ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.

[1]. “පසුගිය වසර කීපයම අපේ රට ජාත්‍යන්තරයේ පරාජයට පත් වුණා” යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවසුවා.

 

[2]. ඊට හේතු ලෙස “ප්‍රබල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් අපේ රටට ආපු විට මේ රටේ ප්‍රධානීන් කොළඹින් පිට ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙන්වා මඤ්ඤොක්කා කැවීම” ආදී කරුණු ගණනාවක් දක්වයි.

 

[3]. එම චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු දී තිබෙනවා.

 

[4]. එසේම අද මෙලෙස චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල මහතාට, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබෙනවා. පහත වීඩියෝ පටය සාවධානව අසා බලන්න.

එදා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන දේවල් කිහිපයක් මෙලෙසයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කරපු බලපෑම් වලට ඔබතුමා මුහුණ දීල තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුළ. ඒ නිසා තමයි අද ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදින් ඔරවන්නේ ගරහන්නේ නොයෙකුත් දේවල් කියන්නේ.

 

[5]. එදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අධිරාජ්‍යවාදීන් කවුදැයි ජනතාවට සිතා බලන්නට සිදුවෙයි.

පුද්ගලයන් ගැන ආකල්පය කාලයත් සමග වෙනස් වීමට හැකියි. නමුත් අතීතයේදී වර්ණනා කළ එකම නිශ්චිත කරුණකට කාලයකට පසුව ගර්හා කරයිනම් එය හෘද සාක්ෂියේ ගැටළුවකි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.

  • Samantha Prasad

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එදා, 2010 ජනාධිපතිවරණ සමයෙදි මේ කරන කතාව ඉවසීමෙන් අහන්න. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විවිධ කුමන්ත්‍රණ සහ බාධක මැද යුද්ධය ජයගත් ආකාරය ඔහු පැහැදිලි කරනව. අධිරාජ්‍යවාදී බලවේග, එක්සත් ජාතීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් මාධ්‍ය ආයතන වගේම කුහක විපක්ෂය මහින්දට එදිරිව ක්‍රියාත්මක වූ බවත් මහින්ද ඒවාට සාර්ථකව මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දෙනව. යුද්ධයෙන් පසුව අවුරුදු 100කට හරියන විශාල සංවර්ධන වැඩපිළිවෙලක් මහින්ද පටන් ගත්ත කියල කියන මෛත්‍රි, මහින්ද මේ මාතෘ භූමියේ පමණක් නෙවෙයි කළාපයේම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව සහතික කරනව. ඒ අතර යුද්ධය පැරදිලා ඊළම දෙන්න උනානං මහින්දට වෙන දේ ගැනත් මෛත්‍රී කියනව.

    ඓහෙමනං පස්සෙ මෛත්‍රී, මහින්දට විරුද්ධ වෙන්නෙ ඇයි? තර්කානුකූලව ගත්තොත්, එය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නං ඒ මහින්දගෙ හැසිරීම ගැන වෙන්න ඕන, එතකොට අවුරුදු 100 කට ගැලපෙන අර සංවර්ධන වැඩපිළිවෙලට විරුද්ධ වෙන්නෙ ඇයි?මෛත්‍රි දැන් ක්‍රියාත්මක වෙන විදිහ අනුව පේනව ඔහුට පස්සෙ ඇතිවෙලා තියෙන්නේ ඔය කියන ජයග්‍රාහී රටේ ගමන් මගට විරුද්ධ වීමේ උවමනාවක්. එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ඔප්පු වෙන්නෙ චන්ද්‍රිකා සහ රනිල් ඔහුට සම්බන්ධ වෙන විදිහ නිසා. කොටින්ම මහින්ද සහ අනිත් රාජපක්ෂලා වැරදිනං ඔවුන් අයින් කරල තමන්ගෙම හෘදසාක්ෂිය පිළිගන්න අර වැඩපිළිවෙලම ඉදිරියට ගෙනියන්න ඕන. ඒත් දැන් විපක්ෂය හොදයි, රාජ්‍ය නොවන සංවිධාන හොදයි, එක්සත් ජාතීන් හොදයි, අධිරාජ්‍යවාදීන් හොදයි… රාජපක්ෂලා විතරක් අතුගා දැමිය යුතුයි. එතකොට මෙතන කුමන්ත්‍රණයක් නැද්ද?

