Mahinda Rajapaksa: ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්... ඇත්ත උවමනාව මේකයි... – මහින්දගෙන් නිවේදනයක්...

Thursday, October 15, 2015

ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්... ඇත්ත උවමනාව මේකයි... – මහින්දගෙන් නිවේදනයක්...

ස්වාධීන රූපවාහීනයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීම් විකශණය කොට ගෙවීම් සිදු නොකල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනයක් නිකු්තර කර ඇත.

මෙහි පල වෙන්නේ එකී සම්පූර්ණ නිවේදනයයි.

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැදවීම

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කැදවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ෂණයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති / ප්‍ර‍ධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාල පත් කිරීම කර තිබුණේ කළින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී “මීඩියා ෆැක්ටරි” ආයතනය මගින් දැන්වීම් පල කිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුලින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සදහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුලම “ස්පෙෂල් සොලුයුෂන්” ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්‍ෂ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාල දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළද ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍ර‍චාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්‍ෂ 86 ක් ආපසු දීම තුලින් ස්වාධීන රෑපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සදහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සදහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කල බව කොමිසමේ ලිපියේ සදහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්‍ෂකයා වෙනුවෙන් ප්‍ර‍චාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්‍ෂණය කිරීම ඡන්ද අපේක්‍ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍ර‍චාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්‍ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්‍ෂය විසින් ප්‍ර‍චාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍ර‍චාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්‍ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්‍ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත.

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්‍ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්‍ෂකයකුගේ දැන්වීම් ප්‍ර‍චාරය ඇතුලු කටයුතු සිදු කරනු ලබන්නේ අදාල පක්‍ෂයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරණු අපේක්‍ෂකයාගේ වගකීමක් නොව අදාල පක්‍ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කල යුතු බවට යෝජනාව ශ්‍රී ලංකා නිහස් පක්‍ෂය තුල ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාල යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්‍ෂයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැදවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන  වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්


















තවත් අයටත් බලන්නට "Share" කරන්න.

74 comments:

  1. අලුත් ලිපියක් පලවීම සතුටක්..
    අපේ පැරණි එඩිටර්තුමා නැවත පැමිණියාද කියලා දැනගන්න කැමතියි..
    තවම ලිපිය කියෙව්වෙත් නෑ...

    ReplyDelete
  2. බටහිරට ගැති නොවන පාලකයෝ ඉන්න රටවල් වලට මානව හිමිකම් චෝදනා ගෙනත් ඔවුන්ව යටපත් කරනවා වගේ මේකත් කොහෙන්හෝ බොරු චෝදනාවක් ගෙනත් කුමන විදිහෙන් හෝ මහින්ද මහත්මයාට තිබෙන ජනප්‍රසාදය බිඳ වැට්ටවීම තමයි මොවුන්ගේ අරමුණ..

    අද වෙද්දී කුමන හෝ විදිහකට නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට ජනතා කැමැත්ත ඇතිවීම සහ ඔහු ඔවුන් වෙනුවෙන් පෙනිසිට යාම මතයකට නායකත්වය දීම වැනි ස්යළුම දේවල් වැළක්වීමේ සැලැස්ම තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ..
    ඔවුන් දන්නවා චෝදනා විතරක ඇති කියලා අපේ රටේ ඉන්න බහුතරයක් මෝඩ මිනිසුන්ගේ ඔඋලුවට යමක් කාවද්දන්න..ඒකයි ඔය දේවල් ඔහොම කරන්නේ..

    ප්‍රශ්න කරනවා නම් ඉස්සෙල්ලම ඕකට කැඳවන්න ඕනේ රටේ ජනාධිපති නෙමෙයි ඒ කාලේ..
    අනිත් එක චන්ද කාලේ දෙයක් නම් අනිවාර්යෙන්ම පක්ෂ ලේකම්ව තමයි හැම ඒකටම කැඳවන්නේ .. අඩු ගානේ ITN එක ගැන වෙන අයගෙන් ප්‍රශ්න කිරමට ඕනෙම නම් (ආසාවට)ඉස්සෙල්ලම ඒ කාලේ හිටපු ජනමාධ්‍ය අමතිගේන්වත් ඉස්සෙල්ල ප්‍රශං කරලා ඔක්කොම විසඳගෙන ඉන්න ඕනේ ..
    මෙව්වා තමයි යහපාලන විහිළු.. හැබැයි ඕවා විහිළු කියලා ගොඩක් අයට තේරෙන්නෙත් නෑ .. යහපාලක අමනයෝ එහෙම තේරුම් ගන්න ඉඩක් දෙන්නෙත් නෑ..

    මොනා උනත් මේ වගේ ප්‍රකාශ නිකිත් කිරීම අත්‍යවශ්ශයි මේ වගේ වෙලාවක.. නමුත් මේ ප්‍රකාශා වලට මධ්‍යයේ නම් දැන් එතරම තැනක් දෙන පාටක් පෙන්න නෑ..
    මේවා පුළුවන් මට්ටමෙන් සමාජ ගත කරන්න ඕනේ..
    ඒ කාර්යය සදහා mahinda.info තමයි පහුගිය කාලයේ තිබුන හොඳම සහ සාර්ථකම ස්ථානය ..

    ReplyDelete
  3. Piyaseeli SenanayakeOctober 15, 2015 at 12:13 PM

    We have seen many government changes since 1948. But, every time the UNP comes to power (specially since JRJ), they give such a hard time to their opponents. JRJ, Ranil and Chandrika may be the Colombo 7 crowd, but they are the lowest of the low our country has seen. The meaning of the word MANUSSA is MANASA USAS (ie: human being means a being with a higher intelligence). The conduct of these three (now copied by Pambaya Sirisena) shames the incarcerated criminals languishing in jails the world over.

    When JR took so much trouble over Mrs B's Civic rights issue, he showed to the whole world what his real class is.

    Somewhere I read that wife of Sajin Vaas is being accorded special security. They are building a case against Rajapakse's not because Rajapakse's are corrupt but because the witnesses are corrupt. I am sure the same goes with the Geneva resolution and the legal case following that.

    ReplyDelete
  4. මේ චෝදනා පහම කිසිම තේරුමක් නැතිව මහින්ද මැතිඳුන්ගේ වටිනා කාලය නාස්ති කරන්න ගොඩ නගපු රටම හිනස්සන විහිලු! මේවාට වගකිව යුතු අය මේ වගේ අනවශ්‍ය බොරු ප්‍රශ්න වලින් එතුමාට කරදර කිරීම වහාම නතර කරන්න පියවර ගත යුතුයි. මේ කිසිම දේකින් ජනතා හදවත් වල මහින්ද මැතිඳුන්ට ඇති ආදරය සහ ගෞරවය චුට්ටක්වත් අඩු වන්නේ නැහැ. තව වැඩි වෙනවා මිසක්. බලන්න මේ පින්තූර වලත් ජනතාව කොයි තරම් ආදරයකින්ද එතුමා වටකරගන්නේ?
    පින්ක්,එඩිටර් තුමා ආවා නම් ඔබට පිලිතුර එසැණින් ලියනවා.කෙසේ වෙතත් වෙබ් අඩවිය අප්ඩේට් වීම සතුටකි. ස්තුතියි. එඩිටර් තුමා අප අමතන තුරු බලා සිටිමු.

    ReplyDelete
  5. බුදුදහමට මහත්සේ ගරුකරන ඔබතුමාට මෙවැනි දේ අරුමයක් නොවේ.අශ්ඨලෝක ධර්මයන්ගෙන් එකක් පමණයි.නිරෝගීව ධෛර්යයවන්තව ඉවසීමෙන් කටයුතු කරන්න.ඔබතුමා පිටුපස රටට දැයට ආදරය කරන මහා ජන ගංගාවක් සිටින බව පමණක් මතකයේ
    තබාගන්න.චිරං ජයතු !

    ReplyDelete
  6. චිරන් ජයතු අපේ ජනපති ගරු මහින්ද මැතිඳුනි!
    ඔබතුමාගේ පින්බර මුහුණ දැක්කත් ඇති මූසල ජහපාලන ඝන අන්ධකාරය දුරු වෙන්න.
    අපි බලමු; බොරුවෙන්ම පත්වූ, බොරුවෙන්ම රට කරන, බොරුවම මිස වෙන මුකුත් නොදත්, බොරුවෙන්ම ඔබතුමාට දමා ගසන, බොරු මිස වැඩ බැරි යහපාලන පිස්සන්ට; තව කොයි තරම් කල් මේ බොරුවෙන්ම රට ගෙනියන්න ලැබෙයිද කියලා..

    ReplyDelete
  7. හිතවත් මහත්මයාණෙනි,

    ඔබ නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම පිළිබඳ මාගේ සතුට ප්‍රකාශ කරමි.එහෙත් මට ප්‍රශ්නයක් තියනවා. මෙහි පසුගිය ලිපියකට Nadeesha යනුවෙන් අදහස් දක්වා ඇති කෙනෙකු මම ඔබගේ යහලුවෙක් බව පවසා ඇත.ඒ වගේම ඔබ නොදන්න කමින් මම ප්‍රයෝජන ගන්නවා කියලා ඇය හිතනවලු..ඒ වගේම පවර් කියලා කමෙන්ට් දාන මම ඔබගේ යහලුවෙක් කියලා ඔබ දන්නෙත් නැතුව ඇතිලු..දැන් මේකේ අනෙක් පිරිසටත් ඇයගේ ඒ සැකය ඇත්ත කියලා හිතුනද දන්නෙ නෑ.කුමක් නිසාද ඔබ එදිනම (15) අලුත් ලිපියක් පල කරපු බැවින්.

