Mahinda Rajapaksa: October 2015

Wednesday, October 21, 2015

විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ - මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

td-mr[1]

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද ජපන් යුද අපරාධ පරිචෝදක මොටෝ නොගුචි මහතා හමුවු අවස්ථාවේ පවසා තිබේ. විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග වි තිබේ.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

Thursday, October 15, 2015

ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්... ඇත්ත උවමනාව මේකයි... – මහින්දගෙන් නිවේදනයක්...

ස්වාධීන රූපවාහීනයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීම් විකශණය කොට ගෙවීම් සිදු නොකල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනයක් නිකු්තර කර ඇත.

මෙහි පල වෙන්නේ එකී සම්පූර්ණ නිවේදනයයි.

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැදවීම

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කැදවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ෂණයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති / ප්‍ර‍ධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාල පත් කිරීම කර තිබුණේ කළින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී “මීඩියා ෆැක්ටරි” ආයතනය මගින් දැන්වීම් පල කිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුලින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සදහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුලම “ස්පෙෂල් සොලුයුෂන්” ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්‍ෂ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාල දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළද ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍ර‍චාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්‍ෂ 86 ක් ආපසු දීම තුලින් ස්වාධීන රෑපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සදහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සදහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කල බව කොමිසමේ ලිපියේ සදහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්‍ෂකයා වෙනුවෙන් ප්‍ර‍චාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්‍ෂණය කිරීම ඡන්ද අපේක්‍ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍ර‍චාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්‍ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්‍ෂය විසින් ප්‍ර‍චාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍ර‍චාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්‍ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්‍ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත.

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්‍ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්‍ෂකයකුගේ දැන්වීම් ප්‍ර‍චාරය ඇතුලු කටයුතු සිදු කරනු ලබන්නේ අදාල පක්‍ෂයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරණු අපේක්‍ෂකයාගේ වගකීමක් නොව අදාල පක්‍ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කල යුතු බවට යෝජනාව ශ්‍රී ලංකා නිහස් පක්‍ෂය තුල ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාල යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්‍ෂයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැදවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන  වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්


















Wednesday, October 7, 2015

වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

[1]. "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීම ඔබට මතක ඇති.



එම දැන්වීම් බලාපු අපගේ එජාප ෆේස්බුක් හිතමිතුරන් චෝදනා කළේ , මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ වාහනයක් අඩුවට ගන්න අවස්ථාවක් නැති බවත්, එනිසා එජාපය බලයට ගෙන ආ යුතු බවයි.

 

[2]. එලෙස බලයට ආ ආණ්ඩුවෙන් මෙන්න නැවතත් වාහන සිහිනයට අපමණ අගයක් ලබා දී තිබෙනවා.
Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

පහත වගුවේ අවසාන තීරුවේ දැක්වෙන්නේ අදාල වාහන වල බදු අගය වැඩි වුණ ආකාරයයි.

මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇත.

එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇත.

(source: 2015/10/07 biz.adaderana.lk)



 

[3]. ජපානයේ නිෂ්පාදිත වාහන ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජපාන නිල සංචාරය අතරතුරදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මූලාශ්‍රය: (2015/10/06 රිවිර පුවත්පත)

එම තීරණය ගැනීමට ඇත්ත හේතුව දැන් ඔබට පැහැදිළියි නේද? ඉදිරි අයවැයෙන් වාහන සිහිනයට තවත් අපමණ අගයක් ලැබීමට නියමිතයි.



 

[4] වාහන ආනයනය සඳහා ණයවර ලිපි වෙනුවෙන් ආවරණ තැන්පතුව සියයට සියයක් ලෙස  ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පසුගිය සිකුරාදා (2) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. මූලාශ්‍රය: (2015-10-05 NethFM)

 

එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දාපු දැන්වීම් වල යතාර්ථය එලෙසයි.

ඔය විතරක් නෙමෙයි, මීට කළිනුත් තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ මදිවට ෆුල් ලීසින් තහනම් කරලා. ඒ ගැන විස්තර.

 

එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? - මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.



සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙන පොලිස් පරීක්ෂණවල ඇත්ත ස්වභාවය ගැන සහ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් වෙන දේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015/10/07 දිවයින පුවත්පතට සිය අදහස් පළ කළේය.

Tuesday, October 6, 2015

ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.

[1]. "පසුගිය වසර කීපයම අපේ රට ජාත්‍යන්තරයේ පරාජයට පත් වුණා" යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවසුවා.



 

[2]. ඊට හේතු ලෙස "ප්‍රබල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් අපේ රටට ආපු විට මේ රටේ ප්‍රධානීන් කොළඹින් පිට ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙන්වා මඤ්ඤොක්කා කැවීම" ආදී කරුණු ගණනාවක් දක්වයි.



 

[3]. එම චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු දී තිබෙනවා.

 

[4]. එසේම අද මෙලෙස චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල මහතාට, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබෙනවා. පහත වීඩියෝ පටය සාවධානව අසා බලන්න.



