තරගාවලිය අද (04) උදෑසන ආරම්භ වූයේ කොළඹ බෞද්ධාලෝක මාවත අසලින්. කිලෝමීටර් 5 මැරතන් ධාවන ඉසව්වට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ඉසව්ව විනාඩි 50කින් නිම කළා. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ කිලෝමීටර් 5 ධාවන ඉසව්ව අවසන් වූයේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන්.
ප්‍රධාන මැරතන් ධාවන තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වුණා.
ඊට එක්ව සිටි දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව හයදහසකට අධිකයි. (News: NethFM)




මහින්ද රාජපක්ෂ මැතිඳුන් තම ශරීර සුවතාවය වෙනුවෙන් අවධානය යොමු කරන නිසා තරුණයින් සහභාගී වෙන මෙවැනි තරගයකට සහභාගී වීමට හැකියාව ලැබී තිබෙනවා.
වේගයෙන් පැතිරෙන දියවැඩියා රෝගයට පිළියමක් ලෙසට නගරාසන්නව ඇවිදින මංතීරු නිර්මාණය කිරීමටත් පදනම වැටුනේ මහින්ද රාජපක්ෂ මහතා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් ක්‍රීඩාව නිසා ඇතිවෙන ශරීර සුවතාවයේ වටිනාකමයි.
ජනතාව උදෑසන දත් මැදීම තම ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා සේම, දිනපතා ව්‍යායාම කිරීමත් ජනතාවගේ ජීවිතයේ අංගයක් බවට පත් කිරීමේ සැලසුම් එදා එතුමා සකස් කළා. ප්‍රධාන නගරාශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීම එහි ආරම්භක අදියර පමණයි.





දිනපතා කරන ව්‍යායාමත්, කුරහන් ප්රමුඛ ගමේ ආහාර වලින් යුත් නිවැරදි ආහාර රටාවත් නිසා තාමත් තමන්ට කුඹුරකට බැස අම්බරුවන් බානක් දක්කන්න වුණත් හයිය තිබෙන බව දකුනෙන් බිහි වූ ඒ ශ්‍රේශ්ඨ යුග පුරුෂයා අප වෙත පවසා තිබෙනවා.