    එහෙත් ඇත්තටම මම ඔබගේ මුහුණ දකිමින් ආශ්‍රය කරන පෞද්ගලික යහලුවෙකු නොවේ.මම දන්නෑ ඔබතුමා කවුද කියන එකවත්.අනෙක මට ඒ ගැන දැනගන්ඩ කිසිසේත්ම අවශ්‍යතාවයකුත් නෑ.එම නිසා මම කාගෙවත් නොදන්න කමකින් ප්‍රයෝජන ගන්ඩ ගිහිල්ලත් නෑ. එබැවින් කරුණාකරලා මා ගැන වැරදියට නම් හිතන්ඩ එපා මහත්මයා.

    ReplyDelete
  8. Ranil & Pambayata wena wedak ne wage.
    Ape nirbeetha Janadhipathi Mahinda Rajapaksa mathithumaata mada gahala, puluwan tharam wada dennai yanne.
    Api balaagena indiumu....Ranil tai, Ranil ge kumbure inna pambaya tai, pambaya ge goyyantai wedi kal mewa karannata beri wei.
    LTTE kotiyanwa paraajaya karala ape rata bera gaththa ekama naayakayaa ta neda mehema karanne?????
    E athare, jail eke inna upawaasa karana kotiyanwa nidahas karanna maargayak neda den salasum wenne???????????? Me kotiyo neda ape rata kaala kaala vinaasa karanna giye?????Mona tharam aparaada kalaada...
    E aparaada karapu, den upawaasa karana kotiyanwa balanna adikaranayen
    eeye giya neda????
    NY gihilla aapu pambaya kiwwa, Mahinda Rajapaksa Janadhipathi thuma upawaasa karapu Wimal Weeransa ta thambili pewwa kiyala.
    Den Ranil & pambaya LTTE ekata ratama powa genai yanne.

    ReplyDelete
  9. හොඳ ලමයා.October 16, 2015 at 12:07 AM

    ජනාධිපතිතුමාගෙ ආරස්සකයො මොනවද කරන්නෙ. ඔය මාධ්‍යය කාරයන්ව කලින් පරීක්ෂා කරනවද. හැම්ඩගෙ එවුන් අවසාන මොහොතෙ උන්ව කොල්ල කාල හිර කරල උන්ගෙ බඩුයි හැඳුනුම්පතයි අරන් ඇවිල්ල ඔය ලෙබල් ගහපු මයික් එකකට පුපුරන ද්‍රව්‍ය දාල දික් කලොත් මොකද කරන්නෙ. නැත්නම් මයික් එකක් හොරෙන් මාරු කරල තිබුනොත් මොකද කරන්නෙ. ඔය මාධ්‍ය කාරයන්ට ජනාධිපති තුමා මුකුත් කියන්න ඕන නෑ. ඕනෙමනම් එකෙක්ගෙ මයික් එකකට විතරක් කිවුවම ඇති. සෝම හාමුදුරුවන්ටත් වුනදේ මුලු ජාතියම කලින් දැනගෙන හිටියද. උඹල කාටවත් හිතාගන්න බැරි දේවල් හැම්ඩා කරන්නෙ. ලංකාවෙ මිනිස්සු උදේ වැටිච්ච වලේ රෑ වැටිල ඊලඟ දවසෙ උදේටත් ඒකම කරනව. උඹල කොහෙත්ම හිතන රටක නෙවෙයි හෙට ඉන්නෙ. ක්ෂණයකින් වෙනස්වෙන්නෙ නොහිතන විදියට. මහින්ද ඉන්නෙ එක එකාට උන්ගෙ සංදර්ශන වලට ගන්න නෙවෙයි.
    රවීන්ද්‍රන් කරුනානායගම්ගෙ බ්ලූමැන්ඩල් වෙඩි තැබීම ගැන දැන් මේ මිනිස්සු හොයන්නෙ නෑ නේද. මහින්දටත් මුන් කරන්නෙ ඔච්චරයි. සෝම හාමුදුරුවන් ගැනත් තිබ්බ උවමනාව දැන් නෑ නේද. සේයා දැරිය ගැනත් දැන් උවමනාවක් නෑ නේද. අන්තිමට මුලු රටම ඉන්නෙ කවුරු හරි පරීස්සනයක් කරන්නැතැයි කියාගෙන.

    ReplyDelete
  10. Nadeesha ගේ commnet එක එතරම් තදින් හිතට ගන්න ඕන දෙයක් විදිහට මට නම් හිතෙන්නේ නෑ සහෝදරයා (නෑ .. නෑ.. Power කියන්නේ මගේ අයියා හෝ මල්ලි නෙමෙයි ;) ) . ඇත්තටම එය කියෙව්වම මට නම් හැම ප්‍රශ්නයක් අස්සෙම හිනාවක් ගියා....
    අපි පොඩි කාලේ රණ්ඩු වෙද්දී ඉදිරිපත් කරන හේතු මතක් උනා... ;)

    මේ ගැන අපි සාකච්චා කිරීමම අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරගැනීමක්.. Nadeesha ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස සරල උදාහරණ සහිතව ටිකක් දිග අදහසක් ලිව්වත් ආයේ හිතුනා මේක කතා කරන්නවත් අවශ්‍ය දෙයක් නෙමෙයි කියා.. එය පලකලේ නෑ ..

    මට නම් කියන්න තියෙන්නේ මම මේකේ එඩිටර්තුමාගේ ලොකු මාමා හෝ පොඩි මල්ලි හෝ සීයා හෝ වෙනවද කියන එක එඩිටර් තුමාටවත් මටවත් වැඩක් නෑ... ඒ නිසා අනිත් අයට කොහොමත් වැඩක් නෑ...

    මේ දේවල් නිසා අපි නියම ප්‍රශ්න වලින් පැන යනවා... හරියට යහපාලකයෝ අවධානය වෙනස් කරන්න වෙන දේවල් කරනවා වගේ (අර සිරිසේන රට පාවා දීලා එද්දී විරත්වයෙන් පිළිගැනීමක් එහෙම කලේ ඒ ගැන සත්‍යය යටපත් කරන්න ) .

    එඩිටර් තුමාට යම් බලපෑමක් කව්රුන් හෝ බලහත්කාරයෙන් කරනවාද ඒ නිසා එතුමා කරදරයට පත් වෙලාද සහ ඒ වෙනුවෙන් එතුමා කැමති නම් අනිත් අයට යම් දෙයක් කරන්න පුලුවන්ද කියන දේ ගැන විතරයි අපිට යම් කිසි දෙයක් කතා කරනවා නම් කතා කරන්න පුළුවන් වෙන්නේ .
    එසේ නැතිව එඩිටර් තුමාගේ පෞද්ගලික තොරතුරුමොනවාද, ඔහුගේ මිතුරන් කව්ද එවැනි අයගෙන් ප්‍රශ්න කර එඩිටර් තුමාගේ විස්තර සොයා ගත යුතුයි වගේ විහිළු කතා ගැන කතා නොකලයුතුයි.

    රටේ සිද්ධ වෙන දේවල් ගැන, පාවාදීම් ගැන දේශ ද්‍රෝහී ක්‍රියා ගැන සාකච්චා කරන එක නැවතෙන්න දෙන්න හොඳ නෑ මේ වගේ දෙයක් නිසා..

    ප.ලි. : හිතවත් මහත්මයාණෙනි, කියලා Power කතා කරලා තියෙන්නේ.. ඒ කියන්නේ හිතවතෙක් .. එඩිටර්තුමාගේ යාලුවෙක් වෙන්න ඕනේ.. නැත නම් හිතවත් කියලා කියන්නේ කොහොමද...
    සාධාරණ සැකයක් ;)

    ReplyDelete
  11. හිතවත් පවර් සොයුරා,
    ඔය නදීශා කවුද කියලා මට නම් සැකයි. මෙතන නැති අවුලක් ඇති කරන්න ආ කෙනෙක් විය හැකියි.

    ReplyDelete
  12. dils, හිරේ ඉන්න කොටි නිදහස් කරගෙන ඔය හයිබ්‍රිඩ් අධිකරණයේ අපේ විරුවන් ට විරුද්ධව සාක්කි කාරයෝ කරගන්න ලු සැලැසුම් කරන්නෙ.

    ReplyDelete
  13. These traitors will burn on fire for treating you like this after all what you have done to this blessed country. You was a great President for Sri Lanka and a man who deserve more respect than any past Presidents. The Sira/Wicky/Choura combination has become the joke of the day. Their hate will never end until they squeeze and take the blood out of the Sinhala nation. These servants of the west will not be able to sleep if they go ahead with the Geneva resolution which the majority oppose in my country. Wake up Sinhalese,come to your senses before it's too late. We are always there for you Mr.President.May the triple Gem be upon you and the whole nation.

    ReplyDelete
  14. හොඳ ලමයාOctober 16, 2015 at 2:53 PM

    අර 9 වෙනි පොටෝ එකේ ගෑනියෙක් ටැලිපෝන් කෑල්ලක් දික් කරං ඉන්නව. ඔය විජයකලා කියන ගෑනි හරි ජයලලිත බඩ්ඩ හරි එවපු ගෑනියෙක් හරි ඇවිත් මොකක් හරි දික් කරල පුපුරවගෙන මරාගෙන මැරුනොත් මොකද කරන්නෙ. මේ වෙබ් සයිට් එකේම පෙන්නන විදියට ජනාධිපතිතුමා මාලිගා හැදුවා කියල හොර වීඩියෝ පෙන්නල මිනිස්සු රවට්ටපු TNL කාරයොත් ඉන්නව මයික් දික් කරගෙන. උන්ව සතේකට විස්වාස කරන්නෙපා.
    අත්තනගල්ලෙ ආන්ටිත් ඇහැක් ගලවගෙන ඉන්නව නේද. හැමදාම හරියන්නෙ නැති සිහින දකින්න එපා. ඊට පස්සෙ රටම ගල් ගැහිල ඉඳියි කරගන්න දෙයක් නැතුව. අපි අසරණ වෙලා වගෙයි කියල බැනර් එකකුත් එල්ල ගනියි. මතකයක් හිටින්නෙම නැද්ද. නැත්නම් හැමදාම කාටහරි මොකක් හරි වෙනවට ආසද මන්දා.