එදා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන දේවල් කිහිපයක් මෙලෙසයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කරපු බලපෑම් වලට ඔබතුමා මුහුණ දීල තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුළ. ඒ නිසා තමයි අද ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදින් ඔරවන්නේ ගරහන්නේ නොයෙකුත් දේවල් කියන්නේ."

 

[5]. එදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අධිරාජ්‍යවාදීන් කවුදැයි ජනතාවට සිතා බලන්නට සිදුවෙයි.

පුද්ගලයන් ගැන ආකල්පය කාලයත් සමග වෙනස් වීමට හැකියි. නමුත් අතීතයේදී වර්ණනා කළ එකම නිශ්චිත කරුණකට කාලයකට පසුව ගර්හා කරයිනම් එය හෘද සාක්ෂියේ ගැටළුවකි.

Sunday, October 4, 2015

රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි - මහින්ද මැතිඳුන්ගෙන් නිවේදනයක්!

z_vpg03-impossible1[1]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි අ‍මෙරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට තමාට එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය නි‍වේදනයක් නිකුත් කරමින්ය.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.



මහින්ද මැතිඳුන් කිලෝමීටර් 5 මැරතන් තරගය අවසන් කරයි! (පින්තූර)

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (04) එක් වුණා.

තරගාවලිය අද (04) උදෑසන ආරම්භ වූයේ කොළඹ බෞද්ධාලෝක මාවත අසලින්. කිලෝමීටර් 5 මැරතන් ධාවන ඉසව්වට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ඉසව්ව විනාඩි 50කින් නිම කළා. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ කිලෝමීටර් 5 ධාවන ඉසව්ව අවසන් වූයේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන්.

ප‍්‍රධාන මැරතන් ධාවන තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වුණා.

ඊට එක්ව සිටි දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව හයදහසකට අධිකයි. (News: NethFM)









මහින්ද රාජපක්ෂ මැතිඳුන් තම ශරීර සුවතාවය වෙනුවෙන් අවධානය යොමු කරන නිසා තරුණයින් සහභාගී වෙන මෙවැනි තරගයකට සහභාගී වීමට හැකියාව ලැබී තිබෙනවා.

වේගයෙන් පැතිරෙන දියවැඩියා රෝගයට පිළියමක් ලෙසට නගරාසන්නව ඇවිදින මංතීරු නිර්මාණය කිරීමටත් පදනම වැටුනේ මහින්ද රාජපක්ෂ මහතා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් ක්‍රීඩාව නිසා ඇතිවෙන ශරීර සුවතාවයේ වටිනාකමයි.

ජනතාව උදෑසන දත් මැදීම තම ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා සේම, දිනපතා ව්‍යායාම කිරීමත් ජනතාවගේ ජීවිතයේ අංගයක් බවට පත් කිරීමේ සැලසුම් එදා එතුමා සකස් කළා. ප්‍රධාන නගරාශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීම එහි ආරම්භක අදියර පමණයි.











දිනපතා කරන ව්‍යායාමත්, කුරහන් ප්‍රමුඛ ගමේ ආහාර වලින් යුත් නිවැරදි ආහාර රටාවත් නිසා තාමත් තමන්ට කුඹුරකට බැස අම්බරුවන් බානක් දක්කන්න වුණත් හයිය තිබෙන බව දකුනෙන් බිහි වූ ඒ ශ්‍රේශ්ඨ යුග පුරුෂයා අප වෙත පවසා තිබෙනවා.

Friday, October 2, 2015

මහින්දගේ කර මත පටවලා මහා ජයග්‍රහණයක් කළා කීම - විමල්

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කර මත පටවා මහා ජයග්‍රහණයක් කළ බවට පෙන්වීම ගැන විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය. මාධ්‍ය වෙත නොනිල ආකාරයෙන් විකාශයට තහනම් කර ඇති කාරණා බොහෝමයක් මෙහිදී හෙළි කෙරුණි.

ඒ මහතා පැවසූ කරුණු කිහිපයක සාරාංශය
1. 1815 ට එහා ගිය පාවාදීමක් කරපු කෙනා නිවියෝක් සමුළුව අමතලා එනකොට ‘බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගත් නායකයා පිළිගනිමු’ කියලා කටවුට් ගහන එකේ විහිළුව...
2. ජේ. ආර්. ජයවර්ධන මාමාගෙන් ඉගෙන ගන්න කියලා විමල් රනිල්ට මතක් කර දෙයි...
3. බැරැක් ඔබාමා උස්සලා පෙන්වයි... විමල් ප‍්‍රසිද්ධියේ කියයි...
4. රනිල්ගේ මාධ්‍ය නිදහස් විමල් පහදයි....
5. විමල් යහපාලන ආණ්ඩුවට ප‍්‍රසිද්ධියේ අභියෝග කරයි... බලන්න මොකක්ද අභියෝගය කියලා...
6. අගමැතිතුමා ජනතාවගෙන් සමාව ගනීවිද?
7. පුවපත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් විමල්ගෙන් නොඇසූ ප‍්‍රශ්නයක් ගැන විමල් මාධ්‍ය හමුවේදී කියයි...

සම්පූර්ණ සාකච්ඡාව පහතින්.