මහින්දව පරද්දලා අපි කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩකමයි – UNP ක්‍රියාකාරිකයෙක් ((video))

පහත වීඩියෝවේ සිටින එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික තරුණයෙක් වන මධුශංඛ ගනේගොඩ පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එජනිස යටත් එරෙහිව බරපතල වාග් ප්‍රහාර එල්ල කරමින් අන්තර්ජාලය තුළ පළකළ වීඩියෝ ඔබත් දකින්නට ඇති. ඒවා නැවත ප්‍රචාරය කිරීම ඔහුටත් අනවශ්‍ය යැයි අප සිතන බැවින් ඒවා මෙහි පළ කරන්නේ නෑ.

මේ වෙද්දී ඔහුටත් රටට සිදුවුණ විපත ගැන වැටහී තිබෙන බවක් දිස් වෙනවා. “සිංහයෙක් වගේ එඩිතර නායකයෙක් වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෙදර යවලා මිනිස්සු කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩ කමක්, යහපාලනය ගෙන ඒමට කටයුතු කරපු එක ගැන කණගාටු වෙනවා” ආදී වශයෙන් ඔහු කියන දේ ඔබත් අසා බලන්න.

mahinda.info කියවන අපගේ හිත මිතුරන්ගෙනුත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔහුට බැන වැදීමෙන් හෝ අපහාස උපහාස කිරීමෙන් වලකින ලෙසටයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයෙන් රට ගිහිලුන දා පටන් සිදුවෙන ආර්ථික කඩා වැටීම, ජීවන වියදම ඉහළ යාම, සංවර්ධනය එකතැන නතර වීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම, රණවිරුවන් දංගෙඩියට යාම, අපරාධ රැල්ල, පාතාලය හිස එසවීම ආදී රටට සිදුවුණ නස්පැත්තිය නිසා එජාපයේ තව බොහෝ පාක්ෂිකයින් මේ ආකාරයෙන් තමන් කරගත් විපත ගැන පසුතැවෙනවා.

යහපාලන ආණ්ඩුව පත් වුණ ගමන්ම රටට මෙහෙම වුණානම් තව අවුරුදු දෙක තුනක් යද්දී රට කොතන තියේවිද කියල සිතාගත නොහැකි වේවි. එළඹ ඇත්තේ පක්ෂ විපක්ෂ බේධයකින් තොරව රටේ මහජනතාව එකමුතුව රට වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්දව පරද්දලා අපි කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩකමයි – UNP ක්‍රියාකාරිකයෙක් ((video))

  • chandimal

    ප්‍රිය වචන භාවිතා කිරීමට තරම් නොවන බෑවින් යමක් නොකියමි

  • Dear Kumara, thanks for the link. It is given to get the answers.

  • wga

    Kisiwakma noliyaa sitinnam

  • tilak dubai 1221

    kanagatuwen kiyanna thiyenne baiyyange mole toiyanta pedenakoda degolloma wale watila iwarai

  • Power

    අනේ පලයං බං යන්ඩ..තව තවත් බොරු කියන් නැතුව.උබ කියනවා අද අපි ලොකු මෝඩ කමක් කරගත්තලු…උබගේ යහලු මිත්‍රයෝ ටිකත් නැති වුණාලු..උබම මම මෝඩයා කියන එහෙම දැවැන්ත මෝඩ කම කරපු උබට අද මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ආදරයක්,ගෞරවයක් ඇති වුණේ කොහොමද..? ඒත් අද උබ ඇත්තටම දුක්වෙන්නෙ මහින්ද රාජපක්ෂ නැමැති දැවැන්ත එඩිතර නායකත්වය ගෙදර යවපු එක ගැන නොවන වඟ මම හොදාකරවම දන්නවා. උබ ඇත්තටම දුක්වන්නෙ එදා උබගේ භාෂාවෙන් කියපු “මරාගේ” වටේ හිටපු එම අපතයෝ ටික ම අද උබ පැය 24 ම කට්ට කාලා ගෙනාපූ යහපාලනය ඇතුලේ ඉදගෙන ලොකු ලොකු ඇමති කටු සූප්පු කරන නිසා නේද..?

    එසේ නොමැතිව සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් අගමැතිවරයා යටතේ ප්‍රබල තනි UNP ආණ්ඩුවක් මේ රටේ පාලනය ලබා ගෙන මේ රටට හෙණහත වැදිලා හැදි ගෑවීලා ගියත් “අපරාදී අපි (අපේ) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරගෙන කරගත්තෙ ඉතිහාසයේ ලොකුම මෝඩකම” කියා උබ ඇතුලු ටොයි පරපුර කිසිදා නොකියන බවත් මම දන්නවා.

