මේ බව වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධන මන්ත්‍රීවරයාට අයත් ලංකාදීප පුවත්පතෙනුයි. Archive මූලාශ්‍රය එජාප පුවත්පතක් මගින්ම කියන බැවින් මෙය එජාපයේ අයටනම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

සිංගප්පූරුව හොංකොං වැනි විශාල වෙළඳ කේන්ද්‍රයක් බිහි කරන බවට චිත්‍රයක් මවා පෙන්නුවත් ඉහත වර්ණ කර ඇති කොටස් කියවීමෙන් එජාපයෙ අරමුණ පැහැදිළි වෙයි. මේ දිග හැරෙන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ "යළි පුබුදමු ශ්‍රී ලංකා" ව්‍යාපෘතියම නොවේද?
එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ "යළි පුබුදමු ශ්‍රී ලංකා" එකට අනුව ද්වීතියික රාජ්‍ය පරිපාලන ආයතන සහ සේවා පුද්ගලික අංශයට භාර දීමට ගෙනා යෝජනා වලට විරුද්ධව රනිල්ට "දොන් ජුවන් ධර්මපාල" කියපු චම්පික රණවක මහතා ලවාම මෙය සිදු කරවීම දෛවයේ සරදම කි.
එජාප ආණ්ඩුවක් ආවොත් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සිදු වෙන බව එදා මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ මහතා පවසද්දී එය එජාප නායකයින් ප්‍රතික්ෂේප කළා. මහින්ද විකාර කියවනවා යැයි අපහාස කළා. ඔන්න දැන් මහින්ද මහතා කී දෑ ඇත්ත වෙමින් පවතිනවා. බීමට ඇති ජලයටත් ඉදිරියේදී මුදල් ගෙවීමට සිදුවෙන බවට මෙය පැහැදිළි පෙරනිමිත්තකුයි.
පහත පින්තූර වල දැක්වෙන්නේ මහින්ද යුගයේ අලංකාරවත් කර මහජනතාවට නොමිලයේම ලබා දුන් කොළඹ නගරයේ අසිරියයි. (source) එජාපයට මේවා නඩත්තු කරගැනීමට නොහැකි වීමෙන් අද එහි තත්ත්වය මෙතනින්. ඉදිරියේදී මෙම ස්ථාන බලන්නත් ලංකාදීපයේ කියන පරිදිම මුදල් ගෙවා ටිකට් ගන්න සිදුවෙන බව කණගාටුවෙන් යුතුව ඔබට කීමට සිදුවෙයි.