    ReplyDelete
  15. පින්ක්ගේ කතාව හරි, නදීෂා අපේ පවර්ගෙන් සමාව ඉල්ලාත් ඇති නිසා, මේ ගැන අපි දැන් අර ignore button එක පාවිච්චි කරමු නේද? පවර්, දිනූ මොකද හිතන්නේ?

    මේ ගැන පොඩ්ඩක් බලමු;

    දෙමුහුන් යුධ අපරාධ අධිකරණය එපා!
    * රණ විරුවන් සුරකින ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය****
    ඔක්.19 සවස 3 ට , විහාර මහා දේවී එලිමහන් රන්ග පීඨයේදී
    (දිනේශ්, විමල් ,වාසු, ගම්මන්පිල...ඇතුලු නායකයින් රැසකගේ සහභාගිත්වයෙන්)

    එක් වෙමු ,රොද බැඳෙමු, රට රැක ගත් රණ විරුවන් සුරකිමු !!!

    ReplyDelete
  16. Copy from - Sampath Sagara

    ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------
    * මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
    * කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
    * මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
    * බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
    * ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
    * “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
    * යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
    .
    ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------
    * තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
    * අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
    * මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
    * ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
    * හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
    * ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
    * ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
    .
    මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------
    * ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
    * රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
    * හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
    * යුධ අපරාධත් කරලනෙ මුන්
    * කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
    * ඉඩම් නිදහස් කරව්
    * හමුදා කඳවුරු ඉවත් කරව්
    .
    දැන්-------------------------------------------------------------------
    * මහින්ද කොටින්ට සල්ලි දුන්න
    * කරුණ කියන්නෙ භයානක කොටියෙක්
    * කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
    * යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
    * මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
    * උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
    * අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ
    .
    ----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු
    සැලෙන්න එපා මහින්ද මහත්තයෝ. බත් කන මිනිස්සුන්ට මේවා හොඳට මතකයි.

    ReplyDelete
  17. සයුමි, අපි ignore button press කරමු කියන යෝජනාව හරිම කාලෝචිතයි. අපි මේ වෙබ් අඩවියට එන අරමුණින් මොහොතකටවත් පීලි පනින්න ඕනෙ නැහැ. ඔය විදියට අනවශ්‍ය කතා බහට අපිව යොමු කරලා පීලි පන්නන්නම හිතාගෙන ඇතුල් වෙන අය වෙනත් වෙබ් අඩවි වලත් ඕනෙ තරම් මා දැක ඇත. මහින්ද මැතිඳුන් සහ මව්බිම රැකගැනීමේ අවංක සාඩම්බර අරමුණින් ඉදිරියට යමු. ඔක්19 විහාර මහා දේවී උයනේදී සවස 3 ට සැබෑ දේශප්‍රේමීන් හා අපි හැමෝම මහත් අභිමානයෙන් එක්වෙමු!

    ReplyDelete
  18. ow Dinuu, me website eke comments liyana api ekathu wela monawa hari karannda one.
    eth, ranil kotiyai, pambayai ketha weda karagena yanawaa... me rate inna kelehi guna danne nethi ayage es arinne kohomada?
    Hema TV channel ekakma penwanne negative news..especially TNL, Sirasa & Shakthi.
    Pambayage goviyo tika balanne me news ne.

    ReplyDelete
  19. Eththa thamai Honda Lamaya....mamath kalpanaa karanne aiy me tharam risk ganne kiyala.

    ReplyDelete
  20. Honda Lamaya you are very correct.Mr.President do not come to the middle and answer questions.All those in the Media turned back on you.Do not trust them.See the difference then and now? Is there any freedom for anyone? Remember how you were treated by your own people after your defeat. Who was with you and who supported you when you were down.Remember the Traitors well and do not give a glass of water to those who backstab you. Nature will punish those cowards. just believe in good. Take care more than before. We need you more than before.Jayawewa.

    ReplyDelete
  21. රටට ජීවයම දුන්-දැයට පිය සෙනෙහෙ දුන්-"අප්පච්චි" ඔබට මා-ණයගැතිය මුලු හදින්...
    ඔබ මැවූ අසිරිය මෙහි-මුලු ලොවම මවිත කර-සිහි කරමි දිවා රැය-කදුලු පිරි දෙනෙතින්...
    කළගුණ නොදත්-නොමිනිස් කම් පිරි-දුදන ලොවකිය-බිහිවුණේ එක් රැයකින්...
    අහෝ ලක්මවුනි-ඔබව අසරණ- කල නොහැක මට-වඳිනෙමි වැටී දණින්...!

    මේ ලක් දෙරණේ-අපේ පින්බිමේ-හෙළ බොදු හඬක්-ඉතින් කවදා ඇසේවිද මට...
    සිල් සුවඳේ-බෝ මලුවේ-සුලඟින් සෙලවෙන-සිලි සිලි බෝ පත් යට...
    සැඬ සුලඟකට-හසුවිය පහන් සිළු-දැල්වී නිවී යලි-හෙලමින් රටම ඝනඳුරට...
    පායන්න යලිත් "හිරු"-ලැබ දෙන්න ජීවය-නව ලොවක් උදා කර-එලිය දී මගෙ රටට...!

    දැයේ විරුවන් මෙදා-අහෝ අප තනි කලා-මිදෙන්නට හැකි වේද-මේ මහා සාපයෙන්?...
    අපේ කදුලැල් පිසූ-අපේ හදවත් නිවූ-විරුවනට නේද මේ-වූයේ මහා ගුණමකුවන්...
    මේ අහස-මේ පොලොව-කෙසේ උහුලා විද-මේ රුදුරු භයංකර-මහ පාප කර්මයන්...
    ලක් මවුනි දයාබර-සමා වුව මැනවි මට-වෙහෙස වෙමි දිවා රැය-ඔබ රකින අදිටනින්...!

    ReplyDelete
  22. හොඳ ලමයාගේ කතාව හරිම ඇත්තයි, ඔබතුමා බොහොම පරිස්සම් විය යුතුමයි. අපි හීනෙකින්වත් නොසිතන නොපතන දේවල් ක්ෂණයකින් වෙන්න පුලුවන්. අතීතයේ එහෙම දේවලට කප් ගහපු නැති, එහෙම දෙයක් අහලාවත් නැති, ලිච්ඡවී රජ දරුවොනේ බලයේ ඉන්නේ.
    දෙයක් උනාට පස්සේ අඬලා දොඩලා පසු තැවිලා වැඩක් නෑ. චන්දේ කාලෙටත් වඩා දැන් තමයි අවදානම වැඩි. වැඳලා කියන්නේ, අනේ ඔබතුමා අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් මීට වඩා පරිස්සම් වෙන්ඩ.
    ( ඔබතුමා මැදමුලනට ගිය දවසේ අපි සිතින් දුක් වින්ද හැටි තාම අමතක නෑ...දින ගණනක් යනකන් හරියට බතක් ඉව්වේ නෑ.ඉව්වත් කන්න හිතක් නෑ. කිසි වැඩක් කරන්න නැගිටගන්නවත් හිත දෙන්නේ නෑ.පරිසරයත් අන්ද මන්ද වෙලා වගේ. ගහක වැලක එක කොලයක් සෙලවෙන් නෑ එක හුලන් පොදක් නෑ...( මේ මන් අත්දැකපු දේ ) ඉතින් අපිට ඊට වැඩි දුකක් නම් කොහොමවත් දරා ගන්න බෑ.)

    ReplyDelete
  23. dils,මේ රටේ බහුතරයක් ඉන්නේ කල ගුණ දත් පැහැදිලි හෘද සාක්ශියක් ඇති යහපත් මිනිසුන්. නමුත් රටේම අවාසනාවට ඒ අයව නිහඬ කරන්න බිය වද්දන්න කුරිරු දුදනන්ට හැකි වුනා. ඒ පාපයට මුලු රටම මේ මහා ඝනඳුරට වැටුනා. අපි එක්ව හඬ නැගිය යුතුයි. එක ධජයක් යට රටට සැබවින්ම ආදරේ අය ශක්තියක් විය යුතුමයි.

    අපේ වෙබ් අඩවිය කතරේ එක් ක්ෂේම භූමියක් ලෙසයි මා දකින්නේ. අපි මෙහි ශක්තියක් වෙමින් මෙහි රැඳී සිටීමත් රටට කරන මෙහෙවරකි. රට බේරාගත් විරුවන් අනතුරේ හෙලමින් අධිරාජ්යවාදීන් ඉදිරියේ දණින් වැටී විදේශීය අධිකරණ පිහිටුවා ඔවුන් වැරදිකරුවන් කරන්න වෙහෙසෙමින් යමපාලකයන් එය "මහා හපන්කමක්" ලෙස රටම රවටන මේ වෙලාවේ සැබෑ දේශප්‍රේමී හඬට අපි සැවොම අනිවාර්‍යයෙන් එක්විය යුතුයි.

    ඔක් 19 විහාර මහා දේවී උයනේදී සවස 3 ට එක්වෙමු! මව්බිමට ජයවේවා! සැබෑ දෙශප්‍රේමීන්ට ජයවේවා!

    ReplyDelete
  24. ජිනීවා මැදිහත්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අභයාරාමයේදී පැවත්වූ

    'විද්වත් මාධ්‍ය සාකච්ඡාව':

    https:/www.youtube.com/watch?v=ovlRexuz9bk

    ReplyDelete
  25. සයුමි, එතුමා මැදමුලනට ගිය දිනය ඔබ විස්තර කල විදියටම තමයි මේ රටේ ලක්ශ ගණනක්(බහුතරයක්) එදා හඬා වැටුනේ හදවතින්මයි! ඒ සෙනෙහෙ අපේ හදවත් වලින් කිසිදා අඩු නොවේ. සමාජ ජාලා වල හාමුදුරු වරු පවා 'බතක් නොවැලඳූ' හැටි ලියා තිබුනා.

