මහින්ද මැතිඳුන් කිලෝමීටර් 5 මැරතන් තරගය අවසන් කරයි! (පින්තූර)

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (04) එක් වුණා.

තරගාවලිය අද (04) උදෑසන ආරම්භ වූයේ කොළඹ බෞද්ධාලෝක මාවත අසලින්. කිලෝමීටර් 5 මැරතන් ධාවන ඉසව්වට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ඉසව්ව විනාඩි 50කින් නිම කළා. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ කිලෝමීටර් 5 ධාවන ඉසව්ව අවසන් වූයේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන්.

ප‍්‍රධාන මැරතන් ධාවන තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වුණා.

ඊට එක්ව සිටි දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව හයදහසකට අධිකයි. (News: NethFM)

මහින්ද රාජපක්ෂ මැතිඳුන් තම ශරීර සුවතාවය වෙනුවෙන් අවධානය යොමු කරන නිසා තරුණයින් සහභාගී වෙන මෙවැනි තරගයකට සහභාගී වීමට හැකියාව ලැබී තිබෙනවා.

වේගයෙන් පැතිරෙන දියවැඩියා රෝගයට පිළියමක් ලෙසට නගරාසන්නව ඇවිදින මංතීරු නිර්මාණය කිරීමටත් පදනම වැටුනේ මහින්ද රාජපක්ෂ මහතා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් ක්‍රීඩාව නිසා ඇතිවෙන ශරීර සුවතාවයේ වටිනාකමයි.

ජනතාව උදෑසන දත් මැදීම තම ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා සේම, දිනපතා ව්‍යායාම කිරීමත් ජනතාවගේ ජීවිතයේ අංගයක් බවට පත් කිරීමේ සැලසුම් එදා එතුමා සකස් කළා. ප්‍රධාන නගරාශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීම එහි ආරම්භක අදියර පමණයි.

දිනපතා කරන ව්‍යායාමත්, කුරහන් ප්‍රමුඛ ගමේ ආහාර වලින් යුත් නිවැරදි ආහාර රටාවත් නිසා තාමත් තමන්ට කුඹුරකට බැස අම්බරුවන් බානක් දක්කන්න වුණත් හයිය තිබෙන බව දකුනෙන් බිහි වූ ඒ ශ්‍රේශ්ඨ යුග පුරුෂයා අප වෙත පවසා තිබෙනවා.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

29 comments to මහින්ද මැතිඳුන් කිලෝමීටර් 5 මැරතන් තරගය අවසන් කරයි! (පින්තූර)

  • චතුරිකා

    දීර්ඝායු වේවා සුදු අප්පච්චි..

    • Dinuu

      අප්පච්චි ගේ සුදු දුව චතුරිකාටත් තෙරුවන් සරණයි!

      ‘රට වෙනුවෙන්’ වෙබ් අඩවියට පිවිසෙන ලක් දෙරණ සහ අප්පච්චි රැක ගන්න ඉදිරියට එන සැමට සුබ පැතුම් එක් කරමි!

  • Kasun

    අප්පච්චි ඔබට තෙරුවන් සරණයි. අපෙත් ආයුෂ අරන් තවත් කාලයක් රටට සේවය කරන්න.

    ඒ වගෙම මෙය ලෝක වාර්තාවක් විය හැකියි.වෙන කිසිදු රටක විශ්‍රාමික විධායක ජනාධිපතිවරයෙක් මැරතන් තරගයක් අවසන් කර නෑ.

  • Sandaruwan

    සිරිසේන මහත්තයත් මැරතන් එකට ඇවිල්ලද කොහෙද බලන්න වුණ හදිය

    http://goo.gl/gsb2rq

  • මොංගල් සමරේ

    සිරිසීන ගියානම් මෙලහට බිම

    • sayumi

      මේ කමෙන්ටුව දකින වාරයක් පාසා මට හිනා යන තරම් සමරේ දන්නවා නම්….තව ඒ වගේ 10ක් වත් ලියයි !

  • Putin and Mahinda two great Presidents who has stamina,Charisma and backbone to stand up against any evil enemy like America.

