Mahinda Rajapaksa: විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ - මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

Wednesday, October 21, 2015

විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ - මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

td-mr[1]

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද ජපන් යුද අපරාධ පරිචෝදක මොටෝ නොගුචි මහතා හමුවු අවස්ථාවේ පවසා තිබේ. විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග වි තිබේ.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

48 comments:

  1. Piyaseeli SenanayakeOctober 21, 2015 at 11:14 AM

    Well said Mr. President. It won't be long that Sirisena asks for your help. Brain dead Sirisena is led by another brain dead Ranil. I only hope it won't be too late for the country.

    ReplyDelete
  2. එක එක කතන්දර සවනට මුසුව එතී,
    දිව හිරවෙලා හරි ජරමර තිගැස්සෙතී.
    බුදු දහමේ " දිට්ට දම්ම " මතක් වෙතී,
    වයිරපාල වල කජ්ජට ලගාවෙතී

    ReplyDelete
  3. අපේ ජනාධිපති මහින්ද රාජපක්ස මැතිඳුන් මේ ජපන් විනිසුරු හමුවීම සහ මව්බිම වෙනුවෙන් මේ කල පැහැදිලි කිරීම් ඉතා අපූරුයි. යහපාලනයේ මෙවැනි එඩිතර කොන්ද පන ඇති අය කොයින්ද යමක් හරි හැටි තේරුම් කර දෙන්නවත් පුලුවන්.

    අධිරාජ්‍ය ගැත්තන් ලෙස හැමෝම විදේශිකයින් ඉදිරියේ දණ ගසාගෙන රට පාවා දෙන්න නම් පැනලා ලෑස්තියි. රට රැක ගත් අපේ වීරෝධාර රණවිරුවන් බිල්ලට දෙමින් සෙන්පතියන් සේනාධිනායකයාණන් ට හිරිහැර පමුණුවමින් යමපාලකයින් මේ කරන ජිනීවා විදේශ අධිකරණයට විරුද්ධව දේශප්‍රේමී සැවොම එක්ව හඬ නැගිය යුතුය!

    ReplyDelete
  4. විවෙකයට ගමනක් ගුවනින් යැවුනා,
    ලග සිටි සගයා ටික ටික කයියට වැටුනා,
    අලියට චන්ද දුන් බව නිකමට දැනුනා,
    වැරදීමක් සිදුවී යයි දුක් වූනා.

    සිදුවන දෑ මොනවාදැයි වැටහෙන්නේ,
    කොලේ හන්ගා මුන් කෙලිනවා පවසන්නේ,
    කල වරදට සමාව දැන් අයදින්නෙ,
    ඔහු මෙන් තවත් කලකිරලා දුක්වන්නේ.

    ReplyDelete
  5. ජිනීවා උගුලින් මව්බිම රැකගැනීමට.... සෙන්පතීන්, වීරෝධාර රණවිරුවන් සහ අපේ සදාදරණීය නායකයා මහින්ද මැතිඳුන් රැකගැනීමට එක්වූ.... සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!

    http://lankacnews.com/sinhala/main-news/136891/

    ReplyDelete
  6. මව්බිම රැකගැනීමේ උදාර මෙහෙවරට කැපවුණු විමල් වීරවංශ වීරයාගේ වීර කථාව විහාර මහා දේවී උද්‍යානය දෙදෙරවූ හැටි තවම නොදුටු අපේ මිතුරන් වෙනුවෙනි:

    https://www.youtube.com/watch?v=ScuV-fXO33A

    ReplyDelete
  7. වයිරපාල රූකඩයෙක් පමණකී - නටවන්නා අතෙයි බලය නිතැතිනී
    එලවා දමා ඒකා හැකි විගසිනී - රැකගමු අපෙ ලක් අම්මා විපතෙනී

    (හිතවත් දිනූ ,
    නලින් සිල්වා මැතිඳුන්ගේ ලිපිය කියෙව්වා, ඔබට බෙහෙවින් ස්තුතියි)

    ReplyDelete
  8. සෙංකෝලයත් පැහැරගෙන මහ යුද්ධයක් කර පාර්ලිමේන්තුව ගිනියම් කරමින් ජිනීවා විවාදයේදී විමල් වීරවංශ මැතිඳුන් 22 10 2015 කල කථාව:

    https://www.youtube.com/watch?v=-UPlViajyRo

    ReplyDelete
  9. වයිරපාල රුකඩයක් මෙනි නටනා,
    නූල් බෝලේ නිලයා අත ගෙන තදිනා,
    හෙන්චයියන් මේ දිනවල උඩපනිනා,
    දිනය ලගයි පාලගෙ බෙල්ලම කැපෙනා.

    ReplyDelete
  10. අධිකරනය දෙමුහුන් බව දැනෙන නිසා,
    සැක මතුවෙනවා සගවා එය ගහන නිසා,
    ප්‍රශ්ණ ගොඩයි , හොර යෝජනා පිරුනු නිසා,
    පිලිතුරු දිය යුතුයි "පඹයෝ" හැකි විගසා.

    ReplyDelete
  11. මගේ රට දැන් බේරගන්න,
    වැරදුන තැන් හදාගන්න,
    නිමලයො කටු ඉවතලන්න,
    අප අතරට නැවත එන්න.

