Mahinda Rajapaksa: වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

Wednesday, October 7, 2015

වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

[1]. "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීම ඔබට මතක ඇති.



එම දැන්වීම් බලාපු අපගේ එජාප ෆේස්බුක් හිතමිතුරන් චෝදනා කළේ , මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ වාහනයක් අඩුවට ගන්න අවස්ථාවක් නැති බවත්, එනිසා එජාපය බලයට ගෙන ආ යුතු බවයි.

 

[2]. එලෙස බලයට ආ ආණ්ඩුවෙන් මෙන්න නැවතත් වාහන සිහිනයට අපමණ අගයක් ලබා දී තිබෙනවා.
Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

පහත වගුවේ අවසාන තීරුවේ දැක්වෙන්නේ අදාල වාහන වල බදු අගය වැඩි වුණ ආකාරයයි.

මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇත.

එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇත.

(source: 2015/10/07 biz.adaderana.lk)



 

[3]. ජපානයේ නිෂ්පාදිත වාහන ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජපාන නිල සංචාරය අතරතුරදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මූලාශ්‍රය: (2015/10/06 රිවිර පුවත්පත)

එම තීරණය ගැනීමට ඇත්ත හේතුව දැන් ඔබට පැහැදිළියි නේද? ඉදිරි අයවැයෙන් වාහන සිහිනයට තවත් අපමණ අගයක් ලැබීමට නියමිතයි.



 

[4] වාහන ආනයනය සඳහා ණයවර ලිපි වෙනුවෙන් ආවරණ තැන්පතුව සියයට සියයක් ලෙස  ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පසුගිය සිකුරාදා (2) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. මූලාශ්‍රය: (2015-10-05 NethFM)

 

එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දාපු දැන්වීම් වල යතාර්ථය එලෙසයි.

ඔය විතරක් නෙමෙයි, මීට කළිනුත් තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ මදිවට ෆුල් ලීසින් තහනම් කරලා. ඒ ගැන විස්තර.