    මොන නායකයද සයුමි එවන් සෙනෙහසක් ආදරයක් ජනතා හදවත් වලින් ලබන්නේ? තව වසර 1000කටවත් එවැනි නායකයෙක් මේ ලක් දෙරණෙහි පහල නොවෙන බව ස්තීරයි. එතුමාට හතුරෝ වැඩි වුනෙත් ඒ තේජවන්ත කමට සෙනෙහෙවන්ත කමට ඉරිසියා කල නිසයි. අදටත් අඩුවක් නැහැ. අපේ ආයුෂත් අරන් එතුමා තව බොහෝ කලක් මේ පුංචි ලක් දෙරණෙහි සුවෙන් සතුටින් වැජඹේවා!

    ReplyDelete
  26. http://lankacnews.com/sinhala/news/136749/

    කළු කොටින්ට නිදහස....රට බේරා ගත් රණවිරුවන් දංගෙඩියට....ජනතාව ඉල්ලූ වෙනස මෙයද?

    ඔක් 19 සවස 3 ට විහාර මහ දේවී උයනේදී සැබෑ දේශප්‍රේමීන් හා එක්වෙමු! මව්බිමට ජයවේවා!

    ReplyDelete
  27. මොංගල් සැමරේOctober 18, 2015 at 8:36 AM

    අපේ උන්ගේ කකුල් කැඩිලා යන්න
    පෙන් ටෝර්ච් බැටරි කෑල්ලට
    සෙට් කරපු බට්ටෝ හදපු
    කොලබ මරාගෙන මැරෙන්න ඇවිත්
    කමින් ඉන්න
    තැන තැන ඝාතනවලට ඔහ්තු බලපු
    උන්ගේ ටොසි බුද්ධි අන්ශේ එකාලව
    දේශපාලන සිරකරුවන් බෝර්ඩ් එකට අරන්
    නිදහස් කරපල්ලා කියලා කෑගහද්දීම
    උන්ගේ දරුවන් වෙනුවෙන් දිගුදුර මෙහෙයුමේ
    බඩට බත් නොකා සටන් කරපු එවුන්
    එකා දෙන්න ගානේ හිරේට යනකොට
    මිනීමරුවෝ දඩුවම් විදපල්ලා කියනකොට
    උන් ඉකිගහලා ඇඩුවේ නැතුවට
    වෙපෙන් එක ලග තිබ්බනම්
    වෙඩි තියාගනීවී පපුවටම

    FB එකේ සැරිසරද්දී නුවන් කියලා සහෝ කෙනෙක් ලියපු කවියක් හම්බුනා මට හිතුනා එක මෙහි පල කරන්න

    ReplyDelete
  28. ඔක් 19 විහාර මහා දේවී උයනේ එලිමහන් රංග පීඨයේ සවස 3 ට ඒකාබද්ධ විපක්ශයේ රැලිය!
    විදේශ අයට සජීවී විකාශය...

    https://www.youtube.com/watch?v=8GSwibDbsEQ

    ReplyDelete
  29. මොංගල් සැමරේOctober 18, 2015 at 8:48 AM

    http://www.lankacnews.com/sinhala/136741/
    http://www.lankacnews.com/sinhala/136748/
    http://www.divaina.com/2015/10/18/defence.html
    http://www.divaina.com/2015/10/18/news01.html

    ඕනා නම් මේ ලින්ක් වලින් තොරතුරු ගන්න

    ReplyDelete
  30. මොංගල් සැමරේOctober 18, 2015 at 9:04 AM

    රට රැකුමට මෙලක උපන්
    ධීර වීර විරු පුතුනි
    නුබේ මවුන් හා සමවී
    රැකුවා ලක් මෑණි උතුම්

    නුබේ දිවිය අහිමි කරන්
    නිවහල්වූ රටක් ලබාදුන්නු
    ජාතියේ මුර දේවතාවෙනි
    නුබට තවම ගැතිය රටක්

    එකා පිටේ එකා මලත්
    අතනෑරියේ සටන කිසිත්
    ජය පෙනිපෙනි මලත් නුබත්
    සදා සිතේ ලැගුම් ගණිත්

    නොදෙමිය මගේ උතුම් ලක් මෑණි පාවා
    හැන්ගී ආවත් යහපාලන රෙද්දේ සැගවී
    රටකට හිතැති යහපත් මිනිසුන්
    තවමත් ඉන්නවා අප අතරේ

    ReplyDelete
  31. මොංගල් සැමරේOctober 18, 2015 at 9:13 AM

    ගැමුණු ගජබා වැනි විරුවන්
    එක්සත් කලේ එදා කලෙත්
    එවන් පරපුරේ වත්මන්
    විරු සොයුරෝ ඔබත් ඉතින්

    කොටියා දැම්මට මොනමොන සද්ද
    සිංහයෝ බය නෑ කිසිවිට වෙත්ද
    ඇසුනොත් සිහනාද දුවනවා පස්සේ
    වලිගය ගහගෙන නොබලා පැත්තේ

    ඇත තිබ්බොත් මගේ රටට
    කෙලවෙනවා සත්ත තොපට
    දන්නේ නැද්ද අපේ හයිය
    පෙන්නනවා තොපට ඔන්න

    ReplyDelete
  32. මොංගල් සැමරේOctober 18, 2015 at 9:18 AM

    මහසෝන් සහෝ රටවෙනුවෙන් සහෝ අයෙත් ගින්දර වගේ comment දාන්න මහින්ද.ඉන්ෆෝ එකට එන්ඩෝ
    ඔයාගේ යාලු සමරේ සයුමි දිනු power පින්ක් පැන්තර් හොද ලමයා සහ editor තුමා එක්ක බලන් ඉන්නවෝ මේ ඔයාලගේ අදහස් ඕනෙම කාලයයි

    ReplyDelete
  33. Dear Editor,Power, Dhinnu,Sayumi, Mongal Samare, Pnk .P ,and all other friends

    I am back after long holiday.

    Regards
    Rata Wenuwen

    ReplyDelete
  34. මම නැවතත් ඔබ අතරට පිවිසියෙමි,
    රට වෙනුවෙන්

    ReplyDelete
  35. රට වෙනුවෙන් හිතවත, ඔබේ නැවත පැමිණීම සතුටකි. අපෝ අපි බයවෙච්ච තරම් නැවත එන්න ප්‍රමාද වුනාට. දැන් ඉතින් රට වෙනුවෙන්ම පෙනී සිටින්න වෙනවා. නිවාඩු නම් අනුමත නොවේවි සෑහෙන කාලෙකට. සුබ පැතුම් එක් කරමි!

    දැන් පවර් නිදහස්. දඩුවම් ඉවරයි. සතුටින් ඉන්න. කාගෙවත් වචන වලට නොසැලී.

    ReplyDelete
  36. By: චතුෂ තුෂර කුමාර

    මහින්දට ඉතාමත් සීඝ්‍රයෙන් සමාව දෙමින් සිටිමි.

    මහින්ද කල දාහකුත් හොඳ අතරේ කල ඇතැම් ගොබ්බ වැඩ වලට ප්‍රසිද්ධියේ බැණ නොවැදුනද... (රනිල් පොරක්ය කියලා හිතං ඉන්න ගොබ්බ හැත්තකට ඉනිමං බඳින්න උවමනාවක් නොමැතිකම නිසා... - එය ඉතාමත් නුවණැති හා නිවැරදි තීරණයක් බව අද වෙනකොට වඩාත් හොඳින් ඔප්පු වී හමාරය) අපිද සිත යටින් බැන වැදුන අතර... මහින්ද පාක්ෂික හිතවතුන් සමඟ එවැනි දේ ගැන විවෘතව සාකච්ඡා කලෙමි... ඇතැම් දේ ගැන අපගේ අදහස හැකි මාර්ග වලින් අදාල තැන්වලට දන්වා යැවීමද කර ඇත...

    අපටද පාලනය කරගත නොහැකි වූ එවැනි ඇතැම් දේවල් එදා මහින්ද විසින් කිරීම අපද කල කිරවන සුළු වූවද... අනිත් පසින් බලය අල්ලා ගැනීමට දත කමින් සිටි පාහරයින් හා ඔවුන්ගේ අනුගාමික පාහරයින්ගේ ඇති විනාශකාරී ස්වභාවය පිළිබඳව අපට වූ නිසි තක්සේරුව මත හැකි තාක් එවැනි දේට විරුද්ධව නැග ආ ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රසිද්ධ තැන්වල අපට පෙනී සිටින්නටද විය... සතුරන්ට එසේ මුහුණ දුන්නද ඇතුලතින් අපටද කලකිරීමක් හා අසතුටක් තිබුණි. අප අප අතරේ මහින්දට බැන ඇති වාර ගණන අපමණය...

    එහෙත්...

    අද වන විට ඒ සියළුම වැරදිවලට මහින්දට සමාව දීමට අපට සිදු වෙමින් පවතී... දවසින් දවස.. මොහොතින් මොහොත.. තත්පරයෙන් තත්පරය.. රනිල්-සිරිසේන මෝඩ තකතීරුවන් දෙදෙනා හා උන්ගේ ඇම්බැට්ට සහචරයින් විසින් මේ රට ඇදගෙන යන ආගාධය පෙනෙද්දි... මහින්ද කල ඇතැම් වැරදිවලට පවා යම් සාධාරණ හේතු තිබිය හැකි බව දැන් දැන් මට සිතෙයි.. එසේ හේතු ඇතත් නැතත්... ඒ සියල්ල අද වන දේට වඩා සැර අඩුය... එහෙයින්... අන් අය කෙසේ කීවද... මම නම් දවසින් දවස... මහින්දගේ සියළු වරදට සමාව දෙමින් සිටිමි... අද රට කරවන අමනයින්ගේ තත්වය හමුවේ මහින්ද යනු කලකින් රටකට පහල වන අන්දමේ සෑහෙන පිරිසිදු දේශපාලන චරිතයකි...

