වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

[1]. “පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීම ඔබට මතක ඇති.

එම දැන්වීම් බලාපු අපගේ එජාප ෆේස්බුක් හිතමිතුරන් චෝදනා කළේ , මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ වාහනයක් අඩුවට ගන්න අවස්ථාවක් නැති බවත්, එනිසා එජාපය බලයට ගෙන ආ යුතු බවයි.

 

[2]. එලෙස බලයට ආ ආණ්ඩුවෙන් මෙන්න නැවතත් වාහන සිහිනයට අපමණ අගයක් ලබා දී තිබෙනවා.

Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

පහත වගුවේ අවසාන තීරුවේ දැක්වෙන්නේ අදාල වාහන වල බදු අගය වැඩි වුණ ආකාරයයි.

මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇත.

එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇත.

(source: 2015/10/07 biz.adaderana.lk)

 

[3]. ජපානයේ නිෂ්පාදිත වාහන ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජපාන නිල සංචාරය අතරතුරදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මූලාශ්‍රය: (2015/10/06 රිවිර පුවත්පත)

එම තීරණය ගැනීමට ඇත්ත හේතුව දැන් ඔබට පැහැදිළියි නේද? ඉදිරි අයවැයෙන් වාහන සිහිනයට තවත් අපමණ අගයක් ලැබීමට නියමිතයි.

 

[4] වාහන ආනයනය සඳහා ණයවර ලිපි වෙනුවෙන් ආවරණ තැන්පතුව සියයට සියයක් ලෙස  ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පසුගිය සිකුරාදා (2) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. මූලාශ්‍රය: (2015-10-05 NethFM)

 

එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දාපු දැන්වීම් වල යතාර්ථය එලෙසයි.

ඔය විතරක් නෙමෙයි, මීට කළිනුත් තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ මදිවට ෆුල් ලීසින් තහනම් කරලා. ඒ ගැන විස්තර.

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

62 comments to වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

  • Dinuu

    යහපාලනයට තමන් රැවටුනු බව හොඳහැටි තේරුම් ගන්න රටට තව වැඩි දුරක් යන්න වෙන එකක් නැහැ. දැනටම මුලු රටම භයානක අනතුරක වැටිලා ඉවරයි. යහපාලන සාපය ට මුලු රටම ගොදුරු වෙලා ඉවරයි!

  • Power

    එළකිරි…

    “ඔය කාර් තිබ්බා කියලා කන්ඩයැ නේද බං..ආතල් එකේ බස් එකේ යන එක හොඳා බං ඔය කෙහෙම්මල් කාර් වල යනවට වැඩිය.ඕවා තිබ්බත් මහ කරදරයක් විතරයි..ඉක්මනට සවුත්තු වෙලත් යනවා මචං..ලෙඩ ගොඩවල්..ගැරිජ් ගානේ කට්ට කන්ඩ ගියාම එපා වෙන්නෙ..දවසම ඉවරයිනේ ඉතින්..අනෙක බැරිවෙලා යන්තං කොහෙ හරි යන්තං ගෑවුනත් ඇති.පපඩම වගේ කුඩු පට්ටම් වෙලා යන්නෙ..ඔය කෙහෙම්මල් මළ මඟුල් ගණන් ගිහින් නැති ම වෙලා යන එකමයි හොඳ” කියලා. වර්තමානයේ යහපාලන ආණ්ඩුව හරහා “අපිටත් කාර් එකක්” කියා කාර් එකක් ගැනීමට සිතුවත් එහෙත් දැන් ඒ ආකාරයෙන් කාර් එකක් ගැනීමට නොහැකි වීම නිසා පුද්ගලික ව කාර් ගැන දැඩි කේන්තියකින් පසුවෙන ටොයියො මේ පහත වීඩියෝ එක නරඹන්න..

    https://www.youtube.com/watch?v=DiG1FqxRJD4

    හඬන තරම් කාර් හින්දා
    කවුරුවත් දන්නෙ නෑ….
    යන්න ගියත් මා රිදවා
    කිසිදා තරහක් නෑ….
    නොලැබෙනවා සිත කීවත්
    ආදරේ…අඩුවක් නෑ…
    හීනෙන්වත් ලඟට එන්න
    මට අවසර නෑ..
    මට අවසර නෑ….

    අන්න එහෙම කාර් වලට ආත්මීය වශයෙන් ආදරය කරමින්,කාර් එකක් මත්තෙම නැහෙමින් කාර් මගේ පණ.. මම කොහොම හරි කාර් එකක් අපේ මේ යහපාලන ආණ්ඩුව හරහා ගන්නවාමයි කියා තිර අධිඨනකින් සිටියත් “ඒත් කොහොමද අපි කාර් එකක් ගන්නෙ” කියා නැවතත් සිතේ දුකක් ඇත වී “කාර් එකක් නම් අපිට සිහිනයක් ම පමණෙක් වේවි ” කියා සිතන ටොයියෝ මේ පහත වීඩියෝ එක නරඹන්න..

    https://www.youtube.com/watch?v=aMHqgiWglDo

    ඔන්න..ටොයි දෙජාතියේම කාර් ප්‍රශ්නය විසඳුවා.. 🙂

  • Dinuu

    වාහන සිහිනය විතරක් නෙවෙයි. මේ රටේ සුබ සිහින සේරම බොඳවෙලා ඉරිතලලා විනාස වෙන්නයි යන්නේ. රටට ආදරේ අය නිදා සිටියා ඇති!

    අසරණ වෙල අහො පෙම්බර ලක් මෑණී…
    හිනැහෙන දිනක් ලඟ පාතකවත් නොපෙනී…
    රණවිරු සෙන්පතින් රජු බිල්ලට දෙමිනී…
    මහ සාපයක් රටටම සිදුවූ ලෙසිනී…!

    යමපල්ලන් බලයට කෑදර බැවීනී…
    බටහිර අධිකරණ මෙහි සැදූ හෙයිනී…
    අන වින සැම “රණවිරුවන්” වෙත පැමිණී…
    මහ විපතකට ඇද හැලුවේ ලක් මෑණී…!

    රටට ආදරේ සැම දෙන එකතු වෙමූ…
    පක්ශ-පාට-භේදත් අමතක කරමු…
    රට වෙනුවෙන් කල යුතු යුතුකම කරමු…
    විරුවන් රැකගන්න තුරු අපි පෙරට යමූ…!

    මේ මහ අඳුර පලවා හැර එලිය දෙමින්…
    රටටම යලිත් සුබ සෙත සම්පත ගෙනෙමින්…
    සැම දෙන එක්ව පෙරටම යමු දිරි ගනිමින්…
    හිනැහෙන දිනක් ලක්මෑණිට ලංකරමින්…!

    අදට වඩා සුබ දිනයක් හෙට දවසට ලැබදේවා…
    අදුර නසා රන්වන් හිරු මව්බිම වෙත ලං වේවා…
    සැම හදවත් අවදි වෙවී තම “යුතුකම” වැටහේවා…
    රටට හිතැති සැම එක්වී “රණවිරුවන්” රැකදේවා…!

    තෙරුවන් බල-සැම දෙව් බල රටටම පිහිටට ඒවා…
    රට බේරාගත් “විරුවන්” හැම කල්හිම සුරැකේවා…
    මිනිසත් බව-ගුණවත් බව-පින්බර සිත් මතු වේවා…
    වරම් ලබා-සැම දෙවියෝ-මගෙ ලක්මව රැකදේවා…!

  • SUMUDU HEWA

    නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම්!

  • Sitharan

    Heard that some conspiracy is happening by the Quisling in polonaruwa. Dear editor do you have any information about what it is?

    • Dear Mr Sitharan, UNP and its supporters / puppets are still trying to damage the image of Hon Mahinda Rajapaksa. Rather than that I still didn’t get any special information.

  • Dinuu

    ආචාර්ය දයාන් ජයතිලක 08 10 2015 ‘හයිබ්‍රිඩ් අධිකරණ’ ගැන කල සාකච්චාව.

    http://col3neg.com.au/video/92739-vantage-point-mtv-08-10-2015

  • Piyaseeli Senanayake

    Ravindran Karunanayakam is following his instructions from Modi. When the price of Japanese cars go up, automatically the foolish Sri Lankans are going to buy the Indian cars. Ravindran is batting for India.

    In the meantime, Sirisena and Ranil are buying SLFP MPs to make 150 sure votes to pass legislation in parliament to pass the new constitution and CEPA. After that Modi will hand over control of Sri Lanka to Jayalalitha.

    Don’t you feel sorry for the worlds most under-privileged Minority, the Sri Lankan Tamils. They have the Minister of Finance, Governor of the Central Bank, Chief Justice and the Leader of the Opposition. What has the 70% majority Sinhalese Buddhists have. A puppet called Sirisena.

    • Sitharan

      Piyaseeli,
      It always baffled me that so called anti corruption activists never said a word about the fradulent deals of this Ravi K. Only knew he was Catholic didn’t know he was Tamil(really?) Anyway it was such a great disillusionment for me that these so called activists never showed any reaction about the fact that the parliament was dissolved to cover up the bond scam in which Ravi K played a big role. Same guys would be up in arms had the same happened during Mr. MR’s tenure. (Without the following cover up) Chief justice was changed in illegitimate way CB governor is a fraud. If this so called yaha palana taught me a thing it’s how far some so called advocates can go to justify bastardization of democratic processes and illegitimate practice for certain affiliations. “Simple” sira making an arrangement to renew a residence with 150m and their silence is deafening. So much for ethical citizen journalism indeed! Unfortunately their precious columns would belong to an Indian once CEPA becomes there. Now they have a reason to worry even if they are too stupid to know it.

  • Pink Panther

    ” එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවාම අපිටත් කාර් එකක් ගන්න පුළුවන් ..” කියල හිතපු එවුන්ට දෙවියන්ගේම පිහිටයි..
    එක අතකින් වාහන ගන්න, බිස්නස් එකේ ලාභය වැඩි කරන්න, කෑමවලට ,පෙට්‍රල් වලට චන්දය දීපු රට ගැන හැගීමක් නැති උන්ට නම් හොඳම වැඩේ.. ඔහොම වෙලා මදි 😉

    • sayumi

      ඔව්. මුන්ට තව උනා මදි පින්ක්, ඉස්සරහට බලමු. හොඳ හොඳ දේවල් එලි වෙන ජාමෙටයි කියනවානේ.

  • Dinuu

    සීනි, තෙල් අගුණ නිසා බදු වැඩි කරන්න ඕනේ කියපු ඇමතියා ලඟදිම කියන්න බැරි නැහැ “කාර් වල බදු දැවැන්ත ලෙස ඉහල දැම්මේ කාර් වල යනවට වඩා පයින් යන එක සෞඛ්‍යයට හිතකර නිසා නිරෝගි ජනතාවක් බිහි කරන්න” කියලා.

