයට බරක්..නමුත් දුප්පතා මේරටෙ නිශ්පාදනයක් කරලා,සේවයක් පිටරටට විකුනලා මේරට පිටරට සල්ලි ගේනවා..ඒ උනත් සුවපහසුවට යන්න කාර් එකක් ගන්ඩ රජය ඉඩ දෙන්නෑ….කල යුත්තේ එක පුද්ගලයකු නමින් ඇති සුවපහසු පලමු වාහනයට සාමාන්‍ය බද්දක් හා ලියාපදිoචි ගාස්තුවකුත්,දෙවන වාහනය සදහා දවන බද්දක් හා ලියාපදිoචි ගාස්තුවකුත්,තෙවන,සිව්වන ආකාරයට බදු හා ලියාපදිoචි ගාස්තු වැඩ්වීමේ ප්‍රතිපත්තියක් මිස දුප්පතාට පහර දීම නොවේ…ඒ ආකාරයට පෝසතුන්ට දරාගත නොහැකි වාහන දුප්පතුන්ට විකුනාවී.,මේ වාහන රටේ මිනිසුන් අතරෙ බෙදුනම වාහන වලින් මිනිසුන්ට උපරිම ප්‍රයෝජන ගත හැකි වෙනවා..පිටරටින් අලුතින් වාහන ආනයනය සීමා වෙනවා…30%ක ගොන්චූන් ගේවීමේ ප්‍රතිපතියෙන් මද්‍යම පාන්තිකයා හා දුප්පතා කලකිරුනත් සල්ලි ඇති එකා වාහන ගෙන්වනවා.,

  • Piyaseeli Senanayake

    How can a man who enjoys the luxury decide for others? Was there any consultation?

    Very soon childless Ranil will make an announcement that Sinhalese are not allowed to have children. Jayawewa … Yahapalanaya

    • Sitharan

      Some are looking through such a tunnel vision that you wonder if they benefited from education at all. It’s well known by everyone that middle class usually travel by cars. Then we shouldn’t forget that this man got involved in a money laundering scandal with infamous tiger dealer Raj rajaratnam who extorted money for tigers. The likes of this man are enjoying such ill gotten luxury but put arbitrary limits for others and dare to call it good governance.

  • සුදත්

    යුඇන්පියට ඡන්දෙදුන්නු ගොංහරක්ට හෙඳ පාඩම තව ටික දවසකින් මුලු ලංකාවම ඉංදියාවට විකුනුවාම තමා අපේ කෙලෙහිගුණ දන්නේ නැති මි හරක් විකට තේරෙන්නේ ඒකනේ සිංහලයා මෝඩයා කියන්නේ

Leave a Reply