  • Kelum

    සිරිසේන තමුන්ට ලජ්ජා නෑ .තමුන්ගේ ප්‍රසිද්දිය ඕවා කිව්වා කියල වැඩිවෙන්නේ නෑ මිනිස්සු ඇත්ත දන්නවා එදා අන්තිම සටන වෙලාවේ බටහිර බලවතුන් කරපු තර්ජන ගර්ජන මිනිස්සු දන්නවා .තමුන් තමුන්ට ප්‍රසිද්ද වෙන්න ඔයවගේ කතා කියල උත්සාහ කලාට එක හරියන්නේ නෑ ඔය තමුන් පාවිච්චි කරන ක්‍රමය යහපාලන ක්‍රමය නෙවෙයි ඕක වයිරි දේශපාලන ක්‍රමය කෙනෙක්ට ගරහා තමා ප්‍රසිද්ද වෙන්න දරන බාල උත්සාහ කරන ක්‍රමය .ඔකේ ඇති වෙනසක් නෑ ඕක යහපාලන ක්‍රමය නෙවෙයි .ඔයවගේ කතා කියන්න කියන්න තමා තවතවත් වැලේ පතුලට යනවා .

    තමා දක්ෂයෙක් නම් යහපාලකයෙක්නම් දිනාගන්න ඕනා තමුන්ට චන්දෙ නුදුන්න අපිවගේ අය .එකට තමුන් ඔය කරන කතා විලාසය කිසේසෙත්ම ගැලපෙන්නේ නෑ .

  • You can judge a man with his comments whether he is an educated guy or a third class uneducated guy. Very unfortunate to have a President of that caliber in my country at the moment. From his comments like that we can judge him very well about his character and his education. I do not think you can compare this guy to any previous Presidents in my country. Traitor is always a traitor.Puppet is always a puppet and he is good for a paddy field.

  • shyam

    The incumbent president’s character is a true portrayal of political and psychological machiavellianism! His character is one to be pitied for in searching for personal glory, he has laid bare his true character! He cunningly manipulated the orchestrated political climate created by people who shared his ideology in the country prevalent at the time and is still continuing to ride the tide so to speak!It is apparent that the majority in this country also suffer from the same ideology of approving cunning and deceitful behavior! You reap what you sow! Though it is extremely distasteful to witness such reprehensible behavior from the present head of state and the way society is behaving in general, we all should remember that immoral behavior will not be tolerated by universal principles of justice and fair play! Deceit cannot triumph over truth hence all politicians should do well to remember the latin phrase ” vox populi vox dei (the voice of the people is the voice of God!); if not be washed away in the wrathful tide of public dissent! It appears at the moment that the incumbent head is inviting political disaster on himself by uttering such nonsensical statements in order to prop up his image! He embodies the Hans Christian Anderson fairy tale of Emperor and his new clothes main character the Emperor himself!

  • හිකිස් .. මෛත්‍රීපාල වගේ නායකයෝ තමා ලංකාවට ගැලපෙන්නේ.
    යකාගේ හැටියට ලු විමානේ.
    මහින්ද , මැතිනි වගේ කට්ටිය ලාංකෙයියන්ට හොඳ වැඩි.

  • Power

    තවත් බොරුවක්….

    එදා ජනමාධ්‍ය ඔස්සෙ පැහැදිලිවම කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විමල් වීරවංශ මැතිතුමාට ජලය ලබාදුන්නෙ කියලා.එදා ඔහුගේ එම ක්‍රියාව මේ රටේ සමහර මිනිසුන්ට විහිලුවක් වුණා.ඇත්ත ..සමහර විට එය මෝඩ වැඩක්ය කියා සිතන්නට පුලුවන.එහෙත් ඔහු එදා එම සටන සාර්ථක වේවා..අසාර්ථක වේවා දියත් කලේ මේ රට ජාතිය වෙනුවෙන්ය, රටේ මිනීමරු බෙදුම්වාදී යුගය නිමාකළ ජාතියේ එඩිතර නායකයන් හ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන්ය.එදා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමාට තවත් ජීවිතයක් බේරා ගැනීමේ පිනක් එකතු කර ගනිමින් එම උපවාසය අවසන් කරමින් ඔහුගේ ජීවිතය බේරා ගත්තා. එදා එලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විමල් වීරවංශ මහතාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඒ සඳහා කෘතගුණ දැක්වීම වෙනුවෙන් එදා වගේම අදත් ඔහු අප මාතෘ භූමිය වෙනුවෙන් හා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුලු වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් දේශපාලනමය වශයෙන් සටන් කිරීමට පෙරමුණ රැගෙන ඇති දේශමාමකයෙකි.