    කෑවා මගුල් ඉවරයි,
    නිමලයා බයෙන් වෙව්ලයි,
    පඹයා තිගැස්සෙයි,
    අධෝ වාතය කටින් පිටවෙයි.

    ඔන්න කටු සුප්පු කරන්න ගිය ඇයන්ට තක්කු මුක්කු වෙලා,පඹයා වෙව්ලනවලු,මුන්ගෙ අධෝ වාතය කටින්ලු පිටවෙන්නේ, අදො මුඛය හිරවෙලාලු

    ReplyDelete
  12. මොංගල් සමරේOctober 23, 2015 at 10:05 AM

    රටකට හිත ඇති විරු මිනිසුන්න්ගේ
    ලෙයි කදුළේ සාරෙනි රට සරුවුයේ
    එවන් මිනිසුන් ඇත්නම් තවත් රටේ
    එක්වන්නත් හොදම කාලයයි මේ එන්නේ

    යුද විරුවන් සිරකරන්න
    කොටි කට්ට්ටිය නිදොස්කරන
    කොලේ වහල ගේම ගහන
    අවුල් හවුල පරදවන්න
    ජනතාවනි පෙරට එන්න


    විමල් දිනේෂ් වාසු ගම්මන්පිල
    මෙසැම කරනා යහපත් සැම දෙට
    දිරි ශක්තිය ලැබේවි නිරතුරු
    රටට හිතැති මීනිසුන්ගෙ හිත බැද


    අතුරු මිතුරු දබදිවතුරු
    මහින්ද.ඉන්ෆෝ මිතුරු
    එක්කරමින් සැමනිරතුරු
    කරන මෙහෙය උසස් අයුරු

    ReplyDelete
  13. මොංගල් සමරේOctober 23, 2015 at 1:00 PM

    ජාතියක් වැටුනු කල රටක් කොහෙද මිනිසුනේ
    එතකොට හෙටක් කොහෙද
    අබිමන් දැයක විරු ජවය බිදුනුකල මිනිසුනේ
    එතකොට තව රටක් කොහෙද

    නගා නගා එඩි බල දසතින් ගලා එන
    හමා හමා එන නිදහස් සුළගට මුහුවෙන්නට
    ගසා ගසා පන ගසා නැගිට එන දේශයේ
    නිදහස් සුළගේ පහසටසැවොමා එක්වෙන්න

    ReplyDelete
  14. වැටි වැටී නැගිටිමු සමරේ
    අබිමන් ජාතියට පන දෙන්න
    විරුවන්ද රැකගන්න
    සැබෑ දේශප්‍රේමීන් හා
    එක්වෙමු සැවොම!

    ReplyDelete
  15. Dear Power,

    Power oya thawamath math ekka tharahinda enne? Mama dana gaththa oya eda hina wela comment karata loku kenthiyakin hitiye kiyala.ai power oya ehema kare? Mata hodata banala comment eka damme naththe? Mage hithata eda unu siddiya mahath barak wela thiyyenne.mage hitha hema welawema kiyanawa mama nisada danne na dan power me site eke comment danne nathte kiyala.power aththatama ei nisada oya dan me site eke comment danne naththe.ehema nam ehema karanna epa power.mama nam maha paukariyak.mama me site ekata awilla oyage sahodara maithuru kandayama oyata nethi kara neda?eath power mama oyage ema vihilu sahagatha comment welasaya balanna godak kemathi kellek.eka nisa thamai eda mama oya mokka kiyaida balanna oya me site ake editorge yaluwek kiyala kiyanna hithuwe.eath mama passe danagaththa mama ae kiyapu deya nasa oya apahasu thawayata pathwenna athi kiyala.eka nisa power mama wedala oyagen ellane ae parana dewal amathaka karala oya ayeth me site ekata awella issara wagema vilu thahalu karamin mage kammali kama nethiwena widihata lassana comment danna.balanna oya nethuya me site eka palu wenawa.oya loku prasna diha seheluwen balana watina gathi pawathum thiyana soduru kenek.eka nisa aluth post palan nounata kamak na.oya monawa hari dasapalanaya gena kiyala oyage ank yaluwo ekka dayasa gane comment danna power.mama mehema kiyanne mama wewida loku loku prasna diha bala inna kota oyage wage comment ekak dakkama ea prasnaya amathaka wela mage sithata sathutak sehelluwk gena eme apura hekiyawak oyage comment walin mama issara idalama dakkapu nasa.mama hithanawa me site eke oyage yaluwantath ehema hithena athi.me balana dan oyage rata wenuwen yaluwath awella power.oya kohoma hari eyawa hoya gaththa neda? eka nisa oyage dinuu teacher oyage daduwam tikath iyen karala.ae wagema anna oyage sayumi souriyath balagena innawa oyata helayange wisthara kiyanna.