    ReplyDelete
  37. හිතවත් රට වෙනුවෙන්,
    යලි අප අතරට පැමිණීම ගැන හරිම සතුටුයි !!
    ඔබ නොමැති අඩුව ඉතා තදින් දැනුනා. දැන් ඉතින් පොඩි දඬුවමක් නම් දෙන්න ඕනේ, දිනූත් එකඟ වෙයි මන් හිතන්නේ:
    ජිනීවා නාඩගම සහ අපේ ජනපතිඳුන්ට බිල් නොගෙවීමක් ගැන කරන අභූත චෝදනා ගැන රසවත් කවි දෙකක්වත් ලියන්න.
    (දිගටම අප හා රැඳෙන්න, සුභ පැතුම් ! )
    ( කෝ දැන් මේ පවර්? )

    ReplyDelete
  38. ඒ වගේම ඔය හිරේ ඉන්න කොටි හදිසියේම නිදහස් කර ගැනීමේ තවත් අරමුණක් වෙන්න පුළුවන් LTTE එකට අපරාධ චෝදානාවන් එල්ල වෙන එක වලක්වා ගැනීම අනාගත පරික්ෂනයකදී..
    මොකද ඔය අපරාධ කරුවන් ත්‍රස්තවාදී චෝදනා සහිතව සිරකර සිටීම අනාගතයේදී කොටි හිතවාදීන්ට යම් අවාසියක්..
    හරි නම් මේ වගේ වෙලාවක කරන්න ඕනේ ඔය අපරාධ කරපු එවුන්ව නිදහස් කිරීම නොවෙයි උන්ට විරුද්ධව නඩු විභාග කරලා දඬුවම් දීම. එතකොටවත් අපේ හමුදාව සටන් වැදුනේ මිලේච්ච ත්‍රස්තතවාදීන්ට එරෙහිව කියලා ආයේ සැරයක් කාට කාටත් මතක කරලා දෙන්න පුළුවන් මොවුන්ට තියෙන චෝදනා හරහා..

    ReplyDelete
  39. අනිවාර්යෙන්ම .. මේ වගේ වෙලාවක ආරක්ෂාව ගැන හිතන්න ඕනේ පළමුව.. අනවශ්‍ය අවධානමක් ගන්න කිසිම හේතුවක් නෑ..
    ඔන්න චන්දෙ කාලවලදී නම් එතුමාට අනතුරක් කරද්දී මුන් දෙවතාවක් හිතාවි මොකද එවිට එතුමා නියෝජනය කරන පිලට යම් වාසියක් එයින් යන්න පුළුවන් කියා.. නමුත් දැන් මුන්ට නිදහසේ ඕනෑම දෙයක් කරයි මොකද ඊළඟ චන්දෙ වෙද්දී වැඩිහරියක් මිනිස්සුන්ට එහෙම අනතුරක් උනාද කියල මතක තියෙන එකකුත් නෑ වෙන බයිලා කතා ටිකක් ඔලුවට දැම්මාම.

    (අවධානමක් ගන්න ඕනේම නම් දැන් කරන්න තියෙන්නේ වෙනම විදිහේ දෙයක්... ඔය සිරිසේනගේ නිදහස් පක්ෂේ මිනිහටයි මිනිහගේ බලු කුක්කෝ ටිකටයි දීලා වෙන පක්ෂයක් හදාගෙන නායකත්වය අරගෙන පිට වෙන එක ඔය අමන දේශද්‍රෝහී නිදහස් පක්ෂයෙන් )

    ReplyDelete
  40. දැන් අලුත් පෝස්ට් එතරම් පල නොවෙන නිසා මන් හිතුවා යම් අදහසක් දක්වන්න.
    මන් දැක්කා සති අන්ත පුවත්පත් වල තියෙනවා සිරිසේන සහ ප්‍රසන්න රණතුංග අතර හමුවක් ගැන. එහිදී සාකච්චා වෙච්ච දේවල් සහ ප්‍රසන්න රණතුංග දීපු උත්තර ගැනත් පුවත්පතේ තිබ්බා . නමුත් මට කියන්න ඕනේ එතනින් එහාට දෙයක්.

    මම නම් කිසිම විදිහකින් සිරිසේන නායකත්වය ගන්න පක්ෂයකට ආයේ චන්දය දෙන්නේ නෑ.. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ..නිදහස් පක්ෂේ ජාතික නායක සිරිසේන, සමස්ත ලංකා නායක :මහින්ද රාජපක්ෂ
    ඔය මොන තනතුරු දුන්නත් කොටින්ම සිරිසේනගේ උපදේශක විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා පත්කළත් මම නම් සිරිසේන ඉන්න පිලට චන්දය දෙන්නේ නෑ ඒක රනිල්ට චන්දය දෙන්නේ නෑ කියන එක තරම්ම ස්ථිරයි.
    ඒ නිසා මේ මොහොතේ මහින්ද මහත්මයා සහ එතුමාට ඇත්තටම හිතවත් අය කරන්න ඕනේ ආයේ සැරයක් මහින්ද මහත්මයාව සිරිසේන එක්ක සම්බන්ද කරන එක නොවෙයි.. ඒ ගොනා පහුගිය චන්දෙන් පස්සේවත් ඔවුන් විකුණා දැමුවා කියලයි මා නම් හිතුවේ...
    ඒ නිසා මහින්ද මහත්මයාගේ නායකත්වයෙන් බිහිවන අලුත් පක්ෂයකින් නිවැරදි කණ්ඩායමක් සමග එන කෙනෙකුට පමණයි මම නම් අනාගතයේදී චන්දයක් ලබා දෙන්නේ.. ඒ කණ්ඩායමට අර කලින් වගේ පැනීමේ වාර්තා තියපු අයත් ඉන්න බෑ.. කොච්චර කෙරුමෙක් බිද්ධිමතෙක් උගතෙක් උනත් පලවෙනි සහ දෙවැනි අප්පච්චි මලෝ කණ්ඩායමේ කිසිම කෙනෙකු චන්දෙදි ඒ අලුත් පක්ෂයට ගන්න බෑ..
    දැන් කලින් කරපු මෝඩ වැඩ නවත්වලා ඉදිරියට යන්න කාලය හරි..
    නිවැරදි බලවේගය සුළුවෙන් හෝ පටන් ගත යුතුයි. එය දින්නත් පැරදුනත් මා නම් එම පිලට චන්දයක් දෙනවා සිරිසේන කොච්චර බලවත් උනත් මගේ චන්දයක් නම් ආයේ නිදහස් පක්ෂයට දෙන්නේ නෑ..
    මා සියලුම මේ රටට ආදරය කරන මහින්දවාදීන් ගෙන් ඉල්ලන්නේ සිරිසේන ඉන්න පිලකට චන්දය දෙන්න එපා කියලා ආයේ කිසිම දවසක.

    ReplyDelete
  41. කනගාටුයි මට අද පැවතුන රැළිය බලන්නවත් අවස්තාවක් හොයා ගන්න බැරි උනා.
    ඒ රැළියට සහභාගි උන කෙනෙකු යම් විස්තරයක් සදහන් කරලා කොමෙන්ට් කරන්න..
    වෙනදා නම් ඒ වගේ දෙයක් ගැන ලිපියක් මෙහි පලවෙනවානේ

    ReplyDelete
  42. මේ ලින්ක් ඒකෙන් සජීවීව බලන්න පුළුවන් , මෙවර යන්න බැරි වෙච්ච අයට
    (මේ comment එක සමුළුව ඉවර වෙන කලින් publish වෙයි කියලා හිතනවා )
    විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී - සජීවී විකාශය
    https://www.youtube.com/watch?v=8GSwibDbsEQ

    ReplyDelete
  43. සර්.... මම මේ ටික කිව්වට කේන්ති ගන්න එපා. මාත් එක්ක තරහ වෙන්න එපා. මම අපේ පාක්ෂිකයන්ගේ මතය සර්ට කෙළින්ම කියල ඉන්නම්. ඊයේ තිබුණ අපේ මිනුවන්ගොඩ ගෙදර අපේ ආසනබල මණ්ඩල රැස්වීමක්. ඒකෙදි මම කතා කළේ ඉදිරි මැතිවරණවලදී අපි එකතුවෙලා වැඩ කරන හැටි ගැනයි. එතනදී අපේ ආසනයේ මිනිස්සු එකහෙළාම කියන්න ගත්තා ආයිත් සර් ඉන්නකන් ශ්රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න කියල කියන්න එපා කියලා. පාක්ෂිකයෝ කලකිරිලයි ඉන්නේ... හැම තැනම තත්ත්වය ඕකයි.

    අපි මොනවද මේකට කරන්නේ....?

    කරන්න දෙයක් නැහැ සර්.... මිනිස්සු ඉන්නේ කේන්තියෙන්. පක්ෂය පරාජය වීම ගැන මිනිස්සු කලකිරීමක ඉන්නවා. මහින්ද මහත්තයා පරාජය වුණා නොවෙයි පරාජය කළා කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. ජනතාවගේ සහයෝගය ගන්න නම් මහින්ද මහත්තයා උවමනායි. මහින්ද මහත්තයාව පක්ෂයේ ඉදිරි වැඩ කටයුතුවලට ගේන්න නම් ඒකත් සර්ලම තමයි කරන්න ඕන. මහින්ද මහත්තයා එන එකක් නැහැ දැන් බලෙන් පක්ෂයේ වැඩවලට.

    අර මොකද....

    මහින්ද මහත්තයා පැරදුණා. සර්ලා දිනුවා. දැන්a පරාජිතයා ඇවිත් සර් ළඟ වැඩ කරන එකක් නැහැ. පරාජිතයා ගෙන්න ගන්න නම් දිනපු කෙනා ඒ සඳහා ඔහුට ආරාධනා කරන්න ඕන. ඒ වුණාට සර් වැඩ කළේ ආරාධනා කරන්න පුළුවන් විදියට නෙවෙයි නේ. සර් ඇමරිකාවේ ගිහින් ඇවිල්ලත් කළේ මාධ්යවලින් පලු යන්න මහින්ද මහත්තයට බැනපු එක නේ. ගඩාපිගේ කරට අත දාගන්න එකයි විමල් වීරවංශට තැඹිලි පොවපු එකයි අරගෙන සර් කාවදොa සන්තෝෂ කරන්න මහින්ද මහත්තයට බැන්නා. ඕවා දිහා ජනතාව බලා ඉන්නවා. සර් ඒවා හරි නෑ මහින්ද මහත්තයා පැරදිලා ඉවරයි නේ. ඒ මිනිහට පැරදිලත් තව තව ගහන එක කැතයි.