    අවශ්‍ය නම් තමුන් කියන ඔය උපවාස කරපු මිනිහටත් තිබුණා කෘතගුණත්වය,දේශප්‍රේමීත්වය පසෙක තබා අධිරාජ්‍යවාදීන්ට හිස නමාගෙන උන්ගෙ සපත්තු ලෙව කමින් රටේ ආර්ථිකය හිඟාකන තැනට පත්කොට තිබෙන තමුන්ගෙ මේ මහලොකු යහපාලන පාණ්ඩුවේ ඇමතිප්‍රේමියෙක් වීමට. ඒකට තමුන්…මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එකටම සිට එතුමාගේ බෙල්ල කපා දැමීමට රහසින් කටයුතු කරලා ඉවර වෙලා අද හොඳ මිනිහා වෙන්ඩ හදනවා. ලැඡ්ජයි ඕයි.

    තමුන් වගේ කෘතගුණ නොදත් උන්ට කියන්ඩ අපේ ජනවහරේ වැකියක් තැනී තිබෙනවා“කන්ට දීපූ අත සපා කාපූ සුනඛකයෙක්” යනුවෙන්

    එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විමල් වීරවංශ මැතිතුමාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් දිය පොදක් දුන් මොහොත….

    https://www.youtube.com/watch?v=ghuCWu5KeWI

  • Power

    තවත් බොරුවක්…

    “සිරාගේ බොරුව සිරාගේ කටේම පුපුරයි”

    බලන්ඩ කවුද කුහකයා කියලා…

    https://www.youtube.com/watch?v=MrT3Xfm_VFQ

  • Piyaseeli Senanayake

    I totally agree with Mahasohon Pilliya. Mahinda and Sirimawo are true Sri Lankans. JRJ was so scared of Sirimawo, he did not allow her to get into active politics when he came to power. You can imagine how scared Ranil is (no need to talk of Sirisena as he is the lap dog of Ranil).

    It appears that lot of Sri Lankans (specially the Sinhalese) are getting the Sirisena Sanniya (ie. Forgetting their past).

  • R W

    If you can make a CD of this we will buy and play it. As Piyaseeli said there are two leaders who served the country that is Madam Sirmavo and MR.

    Sirima Shastri agreement to send Tamils of Indian origin to India was half way abandoned by JR. The Kachative islands taken to Sri Lanka is now in danger. Non Aligned conference brought many leaders like Tito, Indira Gadafi and others to SL.

    What MR did is all know. What CBK did was advanced the clock by half an hour nothing else. Or I forgot about the Waters Edge deal.

  • Thank you Editor, for these two videos…what MS said then and what he says now, just shows his character. It’s disgusting.
    This video (him with the blue shawl) should be shown everywhere…even to those in the U.N.
    This MS is a puppet…he has no confidence, no charisma, no backbone etc etc.
    How can anybody trust him when he makes contradictory statements????

  • Dekkada, dekkada…me pambaya kiyana kathaa.
    Ape rate naayakayo kaage karata atha demmath, anith ayata moko?
    Ethakota Ranil koti Prabha ta athata atha deepu pinthure da hondai kiyanne.
    Api karata atha daana one eyaala gen ahalada? Loke anith ratawal walata wada dena ayata da me pambaya den wandinne???
    Eyalata tharaha giya ta apita moko?
    Anith eka, U.N. office eka issraha ke gehuwalu. Aiy ke gahanna beri?
    Upawaasa kala ayata thambili pewwalu…e thambili newe..wathura.
    Ithin eka Honda kriyaawak ne.
    Me pambaya ta nam pissu. Rate naayaka yek kiyana kathaa da me.

  • Dinuu

    රට ජාතිය “පාවා දීලා” ආපහු රටට ගොඩ බැහැපු වෙලාවේ සිරිසේන ජනපති ගේ නියෝගයෙන් කට්ටිය ඇවිත් පිලිගත්ත හැටි, ශ්‍රී ලාංකීය අභිමානය රැකගත්තා කියලා, මුලු රටටම විහිලුවක් වුනා. නිකම්ම නිකම් විහිලුවක් නෙවෙයි. මහ “භයානක විහිලුවක්”!
    රට රැකගත් රණවිරුවන්, සෙන්පතිවරුන්,සේනාධිනායකයා බිල්ලට දීලා ඇවිත් “මහා හපන්කමක්” කලා කියලා ජනතාව රැවටීම! තව කොච්චර කල් රවටන්නද?