  • ප්‍රිය හිතවතුනි, අප වෙතට සිදුවූ දැඩි අවහිරතා නිසා Mahinda.info වෙබ් අඩවියට ලිවීමට මෙම ලේඛකයාට නොහැකි වී තිබෙනවා.
    හැකියාව ලද විගස නැවතත් ඔබ හමු වෙන්නම්.
    ඔබගේ වටිනා අදහස් අප මිතුරෙක් විසින් දිගටම අනුමත කරාවි.
    – Editor

    • Dinuu

      අපේ හිතාදර එඩිටර් තුමනි, ඉතා කණගාටුවෙන් ඔබතුමා ලියූ පනිවිඩය කියෙව්වේ. අප්ඩේට් නොවන විට ඔබතුමාට ප්‍රශ්නයක් දෝයි හිතුනා. හැකි විගස නැවත මෙම වෙබ් අඩවියට ඒමට ලැබේවා යි එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා! මෙතෙක් මව්බිම හා මහින්ද මැතිදුන් වෙනුවෙන් කල කැපවීමට අනේක වාරයක් තුති පුදමි. ඔබතුමාට තෙරුවන් සරණ පතමි නිරතුරුවම!

      • Dinuu

        හිතාදර එඩිටර් තුමනි, ඔබතුමාට වූ අවහිර බාධා හිරු දුටු පිණි මෙන් භංගවේවා. නැවත එන දිනය ඉක්මන් වේවා. මට දැනෙන්නේ අම්මා තාත්තට ප්‍රශ්නයක් වුනා වගේ දුකක්. ඔබතුමා අපට පව්ලේ කෙනෙක් වගේ සමීපයි. කොයි තරම් අවහිර බාධා ආවත් රට බේරාගත් අපේ සදාදරණීය නායකයා මහින්ද මැතිදුන් අපේ හදවත් වල සදහටම ලැගුම් අරන් හමාරයි. එඩිටර් තුමා ඇතුලු සැබෑ දෙශප්‍රේමීන්ට ජය නියතයි!

  • Sitharan

    When would the update on latest events come? Meaning is actual events not some insignificant guy saying something.
    Btw normally wouldn’t say that but I suggest administration practice censorship on certain posts on social media accounts. They are about nothing but mere insults. Not only they are completely useless but distract users with unnecessary words. Thank you.

  • Power

    Mahinda. Info හි අප හිත මිතුරු ඔබතුමන් තම පුද්ගලික කාලය මහන්සිය කැප කරමින් දින,සති,මාස ගෙවී යමින් අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයා වෙනුවෙන් කරවූ අපමණ මෙහෙය මෙතෙකැයි කියා කීමට මට වචන නොඑමි.එසේ දිවා රෑ වෙහෙසෙමින් යමපාලනයේ විවිධ වූ බාධා කිරීම් මධ්‍යයේ “හෙළයේ අභිමානවත් එඩිතර වීරයාණන්” වෙනුවෙන් මේ අනර්ඝ වෙබ් අඩවිය පවත්වාගෙන ගිය ඔබතුමන්ට අද කුමක් හෝ විශාල කරදරයකට මුහුණ පාන්නට සිදුවී ඇති බව පෙනී යයි.

    එසේ ඔබතුමන් මුහුණ පාන්නට සිදු වී ඇති කරදර,බාධක ඉක්මනින් ම නිමාවට පත් වී නැවතත් නැවතත් මේ වෙබ් අඩවිය පෙර සේ ශක්තිමත් ව යාවත්කාලීන කරමින් පෙරට ම පවත්වාගෙන යාමට හැකි වේවා කියා හදවතින් ම ප්‍රාර්ථනා කරන්නෙමි..!

    ඒ වගේම Mahinda.info සංස්කාරතුමන් නැතිව අප අදහස් අනුමත කිරීම සඳහා එතුමා විසින් යොදවා ඇති එතුමාගේ මිතුරා වන ඔබතුමන් කරන සේවටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • හොඳ ලමයා

    මකක්ද අවහිරතාවය. එඩිටර් තුමා කොහෙද.

  • sayumi

    මෙතෙක් කල් අප හා එක්ව සිට මිහිඳුන්ගේ මග යමින්; කරදර බාධක හමුවේ නොසැලී, අමිල සේවයක් ඉටු කළ අපේ හිතවත් ප්‍රිය එඩිටර් තුමා වෙත;

    දුකකි මහා එඩිටර් තුමන් වෙන් වීම
    සිතෙහි තිබේ කල සේවය කැපවීම
    සහයෝගය රන් වැනි දුන් නොපමාව
    එකම පැතුම යලි විගසින් පැමිණීම !

  • Dinuu

    රටට විපත දැක දැක නිහඬව ඉන්න…
    අපට නොහැක “විරුවන්” බිල්ලට දෙන්න…
    හිතට එකඟ එඩිතර අය එක්වන්න…
    ඔබට හැකිය මේ පින්බිම රැකගන්න…!

    නිවට කුහක දුදනන් සැම පිටු දකිමූ…
    රටට කරන අනවින තේරුම් ගනිමූ…
    දැයට හිතැති සැම දැන් පෙරමුණ ගනිමූ…
    අපට පිහිට වූ “විරුවන්” රැකගනිමූ…!

    සසර බියක් නොදැනී අනවින කරන…
    කතර ගිනි තරම් දුක් රටටම දෙමින…
    කවර කලෙකවත් නොසිතූ හදි කරන…
    මිතුර එක්ව ජයගමු මේ කුරිරු අණ…!

    යහපාලන නමින් විත් බලයට පැමින…
    මහ විපතකට ලක්මව අද පත්කරන…
    දැන දැන කරන මේ අනවින ජයගන්න…
    මුලු රට එකම ධජයක් යට රැස්වන්න…!

    බටහිර අධිකරණ පිලිගෙන හිස් මුදුණින්…
    මැඬලමු කරන අනවින මේ පාලකයින්…
    එක්වී හඬක් වී සුරකිමු රණවිරුවන්…
    මව්බිම රැකගනිමු අප සැම දිවි පුදමින්…!

  • Power

    ආදරණීය Dinuu >
    ආදරණීය Sayumi >

    කණගාටුවයි තමයි. ඒත් දුක්වෙන්න එපා. අපේ සුමිතරු සංස්කාරතුමන් හැකි විඟසින් ම නැවතත් සුපුරුදු පරිදි අලුත් ලිපි මාලාවකින් හා රැයක් දවාලක් නොමැතිව දිනපතා නිතිපතා යාවත්කාලීන කරමින් අනිවාර්යයෙන් ම පැමිණෙන බව මට හෙට ඉර පායනවා වගේ විශ්වාසයි.

    දැන් පොඩ්ඩක් හිතලා බලන්ඩ එතුමාත් අප වගේම ඇස්,හිස්,මස්,ලේ නහර වලින් සැදුණු මිනිසෙක්.එම නිසා අප සැමට වගේ ම එතුමාටත් මේ ජීවන අරගලය තුළ කුමක් හෝ නොවැළැක්විය හැකි විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වන්න ඇති.ඒකයි මම හිතන්නෙ එතුමාට මේ වෙබ් අවකාශයේ කරමින් පැවති තම වැඩ කටයුතු කර ගැනීමට නොහැකි වී තිබෙන්නෙ.

    ඒත් පොඩ්ඩක් හිතා බලන්ඩ, එතුමාගේ තිබෙන මානූශිය ගුණාංගය..ඔහුට එතරම් කරදර පැමිණියත් දිනෙන් දින අලුත් පුවත් වලින් යාවත්කාලීන කිරීමට නොහැකි වුවත් පසුගිය ලිපි වලට හෝ කවුරුන් හෝ කෙනෙකු යම් අදහසක් තැබුවොත් ඔහුට හෝ ඇයට කිසිදු අසාධාරණයක් නොවීම වෙනුවෙන් මේ වෙබ් අඩවිය වසා දැමීමක් නොකර එතුමාගේ මිත්‍රයෙකු එම යොමු කරන අදහස් අනුමත කිරීමට යොදවා තිබෙන ආකාරය.

    එයින් හැඟන්නෙ කුමක්ද..? මෙහි එසේ අදහස් දක්වන අප සැම දෙනාගේ ම අදහස් වලට ගෞරවයක් වශයෙන් එතුමා මේ වෙබ් අඩවිය පාලුවට යාම වැළැක්වීම හා කිසිදු අයුරකින් අතහැර නොදැමීමට වඟ බලා ගැනීම නොවේද..?

    අප හිතමිත්‍ර ඔබතුමන්ට ඇති වී ඇති සියලු කරදර,බාධක දුරු වී හැකි විඟසින් ම Mahinda.info සමඟ අපේ හෙළයේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් තම වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකිවේවා කියා නැවතත් මිත්‍රත්වයෙන්,සහෝදරත්වයෙන් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Sitharan

    What’s happening? Could anyone inform about what’s going on? If something is amiss would like to be aware of it to do something.

    • Dinuu

      Sitharan, We are not really sure. Our Editor informed us that he would not be able to continue for a while due to some problems he is having but his friend will approve our comments until he is back on track.

  • Dinuu

    පසුගිය සතියේ එක්වූ හිතවතුන් වෙතටයි. අනිත් හිතවතුන් මීලඟට එකතු කරමින් ලියමි.
    පසුගිය සතියේ වැඩි ප්‍රතිචාර ලැබුනේ “මහින්දව විවේචනය කරපු කිරිඇල්ලට චීනයෙන් රුසියාවෙන් පිලිතුරු” ලිපියටයි.
    10,000 ක් ශෙයාර් කර ලක්ශ එක හමාරටත් වඩා කියවා තිබුනා. වැඩිම කමෙන්ට්ස් 38 ක් ‘එල්ලුම් ගහ’ ටයි හිමිවුනේ.

    එඩිටර් තුමා එනතුරු මග බලා හිඳිමින්, එතුමාගේ හිතවත් මෙහි කටයුතු පවත්වාගෙන යන මහත්මාටද සුබපැතුම් එක්කරමින් හැමදාමත් මහින්ද මැතිඳුන් සහ මව්බිම වෙනුවෙන් මෙහි රැඳී සිටින හිතවත් ඔබ සැමට මෙම පැරණි කවි පද දෙක සමඟින් අමතමි.

    “මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී…
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී”…!