    අනිත් එක සර් ළඟ මිනිස්සු ගැනත් හිතන්න. අපි නම් කියන්න තියන ටික මූණටම කිව්වා. එතනින් ඉවරයි. ඒත් සමහර අය ඉන්නවා එක එක්කෙනා ළඟට ගිහින් එක එක පැත්තට කේළම් කියනවා. එදා චන්ද්රිකා මැඩම් පක්ෂ නායකත්වය ගන්නකොට එතුමිය ළඟට ගිහින් කේළම් කිව්වා. මැඩම්ගෙන් මහින්ද මහත්තයා ළඟට ගිහින් කේළම් කිව්වා. ඊළඟට ඒ අයම සර් ළඟටත් ගිහින් කේළම් කිව්වා. දැන් සර්ගෙන් වෙන කාට හරි නායකත්වය යනකොටත් ඒ අයම කේලම් කියාවි. ඔය මිනිස්සුන්ව විශ්වාස කරන එක අත හරින්න සර්....

    කෙසේ වෙතත් ප්රසන්නව ගෙන්වා ගනු ලැබුවේ මෙබඳු කතාවකට මුල පුරන්න නොවේ. එහෙත් ඔහුගේ ප්රවේශය මෛත්රීගේ හිත සුව පිණිස නොවීය.

    ReplyDelete
  44. සුභ ලකුණකින් රට දිනවන සන්ධානයක් එයි.. ශ‍්‍රීලනිපය අත සමඟ තනිවන හැඩයි..
    October 17, 2015 at 10:00 am | lanka C news

    ඉදිරි පළාත් පාලන මැතිවරණයයට තරඟ වැදීම හා ඉදිරි දේශපාලන කටයුතු සඳහා මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නවයක් එක් වී නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටී.

    මෙම නව සන්ධානය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් පිරිසක්ද එක්වනු ඇතැයි වාර්තා වෙයි.

    මෙම නව සන්ධානය සමඟ ‘මවුබිම සුරැකීමේ ව්‍යාපාරය’ ද එක්වනු ඇතැයි දැනගන්නට ඇත.
    -----------------------------------------------------------------------
    ජයවේවා !!

    ReplyDelete
  45. ටික දවසකට කලින් දැම්ම සහෝ. ඇඩ්ඩින් අයියා ඒවා සැර වැඩි හින්ද පල කරන්න වැඩි කැමැත්තක් නෑ වගේ. ඔවුන්ගේ පැත්තෙන් බැලුවම ඒක සාධාරණයි නේ. නමුත් මට ජහපාලක නිරි සතුන්ගේ වැඩ දැක්කම "ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව" අදහස් පලකරන්න වචන හිතට එන්නේ නැහැ. අනිත් එක සිංහල ගොබ්බ මිනිස්සු පත්කරගත්ත පඹයා ප්‍රමුඛ සපත්තු ලොවින රතු තොල් බලකා ආණ්ඩුවෙන් ලැබෙන රිටන් එකට මොනවත් කියන්න හිතෙන්නෙත් නැහැ. අපි/ විමල් සහෝ/ගම්මන්පිල සහෝ කිව්වට වැඩක් උනේ නෑ නේ. කාලම බලල වෙනස වටහා ගනිල්ලකෝ. !! වහුකුනු හැත්ත !

    ඒක නිසා අදහස් පළකිරීමෙන් වැලකි සිටීමට තීරණය කළා. නමුත් ලිපි සහ ඔබ සියලුදෙනාගේම අදහස් කියවීම නතර කර නැහැ. තෙරුවන් සරණයි.

    ReplyDelete
  46. මහසොහොන් සහෝදරයා,
    අදහස් දක්වන්නේ නැතුව ඉන්න එපා, අපි ඔක්කොම සම්පුර්ණයෙන්ම එකම විදිහට සටන් කලේ නැති උනාට අපේ මත වල යම් වෙනස්කම් තිබ්බට අන්තිමේදී අපි ඔක්කොම එකම තැනක තමයි ඉන්නේ.. එකම තැනකට එකම මතයකට එකතු වෙන්නේ ..
    ඒ නිසා මහසොහොන් වගේ අය අදහස් දක්වන්නේ නැති එක පාඩුවක් මම හිතන්නේ.. හැමෝම එකම විදිහට කතා කලොත් වැඩක් නැති වෙනවනේ ..

    තේරුම් ගන්න පුළුවන්, රටේ වෙන වැරදි අමන වැඩ දැකලා ඇතිඋන ආවේගය නිසා මහන්සි වෙලා ටයිප් කරපු අදහස පල නොඋනාම අපිට ටිකක් upset තමයි..
    ඒත් සැර බාල කරලා හරි කමක් නෑ ඉඳලා හිටලා හරි අදහස් දක්වනවා නම් හොඳයි.
    මොකද අවංක මිනිස්සු හරි අඩුයි මේ වගේ වෙලාවක සහ මිනිස්සුන්ට තරමක් තදින් උන් කරපු ගොන් වැඩ කියලා දෙන එකත් අත්‍යාවශ්‍යයි, උන් කරපු වරදේ තරම දෙනෙන්න ..

    ReplyDelete
  47. නැවත දැකීම සන්තෝසයක් ..

    ReplyDelete
  48. ඔව් ප්‍රසන්න කියපු දේවල් වල වරදක් මම දකින්නේ නැහැ, මයිත්‍රිට ඕන උනෙත් ඔය වගේ දෙයක් කතා කරන්න නෙවෙයි.. අනික වෙන කෙනෙක් නම් ඔහොම කෙලින්ම කතා කරන්නෙත් නෑ.. ප්‍රසන්න රණතුංග ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙනේ..

    මෙතැනදී අපි නැවතත් මහින්ද මහත්මයා සිරිසේන සමගින් වැඩ කරන්න ඕනේ කියන අදහස ඉවත් කරගන්න ඕනේ.. එහෙම නම් වෙන්න ඕනේ සිරිසේන අයින් වෙලා පක්ෂයේ නායකත්වය මහින්ද මහතාට දෙන්න ඕනේ නමුත් ඒක වෙන්නේ නෑ ..ඒ වෙනුවට ඔවුන් චන්දයක් හෝ වෙනත් දෙයක් ලං උනාම තනතුරක් දෙයි හොඳ කියයි මොකද මහින්ද මහත්මයාව විකුණලයි ඔවුන් චන්දෙ කරන්න ඕන ...
    ප්‍රසන්න වගේ අයටත් කරන්නේ එකයි.. පළාත් පාලන නියෝජිතයෝ ප්‍රසන්න රණතුංග එක්ක ඉන්න නිසා ප්‍රසන්න රණතුන්ගවත් ඒ වගේ වෙලාවක පාවිච්චි කරාවි..
    එතැනදී මහින්දමහත්මයාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂයක් නැති එක තමයි මේ දේවල් වලට කෙලින්ම බලපාන්නේ ..
    එතුමා අලුත් පක්ෂයක් හැදුවා නම් ප්‍රසන්න වගේ එතුමාගේ විශ්වාසවන්ත අය එතුමාගේ නායකත්වය වටා එකතු වෙනවා ... නමුත් දැන් ඔවුන් සිරිසේනගේ පක්ෂයේ සාමාජිකයෝ , එනිසා සිරිසේන යටතේ ඔවුන් ඉන්නේ... මහින්ද මහතාත් එහෙමයි..
    අලුත් පක්ෂයක සාමාජිකයෙක් උනා නම් සිරිසේනගේ කැඳවීමට යන්න ඕනෙත් නෑ..

    ඒ නිසා අපි සියලුම දෙනා කියන්න ඕනේ මේ වෙලාවේ මහින්ද මහතාගේ "නායකත්වයෙන්" යුත් පෙරමුණක් තමයි අවශ්‍ය, සිරිසේනගේ නායකත්වය යටතේ තියෙන පක්ෂයක හෝ සිරිසේන සමග හවුල්ව සහයෝගයෙන් වැඩ කරන පක්ෂයක් වත් නොවෙයි මේ වෙලාවේ අපිට ඕන කරන්නේ..
    අවන්කවම කිව්වොත් මම නම් සිරිසේන - මහින්ද හවුලක් හරහා එන චන්දයකදී වත් මගේ චන්දය සිරිසේන ඉන්න පැත්තකට දෙන්නේ නෑ..

    ඒ නිසා කව්රුන් හෝ යම් දේශපාලකයන් හා සම්භන්ධතා තියෙන අවංක මහින්දවදීන් මෙය කියවනවා නම් ඔවුන් හැමෝම සිරිසේනගේ නිදහස් පක්ෂය තියාගෙන මිනිහට බම්බු ගහන්න කියලා තමන්ගේ නායකයන්ට කියන්න අලුත් පක්ෂයක් බිහි කිරීමේ කාර්ය ආරම්භ කරන්න සහ එයට සහයෝගය දෙන්න කියලා ..

    ReplyDelete
  49. මේක හොඳ දෙයක් මෙහිදී මහින්ද මහතා නිදහස් පක්ෂයයෙන් ඉවත්වීම අත්‍යාවශ්‍යයි ඔය දේවල් වල නියම සාර්ථකත්වය දකින්න..
    මොකද එතුමා වටා තමයි නියම විපක්ෂයේ බලවේගය ඒක රාශි වෙන්නේ තවමත්..
    ඒ නිසා එතුමාගේ නායකත්වයෙන් යුත් පක්ෂයක් / සන්ධානයක් ඕන කරනවා..
    සිරිසේන,රනිල්,සම්බන්දන්, හකීම් නායකයෝ විදිහට ඉන්නවා වගේම මහින්ද මහතාත් වෙනම නායකයෙකු ලෙස සිටිය යුතුයි ඔහු දේශපාලනයේ ඉන්නතාක්...