    මම දන්නෑ උබ මේ Mahinda.info මෙම වෙබ් අඩවියට එනවාද කියා…ඒත් එනවනං පොඩ්ඩක් බලපං, අද උබේ මේ නහයෙන් අඬන වීඩියෝ පටයට යටින් මෙහි පැමිණෙන මහින්ද සමාජිකයන් වෙනුවෙන් කොන්දේසියකුත් යොදා තිබෙන ආකාරය….

    “(Mahinda.info කියවන අප හිතමිතුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙ ඔහුට බැන වැදීමෙන් හෝ අපහාස උපහාස කිරීමෙන් වළකින ලෙසටයි.)”

    ඔන්න බලහං..අමු ටොයියෙක් වී මේ රට මරණ බියකින් තොරව ජීවත් වීමට කටක් ඇර රටක් කිව හැකි රටක් නිර්මාණය කළ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අමු තුච්ඡ ආකාරයේ වචන භාවිතා කරමින් අපහාස කරපු උබට අද මේ වෙබ් අඩවියෙන් කියනවා එහෙම කරපු උබට අනුකම්පා කරන්ඩ කියලා.

    හැබැයි මහත්තයෝ..ඒ උතුම් මිනිසත්භවේ එඩිතර නායකයාට කරපු එම වෛරී සහගත අපහාස වලට උබට කවදහරි විඳවන්ඩම වෙනවා.

    (Mahinda.info අප හිතවත් ඔබතුමා, මට සමාවෙන්ඩ..ඉහත කොන්දේසි වලින් පිට ව මාගේ කොමෙන්ටුව ගියා නම්..)

    • Pink Panther

      ඊයේ මෙය දැකපු ගමන් අදහස් දක්වන්න ඕන උනත්, අවසානයේ එඩිටර් තුමාගේ “කාරුණික ඉල්ලීම” දැකලා හිතට එන කිසිම දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා නිකන් හිටියා..

      Power ගේ කොමෙන්ට් එක දැක්කට පස්සේ මටත් “කාරුණික ඉල්ලීමට යටත්ව ” දෙයක් කියන්න පුළුවන් කියලා හිතනවා ..

      එඩිටර්තුමනි මෙවැනි අයගේ ප්‍රකාශ මෙම වෙබ්සයිට් එකේ පලකල යුතුද?
      (මේය ඉතාම අපහසුවෙන් ඇති කරගත් සංයමයෙන් යුතුව අසු ප්‍රශ්නයක් බව සලකන්න )

  • sn

    Thawama une na mahindha paradhdhala karagaththu winase thawa idhiriyata hodhatama dhaneyi

  • මහසොහොන් පිල්ලිය

    තුච්ච ලෙස මඩ , අවලාද, බොරු නගා රටට හිතවත් නායකයෙක් කුමන්ත්‍රණ කාරී ලෙස බලයෙන් පහකිරීමට දායක වූ දීනයන් මොහු පමණක් නොව තවත් ඇත.

  • Karu Sooriyabandara

    You are only one of them.I do not believe you.

  • niro

    kiyanna Vachana na

  • Pink Panther

    කමක් නෑ පුළුවන් තරම් ඉවසීමෙන් මේකත් කියන්නම්කො..
    අර පවර් කියපු දේවල් නම් හරියටම හරි..

    ජනධිපතිවරණයේදී නොමග ගියා කියමුකෝ, “දින 100” තුල නොකරපු අහවල් වැරැද්දද මේ ආණ්ඩුව අගෝස්තු 18 සිට අද දක්වා අලුතින් කලේ. අගෝස්තු18 වෙද්දී නොතේරුන දෙය අද තේරුම් ගැනීමට නම් අනාගතය දකින නුවන හදිසියේම පහල විය යුතුය..
    තව මාස 6කින් පසුව වත් ඔය දේවල් තේරුම් ගියා නම් එයද අදහා ගන්නට පුළුවන.
    සමාවෙන්න දැන් තමයි මතකයට ආවේ..
    එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැමිණි පසුව “කාර් එකක්” ගැනීමේ දේශමාමක කර්තව්‍යය වෙනුවෙන් සේවය කල අයට නම් සත්‍යය අවබෝධ වීමට තරම් කාලය ප්‍රමාණවත් බව මට මතක නැති උනා නෙව..
    එවැනි අයට “රට වෙනුවෙන්” යුතුකම සිහියට නැගෙන්න මේ කාලය ප්‍රමාණවත්..

