Mahinda Rajapaksa: 2016

Thursday, September 1, 2016

“පෝර්ට් සිටි හොඳායි... ඡන්ද කාලේ කියපුවා ගණන් ගන්න එපා..” – එජාපයෙන් පවසයි!

[1]. "පෝර්ට් සිටි එක හැදුවොත් කොළඹ ඉඳන් කල්පිටියටත්, කොළඹ ඉඳන් හික්කඩුව වෙනකනුත් වෙරළ සම්පූර්ණයෙන්ම නැති වෙනවා." යනුවෙන් එදා පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවකින් පෝර්ට් සිටි එක නතර කරන බව 2015 ජනාධිපතිවරණ කාලයේදී පැවසුවේය. ඔහු එසේ පවසන වීඩියෝව පහතින්.



 

[2]. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසු මහ මැතිවරණය තෙක් පෝර්ට් සිටි තාවකාලිකව නැවැත්විය. පසුව මෛත්‍රීපාල මහතාගේ සම්පූර්ණ අනුග්‍රහයෙන් එක්සත් ජාතිකපක්ෂය මහ මැතිවරණයෙන් දිනවා ආණ්ඩුවක් පිහිටවූවේය. "මහින්ද රාජපක්ෂ" නැමැති නමටත් බියක් දක්වන එජප ආණ්ඩුව ඉන් පසුව සිදුකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම සහිත පුවරුව පෝර්ට් සිටියෙන් ඉවත් කිරීමයි.







 

[3]. ඉන් පසුව සිදු කළේ පෝර්ට් සිටි නැවතත් ආරම්භ කිරීමයි. නවතා තිබූ කාලයට චීනයට තවත් වන්දි ගෙවීමක්ද සිදුකළේය. එදා එලෙස පෝර්ට් සිටි නතර කරනවා කී රනිල් වික්‍රමසිංහ අද මෙලෙස පෝර්ට් සිටි වර්ණනා කරයි.



රාජිත සේනාරත්න අමාත්‍යවරයා පහත වීඩියෝවේ කාලය විනාඩි 2:44 සිට පවසන්නේත් වරාය නගරය යළි ආරම්භ කරන බවයි.



 

[4]. මීට දින කිහිපයකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ "පෝර්ට් සිටිය ඉතා හොද ව්‍යාපෘතියක් බවත්, එහි හොද නරකද තීරණය කළ හැක්කේ විශේෂඥයන්ට මිස දේශපාලකයන්ට නොවන බවත්" ය. "ඡන්ද කාලෙට කියන ඒවා එතරම් ගණන් ගත යුතු නැති බව" ද ඔහු පැවසීය. ඔහු එසේ පවසන වීඩියෝව පහතින්.



 

[5]. එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ අමාත්‍ය එරාන් වික්‍රමරත්නට අනුව රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේවල් ගණන් ගත යුතු නොවේ. එය අපත් දනිමු. තොප්පිගල කැළෑවක් බව රණවිරුවන් පිළිගත්තානම් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් නැගෙනහිර අත් පත් කරගන්නේ නැත. එදා රනිල් වික්‍රමසිංහ මහතාව විශ්වාස කරමින් පෝර්ට් සිටියට බනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසූ උදවියට දැන්වත් සත්‍යය කුමක්දැයි වැටහේවි යැයි අප බලාපොරොත්තු වන්නෙමු.

Sunday, August 28, 2016

වොක්ස්වැගන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නෑ - එරාන් යහපාලන පචයක් හෙළි කරයි

[1]. 2001 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තමන් දිනුවොත් ටොෆි චුවිංගම් සහ බ්‍රේස්ලට් තරුණයින්ට දෙන බවයි. කෙසේ හෝ ඔහු ජයග්‍රහණය කළේය, එනමුත් ජනතාවට දුන් ටොෆිය වූයේ උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට සාම ගිවිසුමකින් සින්නක්කරවම ලියා දීමයි. 2010 මහ මැතිවරණයේදී "රිංගින් ටෝන් වෙනුවට SMS" දෙන බව පැවසුවත් ජනතාව එය පිළිගත්තේ නැති අතර එජාපය පරාජය විය.

එදා පැවසූ බොළඳ පොරොන්දු වෙනුවට 2015 මහ මැතිවරණයේදී වඩාත් ජනප්‍රිය පොරොන්දු 3 ක් තරුණ ප්‍රජාවට දෙන ලදී. එනම්,
1. වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ආරම්භ කර තරුණයින්ට රැකියා දීම සහ අඩු මුදලට වොක්ස්වැගන් කාර් දීම.

2. "Google Loon" මාර්ගයෙන් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.
3. "Free Wi-Fi" මගින් නොමිලයේ අන්තර්ජාලය ලබා දීම.

එම පොරොන්දු 3 ඉටු කළ හැටි බලමු...

 

[2]. මෑතක් වෙන තුරු වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ගැන කියමින් හර්ෂ ද සිල්වා මහතා ජනතාව ගොනාට ඇන්දීමට හැදූ අතර අවසානයේහී එරාන් වික්‍රමරත්න මහතා ඇත්ත හෙළි කළේ මෙලෙසයි. [කාලය විනාඩි 16:50 සිට]



වොක්ස් වැගන් ආයතනයට ජාත්‍යන්තරව මුහුණ දීමට තිබූ ප්‍රශ්න නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය නොකිරීමට තීරණය කළ බව එරාන් වික්‍රමරත්න ඇමතිවරයා පවසයි. එනමුත් වොක්ස් වැගන් ආයතනයට ප්‍රශ්න ඇති වූයේ 2015 අගෝස්තු මාසයටත් පෙර සිටයි. එජාපයේ ආර්ථික ඔස්තාර්ලා ඒ ගැන නොදැන සිටියා විය නොහැක. එසේනම් වොක්ස් වැගන් ගැන කියමින් එජාපයෙන් ජනතාව අන්දා ඇති බව ඔබට පැහැදිළි වෙනු ඇත.

ඒ අතර හර්ෂ ද සිල්වා මහතා ඉහත පළමු වීඩියෝවෙන් වොක්ස්වැගන් ආයතනයට දෙනවා කී අක්කර 20 ක ඉඩමට වුණ කුමක්ද යන්න වෙනම සොයාබැලීමට සිදුවේ.