    රට වෙනුවෙන්,Power,සයුමි,සමරේ,මහසෝන්,පින්ක්පැන්තර්, හොඳලමයා, පියසීලී,රංජිත්,සුමුදු හේවා, Sitharan,dils,ෂ්‍යාම්,සිංහ, බෙන්තරකොල්ලෙක්,දේශමාමක,ආර්.ඩබ්ලිව්,සමන්ත ප්‍රසාද්
    කැලුම්,හදගැස්ම,මංජුල,චතුරිකා,කසුන්,සඳරුවන්,නාලක,හේමන්ත, අමිල, සෙනෙවිරත්න,යමුනා,වසා,චානී,හිමාලී,ෆ්ලාලි,අනෝමා, ගයාන්, සයිමන්,ඉන්දු,ගුණසේකර

    පසුගිය සතියේ වෙබ් අඩවිය ට ජීවය එක්කල ඔබ සැමට හද පිරි තුති පුදන්න මට අවසර දෙන්න. ඉදිරියටත් අපේ සදාදරණීය මහින්ද මැතිදුන් සහ මව්බිම රැකගනිමින් අප සැම එක පව්ලක් මෙන් මෙම අඩවියට ජීවය දෙන්න අදිටන් කර ගනිමු!

    සැබෑ දේශප්‍රේමී හඬට සැමදා එක්වෙමු! ඔබ සැමට ජයවේවා! අපේ සදාදරණීය නායකයා මහින්ද මැතිදුන්ට ජයවේවා! අපේ සදාදරණීය මව්බිමට ජයවේවා!

  • Dinuu

    මම දුටුවා ලස්සන කමෙන්ට් එකක් සහ කවියක් එක් තරුණයකු මහින්ද මැතිඳුන් ගේ ෆේස් බුක් පිටුවෙහි ලියූ.

    Harsha Jayanpathi මම දැන් ජීවත්වෙන්නෙ අමරිකා එක්සත් ජනපදයෙ නමුත් මම උපතින් විතරක් නොවෙයි හදවතින්ම සි0හල බෞධයෙක්. පිටරටක පදි0චිවි ජීවත්වුනත් මගේ උතුම් මාතෘභුමියටත්, මා හදාවැඩූ දෙමාපියන්ටත්, අධය්‍යාපනයදුන් ගුරු භවතුන්ටත්, මනුස්ස ගුණධර්ම වලින් යුතු මිනිසෙකු ලෙස ජීවත් වීමට මග හසර කියාදුන් බුද්ධ ශාසනයටත් සදා ණය ගැතියි. පිටරටක ජීවත්වන විටදී තමයි ඉහත සදහන්කල සියලුම දේවල්වල අගය වැඩිපුර දැනෙන්නෙ. ‍යුද්දෙ තිබුනකාලෙ පිටරට මිනිස්සු ල0කාව දැක්කෙ ත්‍රස්තවාදියො ජීවත්වෙන රටක්විදිහට පිටරට මිනිස්සු තියා ල0කාවෙන් පිටරට ඇවිත් ඉන්න මිනිස්සුත් මවුරට යන්න බය වුනා. හැමතැනම මරණ භය.අන්තිමට මිනීකන්නන්ගෙ දේශයකියල නමකුත් පට බැදුනා කොටිත්‍රස්තවාදියො මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකලනිසා. ජාතියන්තරයේ අපේ රටට කිසිම පිලිගැනීමක් තිබුනෙ නැහැ. එහෙම තිබුන රට මහින්ද රාජපක්ෂ කියන යුඝ පුරුෂයා තමයි අද මේ තියෙන තත්වයට ගෙනාවෙ. මුල අමතකනැති කෙලෙහිගුණ දන්නා කිසිම ශ්‍රිලා0කිකයකුට ඒක නැහැකියන්න බැහැ. නමුත් අවාසනවකට බොහොමයන් ශ්‍රිලා0කිකයන්ට අපේ රටේ යුද්ධයක් තිබුනද කියලවත් මතක නැහැ.

    දැක්කත් හිත පිරෙනවා හෙළයේ වීර -පුතා…
    රැකුමට වටිනවා අපගේ දිවිත් -පුදා…
    කුහක සමාජය කිව්වත් බොරුත් -ගොතා…
    නොසැලෙන ගුණය ඔබගේ නම් පුදුම- තමා…!

    කදුළැලි වගුරමින් සිටි අපෙ ලක් – මෑණී…
    හිදුවා සැනසුවා නොමවී ගත -මෑලී…
    ගුණමකු උනත් ඇතමෙක් ඔබගෙන්- විසිරී…
    සත්තයි රනින් ඔබගේ නම ඇත – ලියවී…!

    උපන්බිමට ණය නැති මේ මහ -රජිදා…
    සදා දිනේවා නොමවී කිසි -බාදා…
    සිහියට නගාලා ඔබෙ සේවය – පෙරදා…
    දෙපා නමදින්න ආසයි වැද -වැටිලා…

    මම කවි පද බදින්න දක්ෂයෙක් නොවේ නමුත් ඔබතුමාට උපහාරයක් පිණිස දැරූ අව0ක උත්සාහයකි . ස්තුතියි!

    84 · October 4 at 5:10am

  • Pink Panther

    දැන් තමයි අලුත් ලිපි පල නොවීමට හේතුව දැන ගත්තේ..
    එඩිටර්තුමාට සිදුව තිබෙන කරදර ගැන අවන්කවම කනගාටු වෙනවා..
    ඒ මොනා උනත් ඔබතුමන්ලා එකතුවෙලා කරපු සේවය වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..
    මේ වෙබ් අඩවිය තමයි පසුගිය දිනවල දේශහිතෛශී සහ නිවැරදි, තර්කානුකුල පසුබිමකින් ක්‍රියාත්මක වෙච්ච හොඳම වෙබ් අඩවිය.. ඒ සදහා ඔබතුමන්ලා ගත්ත වෙහෙස ඉතාමා අගය කරනවා..
    සිරිසේන රනිල් සියලුම දේශහිතෛශී මත යටපත් කරද්දී mahinda.info මගින් නිවැරදි මතයක් සමාජ ගතකරන්න ගත්ත උත්සාහය ඉතාම සුවිශේෂියි.ඒකේ බලපෑම ඔය බොරු මාධ්‍ය සදාචාරය ගැන කයිවාරු ගහපු රනිල්-සිරිසේන නඩයට සහ ඔවුන්ගේ මඩ මාධ්‍ය සගයන්ට අනිවාර්යෙන්ම දැනෙන්න ඇති..

    මොනා උනත් බොහෝ දෙනෙක් පරාජිත මානසිකත්වයෙන් වැටිලා ඉද්දි mahinda.info මගින් කරපු අවදිකරවීම අපට හැමදාටම මතක තියේවි..සහ අපි පුළුවන් උපරිමයෙන් දේශ හිතෛෂී මතවාදය වෙනුවෙන් අපිට පුළුවන් හැමවිටම කුමන හෝ අයුරකින් දායක වෙන්න පොරොන්දු වෙනවා..

    ස්තුතියි එඩිටර්තුමා ඇතුළු හැම දෙනාට,ම.

  • Pink Panther

    Dinuu,Power,Sayumi,රට වෙනුවෙන්,මොංගල් සමරේ, මහසොහොන් හෝ වෙන කව්රුන් හරි අපගේ මිතුරෙක් දන්නවද එඩිටර්තුමාට සිදුව තිබෙන අවහිරතාව සාමාන්‍ය හේතුවක් නිසා සිදුඋන දෙයක්ද නැතිනම් වෙනත් බලපෑමක්ද කියා. .

    එය එතුමාගේ පෞද්ගලික කටයුතු හෝ වෙනත් අවශ්‍යතාවක් වැනි දෙයක් දෙයක් නිසා සිදුවන දෙයක්ද නැත් නම් යම් කිසි කණ්ඩායමක් විසින් හිතාමතා එතුමාට බලහත්කාරයෙන් යම් කිසි කරදරයක් , තර්ජනයක් හෝ වෙනත් හානියක් සිදු කිරීමට උත්සාහ කරලද කියා කව්රුන් හෝ දන්නවද..

    • Dinuu

      Pink Panther එඩිටර් තුමා ලියු වචන කිහිපයකින් මට හැඟී ගියේ නම් කුමක් හෝ එතුමාට මෙහි ලිවිය නොහැකි බාධාවක් බවයි. කෙසේ වෙතත් වෙබ් අඩවිය තවමත් එතුමාගේ හිතවතා අප්ඩේට් කරන්නේ කවදා හෝ එතුමා නැවත ක්‍රියාකාරී වන නිසා බව මගේ අවංක බලාපොරොත්තුවයි. ජයවේවා! සැබෑ දේශප්‍රේමී හඬට සැමදා එක්වෙමු.

    • sayumi

      ‘අප වෙතට සිදු වූ දැඩි අවහිරතා’ කියලයි තියෙන්නේ. පුද්ගලික කරුණක් වෙන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ. එහෙම නම් එඩිටර් තුමා යලි එනතෙක් වෙන කෙනකු යොදාගෙන හෝ ලිපි පල කරන්න තිබුණානේ. කොහොම උනත් එතුමා එනතෙක්, අපේ ක්මෙන්ට්ස් අනුමත කරන එතුමාගේ මිතුරාට බෙහෙවින් ස්තුති. හිතවත් පින්ක් පැන්තර්, දැන් තමයි අපි මෙතන ඉන්නම ඕනේ එතුමා යලි එනතෙක්. පවර්, දිනූ, එහෙම නේද?

      • Dinuu

        හරියටම හරි සයුමි, දැන් තමයි අපි ඉන්නම ඕනේ. එඩිටර් තුමා එන තුරු දැනට මහින්ද මැතිඳුන් වෙනුවෙන් ඇති වටිනාම දෙය මෙම වෙබ් අඩවිය අපි රැක ගන්නම ඕනේ. එතුමා අපේ රටට ජාතියට වටිනාම සම්පතයි. රට බේරාගත්, අප බේරාගත් එතුමා රැක ගැනීම, ගෝඨාභය මැතිඳු, සෙන්පතින් සහ වීරෝධාර රණවිරුවන් රැකගැනීම සඳහා මේ භයානක මහා නස්පැත්තිය හමුවේ තම තමන්ට දිය හැකි උපරිම දායකත්වය දීම හෘද සාක්ශියක් ඇති හැම ලක් වැසියකුගේම යුතුකමයි. ඔබ සැමට ජයවේවා! මේ පුන්චි ලක් දෙරණෙහි තවමත් හුස්ම ගන්න ලක්ශ ගණනක් වූ සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!

