විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ – මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

td-mr[1]

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද ජපන් යුද අපරාධ පරිචෝදක මොටෝ නොගුචි මහතා හමුවු අවස්ථාවේ පවසා තිබේ. විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග වි තිබේ.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

50 comments to විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ – මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

  • Piyaseeli Senanayake

    Well said Mr. President. It won’t be long that Sirisena asks for your help. Brain dead Sirisena is led by another brain dead Ranil. I only hope it won’t be too late for the country.

  • Rata wenuwen

    එක එක කතන්දර සවනට මුසුව එතී,
    දිව හිරවෙලා හරි ජරමර තිගැස්සෙතී.
    බුදු දහමේ ” දිට්ට දම්ම ” මතක් වෙතී,
    වයිරපාල වල කජ්ජට ලගාවෙතී

  • Dinuu

    අපේ ජනාධිපති මහින්ද රාජපක්ස මැතිඳුන් මේ ජපන් විනිසුරු හමුවීම සහ මව්බිම වෙනුවෙන් මේ කල පැහැදිලි කිරීම් ඉතා අපූරුයි. යහපාලනයේ මෙවැනි එඩිතර කොන්ද පන ඇති අය කොයින්ද යමක් හරි හැටි තේරුම් කර දෙන්නවත් පුලුවන්.

    අධිරාජ්‍ය ගැත්තන් ලෙස හැමෝම විදේශිකයින් ඉදිරියේ දණ ගසාගෙන රට පාවා දෙන්න නම් පැනලා ලෑස්තියි. රට රැක ගත් අපේ වීරෝධාර රණවිරුවන් බිල්ලට දෙමින් සෙන්පතියන් සේනාධිනායකයාණන් ට හිරිහැර පමුණුවමින් යමපාලකයින් මේ කරන ජිනීවා විදේශ අධිකරණයට විරුද්ධව දේශප්‍රේමී සැවොම එක්ව හඬ නැගිය යුතුය!

  • Rata wenuwen

    විවෙකයට ගමනක් ගුවනින් යැවුනා,
    ලග සිටි සගයා ටික ටික කයියට වැටුනා,
    අලියට චන්ද දුන් බව නිකමට දැනුනා,
    වැරදීමක් සිදුවී යයි දුක් වූනා.

    සිදුවන දෑ මොනවාදැයි වැටහෙන්නේ,
    කොලේ හන්ගා මුන් කෙලිනවා පවසන්නේ,
    කල වරදට සමාව දැන් අයදින්නෙ,
    ඔහු මෙන් තවත් කලකිරලා දුක්වන්නේ.

  • Dinuu

    ජිනීවා උගුලින් මව්බිම රැකගැනීමට…. සෙන්පතීන්, වීරෝධාර රණවිරුවන් සහ අපේ සදාදරණීය නායකයා මහින්ද මැතිඳුන් රැකගැනීමට එක්වූ…. සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!

    http://lankacnews.com/sinhala/main-news/136891/

  • Dinuu

    මව්බිම රැකගැනීමේ උදාර මෙහෙවරට කැපවුණු විමල් වීරවංශ වීරයාගේ වීර කථාව විහාර මහා දේවී උද්‍යානය දෙදෙරවූ හැටි තවම නොදුටු අපේ මිතුරන් වෙනුවෙනි:

    https://www.youtube.com/watch?v=ScuV-fXO33A

  • sayumi

    වයිරපාල රූකඩයෙක් පමණකී – නටවන්නා අතෙයි බලය නිතැතිනී
    එලවා දමා ඒකා හැකි විගසිනී – රැකගමු අපෙ ලක් අම්මා විපතෙනී

    (හිතවත් දිනූ ,
    නලින් සිල්වා මැතිඳුන්ගේ ලිපිය කියෙව්වා, ඔබට බෙහෙවින් ස්තුතියි)

    • Rata wenuwen

      වයිරපාල රුකඩයක් මෙනි නටනා,
      නූල් බෝලේ නිලයා අත ගෙන තදිනා,
      හෙන්චයියන් මේ දිනවල උඩපනිනා,
      දිනය ලගයි පාලගෙ බෙල්ලම කැපෙනා.

      • මොංගල් සමරේ

        බෙල්ල නම් කැපුනත් අවුලක් නැ එයාගේ මොලේ තියෙන්නේ වෙන තැනකනේ

      • මොංගල් සමරේ

        ඊලග එක එයාව නුල්වලින් නටවනා ඕනේ නෑ එයම වයින් කරලා නටනවා

  • Dinuu

    සෙංකෝලයත් පැහැරගෙන මහ යුද්ධයක් කර පාර්ලිමේන්තුව ගිනියම් කරමින් ජිනීවා විවාදයේදී විමල් වීරවංශ මැතිඳුන් 22 10 2015 කල කථාව:

    https://www.youtube.com/watch?v=-UPlViajyRo

  • Rata wenuwen

    අධිකරනය දෙමුහුන් බව දැනෙන නිසා,
    සැක මතුවෙනවා සගවා එය ගහන නිසා,
    ප්‍රශ්ණ ගොඩයි , හොර යෝජනා පිරුනු නිසා,
    පිලිතුරු දිය යුතුයි “පඹයෝ” හැකි විගසා.

  • Rata wenuwen

    මගේ රට දැන් බේරගන්න,
    වැරදුන තැන් හදාගන්න,
    නිමලයො කටු ඉවතලන්න,
    අප අතරට නැවත එන්න.

    කෑවා මගුල් ඉවරයි,
    නිමලයා බයෙන් වෙව්ලයි,
    පඹයා තිගැස්සෙයි,
    අධෝ වාතය කටින් පිටවෙයි.

    ඔන්න කටු සුප්පු කරන්න ගිය ඇයන්ට තක්කු මුක්කු වෙලා,පඹයා වෙව්ලනවලු,මුන්ගෙ අධෝ වාතය කටින්ලු පිටවෙන්නේ, අදො මුඛය හිරවෙලාලු

  • මොංගල් සමරේ

    රටකට හිත ඇති විරු මිනිසුන්න්ගේ
    ලෙයි කදුළේ සාරෙනි රට සරුවුයේ
    එවන් මිනිසුන් ඇත්නම් තවත් රටේ
    එක්වන්නත් හොදම කාලයයි මේ එන්නේ

    යුද විරුවන් සිරකරන්න
    කොටි කට්ට්ටිය නිදොස්කරන
    කොලේ වහල ගේම ගහන
    අවුල් හවුල පරදවන්න
    ජනතාවනි පෙරට එන්න

    විමල් දිනේෂ් වාසු ගම්මන්පිල
    මෙසැම කරනා යහපත් සැම දෙට
    දිරි ශක්තිය ලැබේවි නිරතුරු
    රටට හිතැති මීනිසුන්ගෙ හිත බැද

    අතුරු මිතුරු දබදිවතුරු
    මහින්ද.ඉන්ෆෝ මිතුරු
    එක්කරමින් සැමනිරතුරු
    කරන මෙහෙය උසස් අයුරු

  • මොංගල් සමරේ

    ජාතියක් වැටුනු කල රටක් කොහෙද මිනිසුනේ
    එතකොට හෙටක් කොහෙද
    අබිමන් දැයක විරු ජවය බිදුනුකල මිනිසුනේ
    එතකොට තව රටක් කොහෙද

    නගා නගා එඩි බල දසතින් ගලා එන
    හමා හමා එන නිදහස් සුළගට මුහුවෙන්නට
    ගසා ගසා පන ගසා නැගිට එන දේශයේ
    නිදහස් සුළගේ පහසටසැවොමා එක්වෙන්න

    • Dinuu

      වැටි වැටී නැගිටිමු සමරේ
      අබිමන් ජාතියට පන දෙන්න
      විරුවන්ද රැකගන්න
      සැබෑ දේශප්‍රේමීන් හා
      එක්වෙමු සැවොම!

  • Nadeesha

    Dear Power,

    Power oya thawamath math ekka tharahinda enne? Mama dana gaththa oya eda hina wela comment karata loku kenthiyakin hitiye kiyala.ai power oya ehema kare? Mata hodata banala comment eka damme naththe? Mage hithata eda unu siddiya mahath barak wela thiyyenne.mage hitha hema welawema kiyanawa mama nisada danne na dan power me site eke comment danne nathte kiyala.power aththatama ei nisada oya dan me site eke comment danne naththe.ehema nam ehema karanna epa power.mama nam maha paukariyak.mama me site ekata awilla oyage sahodara maithuru kandayama oyata nethi kara neda?eath power mama oyage ema vihilu sahagatha comment welasaya balanna godak kemathi kellek.eka nisa thamai eda mama oya mokka kiyaida balanna oya me site ake editorge yaluwek kiyala kiyanna hithuwe.eath mama passe danagaththa mama ae kiyapu deya nasa oya apahasu thawayata pathwenna athi kiyala.eka nisa power mama wedala oyagen ellane ae parana dewal amathaka karala oya ayeth me site ekata awella issara wagema vilu thahalu karamin mage kammali kama nethiwena widihata lassana comment danna.balanna oya nethuya me site eka palu wenawa.oya loku prasna diha seheluwen balana watina gathi pawathum thiyana soduru kenek.eka nisa aluth post palan nounata kamak na.oya monawa hari dasapalanaya gena kiyala oyage ank yaluwo ekka dayasa gane comment danna power.mama mehema kiyanne mama wewida loku loku prasna diha bala inna kota oyage wage comment ekak dakkama ea prasnaya amathaka wela mage sithata sathutak sehelluwk gena eme apura hekiyawak oyage comment walin mama issara idalama dakkapu nasa.mama hithanawa me site eke oyage yaluwantath ehema hithena athi.me balana dan oyage rata wenuwen yaluwath awella power.oya kohoma hari eyawa hoya gaththa neda? eka nisa oyage dinuu teacher oyage daduwam tikath iyen karala.ae wagema anna oyage sayumi souriyath balagena innawa oyata helayange wisthara kiyanna.

