Mahinda Rajapaksa: මහින්දව පරද්දලා අපි කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩකමයි - UNP ක්‍රියාකාරිකයෙක් ((video))

Wednesday, September 23, 2015

මහින්දව පරද්දලා අපි කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩකමයි - UNP ක්‍රියාකාරිකයෙක් ((video))

පහත වීඩියෝවේ සිටින එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික තරුණයෙක් වන මධුශංඛ ගනේගොඩ පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එජනිස යටත් එරෙහිව බරපතල වාග් ප්‍රහාර එල්ල කරමින් අන්තර්ජාලය තුළ පළකළ වීඩියෝ ඔබත් දකින්නට ඇති. ඒවා නැවත ප්‍රචාරය කිරීම ඔහුටත් අනවශ්‍ය යැයි අප සිතන බැවින් ඒවා මෙහි පළ කරන්නේ නෑ.

මේ වෙද්දී ඔහුටත් රටට සිදුවුණ විපත ගැන වැටහී තිබෙන බවක් දිස් වෙනවා. "සිංහයෙක් වගේ එඩිතර නායකයෙක් වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෙදර යවලා මිනිස්සු කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩ කමක්, යහපාලනය ගෙන ඒමට කටයුතු කරපු එක ගැන කණගාටු වෙනවා" ආදී වශයෙන් ඔහු කියන දේ ඔබත් අසා බලන්න.



mahinda.info කියවන අපගේ හිත මිතුරන්ගෙනුත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔහුට බැන වැදීමෙන් හෝ අපහාස උපහාස කිරීමෙන් වලකින ලෙසටයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයෙන් රට ගිහිලුන දා පටන් සිදුවෙන ආර්ථික කඩා වැටීම, ජීවන වියදම ඉහළ යාම, සංවර්ධනය එකතැන නතර වීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම, රණවිරුවන් දංගෙඩියට යාම, අපරාධ රැල්ල, පාතාලය හිස එසවීම ආදී රටට සිදුවුණ නස්පැත්තිය නිසා එජාපයේ තව බොහෝ පාක්ෂිකයින් මේ ආකාරයෙන් තමන් කරගත් විපත ගැන පසුතැවෙනවා.

යහපාලන ආණ්ඩුව පත් වුණ ගමන්ම රටට මෙහෙම වුණානම් තව අවුරුදු දෙක තුනක් යද්දී රට කොතන තියේවිද කියල සිතාගත නොහැකි වේවි. එළඹ ඇත්තේ පක්ෂ විපක්ෂ බේධයකින් තොරව රටේ මහජනතාව එකමුතුව රට වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.