    Oya mahinda mahathata wagema ratatath aththatama godak adaraya karana kenek kiyala theruna eda oyage ema comment eken.balanna power oya kalin comment dapu post wala kochchara nam lassanak thiyana wada..mama ahala thiyanaya mahinda mahathath mnissunta hina yana katha kiyanna dakshayek kiyala.eka dawasak oya ara toyyange car prasnaya wesadapu hati dakala mama bada allagena hina una.oyage ema sahaja apuru hekiyawa mama nisa nathikara ganna epa power.mata samahara welawata oyage comment dakkama ara bandula wejeweera mahatha mathak wenawa.mokada ohuth samahara welawata kiyana attha dawal unath mata penne wihilu vidihata.eka nisa mama kiyanne oya oyage oya gal hitha nathi karagena ayeth me site ekata ennama oni.onna oya awe nathi unoth oyata godak karada widinna wei ayeth apu dawasata.ewagema math ekka thawath kenthiyen innawa nam ae kenthiya nathi kara ganna.makada ehema nathi unoth oyage age le tika pichchila oya ikmanatama wayasata yai.

    Power oya mage me commet eka diha balagena innawa nam mata banala hari kamak na oya adama comment ekak danna kiyala oyage comment walata godak gamathi kenek hetiyala ha me mahinda infomation site ekata godak kemathi kenek hetiyata adarayen oyagen illanawa.

    Thanks.

    ReplyDelete
  16. මොංගල් සමරේOctober 24, 2015 at 8:57 AM

    ලයට ලය පා සද දුන් අප ආදින උරුමේ
    පෙරට නොබියව යන්ට හැකිවෙන අභීත ජවයේ
    ඉස්තුතියි ඉස්තුති ශ්‍රී ලංකා

    මහින්ද.ඉන්ෆෝ එකේ සහෝ කෙනෙක්ට පුලුවන්ද රටට පනදෙමු අලුතෙන්ම පටන්ගමු 2015 මහා මැතිවරණ තෙම ගීතය හොයල දෙන්න මන් එකේ පද සංකල්පනාවල කැමතියි වගේම මත හිතෙන්නේ ඒ theam එක ගැලපෙන්නේ අදට කියලයි

    ReplyDelete
  17. මොංගල් සමරේOctober 24, 2015 at 9:02 AM

    බෙල්ල නම් කැපුනත් අවුලක් නැ එයාගේ මොලේ තියෙන්නේ වෙන තැනකනේ

    ReplyDelete
  18. මොංගල් සමරේOctober 24, 2015 at 9:45 AM

    edotor තුමා මොකද අලුත් පොස්ට් දන්නේ නැත්තේ ඔබතුමා කාර්යබහුලද නැත්නම් වෙබ් site එක බ්ලොක් කරනවද මහසෝනත් උන්නු ගමන් missing අනේ මන්ද ඉස්සරන දවසට පොස්ට් 2 3 දානවා වගේන විනාඩි 23 යද්දී reply මොකෝ එන්ජිම breakdown ද service පාරක් දාලා තෙල්දාළ ගන්නජය වේවා අමතකවුනා කෝ අර මහින්ද මහතා කෙරුවයි කියන කතාව දාන්නකෝ මේකේ ඉස්සර වගේ
    තව එකක් එක බද්ද විපක්ෂයේ රැලියේ විමල් මහතාගේ කතාවත් දාන්න



    සිටියත් දෙපසට වී දෙදෙනා අදදිනේ
    තාමත් මතකයි විප්ලවේ මතකේ සුවදයි
    කයින් දුබලයි සිතින් තරුණයි
    පරණ රතුපෙම තාම එහෙමයි

    විමල් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රකාශය
    http://www.lankacnews.com/sinhala/news/136976/

    ReplyDelete
  19. මොංගල් සමරේOctober 24, 2015 at 9:51 AM

    ඊලග එක එයාව නුල්වලින් නටවනා ඕනේ නෑ එයම වයින් කරලා නටනවා

    ReplyDelete
  20. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 24, 2015 at 10:01 AM

    ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ
    BA (Hons) ආලපාලු ආර්ථික
    MA (SP) ලිච්ජවී පරිපාලන
    PGD in Personality & Character destroyment
    PHD in county unstable & regiem change

    ReplyDelete
  21. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 24, 2015 at 10:36 AM

    උඩ comment එකේ විනාඩි 23 විනාඩි 2 3 යනුවෙන්ද
    ගන්ජනය යන්න ගන්න ජය වේවා ලෙසද
    එක බද්ද යන්න ඒකාබද්ධ ලෙසද
    ඉස්සරන යන්න ඉස්සරනම් ලෙසද
    වගේන යන්න වගේ ලෙස
    නිවැරදි විය යුතුබව සලකන්න කියවීමේදී වන අපහසුතා වලට සමාවන්න

    ReplyDelete
  22. අපේ සමරේට තියෙන සුදුසුකම් අනුව ලඟදීම ජහපාලන රජයේ ජනාධිපති උපදේශක කමක් ලැබෙනවා ෂුවර් !
    හිතවත් දිනූ, සමහර වෙලාවල ඔබ ඇතුලු හිතවතුන් හා පැවසීමට යම් වැදගත් කරුණු තිබුණත්, කමෙන්ටුවකින් එය කිරීම එතරම් සුදුසු නැති නිසා නොකියමි. එඩිටර් තුමා සිටියා නම් අපට යම් විදිහක් සකසා ගන්න තිබුනා.