    ReplyDelete
  50. සොදුරු අතීතය නොසිතු නිවට දනා,
    රට ගැන නොවෙයි බඩ ගැන සිතමින් වැනුනා,
    කොලේ හන්ග කෙලිනා ක්‍රම බොහෝ ලෙසිනා,
    ඇවිදිමෙන් රට ගැන සවනට වැටුනා.

    ජිනිවා නොවෙයි තොන්ඩුව කොහොමට ආවත්,
    බටර් ගගා මම නොදනිමි පඹයා කියත්,
    මොලයක් නැති කුහකයා අට වසර සමත්,
    ලගදිම නිලයා , ඔලුවට උගේ ටොක්ක අනි ත්

    ReplyDelete
  51. පවර්, සයුමි, දිනු ඔබලාගෙ පසුගිය ප්‍රතිචාර කියවිමෙන් පසුවයි ,මේ සදහන කරන්නේ---,
    එලකිරි වගේ කවි ටික මම කියෙව්වා,
    පට්ට පට වගේ ජයටම සරු ඒවා,
    අලුත් කවියෝ ඇවිදින් පිටු හැඩ කෙරුවා,
    මැතිදු මහින්දට ආසිරි මල් වේවා.

    පවර්, සයුමි, දිනු , මාගෙ හිතවත්තු,
    පිටුව ලස්සනයි , ඔබලා පින්වත්තු,
    ගම හැර ගියේ නැත මා,ඔබ සිත් ගත්තු,
    මහින්ද මැතිදු වෙනුවෙන් මම ලෙන්ගත්තු

    ReplyDelete
  52. නෑ කිසි කහටක්.. ලෙඩ ඇඳේ සිටින සෝභිත හිමි බලන්න මහින්ද යයි ---------------------------------------------------------------------------------
    October 20, 2015 at 9:20 am | lanka C news

    හෘදය සැත්කම් දෙකක් සිදු කර කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම රෝහලට ගොස් තිබේ.

    පෙරේදා දිනයේ හිටපු ජානාධිපතිවරයා රෝහලට ගොස් සෝභිත හිමියන් සමඟ පැය භාගයක පමණ සාකච්චාවක් පවත්වා ඇත.

    පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ මහතා පරාජය කරවන්නට සෝභත හිමියන් ඇප කැපවී කටයුතු කලහ.
    ------------------------------------------------------------------------------
    මිනිසත් බවින් පිරි උතුම් නායකයාණනි, ඔබතුමාට අපේ ආචාරය!

    (යාලුවනේ, මොකද මේ ගැන හිතන්නේ ?)

    ReplyDelete
  53. මහසෝන්, මේ වගේ කමෙන්ට් එකක්වත් ඉදහිට ලියන්න. නැත්නම් අපිට දුක හිතෙනව. මේ වෙබ් අඩවියේ මුල ඉදලම මහසෝන් හිටියනෙ. වෙබ් අඩවියට ඇතුල් වෙන්නෙත් නැති තරමට රට ගැන කලකිරිලා අමනාපෙන් කියලා හිතුවේ. ලිව්වේ නැතිවට කියවනවා කියලා දැනගෙන සතුටුයි. තෙරුවන් සරණ පතමි.

    ReplyDelete
  54. ඔව්. පින්ක් හරි.කෙටියෙන්ම කියනවා නම් අපිට අවශ්‍ය මහින්ද මැතිඳුන් නායකත්වය දරන; සැබෑ දේශ හිතයිශී සියලු බලවේග එකමුතුවෙන් බිහිවන (සිරා සහ ඇම්බැට්ටයන්ගෙන් තොර) අලුත් පක්ෂයක්.

    ReplyDelete
  55. සයුමි, 'මිනිසත් බවින් පිරි උතුම් නායකයා, බලන්න ඊයෙ පෙරේදා දිනක් ගිය මිතුරන් ගෙන් ලැබුන මේ තොරතුරු මට සයුමි, පවර්,රටවෙනුවෙන්,සමරේ,පින්ක්,මහසෝන් ඇතුලු අපේ හිතවතුන් ට කියන්න ඉවසුමක් නැතුව හිටියේ. මැදමුලනට අපේ මහින්ද මැතිඳුන් ඉන්න දිනයේ එතුමා බලන්න ගිහින් පැය තුනහමාරක් පෝලිමේ හිටියලු. පුදුම සෙනඟක් එතුමා බලන්න අදටත් එන බව දැනගෙන අපිට හරිම සතුටුයි. බස් රථ 48 ක් එයාලා ගිය කාලය තුල තිබුනලු. මුලු දවස පුරා ඒ වගේ කිහිප ගුණයක් බස් පුරවලා සෙනඟ එනවා ඇති.

    මේ තරම් සෙනෙහසක් ජනතාවගෙන් ලබන පින්බර වාසනාවන්ත නායකයෙකු තව වසර 1000 කටවත් බිහි නොවෙන බව මට නම් හොඳටම විශ්වාසයි.
    මොන ක්‍රමයෙන් හරි...වන්චාවෙන්, බිය වැද්දීමෙන්,ද්‍රෝහි වීමෙන්,තක්කඩි කමින්...ජනතාව රවටා බලයට පැමිණි ඔය යමපල්ලන් කාටවත් ජනතාවගෙන් ආදරයක් ගෞරවයක් කිසි කලෙක හිමි නොවේ!

    ReplyDelete
  56. තැටිය රත්වී රොටිය කරවී වැලදුවේ ඔබ සග පියාණෙනි,
    ඔබගෙ සිතතුල වයිර ගතිගුන හුවා දැක්වුයේ ඇයි ස්වාමිනි,
    මහින්ද මැතිදුන් කවරදාවත් අහිත නොපැතු මගේ රජාණෙනි,
    ලෙඩ ඇදේ සිට සිහිය නන්වා කලොත් භාවන සැපයි හිමියෙනි

    ReplyDelete
  57. මොංගල් සැමරේOctober 20, 2015 at 11:47 AM

    තැටි රත්කර රොටි කරකල
    නාග වෙහෙරේ සෝබිත
    ලබල අපල වෙලා අබල
    දැන් ඉන්නේ ලෙඩ ඇදෙ

    කියපු කොරපු හැමෙකක්ම දැනවෙන මුත් මහින්ද
    ගොසින් විමසන්නට සුවදුක මහ ගුනකද කොහින්ද
    මැරෙන්නට හිටිය සොබිත දැක්කම එනවිට මහින්ද
    සිවෙන්නට ඇති කරපු අසත්පුරුෂකම් සැනෙන්ද

    ReplyDelete
  58. ප්‍රිය දිනූ, තාමත් මැදමූලනට දිනකට බස් 48ක තරම් විශාල පිරිසක් අපේ මහින්ද මැතිඳුන් දකින්න යන බව ඇහුවම මට හරිම සතුටක් වගේම පුදුමයක් ඇතිවුනා! බලන්න දිනූ අපේ මිනිසුන් එතුමාට තිබෙන ආදරය. අපේ මිනිසුන් එතුමාව ඡන්දයෙන් දෙවරක් පරාජය කලා නම් දැන් මෙහෙම බලන්න යයිද ? මට නම් කොහෙත්ම ඒක පිලි ගන්න බෑ දිනූ. එකත් එකටම මොකක් හරි මගඩියක් කරලා විය යුතුමයි මුන් බලයට ආවේ...

    ReplyDelete
  59. යාලුවනේ, මහාචාර්ය නලින් ද සිල්වා ඔක්19 පලකල ලිපිය කියවිය යුතුමය. ජිනීවා සහ ඒකාබද්ධ විපක්ශය ගැන.

    http://www1.kalaya.org/2015/10/blog-post.html

    ReplyDelete
  60. ඔය අදහස තමයි සයුමි හැම තැනින්ම ඇහෙන්නෙ. යන යන තැන හැමෝම මහින්ද මැතිඳුන්ට! මම නම් දන්නවා එතුමා පැරදුනේ නැහැ. තවමත් බහුතරය එතුමාට. එය යට කරන්න මොන ක්‍රමයකින් හරි ද්‍රෝහී බලවේග වලට හැකි වුනා. දැන් ඉතින් යමපාලනය කරන ජිනීවා උගුල සහ රට බෙදීමේ න්‍යාය පත්‍රයෙන් ලක් මව සහ විරුවන් සමඟ අපේ මහින්ද මැතිඳුන් ආරක්ශා කරගන්න අපිත් ඒකාබද්ධ විපක්ශය හා අත් වැල් බැඳ ගනිමු!

    ReplyDelete
  61. රට වෙනුවෙන් පිලිගන්නවත් මොකද තවම පවර් ගෙන් හඬක් නොනැඟුනේ?

    ReplyDelete
  62. වෙන කෙනෙකුන් කොයින්ද...මුලු රටටම මහින්ද...!

    ReplyDelete
  63. Glad to see you again, vanakkam.

    ReplyDelete
  64. Heard new alliance is formed and Mr. MR briefed about that could you inform us about that? Thank you for answers dear participants.