  • Hemantha

    ඇති දා මිනිස්සුන්ට අගයක් නැහැ …ඒක නැති දාටයි අගේ දැනෙන්නේ …දැන් වෙලා තියෙන්නේ ඒක තමයි…හිත හොඳ මිනිස්සු හදවතින් පතනවා ඔබතුමාගේ සුබ අනාගතය …සහ ඔබේ අනාගත සේවය …දැනටමත් මෝඩ මිනිස්සුන්ට තේරිලා ඉවරයි ….

  • Amila

    We know about him, we call him as great Mahinda….Budusaranai

  • Dinuu

    එඩිටර් තුමාට ගොඩක් ස්තුතියි මේ පින්තූර සහ විස්තරයට. මහින්ද මැතිදුන් ගේ මේ ක්‍රියාකාරකම් දැකලා වචනෙන් කිව නොහැකි තරම් සතුටක් ඇති වුනා. රටකට මේ වගේ ශක්තිමත් හා එඩිතර නායකත්වයක් අහිමි වීම කොයි තරම් අභාග්‍යයක්ද? ඉඳ හිටවත් අපට එතුමාගේ අලුත් විස්තර මෙසේ ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

  • අපේ රටේ බිහි වූ විශිෂ්ඨතම නායකයා ඔබයි. මාගේ ජීවිත කාලය තුල ඔබතුමා වැනි රාජ්‍ය නායකයෙකු දැකීමට ලැබීමත් වාසනාවක්. මේ රටේ මිනිස්සු රට ගැන හිතන මිනිස්සු නොවේ. හිතන්නේ බඩ ගැන විතරයි. ඒ නිසයි. ඔබ අපට අහිමිවුයේ. එහෙත් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිම අපට අස්වැසිල්ලක්.

    • Dinuu

      වීරසිංහ මහත්මා ඉහත කිව් පරිදි ඔබතුමා මැති සබයේ ඉන්න එක අපිට අස්වැසිල්ලක්. ඉහත පින්තූර වල “අප්පච්චි” සතුටින් ඉන්නව දැකල මේ රටේ කීදෙනෙක් සතුටු කදුලු හෙලන්න ඇතිද?

      ඒ වගේම තමයි මේ යමපාලකයින් තව මාස 2 කින් පටන් ගන්න විදේශිකයින් මෙහෙයවන “ජාතියේ අවනඩුව” තුලින් ඔබතුමාට යන්තමින් හෝ සිත් තැවුලක් වේවිද කියලා හිතට එන විට දරා ගන්න බැහැ අප්පච්චී! මම දන්නවා එහෙම හිතන තව ලක්ශ ගණනක් මේ මහපොලොවේ තවමත් හුස්ම ගනිමින් ඉන්න බව!

  • Power

    අඩෝ…..තරුණ කොල්ලෙකුත් වෙලා මටවත් බෑනේ අම්මපා..මෙහෙම යෑමක් යන්ඩ.
    මේකනං කුරහන් පවර් එකම තමා..

    කුරහන් අහරින් ශවි ශක්තිය ලැබ මවුපිය උරුමයෙන් ලද කුරහන් පැහැති සාටකයෙන් ලක්මවට තිස් වසරක් පුරා ඔඩුදුවා තිබූ දරුණු තුවාලය සුවපත් කර ඇයට නිදහස් නව ජීවයක් ලබා දුන් අපේ අසිරිමත් ජීවක වෙදදුරාණන් නුඹමය.

    අපේ වීර වික්‍රමාන්විත නායකයාණෙනි..

    අද ඔබ එලෙස දිනාදුන් දේශයේ මෙලෙස ජනතාව සමඟ තරඟ කරන විට අපට දැනෙන්නෙ ඉමහත් සතුටකි.ඉදිරියටත් අප අතරේ තව චිරාත් කලායක් වැජඹීමට ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායූ ශවි ශක්තිය ලැබේවා කියා හදවතින් ම ප්‍රර්ථනා කරමි.