    ප.ලි.: ඇත්තටම රැවටී නොමග ගිය ඒ නිසා චන්දය පමණක් විරුද්ධව පාවිච්චි කල “බුද්ධිමත් බව අඩු මහා දැනුමක් නැති ” අසරණ මිනිසුන් විසින් ඔවුන් කල වැරැද්ද ඉදිරියේදී වෙන දේවල් අනුව (තමන්ට කෙල වීමේන් පසුව ) තේරුම් ගනු ඇත..
    එවිට ඔවුන්ට වෙනස් වීමට තිබෙන හේතුව, උනන්දුව සහ අයිතිය තේරුම් ගත හැකිය..

    නමුත් මාගේ කාරුණික ඉල්ලීම වන්නේ , එඩිටර්තුමනි දැන් පාඩම ඉගෙන ගත යුත්තේ අපය..
    පරණ මෝඩකම දිගටම කිරීමෙන් පලක් නැත..
    අද සිරිසේනගේ ඔඩොක්කුවේ සැප විදින අය දෙසවත් බලා තේරුම් ගත යුතුය.
    දැන්වත් අවංක යයි ක්‍රියාවෙන් ඔප්පු උන පිරිසක් පමණක් තෝරා ගෙන කටයුතු කලයුතුය..
    තමන්ගේ වරද “හදිසියේ කඩා පාත් උන නුවනෙන්” තේරුම් අරන් පැමිණෙන, කලින් ඉතා බුද්ධිමත්ව සිටි මහා නුවණැති අය නිසා අවසානයේ සිදු වන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අපට උනොත් ලැබෙන ප්‍රතිපලය අද අපට අත්වී තිබෙන ඉරනමෙන්ම තේරුම් ගත හැකිය..
    ඔය කලින් විරුද්ධව සිටි මහා වීරයන්ට,පඬිවරුන්ට,බුද්ධිමතුන්ට රට ගැන කැක්කුමක් හදිස්යේම පහල වී තිබෙනවා නම් අප ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිය යුත්තේ රට වෙනුවෙන් ඔවුන්ගේ කාර්ය භාරය ඉෂ්ට කර පෙන්වන ලෙසය..
    මොකද ඔවුන් කල විනාශය නිසා විපතට පත්වුයේ රට සහ මුළු මහත් ජනතාවය.
    එනිසා ඔවුන් රටට කෙරු විනාශය වෙනුවෙන් පළමුව ඔවුන්ම එය නිවැරදි කර පෙන්විය යුතුය..
    එහෙම නැතුව පිල් මාරු කල පසු වැඩ කිරීමට බලාපොරොත්තු වෙන අය, කලකිරෙන්නේ හෝ ඇත්ත තේරුම් ගන්නේ කුමන යටි අරමුණක් ඇතුවදැයි අප තේරුම් ගත යුතුය..

    (මෙය එඩිටර් තුමාගේ කාරුණික ඉල්ලීමේ සීමාව තුල සිට කතා කිරීමට උපරිම උත්සහයක් දරමින් දක්වනු ලැබූ අදහසකි.. අවංක හැංගීම වචනයට නැගුවා නම් එය කිසි කෙනෙකුට කියා විය හැකි මට්ටමේ වචන නොතිබෙනු ඇත..)

  • jalani

    thanks for telling truth

  • pradeep

    Rata yana atha gana saha rate desapalanaya gana atte kala kireemakma pamani… Game kollo dekata bedila cricket gahaddiwath mewani (mehi yediya yuthu wiseshana padhaya obama yodaganna) pila maru weem karanne natha. Apta wedagath wanne desayai mna paata dinnath awasane ekama hiwalun ralak watawee mala kunak budhinna se rata ka damainam apa kalakireemakata path wanawa wina an kawarak karamudha…. Api hoda polu tikak gena apatama gasa gamu. Ae mahinda paradduwatawath ranil baleta genawatawath nowe parana naaki badagosthara wadinawana nawatha yawapu nisa. Seepa wani giwisum gana yamak liya palak natha adhaala nekathata ewada giwisum gatha wanu atha eda wena thek apidu as kan piya idimu kata baliyagena….

  • FM

    Car eka ganna bari dukata kiyawanawa wage me daruwa

  • monawa kiyanada budu dahamata hesa nama mahama minesu ta maremare epadanna thama kiyanna wanna

Leave a Reply