“මහින්ද මහත්තයට ජය වේවා” කීම නිසා කාන්තාවක් අත් අඩංගුවට.

නියමිත දිනයේ සිට මාස 2 ක් ප්‍රමාද වී කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය අද දින විවෘත කෙරුණි. එතැන සිටි කාන්තාවක් “මහින්ද මහත්තයට ජය වේවා” යැයි පැවසීමේ වරදට ඇයව අත් අඩංගුවට ගෙන තිබේ.

කොහොමද අදහස් ප්‍රකාශ කිරීමේ යහපාලනය?

කොටින්ගෙන් රට බේරා ගෙන මහා සංවර්ධනයක් සිදුකළ “මහින්ද මහත්තයාට ජය වේවා” කීමත් නීති විරෝධී වැඩක්ව පවතියි. ඔවුන්ව අත් අඩංගුවට ගනී.

එහෙත් මීට ටික කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ප්‍රභාකරන් ගැන පැවසූයේ මෙලෙසය. ඇයට අලුත් ආණ්ඩුවේ “ළමා කටයුතු රාජ්‍ය ඇමති” පදවිය ලැබුණි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to “මහින්ද මහත්තයට ජය වේවා” කීම නිසා කාන්තාවක් අත් අඩංගුවට.

  • sayumi

    ‘මහින්ද’ යන නම කිව්වත් හිරේ දානවා – රට වනසපු මිනිමරුවට පිළිම හදනවා
    පරජාතන්තරවාදේ දෝරෙ ගලනවා – මෙන්න ගොනෙක් මිහිඳු හදපු පාර අරිනවා…!

    • Rata wenuwen

      මහින්ද රජය ගොඩ නැගු ” හයි වේ ” පාර,
      “ඕන ගොනෙක්” කර “ඕපන් ” අරියි දොර,
      ආතල් එකක් ගත්තට තොපි මේ වාර,
      වයිර නැතේ මෙය වේ අවසන් පාර.

      • Rata wenuwen

        රෙදි ඇදගෙනද මුන් මේවා කරන්නේ,
        හෙළුව පෙනෙන බව උන් තව නැහැ දන්නෙ,
        රෙදි ඇදගෙනයි “මහින්දට ජයවේ” කියන්නේ,
        මානව අයිති රැකුමට ඇය දිරි දුන්නේ

    • Sayumi…gona kiyana wachane Honda wedi…mun sarpayo

  • Arrested for what?!!! For saying (or shouting) Jayawewa Mahinda Methithumata????? Is this country becoming like North Korea? The new regime is fast becoming like Kim Jong-un’s regime.
    Shame, shame, shame on MS and RW’s goons.

  • Pink Panther

    මොනා උනත් ඔය වගේ තැනකදී ඔහොම විරෝධය දක්වලා මහින්ද මහතාගේ රූපයක් ප්‍රදර්ශනය කරලා කරපු දෙය අගය කරන්න වටිනවා ..
    තමන්ගේ කැමැත්තෙන් හෝ වෙන හේතුවක් මත හෝ සංවිධානාත්මක ව හෝ කුමන අරමුණෙන් කලත් ඔවැනි විරෝධයක් දැක්වීම ඉතා අසීරු දෙයක්..
    අපි අන්තර්ජාලයේ කොමෙන්ට් දාලා අදහස් ඉදිරිපත් කර විරෝධය පානවට වඩා සිය දහස් ගුණයක් අමාරු වැඩක්…

    • sayumi

      ඒක ඇත්ත පින්ක් පැන්තර්, ඒක කමෙන්ට්ස් දානවාට වඩා ඉතාම අමාරු වැඩක්.
      ඒ වීර කාන්තාවන් දෙදෙනාට අපගේ ආචාරය හා ගෞරවය හිමි විය යුතුයි.

      හැදුව කෙනාගේ නම කියන්න නරකයි, තමන් හැදුවා වගේ විවුර්‍ත කරන්න හොඳයි- තව තියෙනවා- විපක්ෂයේ ඉන්න හොඳයි, හැබැයි විවේචනය කරන්න නරකයි. මේක තමයි ළමයිනේ “යහපාලනය”-
      මුන්ගේ පෙර පාලනේ ගැන නොදන්න අයට මේවා හොඳ අත්දැකීම්.