    Oya mahinda mahathata wagema ratatath aththatama godak adaraya karana kenek kiyala theruna eda oyage ema comment eken.balanna power oya kalin comment dapu post wala kochchara nam lassanak thiyana wada..mama ahala thiyanaya mahinda mahathath mnissunta hina yana katha kiyanna dakshayek kiyala.eka dawasak oya ara toyyange car prasnaya wesadapu hati dakala mama bada allagena hina una.oyage ema sahaja apuru hekiyawa mama nisa nathikara ganna epa power.mata samahara welawata oyage comment dakkama ara bandula wejeweera mahatha mathak wenawa.mokada ohuth samahara welawata kiyana attha dawal unath mata penne wihilu vidihata.eka nisa mama kiyanne oya oyage oya gal hitha nathi karagena ayeth me site ekata ennama oni.onna oya awe nathi unoth oyata godak karada widinna wei ayeth apu dawasata.ewagema math ekka thawath kenthiyen innawa nam ae kenthiya nathi kara ganna.makada ehema nathi unoth oyage age le tika pichchila oya ikmanatama wayasata yai.

    Power oya mage me commet eka diha balagena innawa nam mata banala hari kamak na oya adama comment ekak danna kiyala oyage comment walata godak gamathi kenek hetiyala ha me mahinda infomation site ekata godak kemathi kenek hetiyata adarayen oyagen illanawa.

    Thanks.

  • මොංගල් සමරේ

    ලයට ලය පා සද දුන් අප ආදින උරුමේ
    පෙරට නොබියව යන්ට හැකිවෙන අභීත ජවයේ
    ඉස්තුතියි ඉස්තුති ශ්‍රී ලංකා

    මහින්ද.ඉන්ෆෝ එකේ සහෝ කෙනෙක්ට පුලුවන්ද රටට පනදෙමු අලුතෙන්ම පටන්ගමු 2015 මහා මැතිවරණ තෙම ගීතය හොයල දෙන්න මන් එකේ පද සංකල්පනාවල කැමතියි වගේම මත හිතෙන්නේ ඒ theam එක ගැලපෙන්නේ අදට කියලයි

  • මොංගල් සමරේ

    edotor තුමා මොකද අලුත් පොස්ට් දන්නේ නැත්තේ ඔබතුමා කාර්යබහුලද නැත්නම් වෙබ් site එක බ්ලොක් කරනවද මහසෝනත් උන්නු ගමන් missing අනේ මන්ද ඉස්සරන දවසට පොස්ට් 2 3 දානවා වගේන විනාඩි 23 යද්දී reply මොකෝ එන්ජිම breakdown ද service පාරක් දාලා තෙල්දාළ ගන්නජය වේවා අමතකවුනා කෝ අර මහින්ද මහතා කෙරුවයි කියන කතාව දාන්නකෝ මේකේ ඉස්සර වගේ
    තව එකක් එක බද්ද විපක්ෂයේ රැලියේ විමල් මහතාගේ කතාවත් දාන්න

    සිටියත් දෙපසට වී දෙදෙනා අදදිනේ
    තාමත් මතකයි විප්ලවේ මතකේ සුවදයි
    කයින් දුබලයි සිතින් තරුණයි
    පරණ රතුපෙම තාම එහෙමයි

    විමල් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රකාශය
    http://www.lankacnews.com/sinhala/news/136976/

    • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

      උඩ comment එකේ විනාඩි 23 විනාඩි 2 3 යනුවෙන්ද
      ගන්ජනය යන්න ගන්න ජය වේවා ලෙසද
      එක බද්ද යන්න ඒකාබද්ධ ලෙසද
      ඉස්සරන යන්න ඉස්සරනම් ලෙසද
      වගේන යන්න වගේ ලෙස
      නිවැරදි විය යුතුබව සලකන්න කියවීමේදී වන අපහසුතා වලට සමාවන්න

      • Dinuu

        samare, අපේ එඩිටර් තුමාගේ ‘click to edit” පාවිච්චි කරලා නිවැරදි කරගන්න නියමිත කාලයට පෙර.

    • Dinuu

      රතු අලි පැටියගේ ‘පරණ රතු පෙම’ ට මොකද වුනේ සමරේ?

      • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

        ඒක රනිල්ට සින්නක්කර උකස් කරලා

  • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

    ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ
    BA (Hons) ආලපාලු ආර්ථික
    MA (SP) ලිච්ජවී පරිපාලන
    PGD in Personality & Character destroyment
    PHD in county unstable & regiem change

  • sayumi

    අපේ සමරේට තියෙන සුදුසුකම් අනුව ලඟදීම ජහපාලන රජයේ ජනාධිපති උපදේශක කමක් ලැබෙනවා ෂුවර් !
    හිතවත් දිනූ, සමහර වෙලාවල ඔබ ඇතුලු හිතවතුන් හා පැවසීමට යම් වැදගත් කරුණු තිබුණත්, කමෙන්ටුවකින් එය කිරීම එතරම් සුදුසු නැති නිසා නොකියමි. එඩිටර් තුමා සිටියා නම් අපට යම් විදිහක් සකසා ගන්න තිබුනා.

    • Dinuu

      හිතාදර සයුමි, මටත් ඔබ හිතන විදියටම හිතවතුන් හා බෙදාගන්න සිතුවිලි හිතට එනවා. මේ එඩිටර් තුමාගේ විසදෙන්න කල් යන ප්‍රශ්නයත් දැන් හිතට බරක්! මේ වෙබ් අඩවියෙන් වන මානුශික මෙහෙයුමත් ජිනීවා උගුල වගේ උගුලකට සිරවුන බවක් මට දැනෙනව!

      අපේ සමරෙට ශුවර් එකටම කාර්ය නියමයක් නැති පිටරට සවාරි පමණක් බහුලව ඇති ඇමති කට්ටක් ලැබෙනවා මේ සුදුසුකම් වලට!

      පවර් මෙවර නම් ඇත්තටම එඩිටර් තුමාට මෙන් මෙහි පිවිසීමේ දැඩි අපහසුතාවයකට පත්වී ඇති හැඩයි. කමෙන්ට් නොදැම්මත් මහසෝන් මෙන් ඉදහිට හෝ මේවා දකිනව නම් තුන්දෙනාටම සුබපැතුම් එක්කරමි!

      අපේ සදාදරණීය “අප්පච්චී” තෙරුවන් ගුන බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් දේවතා ආරක්ශාවෙන් පිහිටින් මේ පින්බර ලක් දෙරණෙහි ඔබතුමාගේ දයාබර දරු පව්ලත් දැයේ දරුවනුත් සමඟ සුවෙන් සතුටින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

      අපේ සදාදරණීය “අප්පච්චී” තෙරුවන් ගුන බෙලෙන් තිස්තුන් කෝටියක් දෙව් දේවතා ආරක්ශාවෙන් පිහිටින් මේ පින්බර ලක් දෙරණෙහි ඔබතුමාගේ දයාබර දරු පව්ලත් දැයේ දරුවනුත් සමඟ සුවෙන් සතුටින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

  • sayumi

    අපූරු යෝජනා දෙකක් වයඹ සභාවට…
    October 24, 2015 at 6:48 pm | lanka C news

    මීලග වයඹ පළාත් සභා සැසිවාරයේදී විවාදයට ගැනීමට න්‍යාය පත‍්‍රයේ අතුලත් කර ඇති යෝජනා දහයක අපූරු යෝජනා දෙකක්ද වෙයි.
    ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ධුරටෙන් ඉවත් කල හිටපු අගවිනිසුරුවරයි නැවත සේවයෙහි පිහිටුවා විශ‍්‍රාම ගැනිවීමත් එවකට ධුරයේ සිටි අග‍්‍රවිනිශ්චයකාර මෝහාන් පීරිස් මහතා ඉන් නෙරපා කේ.ශ්‍රීපවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අගවිනිසුරු ධූරයට පත්කිරීමත් මගින් අගවිනිසුරු ධුරය හෑල්ලූ කිරීමට ගත් රජයේ නීතිවිරෝධි ක‍්‍රියාකලාපයට වයඹ පළාත් සභාවේ අප‍්‍රසාදය හා පිළිකුල ප‍්‍රකාශ කළයුතු බව එම පලමු යෝජනවයි.
    මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කරන ලද මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු වූ කෝටි 4500කට අධික පාඩුව නිසා ඊට වගකිවයුතු අගමැති මුදල් ඇමති හා මහබැංකු අධිපති එම තනතුරුවලින් පහකර ඔවුනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළයුතු බව දෙවන යෝජනාවයි.
    —————————————————————
    ‘අපි මේ යෝජනාව එකහෙලාම ස්ථිර කරමු’ !

    (ඇත්තටම පවර් නැත්තේ ඇයි?)

  • sayumi

    විමල් වෙනුවන් ශරීරයෙන් අප වෙන්නට සිය ගණනක් උසාවියේ… නාඳුනන මිනිසෙක් මහ බිලක් ගෙවා ගිහින්…
    October 24, 2015 | lanka C news

    විදේශ ගමන් බලපත‍්‍රයේ තිබූ දෝෂයක් නිසා ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්න ලද ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ පස්වරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීම සඳහා පුද්ගලයින් සිය ගණනක් ඉදිරිපත් විය.
    කෙසේ වෙතත් වීරවංශ මහතාගේ නීතීඥයින් විසින් පෙර සූදානම් කර තිබූ ලියවිලිවල සඳහන් පුද්ගලයින් විසින් ශරීර ඇප තබනු ලැබීය.
    මේ අතර වීරවංශ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ යයි දැනගත් සැණින් කොළඹ සිට ගිය එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු විශාල පිරිසක් ආපසු පැමිණෙන්නට සූදානම් වී හෝටලයකින් තේ පානය කල බිල්පතද නන්නාඳුනන පුද්ගලයෙකු විසින් ගෙවා දමා තිබිනි.එහි මුදල් අයකැමිවරයා වෙත එකී නාඳුනන පුද්ගලයා වෙත පවසා තිබුනේ වීරවංශ මහතා වෙනුවෙන් පැමිණි සියල්ලන්ගේම බිල්පත තමන් ගෙවා දමන බවයි.

    • Faith in humanity restored.
      And thank you Wimal for all what you are doing for the country since 1990.

      • Dinuu

        දැයේ අප්පච්චී ට – තුති මල් මිටක්!