    • Pink Panther

      එතුමාට යම් කිසි පිරිසක් විසින් බලපෑමක්,කරදරයක් කරනවා නම් සහ එතුමා නැවතත් මෙම වෙබ් අඩවිය මේ ලෙසම අනාගතයේදීත් කරගෙන යන්න සිතනවා නම් මා හිතන්නේ එවැනි බලපෑමක් කිරීම ගැන හෙළිකර එය ජනතාව අතරට සම්ප්‍රේෂණය කිරීම වැදගත් කියලා (ඒ සදහා එඩිටර්තුමාගේ කැමැත්ත ඇතුව). මොකද එවැනි අවධානයක් යොමු වීම මෙවැනි දේශ හිතෛෂී ක්‍රියාවක නිරත වන අයට එකතාරා විදිහක ආරක්ෂවාක් සහ ඔවුන්ට එරෙහිව අත්තනෝමතිකව සිදු කරන දේවලට යම් පසුබෑමක්…
      නැති නම් එවැනි කැපවීම් කරන අයට එරෙහිව බලපෑම් කිරීම අනතුරට ලක් කිරීම ඉතාම පහසු වෙන් කරගන්න හැකි වෙනවා බලය තිබෙන අයට…

      හැබැයි මොනා උනත් අපිට එහෙම හරියටම නිගමනය කරන්න අමාරුයි මෙතැනදී කියන අවහිරතාව කුමන විදිහේ දෙයක්ද කියලා නිවැරදිව තොරතුරු දන්නේ නැතුව.
      එඩිටර්තුමාගේ පෞද්ගලික කරනා හෝ වෙනත් අවශ්‍යතා නිසා මෙවැනි තීරණයක් ගැනීමට එතුමාට සම්පුර්ණ අයිතියක් තිබෙනවා.

  • දේශමාමක

    නොදැන සිටියා නොවෙයි
    බාරකරු මිසක ඔබ
    අයිතිකරු නොවන බව
    අපට උරුම වු මෙබිම

    ඒත් වාවනු නොහැක
    මේනොකල් නික්මීම
    අහස් කුස ගුගුරුවා
    පතිත හෙණයක් විලස

    මවුන් නෙතු නිති රැඳුනු
    නිමා කරනට කඳුළු
    මර බියෙන් තොර රටක
    සිනා මල් පූදන්න

    කළ මහා යුග මෙහෙය
    නිමා වන්නට ද පෙර
    යන්ට සිදු වුනෙ මන්ද
    නොතේරේ නොම දැනේ

    පස් වසක් සැඟව තිබු
    මවුන් නෙතු රැඳි කඳුළු
    ඔවුන්ටත් නොදැනීම
    ගලා යන්නැති එදින

    වැලපුනේ මහ හඬින්
    මැදමුලන නොව රටයි
    සිංහලේ කිසි ගෙයක
    බතක් නොඉදුනි එ රැය

    පැරදුනේ ඔබ නොවෙයි
    රටයි ඔබ දිනා දුන්
    අහිමි වන දිනෙක රට
    අනේ කාහට කියම්

    කෙළෙහි ගුණ බෝසතුන්
    තුළම ඇති ගුණයක්ලූ
    බෝසතුන් විරළ වූ
    කලෙක අප අතර සිටි
    මහ රජාණෙනි අපට
    සමා වුව මෙත් සිතින්

    මෙබිම සරනා සපුන්
    සියොතුන් ද රුපු සතුන්
    බිම ද අහසෙහි නිතින්
    සරන නෙක දෙවි රදුන්
    සුරකිනුව ඇති නිතින්
    ඔබ ව හද රැඳි පෙමින්

    අපේ සදාදරනීය අප්පච්චීට දීර්ගායුශ ලැබේවා!!
    ඔබ වෙත එන සියලු උවදුරු හිරු දුටු පිනි මෙන් වියැකේවා!
    මේ ලෝක පාලන සියලු දෙවි දේවතාවුන්වහන්සේලා නිරන්තරයෙන් ඔබව රැකදේවා!!

    • Dinuu

      දේශමාමක හිතවත
      ඔබ ලියූ අනගි කවි
      කියෙව්වෙමි අද දින
      කඳුලු පිරි දෙනෙතින්

      අප්පච්චී වෙත
      හදවතින් ඔබ ලියූ
      මිහිරිම මිහිරි
      වදන් පෙලකියි ඒ

      තව තවත්
      ඔබ වෙතින්
      මෙවැනි රසබර වදන්
      ලියැවේවා
      එතුමන් වෙනුවෙන්!

  • Power

    සමාවෙන්න, කණගාටුයි…

    අපේ හිතමිත්‍ර සංස්කාරතුමා නොපැමිණීමට හේතුව කුමක් ද කියා ඇත්තටම මම නම් දන්නෙ නෑ Pink Panther සහෝදරයා.

    ඒත් මට පොඩි දෙයක් හිතෙනවා..

    එක දවසක් මෙතුමා පැවසුවා මේ වෙබ් අඩවියේ අයිතිය සහ පාලනය තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සමීප හිතවතෙකුට බව.එම නිසා මට නම් හිතෙන්නෙ දැන් මේ වර්තමාන යමපාලන ආණ්ඩුව හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා එතුමාගේ පවුලේ උදවියට මෙන් ම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කරන්නට යෙදුණු විවිධ පාර්ශවයන් ට පවා විවිධ චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට පත් කර දඬුවම් පැමිණීම සඳහා කූට මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින කාළවකවාණුවක් මේක. එම නිසා එම පවතින තත්ත්වයන් අනුව අපේ සංස්කාරතුමන්ටත් මේ වර්තමාන යමපාලන පාණ්ඩුව හරහා කුමක් හෝ යම්කිසි ප්‍රශ්නයක් ඇති වූවාද කියා මටත් නොහිතුනා නොවේ.

    මා හිතපු එම කාරණයත් නොවේ නම්..සමහරවිට එතුමාට යම් කිසි අසනීප තත්ත්වයක් හෝ මංගල්‍යය,අවමංගල්‍යය වැනි කිසි සේත්ම වළක්වා ගත නොහැකි දැවන්ත වැඩ සහිත ව අධික කාර්යබහුල තත්ත්වයක් සහිත ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙන්ඩ ඇති.

    • Dinuu

      පවර් ගේ පලමු අදහස මටත් හිතෙනවා. ජිනීවා අනතුර යට ගහන්න ලොකු මාධ්‍ය දඩයමක් ඇති නිසාත් අපේ එඩිටර් තුමාට ප්‍රශ්නයක් ඇති වූ වාදෝ කියලා. හැකි ඉක්මනට බාධා මැඬ ගෙන එන්න ලැබේවා යි නිරතුරුවම පතමින් ඉන්නේ.

    • Pink Panther

      ඔව් Power මටත් ඇතිවී තිබෙන සැකය එයයි.
      එතුමාගේ පෞද්ගලික අවශ්‍යතා හෝ වෙනත් පෞද්ගලික කාරනාවක් නිසා ඇතිවන බාධාවක් නම ඒ ගැන කිසම ප්‍රශ්නයක් නෑ.. එය එතුමාගේ අයිතියක්.

      නමුත් යමපාලක දඩ්යක්කරුවෝ එතුමාට යම් හානියක් බලපෑමක් කිරීමට උත්සාහ ගන්නවා නම් එයට එරෙහි විය යුතුයි කුමන හෝ විදිහකින් ( ඒ සඳහා එඩිටර්තුමා ගේ කැමැත්ත ගැනීම අවශ්‍යයි පළමුව)..
      එවැනි බලපෑමක් තිබේ නම් එය ප්‍රසිද්ධ කර එම මතය මිනිසුන් අතරට ගෙන යෑමෙන් තමයි ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමට කළහැකි හොඳම දෙය..

      අපි කාගෙන් හෝ මේ ගැන නිවැරදි තොරතුරක් ලැබෙන තුරු බලාගෙන ඉමු

  • Dinuu

    දැයේ සෙනෙහෙබර පියතුමාණෙනි!

    ජන හදවත් තුල- සැමදා දැල්වෙන -මිණි පහනයි ඔබ-අප්පච්චී…
    දිවි දී සුරකිමු-අප බේරා ගත්-රට ගොඩ නැගු ඔබ-අප්පච්චී…
    ඔබට දිරිය දුන්-සෙන්පති විරුවන්-රැකගන්නෙමු අපි-අප්පච්චී…
    තෙරුවන් බල සැම- දෙව් රජ බල ලැබ-වැජඹේවා සුදු -අප්පච්චී…!

    රටට ආදරේ-දැයේ දරුවනුත්-සැමදා ඔබටයි-අප්පච්චී…
    මේ එන කරදර-බාධා දුරලමු-සැවොම එකතු වී-අප්පච්චී…
    සැබෑ රණ හඬක්- මව්බිම වෙනුවෙන්-නගාලමින් අපි- අප්පච්චී…
    ඔබවද සුරකිමු-විරුවන් සමඟින්-සහතිකමයි අපෙ අප්පච්චී…!

    මව්බිම ගිලගත්-මේ මහ ඝනඳුර-දුරු කරලමු අපි-අප්පච්චී…
    දිරි ලැබ..එඩි ලැබ-ලක් පුතු සටනේ-ඔබ වෙනුවෙන් අද-අප්පච්චී…
    විරුවන් රැකුමට-එකම ධජය යට-එක්වන්නෙමු අප-අප්පච්චී…!
    වීර විකුම් පෑ- සුජාත දරුවන්-මව්බිම වෙනුවෙනි-අප්පච්චී…

    කුරිරු සිතින් මහ-පව්කම් කරමින්-රට බෙදනා අය-අප්පච්චී…
    විරුවන් වෙනුවෙන්-රට දැය වෙනුවෙන්-සැවොම එක්වෙමින්-අප්පච්චී…
    දුදනන් පරදා-ජයපැන් බොන්නට-දැන් සැරසෙන්නේ- අප්පච්චී…
    හිනැහෙන දිනයක්-මගෙ ලක් මෑණිට-උදා කරමු අපි-අප්පච්චී…!

  • Nadeesha

    power ,

    oya boru neda oya kiyanne? oya dannawa..Apita mula idalama oya gena seka hithuna.oya meke ekeka ayata garu kara kara vihilu kara kara bour dukak aragena editor enne nathi eka gena ekeka katha kiyanakota.attha kiyanda oya editorge yaluwek neda? ohuta mokakada wela thiyenne..? ai apta eka hanganne..? thawath hanganda hadanda epa. oya hema dama editorta katha karanne hitha mithuru oba thuma kiyala.ae kiyanne oya ohuge yaluwek kiyana aka ne.samaharavita ohuth danneth nethuwa athi me power kiyala commen dana kena mage yaluwek kiya.ae nodanna kamen oya prayojana gannawa neda. Kiyanda power.. meka editor thumata mokkada une?