 

[3]. Google Loon යනු ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන්නක් මිස වත්මන් ආණ්ඩුවේ ඉල්ලීමක් නොවන බවත්, එසේම එය අපේ රටට ගැලපෙන්නේ නැති බවත් mahinda.info වෙතින් පසුගිය මහ මැතිවරණය කාලයේදීම සාක්ෂි සහිතවම පෙන්වා දුනෙමු. මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු ආසියාවෙ විශාලතම කුලුණ වන නෙලුම් කුලුණ ගොඩ නැගුවේ මූද බැලීමට නොව අධිවේගී 4G අන්තර්ජාල සන්නිවේදනයට ය. නෙලුම් කුළුණට මඩ ගසා Google Loon වෙත දත නියවූ එජාපය දැන් Google Loon ද බොරු පොරොන්දුවක් බව පිළිගත්තේ මෙලෙසයි.



 

[4]. Free Wi-Fi දීගන්න බැරිවුනාට සමාවෙන්න කියමින් Free Wi-Fi ගැන දුන් බොරු පොරොන්දුව ගැන රංජන් රාමනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලුවේ මෙලෙසයි.


සුරංගනා කතා වලට නොදෙවෙනි කප්පරක් බොරු පොරොන්දු සහ මඩ වලට රැවටී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහි වූ උදවියට දැන්වත් එජාපයේ බොරු බේගල් වල තරම වැටහේවි යැයි අප සිතන්නෙමු.

Saturday, August 27, 2016

අන්ත අසාර්ථක දින 100 යේ වැඩපිළිවෙළේ වෙබ් අඩවියත් ඉවත් කර ගනී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එජාපය ඇතුළු පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයා කරළියට ආවේ දින 100 යේ වැඩපිළිවෙළක් ගැන කියමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආ විගස ඔවුන් ඒ වෙනුවෙන් www.100days.lk නමින් වෙබ් අඩවියක්ද ආරම්භ කළෝය. නමුත් එම වෙබ් අඩවිය නරඹන අය ආණ්ඩුව කෙරෙහි කළකිරෙන බැවින් ඔවුන් වෙබ් අඩවිය ඉවත් කරගෙන ඇත.

කෙසේ නමුත් අප විසින් එය archive කරගෙන තිබූ අතර මෙතනින් ඔබට එය නැරඹීමට පුලුවන්.



ආණ්ඩුවේ උදවිය එම වෙබ් අඩවියෙන් පවසන්නේ වෙච්ච පොරොන්දු 25 න් 10 ක් පමණක් ඉටු කළ බවයි. ඒ මොනවාදැයි බලමු.

ජනවාරි 10: දිවුරුම් දීම
අගමැතිවරයෙක් සිටියදී ඔහුව නිසි පරිදි ඉවත් කිරීමකින් තොරව තවත් අගමැතිවරයෙක් දිවුරුම් දෙන ලදී. මෙය රජ්‍ය විරෝධී කුමන්ත්‍රණ යන පදනම යටතේ දඬුවම් ලැබෙන වරදකි.

ජනවාරි 11: 25 කට නොවැඩි කැබිනෙට් මණ්ඩලයක් පත් කිරීම.
විලි ලැජ්ජාවක් නොමැතිව මෙය ඉටු කළ පොරොන්දුවක් ලෙස දක්වා තිබුණත් ඔවුන්ම පෙන්වා දෙන පරිදි මාර්තු 22 වෙද්දී කැබිනෙට්ටුවේ ඇමතිවරුන් 39 ක් පත් වී ඇත. මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරුන් ගණන 92 කි. ඊට අමතරව මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක් සඳහා ඇමති වරප්‍රසාද සහිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිවරුන් 2 බැගින් පත් කර ඇති අතර ඔවුන්ටත් ඇමතිවරුන්ට ලැබෙන සියලුම දේවල් හිමි වෙයි. ඒවිට වත්මන් "යහපාලන" ආණ්ඩුවේ ඇමති වරප්‍රසාද සහිත පිරිස 132 කි.

ජනවාරි 12: පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කිරීම.
සියලූ දේශපාලන පක්‍ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කළේ නැත. ඒ අනුව එයත් කඩවුණ පොරොන්දුවකි. "ජාතික විධායක සභාව" යනුවෙන් එකක් පත් කළද ඊට සියලුම පක්ෂ නියෝජිතයින් හෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පත් කළේ නැත. ජාතික විධායක සභාවෙන් ජනතාව වෙනුවෙන් සිදුකළ කිසිවක් නොමැති අතර ඔවුන් සිදුකළේ රාජපක්ෂවරුන්ගෙන් පළි ගන්න හැටි සැලසුම් කිරීම සහ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සැලසුම් කිරීමයි. පහත මුහුණු හොඳින් බලන්න.


ජනවාරි 19: පාර්ලිමේන්තුව රැස් වීම.
එය ඉටු කලද එයත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විසඳීමක් නොවේ.

ජනවාරි 29: කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
මේ කියන්නේ කුප්‍රකට කොත්තමල්ලි අයවැය ගැනයි. මෙහිදී ගෑස් මෙන්ම කොත්තමල්ලි, කහ ඇතුළු භාණ්ඩ වල මිල අඩු කළද සහල් පොල් එලවළු ඖෂධ ආදී භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යන ලදී.

ජනවාරි 30: අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක ඍජු හා වක්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම.
කොත්තමල්ලි අයවැයෙන් පෙර කියන පරිදිම එක් අතකින් ජනතාවගේ හිස අත ගාන ගමන් අනිත් අතින් පික් පොකැට් ගැසීම සිදුකර ඇත. දින 100 තුළදී වැටුප් 5000 කින් වැඩි කළත් එහිදී සිදුවූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයවැයෙන් වැඩි කළ 3000 ට තවත් 2000 ක් එකතු කිරීමකි. [මූලාශ්‍රය] දැරිය නොහැකි ආකාරයකින් වැටුප් වැඩි කිරීමත් සමග වැටුප් ගෙවීම සඳහා දිගින් දිගටම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ අතර රට ණය උගුලක හිර විය.

පෙබවරවාරි 4: නිදහස් දිනය
ඉටු කර ඇත. එනමුත් පෙර මෙන් ජාතික අභිමානයක් දැනුනේ නැත. අගමැති තුමා, ජනාධිපති ආර්යාව සහ හිටපු ජනාධිපතිනියගේ ඉරියව් දෙස බලන්න.