        ජාතියම සුවඳ කල-ඒ මහා සඳුන් රුක-ජාතියම අවදි කල-අප්පච්චි ඔබම විය…
        කෙළෙහි ගුණ දත් සැවොම-තුති පුදයි අද හෙටත්-අත නොහැර ලඟම හිඳ-අප්පච්චි ඔබට මය…
        රටට අනවින දෙමින්-ඔබට මඩ ගසන අය-වෙත පවා කුළුණු මෙත්-අප්පච්චි ඔබ ලඟය…
        සෙත් පතමි සැම දිනම-ලැබේවා සුව සතුට-පොදු ජනගෙ හද කිරුළ- අප්පච්චි ටම හිමිය…!

    • Dinuu

      සයුමි, නිහඬව පසුබිමින් මේ පින්බිමේ බහුතරයක් සැබෑ දේශප්‍රේමීන් තවමත් හුස්ම ගනිමින් ඉන්න බවට මෙවැනි නිදසුන් සාක්කි දරයි!

  • Rata wenuwen

    එක එක සෙල්ලම් අටවන “පඹයා”
    නිලයගේ උගුලේ පැටලුනු නරියා,
    අබ ඇට තරමට මොල නැති ගෙරියා,
    ජාතිය නැසුමට උරදෙයි ජඩයා.

    නව ඇමතියෙක් පත් කරගති මේ මිනිහා,
    තේරුම වෙන දෙයකි “කඩුවත් ” බැරි මිනිහා,
    විදෙශ් සමුලු කථනය බැරි ගොලු මිනිහා,
    බොරුවෙන් ජයට රවටනවා පොදු මිනිහා.

    “පවර්”තුමා ඔබ නැත්තේ මොකද කියා,
    කුතුහලයකි, කාටත් හිත දැනෙන නියා,
    කලකට පෙරදි මෙහි නොලියා මමත් ගියා,
    ‘සහෝ’! නැවත මා පැමිනියා ලියමි කියා.

  • Rata wenuwen

    අන්න අපේ ජාතිය නැති බන්ග කරන්න ආ කොටි දෙන තමලිනි ලොව හැර ගියා,අපාගස්ත විය.
    දුකයි , එත් ස්වභාව දර්මයා නිසි අයුරු ප්‍රතිපල ලබාදී ඇත.,දැන් අපේ ජාතිය වනසන්න උගුල් අටවන , කටු සූප්පු කරන ඇයන්ට කියන්න තියෙන්නෙ තොපිටත් යතාකාලයේදී ස්වාවදර්මයා විසින් ඒ උත්තරයම ලබා දෙන බවයි, බලාගෙන ඉදිපියව්!. පාවට්ටක පුල්ල වෙට්ටුම් පරිවාරම් එන්න සෙයියරදු. අපට කියන්න සිදුවන්නේ ‘ අනිච්චාවත සන්කාරා කියලයි’

  • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

    සටකපට සිනා ලොබුකටපාලා
    එක්වී රවටාගෙන ඇස්බැන්දුම් පෑවා

    කාලය ගෙවිලා ආප්පේ විසවී
    මේ කොහි යනවද බොරුපාල
    පොරොන්දු දීලා ගොනාට ඇදලා
    යපාලනයේ හොරපාල

    අනුවාදය රන් ටිකිරි සිනා

    • Dinuu

      යමපාලනය බලයට පැමින මාස 11 ක් වෙන්නත් ලඟයි. තවමත් සුබවාදී කිසිම නව වැඩ පිලිවෙලක් රටට අරඹා නැත. දිනපතාම මහින්ද මැතිඳුන් සහ එතුමාට හිත ඇති අයගෙන් කරන පලිගැනීම් සහ පලිගැනීම් පමනක්මයි දකින්නේ ඇහෙන්නේ. මට නම් මේ යමපාලනය දැන් තිත්තම තිත්තයි! අපොයි මගෙ මව්බිමට දුර දිග නොසිතූ නොබැලූ මිනිසුන් අත් කර දුන් ඉරණම!

      අපේ Mahinda.Info වෙබ් අඩවිය ගලවා ගන්න පුලුවන් ජගතෙක් තවම ඉදිරිපත් නොවුනේ ඇයි? මොකද අපේ යාලුවනේ මේ ගැන හිතන්නේ?

  • sayumi

    සුද්දන් කියන දේ කරන්න ආණ්ඩු මොකටද.. ජිනීවා යෝජනාවට අත නොඋස්සනු.. ජාතිය අධි අවදානම් මොහොතකයි.. – මහින්දගෙන් අභීත ප‍්‍රකාශයක්
    October 26, 2015 at 12:01 am | lanka C news

    ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර

    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25 ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත.)
    – See more at: http://lankacnews.com/sinhala/main-news/137010/#sthash.yzBdmu7W.dpuf

  • Dinuu

    http://lankacnews.com/sinhala/news/137013/

    http://lankacnews.com/sinhala/main-news/137010/

    මේ දැන් අපේ මහින්ද මැතිඳුන්ගේ මේ අභීත ප්‍රකාශ හමුවුනේ. අපේ වෙබ් අඩවියෙන් දෙයි මම හිතන්නෙ.

  • Rata wenuwen

    බන්කර් හදන්නෙ යුද්දෙදි වැඩ ගන්නයි,
    ප්‍රභාකරන් එය හැදුවෙත් යුද්දෙයටයි,
    පඹ ඌරගේ මොලය තවමත් අවුල් වගෙයි,
    නාගෙන අසුචිය ඔහු දැන් හරිම ගදයි.

    පාලතුමා පොලොන්නරුවේ හදන රජ මාලිගාව ගැන විස්තරයක් රටේ ජනතාවට කියන්නේ නැත්තේ ඇයි, කොලම්ඹ 7 තිබෙන මන්දිරයට ප්‍රතිසන්ස්කරන කටයුතුවල වියදම මිලියන 12.5ක්, ඉතින් එවා ගෙන ජනතාවගෙ අවදානය යොමු නොකරන්න, ඌරා වගෙ අසුචි වලවල් හොම්බ ඇන ගෙන දැන් දගලන බවක් පේනවා.හැම රාජකාරියක්ම කොලේ වහලා ගහන තොපිට හෙන 7ක්ම පහත්වෙයව්!

  • දේශමාමක

    සුද්දන් කියන දේ කරන්න ආණ්ඩු මොකටද.. ජිනීවා යෝජනාවට අත නොඋස්සනු.. ජාතිය අධි අවදානම් මොහොතකයි.. – මහින්දගෙන් අභීත ප‍්‍රකාශයක්
    October 26, 2015 at 12:01 am | lanka C news

    ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර
    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25 ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත.)
    ආයුබෝවන්,
    අති පූජනීය සංඝයාවහන්ස, සියලු ආගම්වල පූජකතුමනි,මිත්‍රවරුනි,
    මට මෙලෙස ඔබ ඇමතීමට ලැබීම ගැන සතුටට පත්වෙනවා. මම ඔබ සැම මෙලෙස අමතන්නේ මේ රට හමුවේ බරපතල උවදුරක් ඇති අවස්ථාවකයි. ජිනීවා මානව අයිතීන් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව මෑතකදී සම්මත වූ යෝජනාව ගැන විවිධ අදහස් අපට ඇහෙනවා. පාර්ලිමේන්තුව තුලත් ඒ ගැන අදහස් පලවුනා. ඒ පලවූ අදහස් සම්බන්ධයෙන් මතබේදයට තුඩුදෙන කාරනා තිබෙන නිසාත්, මේ රටේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධීනායක හැටියට ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් මාගේ අදහස් ජනතාව ඉදිරියේතැබීම මගේ යුතුකමක් වන නිසාත් මෙලෙස මම ඔබ සැම ආමන්ත්‍රණය කරනවා.
    ජිනීවා යෝජනාවට ලංකාවේ ආණ්ඩුව පක්‍ෂ වීම හේතුවෙන් අප ඉදිරියේ ඇති අභියෝගයේ සැබෑ ස්වරෑපය ගැන මහජනතාව දැනුවත් විය යුතුයි. ජිනීවා යෝජනාවේ වැඩියෙන්ම අවධානයට යොමු විය යුතු යැයි මම සිතන ක්‍රියාන්විත ඡේද ගැන යමක් මුලින්ම කියන්න ඕන. මේ යෝජනාවේ භයානක නිර්දේශ ගණනාවක්ම තියෙනවා. ඉන් බරපලතලම නිර්දේශ තුනක් පමණක් මෙහි ගෙන හැර දැක්වීමට මම කැමතියි.
    ජිනීවා යෝජනාවේ හයවන ක්‍රියාන්විත ඡේදයට අනුව ලංකවේ ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමටයුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට බාරගෙන තියෙනවා. එසේ පිහිටුවනු ලබන අධිකරණ යාන්ත්‍රනය තුල විදේශීය විනිශ්චයකරුවන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා නීතීඥයන් සහභාගී කරගැනීමටආණ්ඩුව දැනටමත් එකග වී තියෙනවා.
    විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් පවා ගෙන්වීමට එකග වීමෙන් අදහස් කරන්නේ, දැනට මේ රටේ පවතින යුක්තිය පසිදලන ආයතන සියල්ලටම පරිභාහිරව තවත් යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියක් ඇති කිරීමයි. මේ අනුව අපේ විමර්ශන නිලධාරීන් වෙනුවට විදෙස් විමර්ශකයනුත්, අපේ නීතිපති  දෙපාර්තමේන්තුව වෙනුවට විදෙස් පරිචෝදක කාර්යාලයකුත්, අපේ උසාවි වෙනුවට විදෙස් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත උසාවිත් පිහිටුවීමට සිදුවෙනවා.
    ජිනීවා යෝජනාවේ සිව්වන ක්‍රියාන්විත ඡේදයට අනුව “යටගියාව ගැන” සෙවීමට ආණ්ඩුව විසින් මේ ආකාරයට පිහිටුවීමට බලාපොරොත්තු වන යාන්ත්‍රනයන් වලටපිටරටින් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමට ලංකාවේ ආණ්ඩුව දැනටමත් එකග වී තිබෙනවා.මේ අනුව ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ ඇතුලු කාරණා සොයා බැලීමට පිහිටුවන යාන්ත්‍රන බටහිර රටවල මුදල් වලින් නඩත්තුවන තත්වයක් ඇති වෙනවා.
    ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කලොත්, ලංකාවට එරෙහිව මානව හිමිකම්  කවුන්සිලය  තුලචෝදනා ගෙන එන්නේත්, ඒ යෝජනා අනුව පිහිටුවන නව අධිකරණ යාන්ත්‍රනවලට මුදල් සපයන්නේත්, මේ අධිකරණ වල විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සපයන්නේත් ලංකාවේ යුද්ධයේ අවසන් අදියර නැවැත්වීමට උත්සාහ ගත් රටවල් සමූහයමයි. මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින්ම ලංකාවේ යුද අධිකරණයක් නඩත්තු කරන්නේ නම් මෙතනදී යුක්තියක් ඉටුවේ යැයි සිතිය හැකිද?
    ආණ්ඩුව  මෙවැනි යෝජනාවකට එකග වීම සාධාරණීකරනය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය වීමෙන් පසු එම ඝාතනය ගැන සොයා බැලීමට පත්කරන ලද කොමිසමට ඊජිප්තු ජාතික විනිශ්චයකාරවරයකු  සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් පත්කිරීම ලංකාවේ අධිකරණ පද්ධතිය තුල විදේශීය විනිශ්චයකරුවන් යෙදවීමට පූර්වාදර්ශයක් හැටියට ගෙනහැර දක්වා තිබෙනවා.
    බණ්ඩාරනායක මැතිනිය විසින් එම ඊජිප්තු ජාතික විනිසුරුතුමා පත්කරනු ලැබුවේ විමර්ශන කොමිසම් පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමකට මිස අධිකරණයකට නොවේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය පිළිබද නඩුව අසනු ලැබුවේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුලය. එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමට විදේශීය නීති විශාරදයින්ගේ ලිඛිත අදහස් දැක්වීම් ලබා ගැනීමට ඉඩදීමද “විදේශිකයන් ලංකාවේ නීතිමය ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට”  පූර්වාදර්ශයක් හැටියට හුවා දැක්වෙනවා.
    මගේ ආණ්ඩුව විසින් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරාට පස්සෙ, පරණගම මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි ඒ කොමිසමට ජාත්‍යන්තර යුධ නීතිය පිළිබද  විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් ලිඛිත නීතිමය මත විමසීම් ලබා ගැනීමට මාගේ ආණ්ඩුව සැලැස්සෙව්වා. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, මහාචාර්ය මයිකල් නිවුටන්හා රොඩ්නි ඩික්සන් වැනි නීත විශාරදයින්  සහ මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් වැනි යුද විශේෂඥයින් ඉතාම වටිනා විග්‍රහයන් ඒ කොමිසමට ලබා දුන්නා.මා මේ කතා කරන්නේ මැක්ස්වෙල් පරණගම වාර්ථාව ගැන නොව, එම කොමිසමට විදේශීය විද්වතුන් ලබලා දීල තියෙන ලිඛිත අදහස් දැක්වීම් ගැන බව මතක තබා ගත යුතුයි. මේ සියලුම ජාත්‍යන්තරයුද නීති විශේෂඥයන්ගේ මතයන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ලබා දීමට යහපාලන ආණ්ඩුවට යුතුකමක් තිබුණා. ඒක කරන්න ඕනෑතරම් වේලාවත් තිබුණා. නමුත් ආණ්ඩුව එසේ කිරීම සිතාමතාම පැහැර හැරියා.
    මා ඉහත සදහන් කලනීති විශාරදයන්ගේ මත මුලුමනින්ම “ද අයිලන්ඩ්” පුවත්පතේ පල වූ අතර, එම මතයන් සැලකිල්ලට ගතහොත් ඇතැම් බටහිර බලවතුන් ලංකාවට එරෙහිව ගෙන යන මේ යුද අපරාධ ව්‍යාපෘතිය පටන් ගැනීමටත් පෙර නවතා දැමීමට සිදුවෙනවා.
    මැක්ස්වෙල් පරණගම කොමිසමද විමර්ශන කොමිසන් සභා පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමක් මිස අධිකරණයක් නොවේ. එමෙන්ම මා පෙර සදහන් කල ජාත්‍යන්තර යුද නීතිය පිළිබද විශේෂඥයන් සිදු කලේ එම කොමිසමට ජාත්‍යන්තර යුද නීතිය සම්බන්ධයෙන් උපදේශන මට්ටමෙන්ලිඛිත අදහස් දැක්වීම්  පමණි. එපමණක් ද නොව ඒ හැම අදහස් දැක්වීමක්ම අපේ රටට වාසිදායක වීම මෙහි විශේෂත්වයක් බව කියන්න ඕන. විදේශීය නීති විශාරදයින්ගෙන් අපේ පැත්තට කීමට ඇති කරුණු ලබා ගැනිමත් විදේශීය විනිශ්චයකාර වරුන් ලවා අපේ රටේ රණවිරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමත් අතර වෙනස ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය.
    මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ සිදුවූ විවාදයේදී, අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීමට පත්කල මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්ථාව ගැනද විවිධ අදහස් පලවුණා. මේ කොමිසම “රාජපක්‍ෂගේ කොමිසමක්” ලෙස හදුන්වනු මා ඇසුවා. රාජපක්‍ෂගේ කොමිසම විසින්ම අසවල් නිර්දේශ කර තිබෙනවාය කියමින් තමන්ගේ හිතේතිබෙන සැලසුම් සාධාරණීකරනය කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සාහ කරන හැටි මම දැක්කා. අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීමට මැක්සවෙල් පරණගම කොමිසම මා විසින් 2013 අගෝස්තු මාසයේදී පත් කලා. නමුත් මේ වසරේ ජනාවාරි මාසයෙන් පස්සේ ඒක පැවතියේ යහපාලන ආණුඩව යටතේ. ඒක දැන් වත්මන් ආණ්ඩුවේ කොමිසමක්. මේ වසරෙ ජනවාරි සිට අලුතින් පත් වූ ජනාධිපතිතුමාට එම කොමිසම සම්බන්ධයෙන් ඕනම වෙනසක් කරන්න බලය ලැබුණා. එම නිසා එය “රාජපක්‍ෂගේ කොමිසමක්” කියලා කියන එක වැරදියි. කොහොම වුනත්, අපිට මෙතනදී වැදගත් වෙන්නේ ජිනීවා යෝජනාව නිසා වෙන්නේ කුමක්ද යන්නයි.
    විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් පවා පිටරටින් ගෙන්විය යුතුයැයි කීමෙන් අදහස් වන්නේ රටේ දැනට පවතින යුක්තිය පසිදලන ආයතනවලට පරිභාහිරව වෙනම ආයතන පද්ධතියක් බිහිකිරීමයි. මෙයට මම එකහෙලාම විරුද්ධ වෙමි.  මේ යෝජනාව ඒනයින්ම අපේ උසාවි පද්ධතියටත්, නීතීඥ වෘත්තියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාද විමර්ශන සිදු කරන ආයතන වලටත් කල ඍජු අපහාසයක් හැටියට මම සලකමි.
    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අටවන ක්‍රියාන්විත ඡේදයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ මානව අයිතීන් උල්ලංඝනය කලා යැයි උසාවියක නඩු පැවරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි නැති රණවිරුවන් පවා “පරිපාලනමය ක්‍රියාදාමයකින්” සේවයෙන් නෙරපා හැරීමයි.මෙවැනි ඡේදයක් ජිනීවා යෝජනාවේ නැති බව ඇතැම් ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා මට ඇහුනා. ජිනීවා යෝජනාවේ සිවුවන ක්‍රියාන්විත නිර්දේශය ලෙස මේ කාරණය තිබෙන බව මම වගකීමෙන් කියමි.
    ඉකුත් සැප්තැම්බර් 30 වන දා මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රනය කල අවස්තාවේදීද ඔහු වැඩියෙන්ම අවධාරණය කල කාරණය වූයේ මේ අකාරයට මානව හිමිකම් උල්ලංඝනය කල බවට සැක කරන අය ආරක්‍ෂක අංශවලින් නෙරපිය යුතු බවයි. මේ අතිශයින්ම අසාධාරණ යෝජනාවටද ආණ්ඩුව වග විභාගයකින් තොරව එකගත්වය පලකොට තියෙනවා. උසාවියක නඩු පැවරීමට තරම් සාක්‍ෂි නැති අයෙක් අපේ නීතියේ හැටියට වරදකරුවකු නොවන අතර එවැනි පුද්ගලයන් හුදුසැකයක් මත ආරක්‍ෂක හමුදා වලින් නෙරපා හරින්නේ මොන යුක්ති ධර්මයකට අනුවද ? මේක රණවිරුවන් දඩයම් කිරීමට පිඹුරුපත් සකස් කිරීමක් මිස වෙන කුමක්ද?