    ReplyDelete
  23. අපූරු යෝජනා දෙකක් වයඹ සභාවට…
    October 24, 2015 at 6:48 pm | lanka C news

    මීලග වයඹ පළාත් සභා සැසිවාරයේදී විවාදයට ගැනීමට න්‍යාය පත‍්‍රයේ අතුලත් කර ඇති යෝජනා දහයක අපූරු යෝජනා දෙකක්ද වෙයි.
    ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරටෙන් ඉවත් කල හිටපු අගවිනිසුරුවරයි නැවත සේවයෙහි පිහිටුවා විශ‍්‍රාම ගැනිවීමත් එවකට ධුරයේ සිටි අග‍්‍රවිනිශ්චයකාර මෝහාන් පීරිස් මහතා ඉන් නෙරපා කේ.ශ්‍රීපවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අගවිනිසුරු ධූරයට පත්කිරීමත් මගින් අගවිනිසුරු ධුරය හෑල්ලූ කිරීමට ගත් රජයේ නීතිවිරෝධි ක‍්‍රියාකලාපයට වයඹ පළාත් සභාවේ අප‍්‍රසාදය හා පිළිකුල ප‍්‍රකාශ කළයුතු බව එම පලමු යෝජනවයි.
    මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කරන ලද මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු වූ කෝටි 4500කට අධික පාඩුව නිසා ඊට වගකිවයුතු අගමැති මුදල් ඇමති හා මහබැංකු අධිපති එම තනතුරුවලින් පහකර ඔවුනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළයුතු බව දෙවන යෝජනාවයි.
    ---------------------------------------------------------------
    'අපි මේ යෝජනාව එකහෙලාම ස්ථිර කරමු' !

    (ඇත්තටම පවර් නැත්තේ ඇයි?)

    ReplyDelete
  24. විමල් වෙනුවන් ශරීරයෙන් අප වෙන්නට සිය ගණනක් උසාවියේ… නාඳුනන මිනිසෙක් මහ බිලක් ගෙවා ගිහින්…
    October 24, 2015 | lanka C news

    විදේශ ගමන් බලපත‍්‍රයේ තිබූ දෝෂයක් නිසා ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්න ලද ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ පස්වරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීම සඳහා පුද්ගලයින් සිය ගණනක් ඉදිරිපත් විය.
    කෙසේ වෙතත් වීරවංශ මහතාගේ නීතීඥයින් විසින් පෙර සූදානම් කර තිබූ ලියවිලිවල සඳහන් පුද්ගලයින් විසින් ශරීර ඇප තබනු ලැබීය.
    මේ අතර වීරවංශ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ යයි දැනගත් සැණින් කොළඹ සිට ගිය එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු විශාල පිරිසක් ආපසු පැමිණෙන්නට සූදානම් වී හෝටලයකින් තේ පානය කල බිල්පතද නන්නාඳුනන පුද්ගලයෙකු විසින් ගෙවා දමා තිබිනි.එහි මුදල් අයකැමිවරයා වෙත එකී නාඳුනන පුද්ගලයා වෙත පවසා තිබුනේ වීරවංශ මහතා වෙනුවෙන් පැමිණි සියල්ලන්ගේම බිල්පත තමන් ගෙවා දමන බවයි.

    ReplyDelete
  25. එක එක සෙල්ලම් අටවන "පඹයා"
    නිලයගේ උගුලේ පැටලුනු නරියා,
    අබ ඇට තරමට මොල නැති ගෙරියා,
    ජාතිය නැසුමට උරදෙයි ජඩයා.

    නව ඇමතියෙක් පත් කරගති මේ මිනිහා,
    තේරුම වෙන දෙයකි "කඩුවත් " බැරි මිනිහා,
    විදෙශ් සමුලු කථනය බැරි ගොලු මිනිහා,
    බොරුවෙන් ජයට රවටනවා පොදු මිනිහා.

    "පවර්"තුමා ඔබ නැත්තේ මොකද කියා,
    කුතුහලයකි, කාටත් හිත දැනෙන නියා,
    කලකට පෙරදි මෙහි නොලියා මමත් ගියා,
    'සහෝ'! නැවත මා පැමිනියා ලියමි කියා.

    ReplyDelete
  26. Faith in humanity restored.
    And thank you Wimal for all what you are doing for the country since 1990.

    ReplyDelete
  27. අන්න අපේ ජාතිය නැති බන්ග කරන්න ආ කොටි දෙන තමලිනි ලොව හැර ගියා,අපාගස්ත විය.
    දුකයි , එත් ස්වභාව දර්මයා නිසි අයුරු ප්‍රතිපල ලබාදී ඇත.,දැන් අපේ ජාතිය වනසන්න උගුල් අටවන , කටු සූප්පු කරන ඇයන්ට කියන්න තියෙන්නෙ තොපිටත් යතාකාලයේදී ස්වාවදර්මයා විසින් ඒ උත්තරයම ලබා දෙන බවයි, බලාගෙන ඉදිපියව්!. පාවට්ටක පුල්ල වෙට්ටුම් පරිවාරම් එන්න සෙයියරදු. අපට කියන්න සිදුවන්නේ ' අනිච්චාවත සන්කාරා කියලයි'

    ReplyDelete
  28. සයුමි, නිහඬව පසුබිමින් මේ පින්බිමේ බහුතරයක් සැබෑ දේශප්‍රේමීන් තවමත් හුස්ම ගනිමින් ඉන්න බවට මෙවැනි නිදසුන් සාක්කි දරයි!