පෙබරවාරි 05: මහාපරිමාණ දූෂණ සෙවීම සඳහා කොමිසමක් පත් කිරීම.
පත් කරන ලද ජනාධිපති කොමිසම් සහ එෆ් සී අයි ඩී මගින් සිදුකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයන්ගෙන් පන්න පන්නා පළි ගැනීමයි. ගල් අඟුරු හෝරු, බැඳුම්කර හොරු, නැව් හොරු ගැන එමගින් කිසිදු විනිශ්චයක් සිදුකළේ නැත. මහින්ද මැතිඳුන්ට ගැසූ මඩ වල පව් පරිසන් දෙද්දී ජාත්‍යන්තරය මගින් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එල්ල විය.


පෙබරවාරි 6: ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනෙට්ටුවට ඉදිරිපත් කිරීම.
සේනක බිබිලේ ප්‍රතිපත්තිය යනුවෙන් මෙය හැඳින්වූවත් මෙමගින් සිදුවූයේ පෞද්ගලික රෝහල් ගාස්තු තවත් වැඩි කිරීමය. තවමත් ෆාමසි වලින් මිලදී ගන්නා ඖෂධ එක එක ගණන් ය.

රෝගීන් තව තවත් ලෙඩ කරන පෞද්ගලික රෝහල් ගාස්තු මැයෙන් ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය යහපාලකයින්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ තරම පෙන්වා දෙන්නකි. ලංකාදීප පුවත්පත අයිති රුවන් විජයවර්ධන මහතා ආණ්ඩුවට මඩ ගසනවා යැයි කවුරුත් නොකියන බව අප සිතමු.



මාර්තු 18: ජාතික ඔෟෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම.
සේනක බිබිලේ ප්‍රතිපත්තිය යනුවෙන් මෙය හැඳින්වූවත් මෙමගින් සිදුවූයේ පෞද්ගලික රෝහල් ගාස්තු තවත් වැඩි කිරීමය. තවමත් ෆාමසි වලින් මිලදී ගන්නා ඖෂධ එක එක ගණන් ය. රෝහල් ගාස්තු ඇසූ විට සුව වූ රෝගීන් නැවතත් ලෙඩ වෙයි. ඉහත අප සඳහන් කළ ලංකාදීප ලිපියේ කොටසක් පහත දැක්වේ.


මාර්තු 20: තොරතුරු පනත සම්මත කිරීම.
දින 100 තුළ මෙය ඉටු කළේ නැත. නමුත් අවුරුදකට පමණ පසුව සමම්ත කළ මෙම පනතින් මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගේ කාලයේ තිබූ තොරතුරු දැනගැනීමට ඇති අයිතියත් අහිමි විය. [මූලාශ්‍රය]


ඉහත කරුණු බැලීමේදී ඔබට පෙනී යන පරිදි යහපාලකයින් දින 100 ක් තුළ කරනවා කී පොරොන්දු 25 අතුරින් නිසියාකාරව ඉටු කර ඇත්තේ
1. පාර්ලිමේන්තුව රැස් වීම
2. නිදහස් දිනය සැමරීම
පමණි. ඉතින් තවත් ඒ ගැන වෙබ් අඩවියක් පවත්වාගනිමින් ජනතාව ඉදිරියේ විහිළුකාරයින් වීම සිදුසු නැතැයි සිතා එම වෙබ් අඩවිය ඉවත් කරගන්නට ඇත.

ප්‍රභාකරන් අතුරුදහන් බව කොමිසමට කියන්න සූදානමක් - සිවාජිලිංගම්

2016 අගෝස්තු 28 ඉරිදා මව්බිම පුවත්පතේ පළ වූ පුවතකින් දැක්වෙන්නේ දෙමළ සංධානයේ මන්ත්‍රී සිවාජිලිංගම් විසින් ප්‍රභාකරන් අතුරුදහන් වූවායි කියමින් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සෙවීමේ කාර්යාලයට පැමිණිලි කිරීම ගැන පුවතකි. [මූලාශ්‍රය]



අතුරුදහන් කොමිසමේ කාර්යභාරය වන්නේ මැරුණ කොටියා ගැන මරණ පරීක්ෂණ පවත්වා රණවිරුවන්ට දඬුවම් දීම බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොතෙක් කිව්වත් සමහරුන් පිළිගත්තේ නැත. මේ සිදුවන්නට යන්නේ එදා ඔවුන් කී දෙයයි.

ශ්‍රී ලංකා රජයේන් වියදම් කළ මුදලින්ම විදේශිකයන් පැමිණ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ සිදුකර, ප්‍රභාකරන් අතුරුදහන් වූ බවට සොයාගෙන, අවසානයේදී ශ්‍රී ලාංකික ජනතාවගේම මුදලින් ප්‍රභාකරන් වෙනුවෙන් වන්දි ගෙවනු ඇත. ප්‍රභාකරන්ගෙන් රට බේරා ගත් රණවිරුවන්ව ප්‍රභාකරන්ව අතුරුදහන් කළා කියමින් පෝරකයට යවනු ඇත. අන්න එදාට ප්‍රභාකරන් තියපු බෝම්බ වලින් කෑලි කෑලි වෙච්ච දරුවන්, නෑදෑයන්, යාළු මිත්‍රයන් සිටින අයට මොනව හිතේවිද?

[caption id="" align="aligncenter" width="350"] ප්‍රභාකරන්ගේ නියෝගයෙන් සිදුකළ කැබිතිගොල්ලෑවේ ප්‍රහාරය[/caption]

ඒ අතර ප්‍රභාකරන්ව අතුරුදහන් කළා කියමින් සිවාජිලිංගම් සිදුකරන්නට යන සාහසික වැඩේට සමගාමීව සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කරන්නේ ප්‍රභාකරන් තම දරුවන්ගෙන් පළි ගත්තේ නැති බවයි.

Wednesday, August 24, 2016

මහින්දට මඩ ගහපු මෛත්‍රීපාලට වැඩ වරදියි. ඕස්ට්‍රේලියාවෙන් බරපතල අල්ලස් චෝදනා.

[1]. ජනාධිපති බවට පත් වූ අලුත මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයෙන් සිදුවූවා යැයි කියන අල්ලස් සහ දූෂණයට එරෙහිව කතා කළේ මෙලෙසය. එසේ කීවේ මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැගූ මහින්දෝදය විද්‍යාගාරයේ නම වෙනස් කර තමාගේ නම ගසා ගනිමින් විවෘත කරන ගමන් ය.



