ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ගැනත් එය විවෘත කිරීම ප්‍රමාද වීමට හේතුව ගැනත් තොරතුරු මීට පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවෙමු.
කෙසේ නමුත් එම අධිවේගී මාර්ගය විවෘත කරන ඵලකයේ සඳහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි එය ඉදිකර ඇති බවකි.

එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිකළ දේවල් වත්මන් ආණ්ඩුවෙන් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් අසද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන බෙහෙවින් සංතෝෂයට පත් වෙන බවත්, ඒවා ඉදි කළේ ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා බවත්, විවෘත නොකළ ඉතිරි මහින්දෝදය විද්‍යාගාරත් විවෘත කළ යුතු බවත් පැවසුවේය. (VIDEO) ඒ අනුව මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිසිදු අහිතක් නොමැත.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එවකට විපක්ෂයේ බොහෝ පිරිස් වලින් නින්දා අපහාසයන්ට ලක් වීමට සිදුවිය.
වෙනකක් තියා කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය සෑදීම මෙහෙයවීම ගැන නම ගසා ගත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා චෝදනා කළේ "ගුවන් පාලම් වැඩක් නෑ, මොනවටද මේ ගුවන් පාලම්?" යනුවෙනුයි.