    ReplyDelete
  29. හිතාදර සයුමි, මටත් ඔබ හිතන විදියටම හිතවතුන් හා බෙදාගන්න සිතුවිලි හිතට එනවා. මේ එඩිටර් තුමාගේ විසදෙන්න කල් යන ප්‍රශ්නයත් දැන් හිතට බරක්! මේ වෙබ් අඩවියෙන් වන මානුශික මෙහෙයුමත් ජිනීවා උගුල වගේ උගුලකට සිරවුන බවක් මට දැනෙනව!

    අපේ සමරෙට ශුවර් එකටම කාර්ය නියමයක් නැති පිටරට සවාරි පමණක් බහුලව ඇති ඇමති කට්ටක් ලැබෙනවා මේ සුදුසුකම් වලට!

    පවර් මෙවර නම් ඇත්තටම එඩිටර් තුමාට මෙන් මෙහි පිවිසීමේ දැඩි අපහසුතාවයකට පත්වී ඇති හැඩයි. කමෙන්ට් නොදැම්මත් මහසෝන් මෙන් ඉදහිට හෝ මේවා දකිනව නම් තුන්දෙනාටම සුබපැතුම් එක්කරමි!



    අපේ සදාදරණීය "අප්පච්චී" තෙරුවන් ගුන බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් දේවතා ආරක්ශාවෙන් පිහිටින් මේ පින්බර ලක් දෙරණෙහි ඔබතුමාගේ දයාබර දරු පව්ලත් දැයේ දරුවනුත් සමඟ සුවෙන් සතුටින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!


    අපේ සදාදරණීය "අප්පච්චී" තෙරුවන් ගුන බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් දේවතා ආරක්ශාවෙන් පිහිටින් මේ පින්බර ලක් දෙරණෙහි ඔබතුමාගේ දයාබර දරු පව්ලත් දැයේ දරුවනුත් සමඟ සුවෙන් සතුටින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

    ReplyDelete
  30. samare, අපේ එඩිටර් තුමාගේ 'click to edit" පාවිච්චි කරලා නිවැරදි කරගන්න නියමිත කාලයට පෙර.

    ReplyDelete
  31. රතු අලි පැටියගේ 'පරණ රතු පෙම' ට මොකද වුනේ සමරේ?

    ReplyDelete
  32. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 25, 2015 at 7:14 AM

    ඒක රනිල්ට සින්නක්කර උකස් කරලා

    ReplyDelete
  33. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 25, 2015 at 8:36 AM

    සටකපට සිනා ලොබුකටපාලා
    එක්වී රවටාගෙන ඇස්බැන්දුම් පෑවා

    කාලය ගෙවිලා ආප්පේ විසවී
    මේ කොහි යනවද බොරුපාල
    පොරොන්දු දීලා ගොනාට ඇදලා
    යපාලනයේ හොරපාල

    අනුවාදය රන් ටිකිරි සිනා

    ReplyDelete
  34. සුද්දන් කියන දේ කරන්න ආණ්ඩු මොකටද.. ජිනීවා යෝජනාවට අත නොඋස්සනු.. ජාතිය අධි අවදානම් මොහොතකයි.. – මහින්දගෙන් අභීත ප‍්‍රකාශයක්
    October 26, 2015 at 12:01 am | lanka C news

    ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර

    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25 ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත.)
    - See more at: http://lankacnews.com/sinhala/main-news/137010/#sthash.yzBdmu7W.dpuf

    ReplyDelete
  35. දැයේ අප්පච්චී ට - තුති මල් මිටක්!

    ජාතියම සුවඳ කල-ඒ මහා සඳුන් රුක-ජාතියම අවදි කල-අප්පච්චි ඔබම විය...
    කෙළෙහි ගුණ දත් සැවොම-තුති පුදයි අද හෙටත්-අත නොහැර ලඟම හිඳ-අප්පච්චි ඔබට මය...
    රටට අනවින දෙමින්-ඔබට මඩ ගසන අය-වෙත පවා කුළුණු මෙත්-අප්පච්චි ඔබ ලඟය...
    සෙත් පතමි සැම දිනම-ලැබේවා සුව සතුට-පොදු ජනගෙ හද කිරුළ- අප්පච්චි ටම හිමිය...!

    ReplyDelete
  36. යමපාලනය බලයට පැමින මාස 11 ක් වෙන්නත් ලඟයි. තවමත් සුබවාදී කිසිම නව වැඩ පිලිවෙලක් රටට අරඹා නැත. දිනපතාම මහින්ද මැතිඳුන් සහ එතුමාට හිත ඇති අයගෙන් කරන පලිගැනීම් සහ පලිගැනීම් පමනක්මයි දකින්නේ ඇහෙන්නේ. මට නම් මේ යමපාලනය දැන් තිත්තම තිත්තයි! අපොයි මගෙ මව්බිමට දුර දිග නොසිතූ නොබැලූ මිනිසුන් අත් කර දුන් ඉරණම!