 

[2]. ඉන් අනතුරුව පසුගිය කාලයම ගත කළේ "බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම" යනුවෙන් ආයතනයක් පිහිටවා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මාස්පතා ඊට කැඳවමිනි. වත්මන් ජනාධිපතිවරයා විසින්ම මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ චරිතය ඝාතනය කිරීම සඳහා එම නම යොදා ආයතනයක් ඇරඹුවද කිසිදු බරපතල තියා සුළු හෝ වංචා දූෂණයක් හමු නොවුණි. ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් පමණක් නොව දක්ෂ නීතීඥයෙක්ද වන මහින්ද රාජපක්ෂ මැතිඳුන් එම කොමිසමට ගොස් තම නිර්දෝශී භාවය ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වන ලදී.


[caption id="" align="aligncenter" width="400"] Hon. Mahinda Rajapaksa (Former President, MP and Attorney-At-Law). Source: lankadeepa.lk[/caption]


 

[3]. අවසානයේදී වත්මන් ජනාධිපතිවරයාගේ අතවැසි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පිළිගැනීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුකර නොමැති බවයි.



 

[4]. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් "බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම" හැදූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කර්මය දිට්ඨධම්මවේදනීයව පරිසන් දී ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත. [ මූලාශ‍්‍ර – 01 02 ]


ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති මෙන් ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු පුවත්පත හෙළි කර සිටින්නේ ය. අදාළ වේලි ව්‍යාපෘථිය ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි කිරීමට නියමිත වූ අතර කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නම් තමන්ට ආධාරයක් කරන ලෙස සිරිසේන මහතා හා ඔහුගේ සම්බන්ධීකරන නිලධාරියා විසින් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් ඉල්ලා තිබේ. Snowy mountains නම් මෙම සමාගමේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරුවා සිය ඔස්ට්‍රේලියානු සමාගම් නිලධාරීන්ට ලියා දන්වා ඇත්තේ තමන් සිරිසේන මහතා හමු වූ බවත් එහි දී ඔහු පාලක පක්‍ෂයේ ලේකම්වරයා ලෙස රජයේ බලපෑම්කාරී චරිතයක් වන නිසා ඔහු විසින් ඉල්ලා සිටින මුදල ලබා දීම හරහා ඉදිරියේ දී ද මෙවැනි කොන්ත්‍රාත්තු ලබා ගැනීමට එය උපකාරි වනු ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සිරිසේන මහතා විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවන ලෙස උපදෙස් දුන් බවත් කළමනාකාර තැන සිය ලිපියෙන් කියා සිටින්නේ ය. සමාගම විසින් ඔහුට ගෙවන මුදලේ ප්‍රමාණය හෝ එහි ප්‍රතිශතය සිරිසේන මහතා විසින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ තමන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු සිය මව් සමාගෙමෙන් ඉල්ලා සිටින්නේ ය. ඒ අනුව, රුපියල් මිලියන දෙක හමාරක මුදලත් අල්ලසක් සිරිසේන මහතාට ගෙවූ බව ද සමාගමේ ගිණුම් විස්තර හෙළි කර සිටින්නේ ය. [පරිවර්තනය: මහින්ද පතිරණ මහතා]

පසුගිය සතියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන රැලියක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව පක්‍ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කළහොත් ඔහුගේ රහස් හෙළි කොට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.

 

[5]. එම වාර්තාවල දැක්වෙන පරිදි ඕස්ට්‍රේලියානු ෆෙඩර්ල් පොලිසිය විසින් මෙම පරීක්ෂණ පවත්වයි. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු උසාවියෙන් වරදකරු වුවහොත්, දූෂණය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ විදෙස් රටකින් දඬුවම් ලබන පළමු ජනාධිපතිවරයා බවට පත් වෙනු ඇත. නමුත් එසේ සිදු නොවේවායි අප පතන්නේ රටේ අභිමානය අපට වඩාත් වටින නිසයි.



දසක 3 ක ලේ ගංගා නවතා දමා, කඳුළින් පිරී සිටි ලක් මවට සිනහව එක් කරමින් දැවැන්ත සංවර්ධන යුගයක් කරා රට මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවට මඩ ගැසූ අයගෙන් අපට දැන් ඇසීමට ඇත්තේ "ඔබට දැන් සතුටුද?" යනුවෙනි.

Monday, August 22, 2016

ලැජ්ජා නැතිව ආණ්ඩුව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ආණ්ඩුවේ ප්‍රචාරණයට යොදා ගත්ත හැටි මෙන්න.

[1]. උසස් පෙළ විභාගය සඳහා පසුගිය දා ලබා දුන් ප්‍රශ්න පත්‍රයක තිබූ ප්‍රශ්න 2 ක් මගින් සිසුන් ලවා ආණ්ඩුවේ ගුණ වැයීමට යොදා ගත් අයුරු වාර්තා වී තිබේ. පහත දැක්වෙන්නේ එම ප්‍රශ්න 2 යි.



 

[2]. ඉහත ප්‍රශ්න 2 කේ ගැටළුසහගත ස්වභාවය පහත කරුණු වලින් ඔබ හමුවේ තබන්නෙමු.

(i). ප්‍රධානතම ගැටලුව වන්නේ වර්තමාන ආණ්ඩුව නිවැරදි බවට පූර්ව නිගමනයක පිහිටා මේවාට පිළිතුරු දීමට සිදුවීමයි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා උසස් පෙළ සිසුන් ලවා ආණ්ඩුව සාධාරණීකරනය කරගැනීම සිදුකර ඇත.

(ii). "රාජ්‍ය සේවයේ අල්ලස් හා දූෂණය මර්දනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන ඇති පියවර" විස්තර කිරීමේදී සමහර සිසුන් ලියනු ඇත්තේ ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා අල්ලස් හා දූෂණය තව තවත් වර්ධනය වී ඇති බවයි. ඊට උදාහරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ලබා දුන් දේශපාලන පත්වීම් 62 ගැන, අධ්‍යාපන අමාත්‍යවරයා තම හෙංචයියෙකුට කථිකාචාර්ය ධූරයක් දීමට නියෝග කිරීම ගැන සඳහන් කරනු ඇත. [මූලාශ්‍ර: 1 , 2 srilankamirror.com]. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

[caption id="" align="aligncenter" width="640"] Source: http://srilankabrief.org/2016/07/minister-kiriellas-deception-exposed/[/caption]

(iii). "වර්තමාන ජාතික ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ" ගැන ලියන සමහර සිසුන් සඳහන් කරනු ඇත්තේ මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ නම් බටහිරට යට වීම, ඉන්දියාවේ සෑම ඉල්ලීමක්ම ඉටු කිරීම, කොටි ඩයස්පෝරාව සැනසීම යන ත්‍රිත්වය බවයි. දැන් එම සිසුවාගේ පිළිතුර වැරදි ලෙස සලකනු ඇත.