  • Piyaseeli Senanayake

    Very happy to see that you are keeping well. The Sri Lankans with a conscience are ever so grateful to you and Gota for giving us a free country to live.

    Dear Editor, thanks for providing us this type of information as Mr. President and Mr. Gotabhaya are eternally in our minds.

  • sayumi

    සුවහසක් ජනයාට අභය දානය දෙමින් ; සැබෑ ලෙසම රට බේරාගත් අපේ ශ්‍රේෂ්ඨ නායකයණන්ට ජය වේවා! ඒ උතුම් සද්කාර්යය නිසාම ඔබතුමාටත්, ගෝඨා මැතිඳුන්ට හා රණ විරු සොයුරන්ටත් අද මුහුණපෑමට සිදුවී තිබෙන සතුරු උපද්‍රව; උතුම් තෙරුවන් බලයෙන් දුරු වේවා! යෝධ බල ‍යෝධ ශක්තිය, දීර්ඝායුෂ ලැබේවා!

    • Dinuu

      sayumi ගේ මේ හදවතින්ම නැගෙන අවංක ප්‍රාර්ථනාවට මාත් එකතු වෙනවා. “සැබෑ ලෙසම” රට බේරාගත් කියන යෙදුම හරියටම හරි. අපේ මහින්ද මැතිඳුන්, ගෝඨාභය මැතිඳුන්,සෙන්පතිවරුන් ඇතුලු වීරෝධාර රණවිරුවන් තම දිවි පරදුවට තබා තිස් වසරක මේ දරුණු යුද බිය තුරන් කරපු නිසයි….

      අද මයිත්‍රී ඇතුලු යහපාලන නඩය පවා නිදහසේ හුස්ම ගනිමින් ඔය ජිනීවා යෝජනා වලින් ගැලවෙන්න පුලුවන්කම විද්වතුන් ඉතා පැහැදිලිව පෙන්වලා දෙද්දිත්….ඇමෙරිකානු අධිරාජ්‍යවාදී රටවලට ගැතිවී….තමන්ට සහ “මව්බිමට” අභය දානය දුන්නු ඒ අයට සහ මව්බිමට විරුද්ධව මේ පිටරැටියන් මෙහෙයවන යුධ අපරාධ අධිකරණ පිහිටුවන්න එකඟ වෙලා මේ “මහා පාවාදීම” කෙරුවේ!

      ඒ මදිවට මේ මහා පාපකර්මයට හවුල් වෙලා ආපහු රටට ඇවිත් “මහා හපන්කමක්” කලා කියලා මුලු රටටම හඬ නඟා කියන්න මාධ්‍ය බලෙන් යොදා ගන්නවා!

  • wasa

    proud of you mr president

  • As I have said before, he is our one and only Great Leader.
    Thank you Editor, for publishing these photos.
    These photos speak a million words.

  • Our king Mahinda Rajapaksa man of the power to our motherland Sri Lanka God bless you every moment we are really loved forever picture of you drawful in our memorys no one can delete

  • himali

    Oba thumata deergayusha labewa thawa thwath nirogi wewa ape rata wenuwen sewaya karanna shakthiya dhayryaya wasanawa labewa

  • FLali

    Great Leader Hon Mahinda Rajapaksha, your stamina and charisma will never be matched with that of any leader in Sri Lanka. You are in our hearts as the true saviour of our country forever. May the noble tripple gem bless you sir!

  • benthara kollek

    wow,,,great man i have never seen…

  • Dinuu

    Yamuna,ඔබට තුති! අප්පච්චි වෙනුවෙන් ඔබේ සිතුවිලිත් ඉඩ ලැබෙන විට අපේ මේ මහින්ද පව්ලේ වෙබ් අඩවියෙන් එලි දක්වන්න මා ඔබට ආරාධනා කරනවා. එඩිටර් තුමාට පිං සිදුවෙන්න, අපේ සමහර පෝස්ට් දවසක් දෙකක් තුල ලක්ශ දෙකහමාරක් බලලා තිබුනා.

  • R W

    People who called Mahinda a “Grand father” must run a five kilo meter length in 50 minutes and show that they are younger than Mahinda.

Leave a Reply