    අපේ Mahinda.Info වෙබ් අඩවිය ගලවා ගන්න පුලුවන් ජගතෙක් තවම ඉදිරිපත් නොවුනේ ඇයි? මොකද අපේ යාලුවනේ මේ ගැන හිතන්නේ?

    ReplyDelete
  37. http://lankacnews.com/sinhala/news/137013/

    http://lankacnews.com/sinhala/main-news/137010/

    මේ දැන් අපේ මහින්ද මැතිඳුන්ගේ මේ අභීත ප්‍රකාශ හමුවුනේ. අපේ වෙබ් අඩවියෙන් දෙයි මම හිතන්නෙ.

    ReplyDelete
  38. බන්කර් හදන්නෙ යුද්දෙදි වැඩ ගන්නයි,
    ප්‍රභාකරන් එය හැදුවෙත් යුද්දෙයටයි,
    පඹ ඌරගේ මොලය තවමත් අවුල් වගෙයි,
    නාගෙන අසුචිය ඔහු දැන් හරිම ගදයි.

    පාලතුමා පොලොන්නරුවේ හදන රජ මාලිගාව ගැන විස්තරයක් රටේ ජනතාවට කියන්නේ නැත්තේ ඇයි, කොලම්ඹ 7 තිබෙන මන්දිරයට ප්‍රතිසන්ස්කරන කටයුතුවල වියදම මිලියන 12.5ක්, ඉතින් එවා ගෙන ජනතාවගෙ අවදානය යොමු නොකරන්න, ඌරා වගෙ අසුචි වලවල් හොම්බ ඇන ගෙන දැන් දගලන බවක් පේනවා.හැම රාජකාරියක්ම කොලේ වහලා ගහන තොපිට හෙන 7ක්ම පහත්වෙයව්!

    ReplyDelete
  39. දේශමාමකOctober 26, 2015 at 6:03 AM

    Watch Mahinda speaks about the underground bunker at the President’s House.
    https://youtu.be/h6i2vGCGivQ

    ReplyDelete
  40. මහින්ද මැතිඳුන් හා සම්බන්ධ වෙබ් අඩවි අතරින් නිසියාකාරව අප් ඩේට් වෙමින් ඉතා හොඳින් පවත්වාගෙන ගිය එකම වෙබ් අඩවිය මෙපමණයි.ඒකත් දැන් අතරමග නවත්තන්නද යන්නේ? කරුණාකර අප එවන කමෙන්ට්ස්වත් ඉක්මණින් අනුමත කරනවා නම් එයත් ලොකු යහපතක්, එඩිටර් තුමා යලි එනකන්.
    ස්තූතියි.

    ReplyDelete
  41. මාස11කටත් ලන්වුනා, අච්චාරු ආන්ඩුවේ අවිචාර සමයන් ප්‍රගතිය ඇත්තේ අසුචි වල වල් වල ඔලුව ඇණගැනීම පමණී. කුහකත්වයේ, වයිරයේ ගිලි ගිලී ඒවාගේ කටයුතු කරනවා මිස, රටට වෙන සෙතක් ගැන වැඩපිලිවෙලක් පෙනෙන තෙක් මානයකින් වත් නැත. දැන් එහෙන් මෙහෙන් අච්චාරු ආන්ඩුවේ හැල හැප්පිලි සිදුවෙන බවට කතන්දර එලියට පැමිණ ඇත.. පඹයාගෙ රගපෑම් තොත්ත බබෙකු මෙන්.
    "අනේ මම මොකුත් දන්නේ නැහැ," කියන්න තරම් මොඩ සිපයියෙක්. කොහොමද පඹයාගෙ කක්ක මොලේ,අප්පච්චියේ කියලා වැඩැක් නැහැ.
    නිලයා ඌව නටවනවා, සජිතයා විරුව පට්ටම් ගහලා, මන්දබුද්දිකයා පිස්සු දොඩවනව, එකා දන්නේ නැහැ ඉතිහාසය,හුජ්ජ කොල්ලා,නිමලයාට හැරිසා කුනුහරුපයෙන් බැන වදිනවා, ආලපාලුවයි අතන මෙතන රතනයි ඉක්මනට නිවන් දකින්න එහෙන් මෙහෙන් හැලහැප්පිලිලු. ටෙලිඩ්‍රාමා එකකට හොදම කතා බීජය.මේවා තමයි "සමාජ සමයන්" ; අලුත්ම ටෙලි නාට්ටිය, අදියක්ශනය:- ආලපාලුවා ගරු රගපෑම් කම්-කරුවා.
    සීමිත දින ගනනක් පමනී, ඊලගට සම්මුතිවාද අච්චාරුව සෙත්ත පොච්චියි, මෙන්න කැට.

