Mahinda Rajapaksa: "ලංකාවේ කාර් වැඩියි" - කාර් එකක් ගන්න UNP යට ඡන්දෙ දෙන්න කියපු අය දැන් කියන දේ

Friday, September 25, 2015

"ලංකාවේ කාර් වැඩියි" - කාර් එකක් ගන්න UNP යට ඡන්දෙ දෙන්න කියපු අය දැන් කියන දේ

"ෆුල් ලීසිං" තහනම් කරමින් නිකුත් කල චක්‍රලේඛය පැහැදිළි කරමින් රවි කරුණානායක මහතා පැවසූයේ පසුගිය කාලය තුළ අනවශ්‍ය ලෙස මෝටර් රථ මෙරටට ආනයනය කර ඇති නිසා මෙම තීන්දුව ගත් බවයි.

කාර් පාරවල් වලට දරාගන්න බැරි තත්ත්වයට ඇවිත් ඇති බවත් එය තමන් නිවැරදි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහාමාර්ග වලට දරාගන්න බැරි තරම් වාහන ආ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එජනිස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ අලුතෙන් මහා මාර්ග ඉදි කිරීම සහ තිබෙන මහා මාර්ග පුළුල් කිරීමයි. සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා හයිබ්‍රිඩ් වාහන වලට රජයෙන් සහන ලබා දුනි, දුම් පරික්ෂාව අනිවාර්ය කෙරුණි, පොදු ප්‍රවාහනය සංවර්ධනය කෙරුණි. නමුත් කිසිම විටෙකවත් දැන් රටේ වාහන වැඩියි කියා වාහන සීමා කිරීම වැනි කැකිල්ලේ තීන්දු ගත්තේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීමකුයි පහත දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙනුයි.



තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ ගැන විස්තර.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.