    මෙතන තවත් සදාචාරත්මක ප්‍රශ්නයකුත් තිබෙන බව කියන්න ඕන. මේ යුද්ධය සිද්ධ වුනේ ලංකාවේ. රණවිරුවන්ට දඩුවම් දීමට නම්,  යුද්ධය සිදුවෙන අවස්ථාවේ අපේ රටේ නීතියට අනුව අපරාධයක් නොවු බොහෝ දේවල් අපරාධ හැටියට නීතියට ඇතුල්කරලා  එම නීති ආපස්සට ක්‍රියාත්මක  කිරීමට සිදුවෙනවා.  අපේ රටේ ව්‍යවස්තාවට අනුව ඕන නම් ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති මෙරටේ ක්‍රියාත්මක කිරීමට එසේ කල හැකි බව ව්‍යවස්තාවේ සදහන් වෙනවා. නමුත් අපරාධ නීතියේ තිබෙන ඉතාමත්ම පූජනීය මූලධර්මයක් වන්නේ, යමක් සිදුවෙන අවස්ථාවේ දී නීතියෙන් අපරාධයක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් පසුව නව නීති හදා ආපස්සට බලපැවැත්වෙන පරිදි දඩුවම් නොදිය යුතුය යන්නයි. ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න  ව්‍යවස්තාවෙන් බලය තිබුණත්, නොකරම බැරි අවස්ථාවක් හැරුණ විට එවැන්නක් සමාන්‍යයෙන් කරන්නේ නැහැ.
    අවසන් වරට එවැන්නක් සිදුවුනේ සේපාල ඒකනායක ඉතාලි ගුවන් යානයක් පැහැරගත්ත අවස්ථාවේ. ලංකාවේ නීතියට අනුව ඒකාලේ ගුවන් යානයක් පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ නොතිබුණු නිසා, ඔහුට දඩුවම් කිරිමට අලුත් නීති ගෙනල්ලා ඒවා අපස්සට ක්‍රියාත්මක කරන්න ඒ කාලේ ආණුඩුවට සිද්ධවුණා. නමුත් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ මිනීමැරුමක් සිදුවී තිබෙනවානම් ඒකට අපිට නීති තිබෙනවා. වධ බන්ධන පමුනුවා තිබෙනවානම් එයටත් නීති තියෙනවා. රණව්රුවෙක් කාට හෝ තර්ජනය කර තිබෙනවානම් එයටත් නීති තියෙනවා. අපහාස කරලා තියෙනවානම් ඒකටත් නීති තියෙනවා. ඉතින් රණවිරුවෙක් වැරද්දක් කරලා තියෙනවානම් ඒ නීති අනුව අපේ උසාවි වලට කටයුතු කරන්න පුළුවන්.
    ඕනම වැරුද්දකට දඩුවම් කිරීමට අපේ රටේම නීති තියෙද්දි, අලුතෙන් නීති ගේන්නේ මොනවටද කියලා බොහෝ අයට ප්‍රහ්නයක් තියෙන්න පුළුවන්. මේ ආකාරයට අළුත් නීති ගේන්නේ අඩු සාක්ෂි සාධන භාරයක් මත රණවිරුවන්ට පහසුවෙන් දඩුවම් නියම කිරීමටයි. උසාවියට ගෙනයන්න තරම් සාක්‍ෂි නැතුව වුනත් “පරිපාලන ක්‍රියාදාමයකින්” හෝ රණවිරුවන් දොට්ට දැමිය යුතු යැයි ජිනීවා යෝජනාවේ කියලා තියෙනවා වගේ වැඩක් තමයි ඒකත්. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණවල සාක්‍ෂි සාධන භාරය අපේ උසාවිහා සාමාන්‍යයෙන් ඕනෑම රටක ජාතික උසාවි වලට වඩා පහලින් තියෙන්නේ. ඒ කියන්නේ අඩු සාක්‍ෂි මත වුනත් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් දෙන්න පුළුවන්.
    ඇමරිකා එක්සත් ජනපදය ඒ රටේ පුරවැසියෙක් කිසිම හේතුවකටවත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන යාම සම්පූර්ණයෙම්ම තහනම් කරලා තියෙන්නෙත් මේ හේතුවටමයි. 2002 දී ඇමරිකාව “ඇමරිකානු සෙබළුන් ආරක්‍ෂා කිරීමේ පනත” සම්මත කරගත් අතර මෙයට අනුව කුමක් හෝ ජාතයන්තර අධිකරනයකින් ඇමරිකානු සෙබලෙක් හෝ වෙනත් පුරවැසියෙක් හිරභාරයට ගතහොත්, බලහත්කාරය යොදවා හෝ එම පුද්ගලයා බේරා ගැනීමට ඇමරිකානු ජනාධිපතිට බලය පැවරෙනවා. ඇමරිකානු ආණ්ඩුව තමන්ගේ මිනිස්සු ආරක්‍ෂා කරන්නේ ඒ ආකාරයට. නමුත් අපේ රටේ නම් පේන්නේ අපේ රණවිරුවන් පාවලා දෙන්න එකා මත ඒකානැගීගෙන පොරකන තත්වයක්.  ඇමරිකාව තමන්ගේ පුරවැසියන් ජාත්‍යයන්තර යුද අධිකරණ ඉදිරියට ගෙන යන්න ඉඩ නොදෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ මේ ජාත්‍යන්තරයුද අපරාධ නීතියේ හා උසාවි ක්‍රියාපටිපාටියේ ඇති බරපතල අඩුපාඩු නිසා. දැන් මේ පිඹුරුපත් සකස් කරන්නේ ඒ කැකිල්ලේ නීති ලංකාවට හදුන්වා දීල අපේ රණවිරුවන් ඉක්මනට හා පහසුවෙන්ම හිරේ දමන්න. ආත්මගරුත්වයක් ඇති කිසිම රටවැසියෙක් මේ වගේ දේකට ඉඩ නොදිය යුතුයි කියලා මම කියනවා. සෙබලෙක් වරදක් කරල තියෙනවනම් ඒ ගැන හොයලා බලන්න ඕන අපේ නීතියට අනුව විතරයි.
    රටක් පාලනය කරන කොට විවිධ විදේශිය බලවතුන්ගෙන් බලපෑම් එනවා. ඒවාට මුහුණ දීමට පාලකයන් දැනගෙන ඉන්න ඕන.   පිටරටින් කියන හැම දෙයක්ම කරනවනම් මේ රටට ආණ්ඩුවක් මොනවටද?
    මෙවැනි ලියවිල්ලකට කිසිදු වගවිභාගයකින් තොරව, පාර්ලිමෙන්තුවෙන් වත් නොවිමසා ජනතාවට කරුණු දක්වන්නේත් නැතුව එකග වීමෙන් ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද?මේවා ගැන ඔවුන් හරි හැටි සිතා බලා තියෙනවාද? විදේශීය විනිශ්චයකරුවන්, පරිචෝදකයන් හා විමර්ෂන නිලධාරීන්ගෙන් යුත් වෙනම යුක්තිය පසිදලීමේ පද්ධතියක් ඇති කරනවානම් ඒ සදහා අපේ සාමාන්‍ය නීතිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවද වෙනස් කිරීමට සිදුවෙනවා. පසුගිය සතියේ අගමැතිවරයා සිංගප්පූරුවේ “ස්ට්රේත් ටයිම්ස්” පුවත්පත සමග කල සාකච්ඡාවේ දී මෙරටේ යුද අපරාධ අධිකරණයට විදෙස් විනිශ්චයකාරවරුන් බදවා ගන්නා බව කියලා තිබුණා.
    මේ ආකාරයට අපි නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවත් වෙනස් කරන්නේ අපේ රණවිරුවන්ට දඩුවම් දිමට පමණක්ම මිස වෙන කුමකටද ? දශක හතරක් පුරා ලියලමින් වැඩී, අවුරුදු තිහක් පමණ මුලුල්ලේ මුළු රටම වෙලාගත් ත්‍රස්තවාදය පරාජය කල රණවිරුවන්ට දඩුවම් කිරිම සදහාම රටේ ව්‍යවස්තාව පවා වෙනස් කිරීම මොනතරම් සාහසික ක්‍රියාවක්ද? රටට සාමය ගෙන දුන් රණවිරුවන්ට දඩුවම් දීමට පක්‍ෂව අත එසවීමට හැක්කේ කාටද ? අද මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම සාමකාමී වාතාවරනයක් තුල ජීවත් වීමට පුළුවන් වෙලා තියෙන්නේ ඒ රණවිරුවන් කල කැපවීම නිසා නොවේද ?
    රණවිරුවන්ට දඩුවම් දීම සදහා විදේශිය විනිශ්චයකාරවරුන්ටත්, පරිචෝදකයන්ටත්, විමර්ශන නිලධාරීන්ටත් මේ රටතුල යුක්තිය පසිදලීමට හැකිවන ආකාරයට අපි සාමාන්‍ය නීතියත් රටේ ව්‍යවස්තාවත් වෙනස් කලායැයි කියා මොහොතකට සිතමු. රණවිරුවන් හිරේ දමා අවසන් කල පසු ඒ වෙනස් කල නීතිය එලෙසම තියෙන්න ඉඩ තබනවාද? විදේශිකයන්ට විනිශ්චයකරුවන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා නීතීඥයන් හැටියට දිගටම මේ රටේ කටයුතු කිරීමට හැකිවෙනවානම්, එය මේ රටේ නීති ක්‍ෂේත්‍රයටම ප්‍රශ්නයක් වෙනවා. පාර්ලිමේන්තුවෙත් නීතිඥයන් බොහෝ ගණනක් ඉන්නවා. මමත් නීතීඥයෙක්.
    ඉන්දියාව සමග ඇති කිරීමට යන සීපා ගිවිසුමයටතෙත්, ඉන්දීය නීති වෘත්තිකයන්ට ලංකාවේ කටයුතු කිරීමට ඉඩ ලැබීමක් ගැන පසුගිය වකවානුවෙ කතා වුනා. රණවිරුවන්ට දඩුවම් දීමට කියා පෙර කී ආකාරයට අපේ ව්‍යවස්තාවත් නීති  පද්ධතියත් වෙනස් කලොත්, එයින් සිදු වන්නේ සීපා ගිවිසුම නැතුව වුනත් මුලු නීති ක්‍ෂේත්‍රයම විදේශීකයන්ට විවෘත කර දීමක් නොවේද? රණවිරුවන්ට දඩුවම් කිරීමට පමණක් අපේ නීති පද්ධතිය වෙනස් කොට සියලුම රණවිරුවන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඒ සදහා ගෙන ආ විශේෂ නීති අවලංගු කර ලංකාවේ නීති පද්ධතිය නැවත තිබුණ ආකාරයටම ප්‍රතිසංශෝධනය කරනවානම්, එතකොට මේ ආණ්ඩුව මුලු නීති පද්ධතියම වෙනස් කර තියෙන්නේ රණවිරුවන් හිරේ දැමීමට පමණක්ය යන්න කාරණය ජනතාව ඉදිරියේ තහවුරු වෙනවා. එවන් තත්වයක් පිළිගත හැක්කේ කාටද?
    ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කිරීම සදහා ඔවුන් විවිධ කාරණා ගෙනහැර දක්වමින් ඉන්නවා. ඔවුන්ගේ එක තර්කයක් වන්නේ අද මේ කරන හැම දේකටම මම 2009 මැයි 23 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් ලංකාවට පැමිණි ආවස්ථාවේදී අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයෙන් එකගත්වය පලකර තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ගෙනහැර දක්වන්නේ එම ලිපියේ අවසන් ඡේදයයි.  එම ඡේදය මෙහෙමයි තිබුණේ.
    “Sri Lanka reiterated its strongest commitment to the promotion and protection of human rights, in keeping with international human rights standards and Sri Lanka’s international obligations.  The Secretary-General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law.  The Government will take measures to address those grievances.”
    මෙවැනි ඒකාබද්ධ ප්‍රකාශන වල දෙපාර්ශවයේම අදහස් සදහන් වෙනවා. මෙහිදී ලංකා ආණ්ඩුව කියා ඇත්තේ කුමක්ද, බැන්කී මූන් මහතා කියා ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිව සදහන් වෙනවා. ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට බැදී සිටින බව කියා තිබේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් මානව අයිතීන් පිළිගන්නවා පමණක් නොව අපේ ව්‍යවස්තාවෙත් මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයක්ම තියෙනවනේ.
    ඉන් පසු බැන්කී මූන් මහතා මානව අයිතීන් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් නැතිනම් “accountability process”එකක් ගැන කතා කරයි. අපි ඒකට එකග වුනේ නැහැ. අපි එකග වුනේ ඒ සම්බන්ධයෙන් ඇති දුක්ගැනවිලි එනම් “grievances” ගැන සොයා බැලීමට පමණයි.
    යුධ අපරාධ අධිකරණ ඇති කිරීමටත් ඒවාට විදේශීය විනිශ්චය කරුවන් හා පරිචෝදකයන් යෙදවීමටත් උසාවියෙන් වරදකරුවන් හැටියට ඔප්පු නොවු රණවිරුවන් පවා “පරිපාලන ක්‍රියාවලියකින්” සේවයෙන් දොට්ට දැමීමටත් අප එකග වුනේ නැහැ. තිබෙන්නා වූ දුක්ගැනවිලි ගැන සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පෙරොන්දු වූ පරිදිම උගත් පාඩම් හා සංහිදියා කොමිසමත් අතුරුදහන් වූවන් ගැන සොයා බැලීමට මැක්ස්වෙල් පරණගම කොමිසමත් පත්කරනු ලැබුවා.
    රණවිරුවන් දඩයම් කිරීමට මේ සකසා ඇති පිඹුරුපත් ලංකාවේ නීතිය වෙනස් නොකොට ක්‍රියාවට නැංවිමට බෑ. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා ත්‍රස්තවාදීන් සමග සටන තුල ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන්ට එරෙහිව මේ කරන සියලු සැලසුම් ව්‍යාර්ථ කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොතබන මෙන් මම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පක්‍ෂ භේදයකින් තොරව ඉල්ලා සිටිනවා. මෙය කුමක් හෝ එක් දේශපාලන පක්‍ෂයකට සීමා වූ කාරණයක් නොව රටත් ජාතියත් අපේ ස්වාධිපත්‍යයත්, ආත්මගරුත්වයත් පිළිබද ප්‍රශ්නයක්.
    අපේ රණව්රුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොදු නාරටිය බිදලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි. මේ මොහොතේ මව්බිම වෙනුවෙන් පෙරට ඒම අපි කාගේත් යුතුකමක් වෙනවා.
    අපේ රටටත්, ජාතියටත් මම ජය පතනවා.
    ඔබ සැමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා!
    මහින්ද රාජපක්‍ෂ
    හිටපු ජනාධිපති

