මහින්ද සිදුකළ සංවර්ධනය නරඹන්නට UNP යෙන් මුදල් අය කරයි.

මහජනතාව ගෙවූ බදු මුදල් පමණක් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අලංකාර කරන ලද කොළඹ නගරයේ අසිරිය විඳගැනීමට ඉදිරියේදී මුදල් ගෙවා ටිකට් ලබාගැනීමට සිදුවෙන බවට පුවතක් වාර්තා වෙයි.

මේ බව වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධන මන්ත්‍රීවරයාට අයත් ලංකාදීප පුවත්පතෙනුයි. Archive මූලාශ්‍රය එජාප පුවත්පතක් මගින්ම කියන බැවින් මෙය එජාපයේ අයටනම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

සිංගප්පූරුව හොංකොං වැනි විශාල වෙළඳ කේන්ද්‍රයක් බිහි කරන බවට චිත්‍රයක් මවා පෙන්නුවත් ඉහත වර්ණ කර ඇති කොටස් කියවීමෙන් එජාපයෙ අරමුණ පැහැදිළි වෙයි. මේ දිග හැරෙන්නේ 2002 දී රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතියම නොවේද?

එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” එකට අනුව ද්වීතියික රාජ්‍ය පරිපාලන ආයතන සහ සේවා පුද්ගලික අංශයට භාර දීමට ගෙනා යෝජනා වලට විරුද්ධව රනිල්ට “දොන් ජුවන් ධර්මපාල” කියපු චම්පික රණවක මහතා ලවාම මෙය සිදු කරවීම දෛවයේ සරදම කි.

එජාප ආණ්ඩුවක් ආවොත් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සිදු වෙන බව එදා මැතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ මහතා පවසද්දී එය එජාප නායකයින් ප්‍රතික්ෂේප කළා. මහින්ද විකාර කියවනවා යැයි අපහාස කළා. ඔන්න දැන් මහින්ද මහතා කී දෑ ඇත්ත වෙමින් පවතිනවා. බීමට ඇති ජලයටත් ඉදිරියේදී මුදල් ගෙවීමට සිදුවෙන බවට මෙය පැහැදිළි පෙරනිමිත්තකුයි.

පහත පින්තූර වල දැක්වෙන්නේ මහින්ද යුගයේ අලංකාරවත් කර මහජනතාවට නොමිලයේම ලබා දුන් කොළඹ නගරයේ අසිරියයි. (source) එජාපයට මේවා නඩත්තු කරගැනීමට නොහැකි වීමෙන් අද එහි තත්ත්වය මෙතනින්. ඉදිරියේදී මෙම ස්ථාන බලන්නත් ලංකාදීපයේ කියන පරිදිම මුදල් ගෙවා ටිකට් ගන්න සිදුවෙන බව කණගාටුවෙන් යුතුව ඔබට කීමට සිදුවෙයි.

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මහින්ද සිදුකළ සංවර්ධනය නරඹන්නට UNP යෙන් මුදල් අය කරයි.

  • Piyaseeli Senanayake

    These lot cannot even clean the Colombo roads, what more to expect of them. The whole lot are traitors to our beautiful mother land. Let them perish in hell. They don’t deserve a paradise.

    I also read a report that all equipment Mattala Airport is to be removed and from 1st of Sep it would be used for paddy storage. They are playing very well into the enemy hands.

  • Piyaseeli Senanayake

    When you look at these landmarks, it is hard to believe that this is/was Sri Lanka.

  • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

    මේ ලදී මම කොලබ ගියා train කැලණිය පහුකරා විතරයි පලාතම ගන්දස්සරේ බෑ ආයේ කොටුවෙන් බැහැල floating market ගියා අනේ සංසාරේ කඩවල් හිස් වගේම බෙරේ වැව වතුර පල්වෙලා ගදයි ඔන්න යහපාලන මෙගා පොලිස් වල හැටි

Leave a Reply