(iv). කෙටියෙන් කිවහොත් එකී ප්‍රශ්න වලට පිළිතුරු ලියන සිසුන්ගෙන් ලකුණු ලැබෙන්නේ උපන් ගෙයි එජාප දරුවන්ට සහ අකමැත්තේන් හෝ ආණ්ඩුවට පක්ෂපාතීව කරුණු දක්වන දරුවන්ට පමණක් ය.

(v). එක් තැනක "වර්තමාන ආණ්ඩුව" ලෙස දක්වා ඇති අතර තවත් තැනක "වර්තමාන ජාතික ආණ්ඩුව" ලෙස දක්වා ඇත. ජාතික ආණ්ඩුවක් තිබේනම්, විපක්ෂයක් හෝ විපක්ෂ නායකයෙක් සිටිය නොහැකි බවත්, ඒ අනුව "ජාතික ආණ්ඩුව" (National Unity Government) කීමම දේශපාලනිකව වැරදි ප්‍රකාශයක් බවත්, වර්තමානයේ ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය මූලික වූ සභාග ආණ්ඩුවක් (Coalition Government) බවටත් මතයක් ඇත. දේශපාලන න්‍යාය උල්ලංඝනය කළ නොහැකි නිසා අකමැත්තෙන් වුවද රතු අලි පැටව් පවා ප්‍රකාශ කරන්නේ එම මතයයි. එසේනම් දේශපාලන විද්‍යාව පසෙකට කර විභාග ප්‍රශ්න පත්‍රයෙන් ආණ්ඩුවට කඩේ ගොස් ඇත.





 

[3]. ඉහත හේතු නිසා එම ප්‍රශ්න වලට පිළිතුරු ලියූ සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට සිදුවෙනු ඇත. දැන් ඇතිවන ඊළඟ ප්‍රශ්නයනම් එම ප්‍රශ්න මගහැර අනික් 2 කට පිළිතුරු දුන් අයට ලකුණු අඩු වීමයි. ඒ අනුව ප්‍රශ්න අංක 7 ට සහ 8 ට සම්පූර්ණ ලකුණු 40 ම දීමට සිදුවෙනු ඇත. ලෝකයේම පිළිගත් ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට වත්මන් ආණ්ඩුව කරපු දේ...

 

[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී මෙවන් ප්‍රශ්න උසස් පෙළට ඇසුවානම් ඒ ගැන කියමින් පොළොවේ පස් කෑමට සමහරක් ආචාරීවරුන් කටයුතු කරනු ඇත. එනමුත් ඔවුන් මේ ගැන මාරාන්තික නිහඬතාවයක් දරයි.

 

[5]. උසස් පෙළ සිසුන් යනු අවුරුදු 18 වයසේ පසුවන්නන් වන අතර විභාගය අවසන් වීමත් සමගම ඊළඟ මැතිවරණයට ඡන්දය දීමට හිමිකම් ලබයි. ඒ අනුව අලුත් ඡන්ද ගොඩ වැඩි කරගැනීමට උසස් පෙළ විභාගය දේශපාලනීකරනය කිරීමත්, ඒ හරහා ආණ්ඩුවට පක්ෂපාතී කරුණු ලබන වසරේ සිට උසස් පෙළ සිසුන් ලවා පාඩම් කරවීමත් මෙම නිර්ලජ්ජිත වැඩපිළිවෙළයි.

රහස් හෙළි කරන කතාවට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් පිළිතුරක්

කැස්බෑවේදී පැවැති ජනහමුවක් අමතමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දක්වූයේ මෙසේය.



එකි කතාවටම අදාල මේ දින වල සමාජ ජාල වල වැඩිපුර "ෂෙයාර්" වෙන පින්තූරයක් පහත දැක්වේ.

Sunday, August 21, 2016

ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කිරීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීම

ශ‍්‍රීලනිපයේ සංවිධායකවරුන් කිහිප දෙනෙකුගේ සංවිධායක ධුර අත්හිටුවා නව සංවිධායකයින් පත් කිරීම සම්බන්ධයෙන් අදහස්ප පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.



ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කිරීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීම

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් වූ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, ගාමිණි ලොකුගේ හා කහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් කීපදෙනෙකුම එම තනතුරු වලින් ඉවත් කර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර මෙයයි. මීට පෙර අවස්ථාවලදී දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රෙස්න, සාලින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, කංචන විජේසේකර හා ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද තම ආසන සංවිධායක ධූර වලින් නෙරපා හරිනු ලැබීය. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අත්හිටුවා ඇත. මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වේ. පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන පක්‍ෂ අතරින් වැඩිම මනාප ලබාගත් දේශපාලඥයායි. ඉවත් කොට තිබෙන ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කවල වැඩියෙන්ම මනාප ඡන්ද ලබාගත් කීප දෙනා අතර සිටි. උදාහරණයක් වශයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියා විය. දිලුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.

එස්.එම්. චන්ද්‍රෙස්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා විය. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික්කයේ දෙවෙනියා විය. මහින්ද යාපා අබේවර්ධන මාතර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය. සී.බී. රත්නායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරුමුගන් තොණ්ඩමන්ට පසු දෙවෙනියා විය. පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය. මේ සියලු දෙනාම තම දිස්ත්‍රික්කවල ජනප්‍රිය දේශපාලඥයින් වෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බල කණුද වේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අද දක්වා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනෙකු නෙරපා හැර තිබේ.

මුළු රටම හඳුනන මෙවැනි පුද්ගලයින් වෙනුවට නව ආසන සංවිධායකවරුන් හැටියට පත් කොට තිබෙන්නේ එක්කො පරාජිත අපේක්‍ෂකයන් නැත්නම් පළාත් සභා මට්ටමින් පවා අඩු මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්‍ෂකයන්ය. මේ ආකාරයට ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්‍ෂ නායකයා වන ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදු වනු ඇත. අපි මේ දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ දෙවෙනි අදියරයි. පළමු අදියර වූයේ ශ්‍රීලනිපය විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැරීමයි. මේ පළාත් පාලන ආයතන තිබුණේ නම් ඕනෑම මැතිවරණයකදී ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල පිටුවහලක් වනු ඇත.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පැහැදිලි වාසියක් එජාපයට අත් වූ බව අවිවාදාත්මකය. එජාපය හා ශ්‍රිලනිපය අතර හවුල් ආණ්ඩුවේ කාලය අවුරුදු දෙකේ සිට පහ දක්වා වැඩි කරනු ලැබුවේද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ විධායක සභාවෙන් හෝ අඩුම වශයෙන් ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමෙන්වත් නොවිමසාය. එජාපයට වාසිය ලබා දීම සඳහා ගන්නා මේ පියවරයන් ඉතා සාවධානව නිරීක්‍ෂණය කරන මෙන් මම සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

Thursday, August 18, 2016

රාජසන්තක කළ මිලියන 157.5 මුදල CSN මුදල් නොවන බව බැංකුව සනාථ කරයි..