    • Dinuu

      POWER, ඇත්තටම මේ නදීශා ට හිතුනේ මොකක්ද? ඔබ යමක් දන්නවද එඩිටර් තුමා ගැන? කමක් නැහැ. එතුමාට ඉක්මනින් යථා තත්වයට පත් විය හැකි ප්‍රශ්නයක් නම් අපෙන් වසන් කරාට එතුමා ඉක්මනින් ඒවි නේ. අපේ කිසි තරහක් නැහැ හොඳද? (සයුමි ත් එකඟ වෙයි මං හිතන්නෙ) ඔබ මෙහි කරන කැපවීම හැමවිටම හදවතින්ම අගය කරමි. ඔබට ජය!

      • sayumi

        පවර් විහිලු නම් කරනවා තමයි; ඒත් ඔහු බොරු කියන බවක් නම් කිසිසේත් හිතන්න අමාරුයි. මොකක්ද එවැනි බොරුවක් කර ඔහු ලබන ‘ප්‍රයෝජනය’? එඩිටර් තුමා අප අමතන්නෙත්; අප සැම ඔහු අමතන්නෙත්; ‘හිතවත්, මිතුරු’ වගේ යෙදුම් සමග තමයි. ඒ එතුමා අප සමග සුහදත්වයෙන් කටයුතු කරන නිසායි.(දිනූ, එහෙම නේද?) අපේ පරන කමෙන්ට්ස් බැලුවොත් නදීශාටම එය පහැදිලි වේවි. ඒ හැර පවර්ගේ විතරක් එහෙම විශේෂ හිත මිතුරු බවක් මා නම් දැක නෑ.

        සැමට ගරු කරමින් කතා කිරීමත්; සැමට සහෝදරත්වයෙන් සැලකීමත්; මහින්ද මැතිඳුන්ගේ මග යන අප සැම, එතුමාගෙන් ලද උරුමයක්.

        • Dinuu

          සයුමි හිතන විදියටමයි මාත් හිතන්නෙ. අපේ මිතුරු පවර් ටිකක් වැඩියෙන් සිත් රිදවා ගෙන ඇති බව හිතුනා. එඩිටර් තුමා හිටියා නම් පවර් ගේ හිත හැදෙන්න යමක් ලියනවා ශුවර්. එතුමා ත් මහින්ද පව්ලේ අපිට හුගක් සමීපයි. කරුමෙට ‘රට වෙනුවෙනුත්’ ආ ගිය අතක් නැහැනේ. නැත්නම් විහිලුවක් කියලා පවර් ව හිනස්සයි. සයුමි දන්නවා පවර් කොයි තරම් සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලන කෙනෙක්ද? බලන්න කමෙන්ට්ස් වල උපහාසය පිරිලා. හැමෝටම එහෙම ලියන්න බැහැ.

          මහින්ද මැතිඳුන් පවර් කිව්ව වගේ අපේ හැමදාමත් අතිගරු ජනාධිපතිතුමා මයි. එහෙම හිතන තව ලක්ශ ගණනක් මේ මහ පොලොවේ හුස්ම ගනිමින් ඉන්නවා. එතුමා මේ රට බේරාගෙන ගොඩ නැගූ නිසාත් ජනතාවට හුගක්ම සමීප වූ නිසාත් එවැනි නොමියෙන ආදරයක් ගෞරවයක් ලක්ශ ගණනකගෙන් ලබන්නේ.සයුමි, ඔබ,පවර්,රට වෙනුවෙන්,සමරේ ,පින්ක් ඇතුලු අපේ සියලුම හිතවතුන් නොසැලී මහින්ද මැතිඳුන් සහ මව්බිම වෙනුවෙන් මෙහි රැඳී සිටිමින් හදවතට එකඟව හැමදාමත් එතුමාට සහ මව්බිමට ශක්තියක් වෙමු. ජයෙන් ජය!

      • Pink Panther

        මට නම් ඕය Nadeesha දක්වපු අදහස් ignore කලයුතු බොළඳ විහිළුවක් පමණයි..
        අවවාදයයි: එය සාකච්චාවට ගැනීමෙන් කාලය නාස්ති කර නොගන්න.

    • Pink Panther

      මේක විහිලුවට දාපු කොමෙන්ට් එකක්ද කොහෙද… 😉
      මේක කියෙව්වම මට මේ කරදර අස්සෙත් හිනා ගියා

  • Dinuu

    ගැමුණු විජයබා පැරකුම් පරපුරෙනී…
    රුහුණු පුරෙන් බිහිවී යුද ගිනි නිවුනී…
    මැවුනු අසිරි මව් රට සුරපුර කෙරුනී…
    කුලුණු මෙතින් මැතිඳුට ආසිරි පිදුනී…!

    උතුම් නිරිඳු රට එක්සේසත් කරවා…
    නැවුම් මඟට ගත්තේ ඉහලට ඔසවා…
    පැතුම් ඉටුව ජනගඟ කින් උදය හවා…
    කුසුම් පිපෙයි සුවදැති හදවත් පුරවා…!

    විකුම් පෑ වීර නිරිඳුන්,විරුවනට…
    කරම් මෙත් සිතින් බැති පුද හැම කලට…
    නොනිම් නැත රජය කරනා අන විනට…
    සිතුම් පරිදි එක්වෙමු එය මැඬගන්ට…!

    යහපාලන නම ගෙන ආ මේ නඩය…
    රටකට කරන අනවින ඉවසනු බැරිය…
    නිහඬව බලා හිටියොත් මේ හිරිහැරය…
    මව්බිම දෙකඩ කරනා බව සහතිකය…!

    මහ සාපය ජිනීවා නාමෙන් රටට…
    බියකරු අනතුරකි සැම දෙන දැනගන්ට…
    පත් කෙරුවත් වසන් කර අප මුලාවට…
    කාලය එලඹ ඇත එක්වී ජයගන්ට…!

    විරුවන් සෙන්පතින් රජිඳා රැකගන්න…
    රටට ආදරේ සැම දෙන එක්වන්න…
    එකම හඬක් වී එක්වී ජයගන්න…
    යුතුකම අද අදම ඔබගෙන් ඉටුවන්න…!

    ජය ජය ජය වේ-ලංකා මාතා-ජය ජය ජය වේ- රකිමු සදා…
    විරුවන් සුරකිමු-සෙන්පති සමඟින්-රජිඳා රැකගමු-දිවිය පුදා…
    ලැබුමට අබිමන්-ලක්මව සමඟින්-එක ධජයක් යට- සැවොම මෙදා…
    නොපණත්කම් දැක-නිහඬව නොසිටිමු- හිනැහෙන යුගයක්-කරමු උදා…!

  • mamath beluwa aiy me web adaviya update wenne neththe kiyala.
    Editor thumata karadarayak da?
    api wage comment liyana aya ta suhada hamuwakin hamuwennata berida?
    Ada mama BMICH eka paththe giya….ammo…saamaanya minussunta wadaa ‘batayo’ hitiya.
    Thawa deyak…trinco muhude bombs clear karannata U.S. ship enawalu.
    Aiy ape naavika hamudaawata ewa clear karannata puluwan ne.
    methane wenne monawada kiyala thawa issarahata hondata penewi.
    Aiyo aiyo..

  • Power

    @ Nadeesha,

    කවුරුවත් ගැන බොරු දුකක් ගන්ඩ මට ඉන්ඩ බැරි කොහෙවත් අමාරුවක් නෑ.මට දුකක් දැනුනං ඒ දුක ආවේ මගේ හදවතින්මයි,මට ආවේගයක් ආවා නම් ඒකත් ආවේ දැඩි කෙන්තියකින් හදවතින්මයි,මට සතුටක් දැනුනා නම් ඒ සතුටත් අවේ සැබෑ ලෙසම හදවතින්මයි. ඒ නිසා මේ වෙන තුරු මම ලෝකෙට පේන්ඩ එහෙම බොරු දුක් ඇරගෙනත් නෑ.මම පෞද්ගලිකව මේකේ එඩිටර්ව කිසිසේත්ම දන්නෙත් නෑ.ඔහු මගේ පෞද්ගලික මට්ටමේ මුහුණෙන් දිනපතා දකින යහලුවෙකුත් නොවේ. එහෙත් එතුමා අප සමඟ අදහස් වලින් මිත්‍ර වී සෑහෙන කාලයක් සිටපු නිසායි මා හිතමිත්‍ර ඔබතුමා කියා ඇමතුවේ. ඒත් ඔයා මේ නොකියා කියලා තියෙන්නෙ මම මේ වෙබ් සයිට් එකේ ඉන්න පිරිස වෙනුවෙන් ආරණීය,සහෝදර,හිතමිත්ර ,එතුමා,මෙතුමා වැනි බොරුවට සමාජයට පෙන්ඩ මානූශීය හා ගරු නම්බු සහිත වචන දාලා බොරු රඟපෑමක් කරා කියන එකනේ..හරි…මම ආය එවැනි වචන නොකියා නිකම්ම කතා කරපුවාම වැඩේ ඉවරයිනේ.ඒකනේ ඔබට මේ මා තුළ සැකයක් ඇති වීමට පසුබිම් වී තිබෙන ප්‍රධානම ප්‍රශ්නෙ.ඔබ ඔහොම කියන්ඩ කලින් මගේ යහලුවෙකුත් මට එක දවසක් කිව්වා මෙහෙම දෙයක් මේ වෙබ් සයිට් එකක් ගැන නෙවෙයි. මට මුහුණ දීමට සිදු වූ වෙනත් පෞද්ගලික සිදුවීමකදී..”මචං උබ මේ හෑම මනුස්සයෙකුට ම ඕනවට වැඩිය හොඳින් කතා කරන්ඩ යන්ඩ එපා.උබ ඔය හිතන තරම් මේ ලෝකේ මිනිස්සු හොඳ නෑ මචං.එහෙම මිත්‍රශීලී වෙලා ගරු කර කර කතා කරහම වෙන්නෙ අපි නිකං සමාජය ඉදිරියේ පාච්චල් වෙන එක විතරයි බං.එතකොට උන් හිතනවා අපි උන්ට ගරු කරමින් නිකං ගොඩයෝ වගේ ඉන්න උන් කියලා.ඒක නිසා මචං ඔය ඕනෑවට වැඩි හිතමිත්‍රකම් හදාගෙන කතා කරන්ඩ යන්ඩ හදන්ඩ එපා. මම වගේ මේ සමාන්‍ය විදිහට කතා කරන්ඩ උත්සහ කරපං” ඒත් මම එදා මගේ මිත්‍රයා කියූ එම වචන ටික එච්චර ගණන් ගත්තෙ නෑ.එහෙත් අද මට තේරෙනවා ඔහු කියූ දේ සත්‍ය බව.මේ සමාජයේ හෝ වේවා වෙන දෙයකදී හෝ වේවා අපි අපේ තියන මනුස්ස කමට ඔහුට හෝ ඇයට ගරු කරලා කතා කරන්ඩ ගියාම ඒ දේ මුලු මහත් සමාජයට පෙන්නෙ විහිලු සහගත තත්ත්වයක් විදිහට සේම වෙනත් පිරිස් අප දිහා බලන්නෙ වපර ඇහැකින් බව.