    ---- වැඩ බලන එඩිටර් මහත්තයො, මේ පිටුව හැලෙන්න ඉඩ තියන්න එපෝ,ප්‍රතිචාර එවන සෑම අයෙක්ම අවන්කව මහින්ද මහතා වෙනුවෙන් අදහස් උදහස් ලියා එවන්නෙ හරීම ලෙන්ගතු කමකින්, ඒනිසා එඩිටර් මහත්තයො අපගෙ - -සැර නැති සිනහා සුලු - ප්‍රතිචාර ඉක්මනට අනුමැතිය ලබාදී පලකරන මෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  42. මහාචාර්ය නලින් ද සිල්වා 26 10 2015 ලියූ ලිපිය

    http://www1.kalaya.org/2015/10/blog-post_26.html#more

    ReplyDelete
  43. ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේOctober 27, 2015 at 6:09 AM

    ජනවාරි 8 ඉදලා ගවපාලන දින 100 ඉවරවෙන කනුත් අගෝස්තු 18 ටෙන් පසු හොර පාලනයෙනුත් බොරුව සහ චෝදනා පමණක් කරලා මහින්ද මහතාගේ චරිතයට හානි කරන්න හදනකොට මහින්ද මහතාට බොරු වපුරනකොට ඒවාට පිළිතුරු හොයාගෙන යනකොට තමයි අහම්බයෙන් වගේ මහින්ද.ඉන්ෆෝ වෙබ් අඩවිය හම්බුනේ ඒ තමයි මහින්ද.ඉන්ෆෝ එකට මගේ පළමු පැමිණීම 2014 නොවෙම්බෙර් විතර වගේ ඒ කාලේ තමයි මහසෝන් පිල්ලිය රට වෙනුවෙන්සහ power ගින්දරවගේ comment වලින් වෙබ් site එක පිරෙව්වේ වගේම දිනුගේ සහ සයුමිගේ කවි වලින් සිතේ එක ලස්සන කරා ඒ හැමෝටම ගොඩක් ඉස්තුතියි ඒ වගේම පින්ක් panther හොද ළමයා ssk ඇතුළු මෙතෙක් එක්වී සිටි සැමටම ඉදිරියටත් හැකිනම් එක විසිටින්නයි ඉල්ලමි ඒ වගේම අපේ editor තුමා කෝ එතුමා වෙබ් අඩවිය update වෙන එක අතහැරල වත්ද පුලුවන්නම් මේක තව ටිකකාලයක් කරන් යන්න මේ site එක මම දාල යන්නෙත් නැ ඔයාල දාල යන්නත් එපා

    ReplyDelete
  44. මොනවද කලේ මේ බූතයෝ දස මසට,
    නඩු හබ මිසක් නැත කිසිවක් පෙනෙන්නට.
    එයින් එකක්වත් බැරිවිය දිනන්නට,
    කයිය තිබේ වෙන මොකවත් නැතුවාට.

    ---------
    ආලපාලුවා කොලඹට තනිකරලා,
    නිලයා හිනහෙන්නේ රහසින් කොක් නගලා,
    අතන මෙතන රතනයටත් තරු පෙනිලා,
    ආරන්චියි හෙල උරුමේ මල පැනලා.

    ReplyDelete
  45. මේ සම්බන්ධයෙන් කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

    ජාතික ආරක්‍ෂාව සම්බන්ධ අතිශය සංවේදී තොරතුරු මහජන අවකාශයන් වෙත මුදා හැරීම මගින් වත්මන් ආණ්ඩුව අපේක්‍ෂා කරන්නේ ප්‍රචාරය නම් අප ඔවුන්ගේ තකතීරුකම් ගැන අනුකම්පා කළ යුතු ය.

    පසුගිය දා කොටුව ජනාධිපති මන්දිරයේ ඇතැයි කියන භූගත ආරක්‍ෂක කුටිය පිළිබඳ ඡායාරූප මාධ්‍යයට හෙළිදරව් කිරීම කිසිදු අයුරකින් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කළ කටයුත්තක් නොවේ. එවැනි දෙය ජනතාවට අවශ්‍ය තොරතුරු නොවේ. ඉන් සැනසීමට පත් වන්නේ නම් ඒ මේ රටට වෛර කරන ඉතා සුළු පිරිසක් පමණි. අප පසුගිය දා ලියන ලද “එජාප පාක්‍ෂිකයින්ට පණිවුඩයක්” යන පෝස්ටුව ලීවේ මොවුන් ගැන ය. එහෙත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ද මෙවන් අපතයින්ගේ තත්වයට ඌනනය වීම අප සැමගේ අවාසනාවකි.

    රටක ජනාධිපතිවරයා යනු හුදු පුද්ගලයෙක් නොවේ. එය ආයතනයකි. ආයතනයක් ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නීති රීති පද්ධතියකට යටත් ව ය. වසරකට රුපියල් කෝටී ගණන් ජනතා මුදල් වැය කරන්නේ මේ නිසා ය.ඒ අනුව මහජන සුභ සිද්ධිය තකා මිස ජනපතිවරයාට වුව ජනාධිපති නැමැති ආයතනය සම්බන්ධ තීරණ ගත නොහැකි ය. මන්ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව යනු රටේ ආරක්‍ෂාව ය. සිරිසේන මහතාට වුව එය හිතුමතේ අනතුරට හෙළිය නොහැකි ය. එසේ නම් ඕනෑම ජනාධිපතිවරයෙකුගේ ආරක්‍ෂාවට ඉදිකළ අදාළ භූගත කුටිය හෙළි කිරීම හරහා කර ඇත්තේ එය ඉදිකළ ආරක්‍ෂක අරමුණු සපුරා අවලංගු කිරීමකි. මේ අනුව, මෙම ක්‍රියාව ජාතික ආරක්‍ෂාව මතු නොව ඊට වැය කළ මුදල ද සපුරා අපතේ යැවීමකි.