  • යකා

    තව අවුරැදු දෙකයි බොලව්. රනිලට ඕන ආතල් එකක් ගන්න කියපන්. අවුරැදු දෙකයි බොලව්. හික්ස්…
    අවුරැදු දෙකකට පස්සේ මහින්ද රජා ආයිත් ඒවි බොලව්…

    • හිතවත් Rata wenuwen, අන්තිමට දාපු කවියනම් සැර වැඩියි. අපිට ආවේගයක් ඇති වුණත් මේ දෙස මැදහත් ජනතාව බලන කෝනයෙන් අප කතා කළ යුතු වෙනවානේ. අනික් අතට මේ වෙබ් සයිට් එක ආයිත් බ්ලොක් කරන්න හේතුවක් නැති නිස කොමෙන්ට් පවා හේතුවක් කරගන්න පුලුවන්. එනිසා එය අනුමත නොකිරීම ගැන අමනාප වෙන්න එපා.

      • මාත් බොහෝ වෙලාවට මළ පැන දමන සමහර කොමෙන්ට්ස් පල නොකලාට ඇඩ්ඩින් අයියා සමග මාගේ නං කිසිම අමනාපයක් නැත. 🙂

        • හොඳ ලමයා

          යකුනේ, මල කියන්නෙ අශූචි. පැනල කියන්නෙ ඒව ගුදයෙන් එළියට පැනල. අද වෙනකොට කේන්ති යනව කියන වචනය ලංකාවෙන් තුරන් වෙලා. මල පනිනව කියන එක තමයි අපේ ජාතික වචනය. පෙරේත ජාතියක්. රටයි ජාතියයි භාෂාවයි ඔක්කොම වනසලා. ලෝකෙ තියෙන ස්වාභාවික භාෂාවන්ගෙන් එකක් සිංහල භාෂාව. ලෝකෙ දියුණුම භාෂාවක්. ඕන නං කම්පියුටර් ලැන්ග්වේජ් එකක් වුනත් හදන්න පුලුවං. ඒ තරමට ව්‍යාකරණ දියුණුයි. ඉන්දියාවෙ භාශාවෙන් බෑ. පොඩි ළමයින්ට කවදාවත් නිවැරදි භාෂාව අහන්න ලැබුනේ නැත්තං උං වැරදි භාෂාවක් පුරුදු වෙන්න. නාකි උපාසක අම්මලා පවා අද කියන්නෙ මල පනිනව කියල. වල් වැඩිහිටියො මේ රට වැනසුවා. සිංහල ජාතිය කියන්නෙ සිංහල භාෂාවක් තියෙන නිසා. රටයි ජාතියයි භාෂාවයි රැකගනිල්ලා.

  • niro

    Ona Gonekuta hadapuwa open karanna nam puluwan. hadanna thamai bari

  • LoleLOL

    හුකෑස් 🙂 යකෝ, කෑගහනවනම් කෑගහපන් ප්‍රභාකරන්ට ජයවේවා කියලා… ඒකවත් තේරෙන්නේ නැහැනේ.

    මහින්ද තමයි යකෝ යුද්ධ කරේ…යුද්ධ කිරීම අපරාධයක් ඒක නිසා මහින්දයි අපරාධ කාරයා.

  • sepalika

    mahinda mahathawa thama amathaka wela na.

  • බෝනිකර තරු Deal කුමාර

    ජයවේවා මිහිදුන්ට
    අදිවෙගේන්යන්න මංමාවත් සැදිලා
    සොදුරු අනාගත උදාකළේ කවුදැයි
    මිනිස්සුන්ට මතකයි

  • Rata wenuwen

    Yes! Dear Editor
    As your wish, no problem at all, we have to be careful,
    Kind Regards
    Rata wenuwen