    ඒත් එක දෙයක් මට ඔබට කියන්ඩ ඕන. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් පරාජය වූවාට පසුව මට ඉතාමත් කණගාටුවක් හා දුකක් ඇති වී සිටපු කෙනෙක්.(ඒකත් විහිලුවක් කියලා මෙන්ම එසේ කියපු නිසාවෙන් හිතන්ඩත් එපා මූ නම් මහින්දගෙන් හොඳට කාපූ එකෙක් වෙන්ඩ ඇති.ඒකනේ මේ තරම් දුකක් ඇති වෙලා තියෙන්නෙ කියලත්) ඉන්පසු එම පරාජයෙන් පසුව එතුමා සම්බන්ධ පුවත් පලවන වෙබ් අඩවි තිබේදැයි සොයමින් අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර සොයා බලමින් සිටින විටයි මේ වෙබ් අඩවිය සොයා ගත්තෙ.එම සොයා ගත්තු දා සිට පුලුවන් සෑම මොහොතකම අද වන තුරුම මම මෙතනට ආවා ගියා.ඒ මම මගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හදවතින් ම ආදරය, ගෞරවය දක්වපු කෙනෙක් නිසා ( කරුණාකරලා ඒ වචන ටිකත් විහිලුවක් කියලා නම් හිතන්ඩ එපා) ඒ අතරේ මම මේ ආකාරයෙන් අදහස් දක්වන විට සමහර දින වලදී ඉතා ආවේගයෙන් යුතුව අදහස් දක්වූවා,දේශප්‍රේමීත්වයෙන් යුතුව අදහස් දැක්වූවා,මෙහි සිටින අනෙක් හිතවත හිතවතියන් ට විහිලු තහලු කරමින් අදහස් දැක්වූවා.ඉතින් ඔබ කියන්නෙ හැමදාම මට කෙන්තියෙන් ඉන්ඩ කියලද..? නොඑසේ නම් සමාජයේ තියන ප්‍රශ්න ගැනම කතා කරමින් ජාත්‍යයන්තර ටෝක්ස් දෙමින් මහා බැරූරුම් මිනිසෙකු සේ කතා කරන්ඩ කියලද..? ඒ මගේ හැටි Nadeesha, ඒත් මට හිතෙනවා දැන් එහෙම වෙලා තියෙන්නෙ මේ විවිධ විහිලු හෝ ඕනෑවට වැඩි ගරු නම්බු දී සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීම නිසා වෙන්ඩ ඇති කියලා.තව දෙයක් මම එදා ජනාධිපතිවරණයෙන් පසු විශාල මානසික ඇඳ වැටීමකින් සිටපු බව මම ඉහත සඳහන් කරා. මගේ ඒ දුක කණගාටුව මෙසේ වෙබ් අඩවිවිල කියන කොට ඔබට ඒක විහිලුවක් විදිහට පේන්ඩ ඇති.සමහර විට ඒක සාධාරණත් ඇති.කුමක් නිසා ද මම එක වෙලාවක දුකකින්,කෙන්තියකින් අදහස් දක්වා නැවතත් සතුටින් විහිලුවෙන් අදහස් දක්වනවා. එවිට ඇත්තටම මගේ යහලුවා කිව්වා සේ අපි සමාජයේ විහිලුවට ලක් වෙමින් මූ නම් මහ බොරු කාරයෙක් වැඩකට නැති එකෙක් කියන තැනට පත් වෙන බව දැන් මටත් තේරෙනවා.

    ඔබට විතරක් නොවේ..මම කලින් කියපු දුක් සහිත දේවල් අණුව සමහරවිට මේ වෙබ් අඩවියේ කතුවරයා ඇතුලු අනෙක් මෙහි අදහස් දක්වන පිරිසටත් මා විහිලුකාරයෙක් බවට පත් වී පෙනෙන්නට ඇති.සමහරවිට ඔවුනුත් සිතන්ඩ ඇති මේ යකා නම් නිකං මේ ෆන් එකක් ගන්ඩ ඕන නිසා විවිධ කතා කියනවා කියලා.ඒත් මම මේකේ ෆන් ගන්ඩ උත්සහ කරේ නෑ කවදාවත්.මම සමහර දින වල අප අනෙක් හිතවත හිතවතියන්ට විහිලු කරා.. එහෙත් සමහර දින වලදී ඇතිවූ ප්‍රශ්න හමුවේ මානසික පීඩනයකින් සිටිය දී පවා මම සතුටින් සිටින බව පෙන්වමින් එම පිරිස් වෙනුවෙන් ඔවුන්ට යම් සතුටක් ඒ හරහා ලැබෙනවා නම් ඒ ගැන සිතා කතා කරපු අවස්ථා විශාල සංඛ්‍යාවක් මගේ මේ වෙබ් ජීවිතය තුළ හා පාසල් අවධියේ සිටම අද දක්වාම පවතින පෞද්ගලික ජීවිතය තුළ පවතින බව ඔබට සඳහන් කර යුතුමයි.( ඔබ මේ දේත් කිව්වට පිළිගනීද නොපිළිගනීවිද කියලා හා ඒකත් මහා විහිලුවක් හෝ බොරුවක් නේ කියා සිතණු ඇතැයිද කියා මා දන්නෙ නැත)

    තව දෙයක් තියනවා ඔබට කියන්ඩ.. එදා ජනවාරී 9 වනදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් පරාජය වූවාට පසුවත් වෙබ් අඩවියක දක්වන ලද අදහස් වලදී දැක්වූයේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියා කියලමයි.එහෙත් දිනක් එක්තරා වෙනත් වෙබ් අඩවියක දී දක්වන ලද අදහසක දී පුද්ගලයෙකු විසින් මා ගෙන් අසා තිබුණා “උබට පැරදුණු මහින්ද අදටත් ජනාධිපතිතුමාද” කියලා..එදා මං ඔහුට උත්තරයක් දුන්නා. නමුත් එම වෙබ් අඩවියේ මගේ එම අදහස පළ වුණේ නෑ.ඉතින් මට එදා තේරුණා අපේ සිතේ එතුමා වෙනුවෙන් එතරම් ආදරයක්,ගෞරවයක් පැවතීම නිසා එසේ කතා කිරීමෙන් වෙන්න අපි සමාජයේ විහිලුවකට ලක් වීමක් බව.එහෙත් කවුරු මොන දේ කිව්වත් එතුමා අපේ අදත් ජනාධිපති,අපේ සදාදරණීය එඩිතර නායකයා ම පමණයි..අපේ මාතෘ භූමිය පැවති කුරිරු මිනීමරු යුද්ධය අවසන් කරමින් රට ගොඩ නැංගූ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා අපේ සුජාත මාතෘ භූමිය රැකගැනීම උදෙසා අපේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඔවුන්ගෙ ජීවිත පුදදුන් අපේ වීරෝධාර රණවිරුවන් එදා යුද්ධය පැවති වකවානුවේ ලැබූ දැවන්ත යුධ ජයග්‍රහණ අද ඊයේ උනා සේ තවමත් සිතේ සජීවීකරණය වෙමින් මැවී මැවී පෙනෙන සිතක් තියන එකෙක් මම,මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට සංවර්ධනය කරමින් රට ඉහළට ඔසවා තැබූ ආකාරය දකිමින් පුදුමාකාර ගැම්මකින් සතුටක් විඳපු එකෙක් Nadeesha..මම,

    මට එදා වූ සිදුවීම් අද වගේම හොඳට මතක තියන නිසා තමයි මේ එතුමා සම්බන්ධ වෙබ් අඩවිවල මා අදටත් සැරි සරන්නෙ.එතුමා වෙනුවෙන්,රට වෙනුවෙන්,අපේ රණවිරුවන් වෙනුවෙන් අදහස් දක්වන්නෙ.. එසේ නොමැතිව මට ඉන්න බැරි ආමාරුවකටවත් කිසිදු පෞද්ගලික වාසියක් අපේක්ෂාවක් වෙනුවෙන්වත් නොවේ.මෙතුවක් කලක් සිටියේ එතුමාට කෘතගුණ දැක්වීම වෙනුවෙනි පමණමයි.එසේ නම් මටත් තිබුණා මේ මහ රෑ දෙගොඩ හරියේ නිදි වරමින් නොසිට මහින්ද රාජපක්ෂ මැතිතුමා මරණ බියෙන් තොර වූ නිදහස් රටක් උරුම කර දී ඇති නිසා එතුමාට පිං දෙමින් හොඳට රෙද්දක් පොරවගෙන ගෙම්බා පොළවේ ගැහුවා වගේ නිදා ගන්ඩ. සමහර වෙලාවට මෙවැනි වැඩ වලට ගියාම වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.නිදිමතකුත් නෑ.ඒක නිසා සමහර දවසට පැය දෙක තුනයි නිදා ගත්තෙ.උදෙන්ම රැකියාවට පිටත් වෙන්ඩත් ඕනෑ.ඔබට මේ දේවල් සමහරවිට හිතාගන්ඩ බැරිව ඇති. එහෙත් මම මෙහි යම් දෙයක් කරා නම් ඒ දේ කරේ කාර්යබහුලත්වය හා වෙහෙස මතින් හදවතින්ම කැපවීමකින්.(ඒ වචන ටිකත් බොරුවක් හෝ විහිලුවක් වගේද..?)

    ඇත්ත..මේවා කිව්වට වැඩක් නෑ.මගේ හදවතට දැණුනු,දැනෙන දේ ඔබට සමරවිට දැනෙන්නෙ නැති වෙන්ඩ පුලුවන්.කෙසේ වෙතත් එදා වගේම අදත් මගේ යහලුවා කියූ දේ සහතික ඇත්ත කියලා දැන් නම් මට ඇත්තටම හිතෙනවා.

    කෙසේ වෙතත් මා ගැන සැකයෙන් හෝ ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නයට ස්තූතියි..!