  • දේශමාමක

    Watch Mahinda speaks about the underground bunker at the President’s House.
    https://youtu.be/h6i2vGCGivQ

    • Dinuu

      දේශමාමක, ඔබ අපේ මහින්ද මැතිඳුන් ගේ මේ අභීත ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන හුගක් ස්තූතියි. මම හිතුවා අපේ Mahinda.Info වෙබ් අඩවියෙන් ඒ කතාවල් වත් අප්ඩේට් වෙයි කියලා. කෝ නැහැනේ. මොකද ඇත්තටම අපේ එඩිටර් තුමාට වුනේ? පලිගැනීම් අතවරයකට වත් ගොදුරු වුනාවත්ද? අපේ මහින්ද මැතිඳුන්ට වත් මේ වෙනුවෙන් යමක් කල නොහැකිද?

  • sayumi

    මහින්ද මැතිඳුන් හා සම්බන්ධ වෙබ් අඩවි අතරින් නිසියාකාරව අප් ඩේට් වෙමින් ඉතා හොඳින් පවත්වාගෙන ගිය එකම වෙබ් අඩවිය මෙපමණයි.ඒකත් දැන් අතරමග නවත්තන්නද යන්නේ? කරුණාකර අප එවන කමෙන්ට්ස්වත් ඉක්මණින් අනුමත කරනවා නම් එයත් ලොකු යහපතක්, එඩිටර් තුමා යලි එනකන්.
    ස්තූතියි.

  • Rata wenuwen

    මාස11කටත් ලන්වුනා, අච්චාරු ආන්ඩුවේ අවිචාර සමයන් ප්‍රගතිය ඇත්තේ අසුචි වල වල් වල ඔලුව ඇණගැනීම පමණී. කුහකත්වයේ, වයිරයේ ගිලි ගිලී ඒවාගේ කටයුතු කරනවා මිස, රටට වෙන සෙතක් ගැන වැඩපිලිවෙලක් පෙනෙන තෙක් මානයකින් වත් නැත. දැන් එහෙන් මෙහෙන් අච්චාරු ආන්ඩුවේ හැල හැප්පිලි සිදුවෙන බවට කතන්දර එලියට පැමිණ ඇත.. පඹයාගෙ රගපෑම් තොත්ත බබෙකු මෙන්.
    “අනේ මම මොකුත් දන්නේ නැහැ,” කියන්න තරම් මොඩ සිපයියෙක්. කොහොමද පඹයාගෙ කක්ක මොලේ,අප්පච්චියේ කියලා වැඩැක් නැහැ.
    නිලයා ඌව නටවනවා, සජිතයා විරුව පට්ටම් ගහලා, මන්දබුද්දිකයා පිස්සු දොඩවනව, එකා දන්නේ නැහැ ඉතිහාසය,හුජ්ජ කොල්ලා,නිමලයාට හැරිසා කුනුහරුපයෙන් බැන වදිනවා, ආලපාලුවයි අතන මෙතන රතනයි ඉක්මනට නිවන් දකින්න එහෙන් මෙහෙන් හැලහැප්පිලිලු. ටෙලිඩ්‍රාමා එකකට හොදම කතා බීජය.මේවා තමයි “සමාජ සමයන්” ; අලුත්ම ටෙලි නාට්ටිය, අදියක්ශනය:- ආලපාලුවා ගරු රගපෑම් කම්-කරුවා.
    සීමිත දින ගනනක් පමනී, ඊලගට සම්මුතිවාද අච්චාරුව සෙත්ත පොච්චියි, මෙන්න කැට.

    —- වැඩ බලන එඩිටර් මහත්තයො, මේ පිටුව හැලෙන්න ඉඩ තියන්න එපෝ,ප්‍රතිචාර එවන සෑම අයෙක්ම අවන්කව මහින්ද මහතා වෙනුවෙන් අදහස් උදහස් ලියා එවන්නෙ හරීම ලෙන්ගතු කමකින්, ඒනිසා එඩිටර් මහත්තයො අපගෙ – -සැර නැති සිනහා සුලු – ප්‍රතිචාර ඉක්මනට අනුමැතිය ලබාදී පලකරන මෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටිමු.

  • Dinuu

    මහාචාර්ය නලින් ද සිල්වා 26 10 2015 ලියූ ලිපිය

    http://www1.kalaya.org/2015/10/blog-post_26.html#more

  • ආලපාලු ගවපාලන ජාතිබ්‍රෂ්ට විශාරද මොංගල් සමරේ

    ජනවාරි 8 ඉදලා ගවපාලන දින 100 ඉවරවෙන කනුත් අගෝස්තු 18 ටෙන් පසු හොර පාලනයෙනුත් බොරුව සහ චෝදනා පමණක් කරලා මහින්ද මහතාගේ චරිතයට හානි කරන්න හදනකොට මහින්ද මහතාට බොරු වපුරනකොට ඒවාට පිළිතුරු හොයාගෙන යනකොට තමයි අහම්බයෙන් වගේ මහින්ද.ඉන්ෆෝ වෙබ් අඩවිය හම්බුනේ ඒ තමයි මහින්ද.ඉන්ෆෝ එකට මගේ පළමු පැමිණීම 2014 නොවෙම්බෙර් විතර වගේ ඒ කාලේ තමයි මහසෝන් පිල්ලිය රට වෙනුවෙන්සහ power ගින්දරවගේ comment වලින් වෙබ් site එක පිරෙව්වේ වගේම දිනුගේ සහ සයුමිගේ කවි වලින් සිතේ එක ලස්සන කරා ඒ හැමෝටම ගොඩක් ඉස්තුතියි ඒ වගේම පින්ක් panther හොද ළමයා ssk ඇතුළු මෙතෙක් එක්වී සිටි සැමටම ඉදිරියටත් හැකිනම් එක විසිටින්නයි ඉල්ලමි ඒ වගේම අපේ editor තුමා කෝ එතුමා වෙබ් අඩවිය update වෙන එක අතහැරල වත්ද පුලුවන්නම් මේක තව ටිකකාලයක් කරන් යන්න මේ site එක මම දාල යන්නෙත් නැ ඔයාල දාල යන්නත් එපා

    • Dinuu

      සමරේ, මාත් එකඟයි. අපේ Mahinda.Info වෙබ් අඩවිය මිල කල නොහැකි සේවයක් කලා අපේ මහින්ද මැතිඳුන් සහ අපේ මව්බිම වෙනුවෙන්. දැන් මේ මොකද වෙන්නේ කියලා මාත් ටිකක් මවිතයට පත් වෙමින් ඉන්නේ.

      පවර් නිහඬව හිටි කාලයත් ටිකක් දිග වැඩියි. මට වෙලාවකට හිතෙනව ආයිත් නො ඒවිදෝ කියලත්. එඩිටර් තුමා මයි අපිට කිව්වේ අගෝ 17 ට පසුත් මෙය දිගටම කරගන යන බව. එය ඉතාම අවශ්‍ය බවත් අපිටත් පසුව තමා අවබෝධ වුනේ. ඇයි මේ “මඩ ගැසීම්” සහ “පලිගැනීම්” වලට කෙලවරක් නැහැනේ. යමපාලනය ඒ දෙක විතරයි “ප්‍රගුණ” කරලා තියෙන්නේ. රටක් ගෙනියන්න දන්නෙම නැහැ.