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කළේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.

එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.

සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

Wednesday, August 17, 2016

විජය නන්දසිරි මහතාගේ සත් දින පින්කමට මහින්ද මැතිඳුන් සහභාගී වෙයි.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ ගුණාණුස්මරණ සත්දින ධර්මදේශනයට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය.






පින් කමෙන් අනතුරුව එහි සිටි මවක් තම සිඟිත්තාව මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දෑතේ තැබූ අතර, එම අවස්ථාව එහි සිටි කාගේත් අවධානයට ලක් විය.






අමා දම් සිසිළ ධර්ම දේශනය (Video)


153 වරට පැවැත්වෙන අමාදම් සිසිළ ධර්ම දේශනය අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපතිව සිටියදී සෑම පොහෝ දිනකම ධර්ම දේශනයක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ අතර දැන් එය එහි නවතා ඇත. නමුත් එම ධර්ම දේශනය නොකඩවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවසේදී අදටත් පැවැත්වෙයි.

 

 

 

 

 

Tuesday, August 16, 2016

යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කී චන්ද්‍රිකාට එදා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු

චන්ද්‍රිකා කුමාරතුංග මිය පහත වීඩියෝවෙන් පවසන බොරු කන්දරාවට mahinda.info වෙබ් අඩවියෙන් සරළ පිළිතුරු...



[1]. බොරුව: "යුද්දෙ දිනුවෙ අර කිව්ව වාගෙ 3/4 ක් විතර මම යුද්දෙ ඉවර කරලා, මට ඉස්සර යූඇන්පී ආණ්ඩුවෙනුත් කොටසක් ඉවර කරලා, මම යුද්දෙ ඉවර කරලා 3/4 ක් විතර, එයාට ඉතුරු කාල බාර දුන්නේ."

ඇත්ත: පහත දැක්වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින් 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දුන් ශ්‍රී ලංකාව යි. [මූලාශ්‍රය: dailynews.lk]



ඇය පවසන පරිදි ඇය විසින් යුද්දයෙන් 3/4 ක් ඉවර කර තිබුණානම් ඇය බලයට ඒමට පෙර සමස්ත ශ්‍රී ලංකාවම ප්‍රභාකරන් විසින් පාලනය කරමින් තිබුණා විය යුතුය. එයින්ම එම බොරුවේ තරම වැටහෙයි. යුද්දයෙන් 3/4 ක් ඉවර කළා කෙසේ වෙතත් මහින්ද මැතිඳුන්ට රට බාර දෙද්දී ඇයගේ ආරක්ෂක දුර්වලතාවය නිසා ඇයගේ ඇස් දෙකෙන් 1/2 ක් ඉවර වී තිබුණි.



2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගනිද්දී පැවැතියේ, එදා 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය රට බාර ගනිද්දී තිබුණාට වඩා මාරාන්තික අවදියකය. ඊට හේතුවනම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ඊනියා සටන් විරාම ගිවිසුම මගින් උතුරු නැගෙනහිර බන්දේසියක තබා ප්‍රභාකරන්ට වෙන් කර දී තිබුණි., මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලයට ආ සැනින් මානුෂික මෙහෙයුම ඇරඹීමට නොහැකි වූයේද එම සාම උගුල නිසයි.

දේශපාලඥ සරත් ෆොන්සේකා මහතා අද කියන දෑ එතුමාවත් දන්නේ නැත. එහෙත් හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා මහතා එදා මානුෂික මෙහෙයුම අවසන් වීමෙන් පසුව පැවසූ දෑ වලින්, චන්ද්‍රිකා කුමාරතුංග මියගේ කට කැඩිච්ච කතා වලට පිළිතුරු ලැබෙයි.



"යුද්දයට පීතෲත්වය දුන්න පුද්ගලයෙක් හිටියනම් අතිගරු ජනාධිපතිතුමා පමණයි. සහ ගරු ආරක්ෂක ලේකම් තුමා අපට දීපු සහයෝගය..." - හිටපු පාබල හමුදාපති සරත් ෆොන්සේකා 2009 දී.

පහත දැක්වෙන්නේ 2014 දී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් කළ සේවය ගැන පැවසූ කරුණු යි.



"මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම චූදිතයා වන්නේ ඔබතුමා යි. එහෙම වුණානම් කියයි ලක්ෂ ගණනක් මෙච්චර මිය ගියා. කෝටි ගණනක් මෙච්චර වැය කළා. ඔන්න ඊළාම් රාජ්‍යය හැදුණා යුද්ධයෙන් පැරදිලා. අද මේ ජයග්‍රහණය බෙදා ගන්නට ඒ කවුරු කෙසේ කතා කළත් ඔබතුමා තමයි මේ යුද්ධය පරාජය වුණානම් සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වන්නේ චූදිතයා වන්නේ කියන එක අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මතක් කරන්න ඕන" - මෛත්‍රීපාල සිරිසේන 2014 දී

 

[2]. බොරුව: "අපි කරපු ටික තිබුණෙ නැත්නම් එයාට කරන්න බෑ. අපි ගෙනාපු ආයුද තිබුණෙ නැත්නම් කරන්න බෑ."

ඇත්ත: චන්ද්‍රිකා මිය පවසන අයුරින්ම මහින්ද යුගයේදී මිග් යානා ගෙන්වා ඇත. මානුෂික මෙහෙයුම කාලයේ ඔබ අප කවුරුත් රාත්‍රී පුවත් වලින් දුටුවේ මිග් 27 යානා මගින් කළ සේවයයි. අමතක අයට මෙන්න පුංචි වීඩියෝවක්.



මිග් යානා වලට අමතරව මල්ටිබැරල් රොකට්, ඩෝරා යාත්‍රා, යුද ටැංකි, උණ්ඩ, හෙලිකොප්ටර්, ආදී මානුෂික මෙහෙයුමට අවශ්‍ය වූ සෑම දෙයක්ම පාහේ ගෙන්වන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී ය.