    • Pink Panther

      Power,
      සිත රිදවා ගන්න එපා, ඔය Nadeesha දක්වපු අදහස ඉතාම බොළඳ එකක් කියලා ඕන කෙනෙකුට පේනවා.. ඒ වගේ දෙයක් ගැන අප සිත අවුල් කරගන්න හොඳ නෑ.. මොකද අනාගතයේදී ඔයිට වඩා දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.. ඉතාමත් දරුණු ගනයේ චෝදනා, පදනම් විරහිත අවලාද ඔබ වගේ අදහස් දක්වන කෙනෙකුට මුහුණ දීමට වේවි.. දැන් උනත් ඔබලාගේ අදහස් කියවා රිදුනු අමන යහපාලනයට ආවඩන එවුන් කොමෙන්ට් දානවා ඇති නමුත් එඩිටර්තුමාගේ නිවැරදි තීරණයට අනුව මෙහි පලකලයුතු වැදගත් සහ මෙම වෙබ්සයිට් එකේ අරමුණට අදාළ අදහස් පමණක් තෝරා ගන්න නිසා එවැනි අවලාද පලවෙන්නේ නෑ..
      හිතන්න එවැනි දේවල් තිබුනා නම් අපට කරන්නට වෙන්නේ කුමක්ද කියලා… එහෙම උනා නම් මේකත් අර වැඩකට නැති ගොසිප් සයිට් එකක් වගේ නිකන් කෑ ගහන තැනක් වෙනවා..
      එහෙම උනා නම් රනිල්ගේ අර මඩ ගැන්සියට තමයි වාසිය

      අනිත් එක යුද්ධෙන් රට බේරා ගැනීමට එරෙහිව මහින්ද, ගෝඨාභය වැනි විරුවන්ට අවලාද අපවාද එල්ල කරපු මිනිසුන් ඉන්න රටක අනිත් අය ගැන කුමන කතාද..
      ..

      ඒ නිසා ඉතාමත් කණගාටුයි ඔබට සිදු උන සිත් රිදවීම ගැන, එවැනි අදහස් අර Ignore button එක ඔබලා ඉවත් කලයුතු දේවල්..
      (දැන් Ignore button එක කොහෙද කියලා හොයන අයට කියන්නේ ඒක තියෙන්නේ හිතේ 😉 )

    • sayumi

      ආදරණීය පවර් සොයුරාණනි,
      ඔය නදීශා කියන කෙනා කියා ඇති සියලු දේ ඉරා ගුලි කර පැත්තකට වීසි කර දමන්න. එහි ඇති කිසි දෙයක් මෙහි පැමිනෙන ඔබේ අදහස් හොඳින් හඳුනන කිසිවෙකුත් කිසිසේත්ම අනුමත නොකරන බව මට හොඳින්ම විශ්වාසයි. මා කලිනුත් කිව්වා වගේ අනෙකාට ගෞරව කරමින් මිත්‍රශීලීව කතා කිරීම වැදගත් මිනිසුන් අතර පවතින උතුම් සම්ප්‍රදායක්. බලන්න අපේ මහින්ද මැතිඳුන් කතා කරන විදිහ. (නදීශාට ඒකත් විහිලුවක් වගේ පෙනෙනවාද දන්නේ නෑ; ඉතින් එහෙම නම් ඒක නදීශාගේ ප්‍රශ්නයක් මිස අපට ඒ ගැන කරන්න දෙයක් නෑ ) එවැනි අය කියන කතා අසා අපේ පවර් සොයුරා ඔබට නිසඟයෙන්ම ලැබී ඇති ඒ යහපත් ගතිගුණ කිසිසේත්ම නැති කර ගත යුතු නෑ.
      කලක් තිස්සේ මෙහි පැමිණෙන අදහස් වලින් පමණක් එකිනෙකා හඳුනන අප අතර පවතින්නේ ඉතා සුහද සහෝදරාත්මක බැඳීමක්. නදීශාට මෙය තේරුම් ගන්න බැරි වීමයි මෙතන තියෙන ප්‍රශ්නය.
      ඉතින් නදීශාට කරුණාවෙන් මේ කියන්නේ, එඩිටර් තුමා කෙටි කලකට මෙහි නොපැමිණීම මීට පෙරත් සිදුවී තිබෙන දෙයක්.එය දේශපාලන බලපෑමකින් සිදුවූවාද යන්න අපහැදිලි නිසයි ඒ ගැන යම් කතා බහක් ඇති වුනේ.ඒ හැර ,මේක විසඳන්න බැරි මහා ප්‍රශ්නයක් කර ගෙන අපේ හිතවතුන්ට නැති ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්න එපා.

  • Dinuu

    ආදරණීය පවර්, නදීශා ලියු දෙයට ඔබ හුගක් කලබලයට පත් වූ බව මේ දිග කමෙන්ට් එකෙන් පැහැදිලියි. ඒ තරම් සිත් රිදවා ගන්න අවශ්‍ය නැහැ. සයුමි කියනව වගේ මහින්ද මැතිඳුන් අනුව යන අපි මේ දිහාත් එතුමා වගේ උපේක්ශාවෙන් බලමු. එතුමා මේ සා මහත් කරදර ගොඩක් දිහා හරිම උපේක්ශාවෙන් බලමින් සිනා සිසී ඉන්නවා. කිරි ඉතිරෙන සුන්දර සිනහවක් හැම විටම අපිට පේන්නේ. මොන තරම් දියුණු කරගත් මනසක් ඇද්ද කියලා හිතෙනවා. අපිත් මේ නදීශා කිව් දෙයට කලබල නොවී ඒ දිහා විහිලුවක් කියලා හිතලා සැහැල්ලුවෙන් බලමු.

    කවුරු මොන දේ කිව්වත් ඔබ කියන කරන හිතන විදිය වෙනස් කරගන්න ඕනේ නැහැ. ඔබේ යාලුවා කිව් දෙය මට අනුමත කරන්න අමාරුයි. ඔහු ඔබට හිතවත් ඇති. නමුත් ඔබ මේ වසරේ මෙහි හදවතට එකඟව ලියූ දෙ වලින් අපි තේරුම් අරගෙන ඉන්නේ ඔබ කලාතුරකින් හමුවන විදියේ සොදුරු මනුස්ස ගුණ පිරි හදවතක් ඇති කෙනෙක්. සයුමි, රට වෙනුවෙන් සහ අනිත් හිතවතුන් ද පිලිගනියි.ඉතින් ඔබ නාඳුනන කෙනෙක් ලියූ පේලි දෙක තුනකට ඔබ හිතන පතන කියන කරන සේරම වෙනස් කරන්න බැහැනෙ.(නදීශා, අමනාප නොවෙයි මා සමග) එහෙම කරන්න කිසි සේත් අවශ්‍ය නැහැ. ඔබ හදවතට එකඟව ජීවත් වෙන්න. පැහැදිලි හෘද සාක්ශියක් ඇති ඔබ වැනි කෙනෙකුට තව කාගෙවත් වචන අනුව වෙනස් වීමට අවශ්‍ය නැති බව මම අවංකව සිතමි.

    මහින්ද මැතිඳුන්ට මෙහි වැඩියෙන්ම ශක්තියක් ධෛර්‍යයක් වූයේ ඔබයි. මා එය කියන්න කිසිත් පසුබට වෙන්නේ නැහැ. මා සමඟ මා ජීවත් වෙන වටපිටාවේ සහ අපේ මහින්ද පව්ලේ වෙබ් අඩවියේ ලොකු පිරිසක් ඉන්නවා ඔබව හුගක් අගය කරන සහ ඔබගේ කමෙන්ට් එනතුරු බලා සිටින. ඒ නිසා වෙනස් වෙන්න නම් එපා කියලා මම ආයාචනා කරනවා. ඔබ වැනි සැබෑ දේශප්‍රේමීන් 10 ක් හිටියත් ඇති මගෙ ආදරණීය මව්බිම මේ වැටුන ප්‍රපාතයෙන් ගොඩ ගන්න! ජයෙන් ජයම පතමි!

  • Nadeesha

    power,

    mata godak samawenna.mata oya gena godak duka hithuna power.ae dukatama mata oya gena adarayak athiuna.mama ae tika kiuwe nikan vihiluwa ta wage.oya wenadawage ma anek hamamath ekka vihilu karamin weda karanna kiyala mama adarayen ella sitinawa.ewage editortath hitha mithuru obathuma kiyala kiyanna.

    see you..

  • මොංගල් සැමරේ

    මේ කව්රු හරි කියනවද නදීෂා කියන්නේ කව්ද කියලා එයාට power ගැන තියන ඇම්ම මොකක්ද කියලා
    power සහෝ
    මොකද අහෝ
    කල කිරිලා
    ඉන්නේ අහෝ

    කිව්වට මොනවත් වෙනවෙන උන්දලා
    power වැටෙන්නැති බවදන්නවා උන්දලා
    ඒ නිසා බලනවා කියන්න boru උන්දලා

    power සහෝ ඕනේ දීකට අපි ඉන්නවා ඔබත් එක්ක මහින්ද.ඉන්ෆෝ පවුලේ හැමෝම

  • මොංගල් සැමරේ

    අන්න LTTE සැකකරුවන් නිදහස් කරන්න ඉල්ලනවා ඒගැන සහ 2012 වැලිකඩ සිදුවූ වෙඩි තැබීම ගැන විග්‍රහයක් කරන්න

  • sayumi

    පවර් සොයුරා,

    බුදු අම්මෝ; එනපොට හොඳ නෑ වගෙයි, සමා වෙන්ඩලු, ආදරෙයිලු,
    ඒත් කමක් නෑ කියමුකෝ; මේ, සී යූ කියලත් කියනවානේ? මොකද දැන් මේකට කරන්නේ ඈ?

    (විහිලුවක් කලේ, හිනස්සන්න. දැන් ඉතින් පරන කතා අමතක කරලා, අපි ඔක්කොම සතුටින් ආයෙත් වැඩ පටන් ගමු )

  • Power

    “මට ඔයා ගැන ගොඩක් දුක හිතුනා පවර්.ඒ දුකටම මට ඔයා ගැන ආදරයක් ඇති වුණා”

    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැතේ
    මට පෙන්නලා ආලේ හැටි
    ඔබ දුන්නු දුක හොඳටම ඇති..//

    Nadeesha ඔබ මහා පුදුම විහිලුනේ කරන්නෙ..මම ගල් ගැහිලා ගියා ඊයේ ඔබේ කමෙන්ටුවෙන්. බලන්ඩකෝ ඔබ කියලා තියන දේ.

    “අපට මුල ඉදලම ඔයා ගැන සැක හිතුනා.ඔයා මේකේ එකේක අයට ගරු කර කර විහිලු කර කර බොරු දුකක් ඇරගෙන එඩිටර් එන්නෙ නැති එක ගැන එකේක කතා කියනකොට” එහෙම ඉදිරියට ප්‍රශ්න පත්‍රය ලියාගෙන ගිහින් අවසානයේ ප්‍රශ්නයක් අහනවා ඒ නොදන්න බවින් ඔයා ප්‍රයෝජන ගන්නවා නේද..? කියලා.