  • Rata wenuwen

    මොනවද කලේ මේ බූතයෝ දස මසට,
    නඩු හබ මිසක් නැත කිසිවක් පෙනෙන්නට.
    එයින් එකක්වත් බැරිවිය දිනන්නට,
    කයිය තිබේ වෙන මොකවත් නැතුවාට.

    ———
    ආලපාලුවා කොලඹට තනිකරලා,
    නිලයා හිනහෙන්නේ රහසින් කොක් නගලා,
    අතන මෙතන රතනයටත් තරු පෙනිලා,
    ආරන්චියි හෙල උරුමේ මල පැනලා.

  • sayumi

    “යහපාලක “මෛත්‍රී” කියන භූගත මාළිගාවේ…”
    Featured October 27, 2015
    (උපුටා ගැනීම:lanka newsweb.today)

    2015 ඔක්තෝබර් 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ පොළොව යට මන්දිරයක් ඇති බවට හෙළි කරන ලදී. පසුව එහි දර්ශන ජනමාධ්‍ය වෙත අනාවරණය කළ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය මාධ්‍ය ලවා වාර්තා කරවූයේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිසුඛෝපභෝගී භූගත මාළිගාව ලෙසටයි. එහි ඇත්ත නැත්ත කුමක්දැයි බලමු.

    කොළඹ ජනාධිපති මන්දිරය ඉදි කෙරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවේ.

    එහි අතීතය ලන්දේසි යුගයටම දිවෙන්නේ එවකට එය ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ බැවිනි. පසුව බ්‍රිතාන්‍ය යුගයේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර‍යාගේ නිල නිවස වූ මෙය මෙනිසාම 1972 දක්වා හැඳින්වූයේ රැජිණගේ නිවස (ක්වීන්ස් හවුස්) නමිනි. Source: Wikipedia

    ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙකුගේ මන්දිරයක් ඉදි කරද්දී ඊට අනුබද්ධව භූගත බංකරයක් සහ එම බංකරයේ සිට එළියට උමගක් ඉදි කිරීම ලෝක සම්ප්‍රදායයි. අපගේ පැරණි සිංහල රජවරුන් පවා සිය මාළිගාවේ සිට වාසල දොරෙන් එළියට බිම් ගෙයක් පවත්වාගෙන ගියේ මෙම උපක්‍රමික පසුබැසීමේ යුධ කලාව එකල පවා දැන සිටි නිසාවෙනි. සීගිරියේ මෙන්ම මහනුවර මාළිගාවේද එවැනි උමං ඇති බව ඉතිහාස වාර්තා වල දැක්වෙයි.

    එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ධවල මන්දිරයේ භූගත අධි ආරක්ෂිත බංකරයක් ඇත. “Presidential Emergency Operations Center” ලෙස එය හැඳින්වෙයි. රුසියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයේ භාවිතයටත් අධි ආරක්ෂිත උමං පද්ධතියක් සහිත බංකරයක් තිබේ. එය “Metro-2” ලෙස හැඳින්වෙයි.
    ලන්දේසින් විසින්ද අප රටේ ගොඩනැගූ ජනාධිපති මන්දිරය තුළ භූගත බංකරයක් සහ එහි සිට වරාය දෙසට උමගක් ඉදි කර තිබේ. දෙවන ලෝක යුද්ධය සමයේ ජපනුන් විසින් මෙරටට බෝම්බ දැමූ නිසා එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩිකොට් විසින් එම බංකරය වැඩි දියුණු කරන ලදී.

    පහත දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින් අනාවරණය කරන ලද එම බංකරයේ පින්තූර යි. මේවායේ ඇති ගෘහ භාණ්ඩ සහ සැරසිළි දෙස හොඳින් බලන්න. ඒවා බ්‍රිතාන්‍ය යුගයට අයත් ඉපැරණි දෑ බව ඔබට පැහදිළි වේවි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය වාසස්ථානය සඳහා අරලියගහ මන්දිරය යොදා ගැණුනි. කොටි ත්‍රස්තවාදීන් සැහැල්ලු ගුවන් යානා මගින් එයට බෝම්බ දැමීමේ අවදානමක් ඇති බවට එවකට බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබූ නිසා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට කොළඹ ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය වැඩිදියුණු කර ඇත.

    එම බංකරය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයේ හමුදාපතිවරුන් සහ සෙසු නිලයන්ට හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට සුදුසු ලෙස අනෙකුත් ගෘහ භාණ්ඩ යුද වකවානුවේදී මිලදී ගෙන ඇත. ඕනෑම රටක ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ට රජය විසින් සලකනු ලබන්නේ උසස් අයුරිනි. මෙය බංකරයක් නිසා සමහර නොදරුවන් හිතන් ඉන්නවා මෙන් නිදා ගන්න බූරු ඇඳන් – පොරවන්නට ගෝනි පැදුරු – මළපහ කරන්න බෙලෙක් පඩික්කම් – වාඩිවෙන්නට ලෑලි බංකු, ආරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් වෙනුවෙන් වෙන් කරන්නේ නැත.

    බ්‍රිතාන්‍ය යුගයේ මෙම බංකරයේ සිට වරාය වෙත උමගක් තිබුණි. නමුත් එය මේ වන විට කඩා වැටී ඇත. කොළඹ ගොඩනැගිලි යටින් යන බවින් ඒවාට හානි නොකර එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අති විශාල මුදලක් වැය වන බැවින් එම උමග මානුෂික මෙහෙයුම කාලයේ ප්‍රතිසංස්කරණය නොකෙරුණි. නමුත් එය පසුකාලීනව ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ තැබුණි. පහත දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින් හෙළි කළ එම රහසිගත උමගේ ඡායාරූප යි.(see lanka newsweb.today)

    සිරස ඇතුළු ජනමාධ්‍ය වෙත මෙම බංකරයේ පින්තූර ලබා ගැනීම සඳහා අවකාශ ලබා දීමෙන් නොනැවතී, මෙය දැන් මහජනතාව වෙතත් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. [Source: මව්බිම 2015-10-05].

    ඒ අනුව ඕනෑම රටක චරපුරුෂයෙකුට මෙය දැකගත හැකි අතර මින් ඉදිරියට කිසිදු රාජ්‍ය නායකයෙකුට හදිසි අවස්ථාවකදී මෙම භූගත බංකරය භාවිතා කිරීමේ හැකියාව නොමැතිව යයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාවා දුන්නේ ඉදිරියේදී බලයට පත් වෙන්නට සිටින නායකයන්ට ඇති ආරක්ෂක මර්මස්ථානයකි. ඉදිරි අනාගතයේදී ව්ලැඩ්මිර් පුටින් වැනි විශිෂ්ට නායකයෙකු අප රටට බිහි වුණහොත් ඔහුගේ ජීවතාරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබූ ආරක්ෂිත නිවස්නය මෙසේ පාවා දී ඇත.(කියවන්න –ආරක්ෂාව ගැන නොදත් හාල්පරුවන්ට මහින්දගෙන් උත්තරයක්-අපි ගහන කොට උන් හැදුවා. උන් ගහන කොට අපි හැදුවා)
    රටක ප්‍රධානතම අභියෝගය නම් එරටේ ජාතික ආරක්ෂාව සුරැකීමයි. රාජ්‍ය නායකයා යනු ජාතික ආරක්ෂාවේ භාරකරුවා වන අතර ඔහු මත ජාතික අරක්ෂාවේ බොහෝ දෑ තිරණය වෙයි. රාජ්‍ය නායකයාගේ ආරක්ෂක උපක්‍රම හෙළිදරව් කිරීම තරම් දරුණු පාවාදීමක් තවත් නැත.

    උදාහරණ ලෙස 1971 ජවිපෙ රාජ්‍ය විරෝධී කැරැල්ලේදී කැරළිකරුවන්ගේ එක් සැලැස්මක් වූයේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය ඝාතනය කිරීමයි. එදාත් රාජ්‍ය බුද්ධි අංශය සිය වගකීම අකුරටම ඉටු කරමින් සිය රාජ්‍ය නායිකාවට සිදුවන්නට යන ජීවිත තර්ජනය ගැන අනතුරු අඟවයි. එවිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නැවක බණ්ඩාරණායක මැතිණිය ආරක්ෂක මණ්ඩලය සමග සැඟවී ජීවිතය බේරා ගන්නා ලදී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ත්‍රස්තවාදීන්ගෙන් හෝ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් කිසිදු ජීවිත තර්ජනයක් නොමැති වුවද ඔහු දැනගත යුත්තේ මේ රට පාලනය කරන අවසාන නායකයා ඔහු නොවන බවයි. එනමුත් මේ යන විදිහට එසේ වේදැයි සැකයක් මතු වෙයි.

    අධි ආරක්ෂිත බංකරය මාධ්‍ය වෙත අනාවරණය කරමින් තමන් කළ මහා පාවාදීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනමාධ්‍ය විසින් කිසිදු සාක්ෂියක් නොමැතිව පට්ට පල් බොරු කිහිපයක් ගොතා ඇත. ඒවා මොනවාදැයි එකින් එක බලමු… (කියවන්න – මෛත්‍රී…ගැණී ගෙදරද?)

    බොරුව: බංකරයේ මාසික විදුලි බිල රු ලක්ෂ 30 කි.
    —————————————-
    ඇත්ත: එම බංකරය වායු සමීකරණය කරන්නේ භාවිතා කරන අවස්ථාවේදී පමණි. එක තට්ටුවක වපසරිය අඩි 3000 යැයි සිරිසේනගේ මාධ්‍ය පවසයි. එසේ නම් එක තට්ටුවක දිග අඩි 55 කි. එසේනම් එම තට්ටුව අද කාලයේ මදක් විශාල නිවසක ප්‍රමාණය ගනී. එවැනි නිවසක් වායු සමීකරණය කළ විට විදුලි බිල මාසිකව රු 20000 ක් පමණ වෙයි. එවිට අර බංකරයේ තට්ටු 4 ටම යන්නේ රු 80000 කි. බංකර් එක ඇතුළේ න්‍යෂ්ඨික බලාගාරයක් තිබුණා කිව්වානම් ලක්ෂ 30 ක මාසික විදුලි බිල පිළිගත හැකි වේවි.