 

[2]. බොරුව: "ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රහාරක යානාවල් 6 ක් ගෙනහල්ලා 6 ම කඩාගෙන වැටුණා."

ඇත්ත: මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ගෙන්වන ලද්දේ මිග් යානා 6 ක් නොව 4 කි. ඒ සම්බන්ධව 2006 දී පළවූ ලිපියක්: Sri Lanka to buy four more MiG-27 fighter jets

හිටපු සේනාධිනායිකාවක් වන ඇය රටේ සිදුවූ වැදගත්ම ආරක්ෂක තොරතුරක්වත් නොදැන සිටීමෙන් ඇය යුද කළ ආකාරය රටටම පැහැදිළි වෙයි.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ කාලයේදී ශ්‍රී ලංකාවට මිග් 27 ගුවන් යානා ගෙන ඒමේදී එකක්වත් කඩා වැටී නැත.

 

[2]. බොරුව: "එකක් මගදි කඩාගෙන වැටුණා."

ඇත්ත: එසේ කඩා වැටුණේ චන්ද්‍රිකා කුමාරතුංග මිය ජනාධිපතිව සිටි 2000 වර්ෂයේ මෙරටට ගෙන ආ යානයකි.
In August 2000, a Sri Lanka Air Force MiG-27 crashed near Colombo International Airport, killing its Ukrainian pilot. source: https://en.wikipedia.org/wiki/List_of_aviation_accidents_and_incidents_in_Sri_Lanka#2000s

තම ධූර කාලයේ සිදුවුණ ගුවන් යානා අනතුර මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැර කිරීමට තරම් ඇය සාහසික වුණ හැටි...

 

[3]. බොරුව: "ගේන්න ඕන මිල වාගෙ 3 ගුණයක් ගෙවලා. ඉතුරු සල්ලි ටික හොයාගෙන යනවා හොයාගෙන තියෙනවා එයාගෙ අකවුන්ට් එකකට පිටරට දාලා"

වචන පැටලෙමින් ගහපු එම චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, සාහසික මඩ ප්‍රකාශයක් පමණක් වෙයි. එසේම එම මඩට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධ වැඩිදුර පැහැදිළි කිරීමකි.



ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන චන්ද්‍රිකා කුමාරතුංග මිය එදා ගහපු දූෂිත ඩීල් පහතින් දැක්වෙයි. මේවා මඩ නොව එජාපයේ ඇමති රුවන් විජයවර්ධනගේ Sunday Times පුවත්පතේ ගිය රටම දන්නා පුවතකි. [මූලාශ්‍රය: sundaytimes.lk]

Monday, August 15, 2016

නීතිය නවලා එකම නඩුව දෙකඩ කඩා නාමල්ව අත් අඩංගුවට ගත් හැටි මෙන්න.

චෝදනා වල පදනම් විරහිත ස්වභාවය සලකමින් වතාවක් ඇප ලැබුණ නඩුවට නැවතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත් අඩංගුවට ගත් අයුරු නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැහැදිළි කරයි.



නීතිය නවන හැටි පොලිස්පතිවරයා පවසන්නේ මෙලෙසයි.



Sunday, August 14, 2016

ජනපති සිරිසේන මොරගහකන්ද ගැන කියපු පට්ට පල් බොරු මාට්ටු වෙයි. මෙන්න සාක්ෂි!

මොරගහකන්ද ජලාශයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ කථාව පහත දැක්වේ.



එම කථාවේදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැනද සඳහන් කරමින් වත්මන් විධායක ජනාධිපතිවරයා විසින් බොරු ගණනාවක් ප්‍රකාශ කර තිබේ. එනිසා ජනතාව නොමග යැවීම වැළැක්වීමට ඒ ගැන අන්තර්ජාලය භාවිතා කරන ජනතාව වෙත මූලාශ්‍ර සහිතව පැහැදිළි කිරීමක් ඉදිරිපත් කරන්නෙමු. ඔහු දැක්වූ බොරු සහ ඒ ගැන ඇත්ත මූලාශ්‍ර සහිතව පහතින්.

[1]. බොරුව: "2005 දී අපි අලුත් ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව තුළ මම අවුරුදු 2 ක් බලාගෙන හිටිය මේ කාර්යය ඉෂ්ට වෙනකම්, ඉටු වුණේ නැහැ."

ඇත්ත: ඉහත බොරුවේ තරම පහත කරුණු වලින් පැහැදිළි වෙයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමන් 2005 දී බලයට ඒමේදී ජනතාවට දුන් මූලිකම පොරොන්දුව වන්නේ රට කොටියාගෙන් බේරා ගැනීමයි. එනිසා බලයට ආ සැනින් වැව් අමුණු හැදීමට වඩා ප්‍රමුඛස්ථානයක් රට බේරාගැනීමට දීමට සිදුවිය.

(ii). 2005 සිට 2007 දක්වා තිබුණේ "අපායේ ඉන්ටවල් එක" වැනි තත්ත්වයකි. යුද්දය ඇරඹුනොත් රටට අත්වෙන ඉරණම ගැන කිසිවෙකුට අදහසක් තිබුණේ නැත. එනිසා රජයේ බහුතර ප්‍රාග්ධන වියදම් වෙන් කෙරුණේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

(iii). අනික් අතට රජරට ප්‍රදේශය ආරක්ෂාව අතින් තිබුණේ දැඩි අවදානමක යි. එවැනි අවිනිශ්චිත තත්ත්වයකදී කිසිදු ආයෝජකයෙක් එම ප්‍රදේශ වල ආයෝජනය කිරීමට නොපැමිණෙනු ඇත.

(iv). මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කථාවේ මුල් භාගය තුළදී ඔහු මෙසේ පැවසුවේය. "1930 කාලෙ ඉඳන් මොරගහකන්ද ගැන කතා කළේ... 1973 දී පළවෙන සක්‍යතා අධ්‍යයනය... චන්ද්‍රිකාගේ කාලෙදි කරන්නත් බැරි වුණා.... එතකොට කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාලයි... පහුගිය අවුරුදු 50 ක කාලයේම දේශපාලන වේදිකාවල මොරගහකන්ද කළුගඟ ගැන කතා කළා." එසේ අවුරුදු 50 ක් කල් ගත වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ මහා යුද්දයක් තිබියදීත් වසරකින් ඇරඹීම ගැන කෘතවේදී විය යුතුය. ඒ වෙනුවට මොහු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කිරීමයි.



