[2]. ඊට හේතු ලෙස "ප්‍රබල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් අපේ රටට ආපු විට මේ රටේ ප්‍රධානීන් කොළඹින් පිට ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙන්වා මඤ්ඤොක්කා කැවීම" ආදී කරුණු ගණනාවක් දක්වයි.

[3]. එම චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු දී තිබෙනවා.
[4]. එසේම අද මෙලෙස චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල මහතාට, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබෙනවා. පහත වීඩියෝ පටය සාවධානව අසා බලන්න.
එදා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන දේවල් කිහිපයක් මෙලෙසයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කරපු බලපෑම් වලට ඔබතුමා මුහුණ දීල තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුළ. ඒ නිසා තමයි අද ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදින් ඔරවන්නේ ගරහන්නේ නොයෙකුත් දේවල් කියන්නේ."
[5]. එදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අධිරාජ්‍යවාදීන් කවුදැයි ජනතාවට සිතා බලන්නට සිදුවෙයි.
පුද්ගලයන් ගැන ආකල්පය කාලයත් සමග වෙනස් වීමට හැකියි. නමුත් අතීතයේදී වර්ණනා කළ එකම නිශ්චිත කරුණකට කාලයකට පසුව ගර්හා කරයිනම් එය හෘද සාක්ෂියේ ගැටළුවකි.