    බොරුව: බංකරය හදන්න බිලියන 3 ක් (මිලියන 3000 ක්) වැය විය.
    —————————————————-
    ඇත්ත: අඩි 55 ක දිග පළල ඇති තට්ටු 4 ක බංකරයක් හදන්න බිලියන 3 ක් කිසි සේත්ම වැය නොවන බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතයයි. වැඩිම වුවහොත් ඒ සඳහා රු මිලියන 300 යන්නට ඇති බව ඔවුන්ගේ මතයයි. මිලියන බිලියන පටලවා ගැනීම වත්මන් ආණ්ඩුව නිතර සිදුකරන්නකි, එනම් මේ රටේ ජාතික ආදායමටත් වඩා වැඩි මුදලක් මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමේ තිබෙනවා කියන්නේ එනිසා විය යුතුය. අනික් අතට ගාණ කුමක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව්වෙන් පාවා දී ඇත්තේ එම මුදල වැය කර රටේ අනාගත නායකයන් වෙනුවෙන් ඉදි කළ ආරක්ෂක මර්මස්ථානයකි.

    බොරුව: නාමල් රගර් ගැසූ පසුව නවතින්න යොදා ගත්තේ මේ බංකරයයි.
    ——————————————————
    ඇත්ත: නාමල්ට රගර් ගැසූ පසුව ඇවිත් බංකරයක හැංගෙන්නට අවශ්‍යතාවයක් නැත. මෙම භූගත බංකරයට වාතාශ්‍රය එන්නේ නැති බැවින් වායුසමීකරණය කරයි. ක්‍රීඩා කළ පසුව වායුසමීකරණය කළ තැනක නොසිටින බව කවුරුත් දන්නා දෙයකි.

    බොරුව: අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි බැවින්, ජනාධිපති මන්දිරයේ බංකරයක් හැදීමේ තේරුමක් නැත.
    ————————————————————-
    ඇත්ත: මෙම බංකරය බ්‍රිතාන්‍ය යුගයේ සිටම පවතින්නකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක අංශ වල ඉල්ලීම පරිදි එය වැඩිදියුණු කර ඇත්තේ අනාගතයේදී මේ රටට බිහි වෙන ජනාධිපතිවරුන්ගේ ද ආරක්ෂාව උදෙසා යි.

    බොරුව: වායු සමීකරණය කර ඇති නිසා මෙය අධිසුඛෝපභෝගී බංකරයකි.
    ——————————————————-
    ඇත්ත: භූගත බංකරයක් නිසා එය තුළට වාතය ගමන් කරන්නේ නැත. එනිසා වායු සමීකරණය කිරීමට සිදුවෙයි.

    බොරුව: එය මහින්දට විනොද වීමට හදාපු මාළිගයකි.
    ——————————————–
    ඇත්ත: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මගින්ම වාර්තා කර තිබුණේ එම බංකරයේ බිත්ති අඩි 6 ක් පළල බවත්, වානේ දැල් සහිත කොන්ක්‍රීට් බිත්ති ඇති බවයි. එසේ කර ඇත්තේ කොටි ගුවනින් බෝම්බ පතිත කළානම් ඉන් බේරීම උදෙසායි. විනෝද වීමට හදන මාළිගාවක අඩි 6 ක් පළල බිත්ති අවශ්‍ය නැත. අනික් අතට ආතල් ගන්නනම් පොළොව යට බංකරයක් හදන්න අවශ්‍ය නැත. මූද අයිනේ හෝ නුවර එළියේ හෝටලයක් හැදිය හැකිය.

    ප්‍රභාකරන්ටත් භූගත බංකරයක් තිබුණ අතර එම බංකරයේ සිට ඔහුගේ සබ්මැරීන් අංගනයට උමගක් තිබුණි. එහි පින්තූර මෙතනින් බලන්න. ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරය ජොලියට හදපු එකක් වෙන්නටයි, ප්‍රභාකරන්ගේ බංකරය එසේ නොවන්නේයි කෙසේද?

    බොරුව: එය මහින්දගේ පුද්ගලික මාළිගාවකි.
    ————————————-
    ඇත්ත: පුද්ගලික මාළිගාවක් නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය හැදිය යුත්තේ සිය තංගල්ල කාල්ටන් නිවස තුළයි. ඔහු නික්මුණ පසු මතු යම් දිනක බලයට පත් වෙන අනාගත ජනාධිපතිවරුන්ගේත් ජීවිත ආරක්ෂාව උදෙසා භාවිතා කිරීමට ජනාධිපති මන්දිරයේ ඇති බංකරය වැඩිදියුණු කළේ එය ඔහුගේ පුද්ගලික පරිභෝජයක් නොවන නිසයි.

    • Dinuu

      මේ සම්බන්ධයෙන් කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

      ජාතික ආරක්‍ෂාව සම්බන්ධ අතිශය සංවේදී තොරතුරු මහජන අවකාශයන් වෙත මුදා හැරීම මගින් වත්මන් ආණ්ඩුව අපේක්‍ෂා කරන්නේ ප්‍රචාරය නම් අප ඔවුන්ගේ තකතීරුකම් ගැන අනුකම්පා කළ යුතු ය.

      පසුගිය දා කොටුව ජනාධිපති මන්දිරයේ ඇතැයි කියන භූගත ආරක්‍ෂක කුටිය පිළිබඳ ඡායාරූප මාධ්‍යයට හෙළිදරව් කිරීම කිසිදු අයුරකින් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කළ කටයුත්තක් නොවේ. එවැනි දෙය ජනතාවට අවශ්‍ය තොරතුරු නොවේ. ඉන් සැනසීමට පත් වන්නේ නම් ඒ මේ රටට වෛර කරන ඉතා සුළු පිරිසක් පමණි. අප පසුගිය දා ලියන ලද “එජාප පාක්‍ෂිකයින්ට පණිවුඩයක්” යන පෝස්ටුව ලීවේ මොවුන් ගැන ය. එහෙත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ද මෙවන් අපතයින්ගේ තත්වයට ඌනනය වීම අප සැමගේ අවාසනාවකි.

      රටක ජනාධිපතිවරයා යනු හුදු පුද්ගලයෙක් නොවේ. එය ආයතනයකි. ආයතනයක් ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නීති රීති පද්ධතියකට යටත් ව ය. වසරකට රුපියල් කෝටී ගණන් ජනතා මුදල් වැය කරන්නේ මේ නිසා ය.ඒ අනුව මහජන සුභ සිද්ධිය තකා මිස ජනපතිවරයාට වුව ජනාධිපති නැමැති ආයතනය සම්බන්ධ තීරණ ගත නොහැකි ය. මන්ද ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව යනු රටේ ආරක්‍ෂාව ය. සිරිසේන මහතාට වුව එය හිතුමතේ අනතුරට හෙළිය නොහැකි ය. එසේ නම් ඕනෑම ජනාධිපතිවරයෙකුගේ ආරක්‍ෂාවට ඉදිකළ අදාළ භූගත කුටිය හෙළි කිරීම හරහා කර ඇත්තේ එය ඉදිකළ ආරක්‍ෂක අරමුණු සපුරා අවලංගු කිරීමකි. මේ අනුව, මෙම ක්‍රියාව ජාතික ආරක්‍ෂාව මතු නොව ඊට වැය කළ මුදල ද සපුරා අපතේ යැවීමකි.

      අපි අවධාරණය කරමු. සිරිසේන ජනාධිපතිවරයාට හා මේ ආණ්ඩුවට මහින්දට පහර නොදී තම පැවැත්ම සාදාගත නොහැකි නම් කළ යුත්තේ මෙවැනි දෙකයි පනහේ ප්‍රචාරක උපක්‍රමවල සරණ පැතීම නොව, තමන් වේදිකාවල බෙරිහන් දුන් යහපාලනය ක්‍රියාවට නැංවීම ය.

      – මහින්ද පතිරණ

      හිතාදර සයුමි, ඔබට ගොඩාක් ස්තුතියි මේ ඉදිරිපත් කල කරුණු වලට. සිරිසේන ජනපති රජ පුටුව අල්ලා ගත්තෙත් ලන්කා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු රාජද්‍රෝහී මිත්‍රද්‍රෝහී දේශද්‍රෝහියා හැටියට නේ.

      ඉතින් මේ බන්කරය ගැන ඉතා රහසිගත විය යුතු කරුණු සියල්ල හෙලිදරව් කිරීමෙන් අනාගත හෙළ බිමේ සියලු රාජ්‍ය නායකයින් ගේ ආරක්ශාවද පාවා දී ඇති හැටි මේ රටේ යම් තරමක හෝ බුද්ධියක් ඇති පොඩි දරුවකුට වුවත් පැහැදිලි වනු ඇත. තව ඉදිරියටත් රටට ඉතා හානිකර භයානක පාවාදීම් පමනක් සිරිසේන ජනපති ජීවත්ව ඉන්න තුරු කරන බව සක් සුදක් සේ පැහැදිලිය.

      යමපාලන රජය මාස 11 කටම අද දක්වාම මෙවැනි නින්දිත පහත් පාවාදීම් සහ ‘පලිගනීම්’ පමනයි දිනපතාම කරන්නේ. රටේ සුබ සිද්ධියට කිසිම නව පියවරක් ගැනීමට යමපාලකයින්ට කොයින්ද වෙලාවක්? අප්පොච්චියෝ රටකට වෙච්ච නස්පැත්තියක්!

    • Dinuu

      ඒ විතරක් නෙවෙයි සයුමි, මේ මහා දරුණු නින්දිත පාවාදීම් කරලා ඒවා “මහා හපන්කම්” හැටියට මාධ්‍යය හරහා ජනතාවට ඒත්තු ගන්නන්නත් My3 පුලුවන් උත්සාහ දරනවා.

      ඇමෙරිකාවට ගිහින් අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ දණින් වැටී… අපේ මාතෲ භූමියේ 1948 ලැබූ නිදහස පාවාදී… නැවත යටත් විජිතයක් බවට පත් කරලා ආපහු මව් රටට ඇවිත් ජනතාවට කියා බලෙන් උපහාරත් ලබාගන්නවා “මහා හපන්කමක්” කරලා ආවා කියලා.

      අපේ මෝඩ සිංහලයින්ට ඇස් ඇරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. ආයිත් ආපහු හරවන්න බැරි මහා විපතකට…. මහා භයානක අනතුරකට මව්බිම පත් කරලා ඉවරයි!

Leave a Reply