    ReplyDelete
  65. යුද ගිනිදැල් නිවුනු රටක- නිදහස් සැප විදමිනේ,
    අසනු මැනවි- බලනු මැනවි- සිතනු මැනවි- මිනිසුනේ,
    ගල්ලෙන බින්දාට- ලෙන්දොර ඇරියාට,
    සින්හ කොඩියේ සින්හයාව මරන්න කිව්වාට,
    වෙඩිතියන්නේ කොහෝමද- රට රකින්නෙ කවුරුද,
    රජු මරන්නේ කොහොමද- අප රකින්නේ කවුරුද,

    ---
    ඔන්න බොලේ කචල්නේ- ඇමැති මඩුල්ලෙ කචල්නේ,
    සමරසින්හ ඇමැතියාගේ- බලතල කප්පාදුවක් අනේ,
    ඇරිකිල්ලයා බලෙන් අරන්- ඌට පලා බෙදාදුනේ.
    වාහන කරකවන ඇමැති- මත්තල ගොස් ජරමරේ,
    මහා ඇමැතියගෙ වී ගබඩා -එක වචනෙන් ඉවත් කෙරේ.
    හාබර් ඇමැති කයිවාරු- පත්කරගති උගේ සොයුරු,
    අසනු මැනවි- බලනු මැනවි- හොද සිහියෙන් මිනිසුනේ

    ReplyDelete
  66. ස්තුතියි DINU.
    නලින්ද සිල්වා මහත්මයාගේ ලිපි වල මුලික හරය අරන් බැලුවාම එතුමා සිදු වේවි යයි අනුමානව කියන දෙය අපේ බොහෝ දේශපාලකයන් හෝ බුද්ධිමතුන් කියන, සිතන දෙයට වඩා සත්‍යය වශයෙන් සිදු වෙන දෙයට ඉතාමත් ආසන්නයි.

    මට මතකයි පසු ගිය චන්දයේදී මහින්ද- සිරිසේන සහයෝගයෙන්, එනම් සිරිසේනගේ ආශිර්වාදයෙන් චන්දයට එන එක ගැන බොහෝ දෙනෙක් එදා සුභවාදීව හිතුවා. මම නම් මගේ පෞද්ගලික මතයට අනුව සිටියේ පරාජය උනත් සිරිසේනගේ යටතේ චන්දයට එන එක ඉතාමත් අනුවන වැඩක් කියන ස්ථාවරයේ (ප්‍රබුද්ධ දේශපාලන දැක්මක් නැති උනත් ).

    ඔය අතරදී මා දැක්කා නලින්ද සිලවා මහත්මයා කෙලින්ම කියලා තියෙනවා සිරිසේන යටතේ එන එක ලොකු වැරද්දක් ඒක මහා ගොන් කමක් කියලා හේතු සහිතව. එතුමා ගේ නම ජාතික ලැයිස්තුවට යෝජනා කරද්දී , සිරිසේන යටතේ තරග කරනවා නම් එම ජාතික ලයිස්තු මන්ත්‍රිදුරය ප්‍රතික්ෂේප කරන බවත් කියලා තිබ්බ.
    අද වෙද්දී අපි සියලුදෙනාම සිරිසේනගේ යටතේ චන්දය කරපු එකේ ප්‍රතිවිපාක අත් විදිමින් ඉන්නවා..

    එතුමාගේ මේ ලිපියේ මේ කොටස ඉතා වැදගත්..
    */
    " මේ ආණ්ඩුවට තහවුරු වීමට ඉඩඳුනහොත් අපි දිර්ඝකාලීන ව යටත්ව්ිජිිතයක් වෙමු. කළ යුත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් ම ආණ්ඩුව පරාජය කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ගියහොත් හයිබ්‍රිඩ් යටත්විජිතවාදීන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට අප සෘජුව ම ආක්‍රමණය කරනු ඇත. සියළු උද්ඝෝෂණ, විරෝධතා, රැස්වීම් ආදිය අවසානයේ දී ආණ්ඩුව පරාජය කිරීම සඳහා ම විය යුතු ය. "
    /*

    ReplyDelete
  67. සෝභිත හාමුදුරුවන්ට නම් එහෙම තමන් කරපු අසත්පුරුෂකමක් ගැන කලකිරීමක් ඇති වෙන එකක් නෑ. මොකද ඕවා නොදැන කරපු දේවල් නොවෙයි. පෞද්ගලිකව ලොකු උත්සාහයක් අරගෙන කරපු දේවල්..
    මොනා උනත් මහින්ද මහත්මයා සෝභිත හාමුදුරුවන්ව බලන්න ගියපු එක ඉතාමත් හොඳයි..
    ඔය වගේ අව්ස්තාවදීව වැඩ කරන ඕනෑම කෙනෙක්ට සහ සමාජයේ ඉන්න අනිත් අමන මිනිස්සුන්ටත් ඒකෙන් එකතරා විදිහක පහරක් වැදෙනවා...
    යහපාලකයන්ටත් ඕකෙන් පහරක් වැදෙනවා..
    යහපාලන සෙට් එක හදිසියේම සෝභිත හිමිගේ සැප දුක් බැලීමට යයි කියල පත්තර වල හරි news වල හරි දැන් හදිසියේම සිරස්තලයක් ගියොත් පුදුම වෙන්න දෙයක් නෑ... ;)

    ReplyDelete
  68. දේශමාමකOctober 21, 2015 at 9:00 AM

    යුධ අධිකරණ විනිසුරු ‘නොගුචි’ මහින්ද හමුවෙයි.. ‘ඔබට මෙහි නඩු අහන්න බෑ’ මහින්ද මුහුණටම කියයි..
    October 21, 2015 at 3:00 pm | lanka C news

    ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කලේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කලේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.
    රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කල ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුධ නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.
    ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්තාවටද පටහැනි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

    රොහාන් වැලිවිට
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
    මාධ්‍ය ලේකම්

    ReplyDelete
  69. Vanakkam ! Sitharan. Nantri (thank you)
    Rata wenuwen

    ReplyDelete
  70. මොංගල් සමරේOctober 23, 2015 at 2:28 AM

    ලංකා c news එකේ තිබ්බ මහින්ද මහතා අද විවදෙදි කතාවක් කරනවා කියලා ඒකවත් දානවට අලුත් පොස්ට් නැති එකේ

    ReplyDelete
  71. මොංගල් සමරේOctober 23, 2015 at 9:44 AM

    දැන් පෙන්නනවා දැන් පෙන්නනවා
    ලිච්ජවී රනිල් සමග සිරිමෝදී රගන අලුත්ම චිත්‍රපටය ලෙඩා මලත් බඩ සුද්දයි part 2 යහපාලන ජෝගිය
    සිනාවෙන්න හොදම ක්‍රමය දැන් පෙන්නනවා සීමිත කාලයකට පමණි

    අධ්‍යක්ෂණය තොප්පිගල clean
    නිෂ්පාදනය යහපලනයස් සිනමාස්
    ආලපාලු creations ඉදිරිපත් කිරීමක්

    ReplyDelete
  72. අවංකවම ඇත්ත .......සෑම විටම මහින්ද මැතිතුමා වෙනුවෙන් කථා කලද ...........පසුගිය රජය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් පිළිබඳව තිබුනේ මා සිත තුලත් කලකිරීමක්......... කණගාටුවක්......... නමුත් අද වනතුරු මහින්ද ජනපති තුමා වෙනුවෙන් පෙනී සිටින්නේ එතුමා..... අවුරුදු 30 ක් අපේ ජීවිතයට අමන නායකයින් බද්ද කර තිබූ ......... යුද්දයෙන් එඩිතරව පක්ෂ, පාට, ජාති, ආගම, කුල මල නොබලා බේරාගත් නායකයා වීම සහ මුල්ගල් වලට පමණක් සීමාවූ සංවර්ධනය.......... අප ඉදිරිපිට යථාර්තයක් බවට පත්කල මගේ ජිවිතයේ දුටු එකම නායකයා වීමයි........ මහින්ද මැතිතුමා සිදුකල ලොකුම වරද.......... එතුමා වටේ සිටි අපතයින් සිදුකල නොපනත්කම් වලට ක්ෂණික ප්‍රතිචාර නොදැක්වීමයි .......... ඒ අපතයින් බහුතරය අද මෛත්‍රී වටේ ඉඳන් මෛත්‍රීට ආතල් දෙනවා ........ඒ ලෙසම මහින්ද මැතිතුමා........ මා සිතන ලෙස එතුමාට අවංකවම සිටිය මිතුරන් වූ.......... විමල්, වාසු, ඩිවූ, දිනේෂ් වැනි කුඩා පක්ෂ නායකයි පෙන්වා දුන්....... රජයේ වැරදි ක්‍රියා ........ බැසිල්....... වාස්...... මෛත්‍රී.......SB........ වැනි අයගේ කීමට නොසලකා හැරීම මහින්ද මැතිතුමා සිදුකරගත් ලොකුම ව්‍යසනයයි...........හොදම නිදසුන වන්නේ..........බටහිරයන්ගේ හා UNP යේ විවේචනයට රජය පත් වන ලෙස ලෝකයෙන් ලබාගත් ණය ආර්ථික ගාතකයකු ලෙස වියපෘති වල යෙදවූ......... මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර....... ගැන යමපලනයට...... වගේ වගක් නැතත් ...... හිටපු ජනපති ලේකම්........සැබෑ ගැමි චරිතයක් වූ.......... ලලිත් වීරතුංග මහතාව මාරුවෙන් මාරුවට FCID යටත් විශේෂ ජනපති පරීක්ෂණ කොමිසම ඉදිරියට කැඳවීම........

    ReplyDelete
  73. එඩිටර් තුමා 2016 මැයි දක්වා පෙනුනා. දැන් ආපහු 2015 ඔක්තෝබර් වලට ආපස්සට ගිහින්. යමපල්ලන් රට සීඝ්‍රයෙන් ආපස්සට ගෙනියනව වගේ අපේ සයිට් එකටත් වැඩක් දෙනවද?

    ReplyDelete
  74. හිතවත් Dinuu, වෙබ් අඩවියට ඇතිවූ ප්‍රශ්නයක් නිසා වෙබ් අඩවිය මැකී ගියා. බැකප් එකේ තිබූ සමහර ලිපි පළ වුණේ නෑ. ඒවා නැවතත් පළ කිරීමට සිදු වුණා. අප විසින් ලියන ලද සියලුම ලිපි මෙහි තිබෙනවා. අතුරුදන්ව ඇත්තේ එතරම් වැදගත් නොවන ලිපි කිහිපයකුයි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.