පහත දැක්වෙන්නේ 2015/09/16 සවස 4:55 ට කටුනායක අහසේ ඇතිවූ කැළඹීම.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නොතිබෙන්නට මේ ගුවන් යානය ගොඩ බාන්නට සිදුවන්නේ ඉන්දියාවට යි.
(i). එසේ වූවානම් ඉන්දීය ගුවන් තොටුපොළක් හදිසි තත්ත්වයක් මත වෙන් කරගැනීමට සිදු වෙන අතර ඒ වෙනුවෙන් ඉන්දියාවට විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි.
(ii). එපමණක් නොව ගුවන් මගීන්ට ඉන්දියාවට ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී අධික කාලයක් වැය වෙයි.
(ii). ඒ සඳහා ගුවන් සමාගමට වැය වෙන පිරිවැයත් අධික වෙයි.
මෙතරම් වටිනාකමක් ඇති සම්පතක් අකර්මන්‍ය කර විනාශ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් බව ගුවන්තොටුපොළ සේවකයන්ගේ මතයයි.
හදිසි තත්ත්වයක් මත ගොඩබාන ලද UL 504 ගුවන් යානය.



ගොඩබාන ලද UL 504 ගුවන් යානය අදාල කටයුතු වලින් පසුව නැවතත් පිටවෙන අයුරු flightradar24.com හි දැක්වුණ ආකාරය.

A380 සහ Boeing 747 අති දැවැන්ත ගුවන් යානා පෝලිමේ මත්තල ගුවන් තොටුපොළ තම Backup ගුවන්තොටුපොළක් ලෙස භාවිතා කරමින් ඒ අසළින් ගමන් කරන ආකාරය. මේ සෑම ගුවන් යානයකින්ම ශ්‍රී ලංකාවට ඩොලර් 250 ක් වැනි මුදලක් ලැබෙයි. විස්තර.

කෙසේ නමුත් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමත් සමග එය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඇතිව තිබෙයි.
මන්ද යත් වී යනු දුහුවිළි අධික ද්‍රව්‍යයක් වන අතර ගුවන් යානා සහ එහි ගෙනයන දෑ ගබඩා කරන ස්ථානයක දුහුවිළි පිරී තිබීම කිසි සේත්ම සුදුසු නොවේ. වී දමන ලද අදාල ගබඩාව වායු සමීකරණය කර තිබුණේ එනිසයි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වී පුරවද්දී, රට ගැන ඇතිවූ ශෝකයෙන් යුතුව ගුවන් නිලධාරියෙක් කරන පැහැදිළි කිරීමයි මේ...
වැඩිදුර තොරතුරු සඳහා මත්තල ගුවන්තොටුපොළට එරෙහි චෝදනා වලට පිළිතුරු ලිපිය: www.mahinda.info/2015/04/maththala