  • හොඳ ලමයා

    දැන් මොන මගුලකටද මහින්ද ඇතුලු පිරිසක් යුද්ධ අධිකරණයට ගන්නෙ. ඇයි ත්‍රස්තවාදි අධිකරණයක් නැද්ද උන්ව ගන්න. තමන්ගෙ රට ත්‍රස්තවාදයෙන් බේරගැනීම වැරැද්දක් නං ඔය ත්‍රස්තවාදි ටික එහෙම කියන රටවල් වලට එක්කන් ගිහින් පදින්චි කර ගන්න පුලුවන්නෙ. දැන් මේ වෙබ් සයිට වලත් වීඩියෝ වුනත් තියෙනව ත්‍රස්තවාදි අනුරාධපුරේ පන්සල් වලට ඇවිල්ල සිල් ගන්න මිනිස්සුන්ටත් වෙඩි තියල මරනව. හමුදාවට විෂ වායු ගහල සිහි නැති කරල වෙඩි තියනව. එහම තියෙද්දි ඉස්සෙල්ලම ත්‍රස්තයන්වනෙ අධිකරණයට ගන්න ඕනෙ. ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට බෝම්බ ඕනෙ. දවසට බස්, කෝච්චි දෙක තුනක් වත් පුපුරල අනිත් අයත් එක්ක තමන් මැරෙන්න ඕන. හිතන්නත් ඉස්සෙල්ල තමන්ගෙ සරීර අබ ඇට වගේ කුඩු වෙලා අහසට විසික් වෙන්න ඕන. ලෝකෙ කොහෙවත් නෑ මේ වගේ අරුම පුදුම ජාතියක්.

  • asanka

    *nainta koti thrastha nayakain kiyana Awa penne.. Singhala jathiya gena kekkumak thiyana auntamaiy kelawanna hadanne.. Balamuko kelawala mokada wenne kiyala…. Uddeta benapu aka Ada uddeth ewara karala mahinda janadipathi thuman hadapu palam parawall open karanne redi adagenada bolawe….???? *..

  • SUMUDU HEWA

    මේ කාන්තාව මහින්ද මහතාට ජය වේවා! යි කීමට වඩා ලොකු වීර ක්‍රියාවක් කර ඇත. පාර මහජනයාට වසා තිබියදී මහා දුෂ්කර ක්‍රියාවක් කර දුර්ග මාර්ගයකින් මෙතැනට ළඟා වී ඇති ඇය ඕනෑ ගොනා පීත්ත පටිය කපා මාර්ගය විවෘත කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී කල් යල් බලා දුව විත් සඟවාගෙන සිටි කුඩා එම්බ්‍රොයිඩර් කතුරකින් පීත්ත පටිය කපා හිටපු ජනපතිතුමන්ගේ නමින් මාර්ගය විවෘත කර ඇත. එතුමාට ජයවේවා යයි කියා ඇත්තේ එයින් අනතුරුව ය. ඕනෑ ගොනා ඉන් පසුව රීකන්ඩිෂන් පීත්ත පටියක් කපා සැනසී ඇත. අනිත් මාධ්‍ය සත්‍යය වසන් කළාට අප එය හෙළිදරව් කළ යුතු ය.

    කතා කළ යුතු තැනදී කතා කළයුතු දේට කතා නොකර ඇඟ බේරා ගැනීමට පුරුදු වුණු නිවටයන් කුමක් කීවත් මේ කාන්තාව මෝඩ ගැහැණියක නොව වීරවරියකි. රටේ ජනමතය ඡන්ද මගඩියකින් මංකොල්ලකා නොරටුන්ට රට පාවාදෙමින් මහින්දලාට නින්දා කරමින් ඔහු ගොඩනැගු දේ විවෘත කරන දේශද්‍රෝහී යමපලකයන්ට ඇය අතුල් පහරක් දී ඇත. ඇය සමාජයේ බුහුමනට පත් වන්නේ ඇය හඬක් නැති ජනතාවගේ මතය මෙහිදී හඬගා කී බැවිනි. මෙබඳු දූ පුතුන් මේ සමාජයේ බහුල වේ නම් බොහෝ සමාජ ප්‍රශ්න පොරවෙන් කැපීමට නොතබා මුලදීම නියපොත්තෙන් කඩා ඉවත් කරන්නට හැකි වනු ඇත.

Leave a Reply