    අපි අවධාරණය කරමු. සිරිසේන ජනාධිපතිවරයාට හා මේ ආණ්ඩුවට මහින්දට පහර නොදී තම පැවැත්ම සාදාගත නොහැකි නම් කළ යුත්තේ මෙවැනි දෙකයි පනහේ ප්‍රචාරක උපක්‍රමවල සරණ පැතීම නොව, තමන් වේදිකාවල බෙරිහන් දුන් යහපාලනය ක්‍රියාවට නැංවීම ය.

    – මහින්ද පතිරණ

    හිතාදර සයුමි, ඔබට ගොඩාක් ස්තුතියි මේ ඉදිරිපත් කල කරුණු වලට. සිරිසේන ජනපති රජ පුටුව අල්ලා ගත්තෙත් ලන්කා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු රාජද්‍රෝහී මිත්‍රද්‍රෝහී දේශද්‍රෝහියා හැටියට නේ.

    ඉතින් මේ බන්කරය ගැන ඉතා රහසිගත විය යුතු කරුණු සියල්ල හෙලිදරව් කිරීමෙන් අනාගත හෙළ බිමේ සියලු රාජ්‍ය නායකයින් ගේ ආරක්ශාවද පාවා දී ඇති හැටි මේ රටේ යම් තරමක හෝ බුද්ධියක් ඇති පොඩි දරුවකුට වුවත් පැහැදිලි වනු ඇත. තව ඉදිරියටත් රටට ඉතා හානිකර භයානක පාවාදීම් පමනක් සිරිසේන ජනපති ජීවත්ව ඉන්න තුරු කරන බව සක් සුදක් සේ පැහැදිලිය.

    යමපාලන රජය මාස 11 කටම අද දක්වාම මෙවැනි නින්දිත පහත් පාවාදීම් සහ 'පලිගනීම්' පමනයි දිනපතාම කරන්නේ. රටේ සුබ සිද්ධියට කිසිම නව පියවරක් ගැනීමට යමපාලකයින්ට කොයින්ද වෙලාවක්? අප්පොච්චියෝ රටකට වෙච්ච නස්පැත්තියක්!

    ReplyDelete
  46. ඒ විතරක් නෙවෙයි සයුමි, මේ මහා දරුණු නින්දිත පාවාදීම් කරලා ඒවා "මහා හපන්කම්" හැටියට මාධ්‍යය හරහා ජනතාවට ඒත්තු ගන්නන්නත් My3 පුලුවන් උත්සාහ දරනවා.

    ඇමෙරිකාවට ගිහින් අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ දණින් වැටී... අපේ මාතෲ භූමියේ 1948 ලැබූ නිදහස පාවාදී... නැවත යටත් විජිතයක් බවට පත් කරලා ආපහු මව් රටට ඇවිත් ජනතාවට කියා බලෙන් උපහාරත් ලබාගන්නවා "මහා හපන්කමක්" කරලා ආවා කියලා.

    අපේ මෝඩ සිංහලයින්ට ඇස් ඇරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. ආයිත් ආපහු හරවන්න බැරි මහා විපතකට.... මහා භයානක අනතුරකට මව්බිම පත් කරලා ඉවරයි!

    ReplyDelete
  47. සමරේ, මාත් එකඟයි. අපේ Mahinda.Info වෙබ් අඩවිය මිල කල නොහැකි සේවයක් කලා අපේ මහින්ද මැතිඳුන් සහ අපේ මව්බිම වෙනුවෙන්. දැන් මේ මොකද වෙන්නේ කියලා මාත් ටිකක් මවිතයට පත් වෙමින් ඉන්නේ.

    පවර් නිහඬව හිටි කාලයත් ටිකක් දිග වැඩියි. මට වෙලාවකට හිතෙනව ආයිත් නො ඒවිදෝ කියලත්. එඩිටර් තුමා මයි අපිට කිව්වේ අගෝ 17 ට පසුත් මෙය දිගටම කරගන යන බව. එය ඉතාම අවශ්‍ය බවත් අපිටත් පසුව තමා අවබෝධ වුනේ. ඇයි මේ "මඩ ගැසීම්" සහ "පලිගැනීම්" වලට කෙලවරක් නැහැනේ. යමපාලනය ඒ දෙක විතරයි "ප්‍රගුණ" කරලා තියෙන්නේ. රටක් ගෙනියන්න දන්නෙම නැහැ.

    ReplyDelete
  48. දේශමාමක, ඔබ අපේ මහින්ද මැතිඳුන් ගේ මේ අභීත ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන හුගක් ස්තූතියි. මම හිතුවා අපේ Mahinda.Info වෙබ් අඩවියෙන් ඒ කතාවල් වත් අප්ඩේට් වෙයි කියලා. කෝ නැහැනේ. මොකද ඇත්තටම අපේ එඩිටර් තුමාට වුනේ? පලිගැනීම් අතවරයකට වත් ගොදුරු වුනාවත්ද? අපේ මහින්ද මැතිඳුන්ට වත් මේ වෙනුවෙන් යමක් කල නොහැකිද?

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.