    අපේ වීරෝධාර රණවිරුවන් තම වටිනා තරුණ ජීවිත කැප කර.. අපත් මව්බිමත් රැක ගත් හැටි… අපි කදුලු පිරි දෙනෙත් ටී වී වලින් අහකට ගන්නෙ නැතුව බලා හිටි හැටි මතකද? ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් ගෙන් අපිව ගලවා ගන්න මහා බියකරු යුධ බිමක දිවා රෑ වෙහෙසුනේ! එදා අපේ හදවත් වල රැව් පිලිරැව් දුන්නු තවමත් ඇඟ කිලි පොලා යන සුනිල් එදිරිසිංහයන් ගැයූ මේ ගීතය මතකද?

    \ “රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ…
    පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ..
    නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ…
    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ…!

    ලෙහි හොවා වැඩි සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්…
    පෑ විකුම් දැක දෑ බැතින් යුතු අත් මුදුන් දෙති පියවරුන්…
    මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්…
    තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්…!

    මව්කුසින් නොව මිහිකුසින් සිරි ලක උපන් විරු දරුවනේ…
    අපි ඔබෙන් නව පණ ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ…
    නෑසියෝ සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ…
    හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ”…! //
    —————————————–

    මෙහෙම කිව්වේ හදවතින්මයි අවදි වනු මැන හෙළයිනේ…
    පරදුවට ලා තම දිවි එදා අප වෙනුවෙනුයි වෙහෙසුනේ…
    එකට එක්වී මහා පවුරක් තනා සුරකිමු හෙට දිනේ…
    රටම පෙරටයි සටන නිම නැත රකින තුරු ඔබ විරුවනේ…!

    රටට හිත ඇති ලක් පුතුන් හැම අවදිවී දැන් පෙරමුණේ…
    මව්පියන් හා දූ පුතුන් හැම එකම පෙලටයි සැරසුනේ…
    යුතුකමයි අප රැකගැනුම ඔබ හැම මුවඟකින් පිටවුනේ…
    දිවි පුදා අප සියලු කල්හිම රකිනවාමයි විරුවනේ…!

    .

    • Dear Dinuu, updated as you said.

      • Dinuu

        Thank you dear Editor! යුගයේ අවශ්‍යතාවයක් සපුරමින්, මව්බිම වෙනුවෙන් සහ අපේ මහින්ද මැතිඳුන් වෙනුවෙන් ඔබතුමා මේ කරන මහඟු කැපවීමට හද පිරි තුති පුදමි!

  • Piyaseeli Senanayake

    If we cannot give the backing the the battle fought by Weerawansa, Gammanpila and those SLFP MPs who are standing with Mahinda in the parliament, consider our country is doomed. We will have to wait for another foreigner like Henry Olcott to appear in the next few centuries to give the rightful place to the Sinhalese, Buddhists.

    Don’t forget Ranil has the backing of not only the Pambaya but our enemies of the whole world. What the principled few fighting in the parliament can be compared to the soldiers in the battle grounds of LTTE.

    In the last few years and months many countries in the world had government changes, but nothing like this. The winners who took over their countries are protecting them. Obama from Bush; Cameron from Tony Blair; Rauhani from Amanidijai; Hollande from Zarkosi; Modi from Manamohan. Only we were the unlucky ones to have got these traitors.

    • Dinuu

      I agree 100%.මේ රටේ ඔවුන් නඟන සැබෑ දේශප්‍රේමීන්ගේ හඬට අපිත් එක්වෙමු!
      මව්බිමට ජයවේවා! වීරෝධාර රණවිරුවන් රැකගැනීමේ උදාර සටනට ජයවේවා!

  • muu piseak deapiti kattuweak . wadiya liyana onea nha

  • nihal de zoysa

    Apa newathath wasara thihahakata(30) pitupasata asanna weminsiti.Oba thuma wenuwen apa monadeya kalath apitada wasanawak nethiwiya.Eda rata jathiya wenuwen kiya maha bol handa neguwa helayage uruma ugasata gath niheenayan lankawa thula waseersthan,kapiristhan ethiwei kiya handathala den balukisthanvee emathi(ministers)kasthan walin nandodawamin sitithi.Apata me welawe thibenne wenadata wada shakthimath veemai.wele wel nethi chandrikata puluwan kiyanawanam,rajithala,dumidala,zoysala wage depathnayin samaga me satana apith genaya yuthui.Oya commision aluth dorawal hadala patanganimu langadima ayeth nowetennama..”jayawewa”

    • Dinuu

      ඔබට තුති මේ කමෙන්ට් එකෙන් දායක වීම ගැන.
      නව මංපෙත් විවර වේවා! ජයෙන් ජයම වේවා!

Leave a Reply