    ඉතින් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ..මෙහෙම කියනකොට මේවා විහිලු කියලා හිතෙයිද කියලා..එසේ නොමැතිව මම විහිලු නොහඳුනන කෙනෙකු නොවේ.ඒ පිටටම අලුත් ලිපියකුත් පලවෙලා තිබුණා.මොකද මම අපේ ආදරණීය හිතවතුන්ට අපේ හිතමිත්‍ර ඔබතුමා ගැන විවිධ කතා කිහිපයකුත් කියලා තිබුණා.ඒක නිසා මට ඔබේ කමෙන්ටුවත් සමඟ විශාල කණගාටුවක් හා ඔවුන් ඇත්තටම මා මෙහි කතෘ වන අප හිතමිත්‍ර ඔබතුමාගේ යහලුවෙකු බව නොකියා මා ඔවුන් ව රැවටුවා වැනි සිතුවිල්ලක් ඔවුන්ගේ සිත් තුළ මා ගැන හටගන්න ඇතැයි සිතූ නිසයි ආවේගාත්මක අයුරින් ඔබට පිළිතුරු දීමට සිදුවුණේ.

    ඔන්න අද නම් විහිලුවක් කරලා කියලා තේරුණා.ආදරයක් ගැන කියූ නිසා.එහෙත් ඔබ මොන ආදරයක් ගැන ද මේ කියන්නෙ කියා සඳහන් කරලා නෑනේ..මේ වෙබ් අඩවියේ අප සෑම දෙනාම වගේ සහෝදරාත්මක,හිතමිත්‍ර බවින් යුතු හිතවත් කමක් සහිත ආදරයක් නම් අවුලක් නෑ. එහෙත් ඉතින් ඇත්තටම බොහොම කණගාටුවෙන් උනත් කියන්ඩ වෙන්නෙ නදීශා. වෙනත් විදිහේ ආදරයක් නම් මට ඒ ගැන ඇත්තටම තවම සිතන්ඩ විදිහක් නෑ.මට තව වැඩ ගොඩක් තියනවා.ඉස්සරහටවත් ඉතින් පුලුවන් උනොත් බලමු..එක්කෝ..එපා..එපා..එහෙමත් ඕන නෑ.ඔයා පැහැදිලි ව මුහුණෙන් දකින වෙන කවුරු හරි ගැන බලාපොරොත්තු තියාගෙන මුහුණ නොදකින මා ගැන තියන බලාපොරොත්තු ටික සම්පූර්ණයෙන්ම මේන් ස්විච් එකෙන් ම ඕෆ් කරලා දාන්ඩ.

    නැත්තම ආයේ කියං..මට බලපොරොත්තු දීලා විහිලු කර කර මාව රැවැට්ටුවා.මූට හොඳක් නම් වෙන්ඩ එපා.මම කොයිතරම් බලාපොරොත්තුවකින්ද හිටියේ.මෝඩයා..(සත්තු වත්තෙ සතුන්ගෙ නම් කියමින්)__(ශුද්ධ සිංහල කියමින්) ඒක හින්දා අහසේ සිට එන අධි වෝල්ටීයතාවයන්ගෙන් යුතු ආදරණීය හතේ හතක් මූට පාත් වෙන්ඩම ඕනී කියලා ආදරණීය ප්‍රාර්ථනාවක්වත් කරොත් එහෙම…

  • Power

    Pink Panther සහෝදරයා..

    කමක් නෑ..ඔහේ ආපුවාවෙවෝ බලන්ඩ..එතකොට ඒ ගැනත් බලාගන්නංකෝ. මම කොහොමත් ඇත්තටම පොඩි වැඩ වලට වගේම දරුණු බරපතල වැඩ වලටත් ගොඩක් ම කැමතියි.(හබැයි එයින් අදහස් කරේ කිසිසේත්ම මිනීමරන්ඩ,මංකොල්ල කන්ඩ වගේ දරුණු අපරාධ වැඩ කරන්ඩ කැමතියි කියන එක එහෙම නොවේ.) ඒත් එක්ක මම ඔබේ කමෙන්ටුව කියවා ගෙන යන විට බැලුවා බැරිවෙලාවත් මගේ පරිගණකයේ යතුරු පුවරුවේ වත් අර ඔබ කියූ Ignore Button එක තියනවාද කියලා. Delete, End කියලා Button දෙකක් නම් තියනවා.එහෙත් Ignore Button එක නම් මේකේ කොහෙවත්ම නෑනේ.කර්මාන්තශාලාවෙන් එනකොට ම ආපූ තාක්ෂණික දෝශයක්ද කොහෙද..

    එහෙත් දෙයියෝ බැලුවා වගේ හොඳ වෙලාවට සහෝදරයා ඔබ ඒක අපේ සිතේ තිබෙනවා කියලා යටින් ලියලා තිබුණේ.නැත්තං මම අදම යන්ඩ කියලා බැලුවේ Ignore Button එක තියන කී බෝඩ් එකක් හොයන්ඩ. 🙂

  • Power

    ආදරණීය sayumi සොයුරියනි..

    කොහෙත්ම නොහැකයි සයුමි.. මට නදීශා කියා ඇති දේ ඉරා පොඩිකර පැත්තකට විසි කර දමන්ඩ බෑ.ඇය මට අද කියනවා ආදරෙයිලු..ඉතින් කොහොමද එහෙම කරන්නෙ.. 🙂 ඒත් පසුව සිතා බැලුවා. මේ අලුතෙන් ඇවිත් සිටින නදීශා නිසා අපේ මුල් අවධියේ සිට අද දක්වාම සිටින ආදරණීය සයුමිගේ වචනය කෙසේ නම් අහක දමන්ඩද කියලා.ඒක නිසා නදීශාගේ කතාව පොඩ්ඩක් ඇගේ හිත නොරිදෙන ආකාරයෙන් පොඩි කරලා දැම්මා. ඒ වගේම යහපත් ගතිගුණ නැති කර ගන්නෙ නැතුව ඉන්ඩ බලන්නම්.ඒක නිසා නැවතත් අපේ සහෝදරාත්මක හිත මිත්‍ර බැඳීම අපි සැම එක්ව අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයාණන් වෙනුවෙන්,දේශමාමකත්වයෙන් යුතුව ශක්තිමත් ව හැකි දවසක් වනතුරු ඉදිරියටත් පවත්වාගෙන යන බවට මා පොරොන්දු වෙමි.

    හැබෑට See you කියලා තියනවා නේද..? මළ කෙළියයි.

  • Power

    ආදරණීය Dinuu..

    බෑ..බෑ..මම වෙනස් වෙනවා දිනූ..මම වෙනස් වෙනවා.මට දැන් මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නෙ..පුදුම කණගාටුවක්.ඒක නිසා මම වෙනස් වෙනවාමයි.හැබැයි ඒ වෙනස් වෙන්නෙ ඔබ කියූ නිසා අර ඊයේට කලින් හිටපු පරණ පවර් විදිහටමයි.අවුලක් නෑනේ එහෙම වෙනස් වුණාට. 🙂 ඔබ කියන කතාව හරි.කිසි කෙනෙකුට කාටවත් ඕන විදිහට වෙනස් වීමට කිසිසේත්ම නොහැකියි.ඇත්තටම මට සමාවෙන්න දිනූ..මට ඊයේ ආවේගාත්මක කණගාටුවක් ආවා අර නදීශාගේ කමෙන්ටුවත් එක්ක.ඒකයි එහෙම නිකම්ම කතා කරපුවාම වැඩේ ඉවරයිනේ කියා හා අර ෆන් කතාවක් ගැන කියවුණේ.එසේ නොමැතිව ඔබ සැමදෙනා ගැන කිසිම අහිතක් සිතා එහෙම නොවෙයි.මොනවා කරන්ඩද..ඒ වර්ගයේ විහිලු නොහදුනාගැනීමේ ප්‍රතිපඵ තමා ඒ. සමාවෙන්ඩ…

    අපේ ආදරණීය දිනූටත් ජයෙන් ජය ම වේවා..!

  • Power

    මොංගල් සමරේ සහෝදරයා..

    අවුලක් නෑ සහෝ..ඒත් ඇත්තටම මට නම් හිතාගන්ඩ බෑ ඇගේ ඇම්ම මොකක්ද කියලා නම්..කමක් නෑ ඇයගේ කැමැත්තනේ.ඔය කියලා තියෙන්නෙ සමාවෙන්ඩ මම විහිලුවක් කලේ ඒ වගේම ආදරෙයි කියලා.
    🙂

    අපි සහෝදර සැම දෙනාම සුපුරුදු ලෙසින් අපේ ගමන යමු.

  • Dinuu

    ඔක් 11 වෙනිදා අපේ එඩිටර් තුමා වෙතට සිදු වූ දැඩි අවහිරතා නිසා අපේ වෙබ් අඩවියට ලියන්න නොහැකි වී තිබෙනවා කියාත්, හැකියාව ලද විගස නැවත අප හමුවෙනවා කියාත් දන්වලා දින 10 ක් ගත වුනා. අපේ කමෙන්ට්ස් අනුමත කරන එතුමාගේ මිතුරාට වත් අපට පොඩි බලාපොරොත්තුවක් දෙන්න හැකි නම් වටිනව මේ වෙලාවේ. කමෙන්ට්ස් ලියන්න එන අයත් ටික ටික ගිලිහෙනවා වගේ තේරෙන නිසා. තෙරුවන් සරණයි!

    • Pink Panther

      අලුතින් කිසිවක් පල නොවන නිසා එහෙම වෙනවා..
      ඒ නිසා දිගටම මේ විදිහට අලුත් පොස්ට් පලනොවී තියෙන එක අයහපත් තත්වයක්.

      අනිත් අතට දේශද්‍රෝහීන්ගේ මඩ, චෝදනා නොමග යැවීම් දිගටම එල්ලවෙනවා කලින් වගේම..
      අර ජපන් මොටෝ නොගුචි කියන කෙනාට අධිකරණ ක්‍රියාවලියට මහින්ද මහතා ආරාධනා කළා කියල රනිල් කරපු නොමග යවන කතාව වෙනදා වගේ නම් මේ වෙනකොට පැහැදිලි කිරීමක් සමග ලිපියක් පලවෙලා මේ වෙබ් අඩවියේ…

  • Dinuu

    මෙන්න අපේ යාලුවන්ට යමපාලනයේ ‘සතියේ හොඳම කියමන’…..

    “මම විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කියන ඇමතිකම බාරගන්න විට …’ඩිජිටල්’ කියන්නෙ මොකක්ද කියලා අහලා තිබුනෙවත් නැහැ”- අමාත්‍ය හරින් ප්‍රනාන්දු

    අනේ අනිච්චං! රටකට ගිය කලක්!

Leave a Reply