(v). මහින්ද ආණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් යනකම් මේ කාර්යය ඉටු වුනේ නැහැ කීම පට්ට පල් බොරුවකි. ඇත්තනම් මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් පත් කරගැනීම ඇරඹෙන්නේ 2006 දීය. (2007 දී පැවැතුණේ නිල වශයෙන් මුල් ගල් තැබීමයි). එනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණ හරියටම අවුරුද්දෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය ඇරඹීය. මූලාශ්‍රය: 2006 වර්ෂයේ මුදල් අමත්‍යාංශයේ වාර්ෂික වාර්තාව , 65 පිටුව

පහත දැක්වෙන්නේ 2006 වර්ෂයේ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවේ මුල් පිටුවේ මොරගහකන්ද ඉදිකිරීම් ගැන පළවූ පින්තූරයයි.

 

[2]. බොරුව: අවසානයේදී මගේ බේරිල්ලට මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා "එහෙනම් පටන් ගන්න වෙන්නේ සල්ලි නැතිවයි" කියලා. මම කිව්වා කමක් නැහැ සර් සල්ලි නැතිව පටන් ගමු, පටන් ගත්තට පස්සෙ සල්ලි හොයාගමු" කියලා.

ඇත්ත: 2006 දී ලබාගත් ඉහත පින්තූරය බලන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි සල්ලි නැතිව මොරගහකන්ද ඇරඹුනානම්, ඉහත දැක්වෙන ආකාරයට මොරගහකන්ද වේල්ල ගොඩ නගන්නේ පිනට විය යුතුය. ඩෝඩර් කරුවන්, බැකෝ කරුවන්, ඉංජිනේරුවන්, කම්කරු සහෝදරවරුන්, ඇතුළු කාර්ය මණ්ඩලය අතින් වියදම් කරගෙන ඉහත ඉදිකිරීම් ඇරඹුවා විය යුතුය. මුදල් නැතිව ව්‍යාපෘතිය ඇරඹුවා කියපු බොරුවේ තරම පැහැදිළියි නේද?

 

[3]. බොරුව: අවුරුදු 5 ක් යනකම් සල්ලි දුන්නෙ නෑ මේ ව්‍යාපෘතිය කරන්න.

ඇත්ත: 2006 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 169 පිටුවේ මෙසේ දැක්වෙයි.

ඉහත දැක්වෙන අයුරින් මොරගහකන්ද ජලාශය සඳහා ඉඩම් අත් පත් කරගෙන ජනතාව නැවත පදිංචි කිරීම සිදුකළේ 2006 දී ය. එම ව්‍යාපෘතීන් සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා රු මිලියන 4600 ක් වෙන් කරන්නේ යුද්දයක් ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී ය. එතනින්ම සල්ලි දුන්නේ නැහැ කියන බොරුව මාට්ටු වෙයි.

 

[4]. බොරුව: 2007 ජනවාරි 25 වැට පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 අවුරුද්දෙයි කියන එක මම මතක් කරන්න ඕන.

ඇත්ත: එම බොරුවට පිළිතුරු 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙයි.



ඒ අනුව මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වී එය විවෘත කරමින් රජරට ගොවීන්ට ජලය ලබා දීමට තිබුණේ 2016 වර්ෂයේදී ය. (පසුගිය දා සිදුවූයේ විවෘත කිරීම නොව නිදන් වස්තු තැන්පත් කිරීමයි).

 

[5]. බොරුව: 2012 අවසන් කරන්න තිබුණ වැඩේ දැන් 2018 ට කල් ගියේ අවුරුදු 5 කට වැඩි කාලයක් මේ ව්‍යාපෘතිය කරන්න මුදල් නොලැබිච්ච හින්දයි, මුදල් නොදුන්න හින්දයි.

ඇත්ත:  මුදල් ලැබුණේ නෑ කීම බොරුවක් බවට අප මීට පෙර පෙන්වා දුන්නෙමු. එසේම 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ 75 පිටුවේ දැක්වෙන පරිදි මොරගහකන්ද ව්‍යාපෘතිය අවසන් වීමට තිබුණේ 2016 වර්ෂයේ දී ය. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පළි ගැනීම සඳහා එතුමා සිදුකරගෙන ගිය සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් නවතා දැමීය. මොරගහකන්ද ව්‍යාපෘතිය 2018 ට කල් යන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මොරගහකන්ද 2018 ට කල් යාමට යහපාලන ආණ්ඩුව වග කිව යුතු වෙයි.

 

[7]. "ගල් පැලෙන බොරු" යන වැකිය ඔබ අසා තිබෙනවා ඇත. පැරැන්නන් එය පැවසූයේ කට කහනවාට නොවේ. මොරගහකන්ද වේල්ලේ නිදන් ගලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයේදී ඉහත පට්ට පල් බොරු සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ අතර, පසුව බැකෝවක් වැදී නිදන් ගල ඉරි තලා ගොස් ඇත. මූලාශ්‍රය: දිවයින පුවත්පත /2016/08/07



 

[7]. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 දී එසේ පැවසුවත්, 2014 දී පැවසුවේ මෙලෙසයි.



"ඔබතුමා ආරම්භ කරපු මහා යෝධ සංවර්ධනය තුළ තව වසර 100 කට අවශ්‍ය වරායන් 5 ක් ඔබතුමා ඉදිකරලා තියෙනවා. ඒ වගේම නොරොච්චෝලේ කොත්මලේ කෙරවලපිටිය වැනි විදුලි බලාගාර ඉදි කරල තියෙනවා. ඔබතුමා මහා ජාතික වාරි පද්ධතියක් ඇති කරලා තියෙනවා. මොරගහකන්ද කළු ගඟ වැනි මහා යෝජනා, ඒ වගේම උමා ඔය දැදුරු ඔය වැනි යෝජනා ඔබතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා...." - සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තාමත් හරියට නොදන්නා අයට ඉහත වීඩියෝව නැරඹීමෙන් සෞඛ්‍ය අමාත්‍ය සිරිසේනගේ හඬින්ම අසාගැනීමට හැකියාව ලැබේ.

Wednesday, August 10, 2016

මහින්ද මැතිඳුන් සහ දකුණු කොරියානු අගමැති අතර හමුවක්

කොරියානු අග්‍රාමාත්‍ය වරයා හා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර විශේෂ හමුවක් කොරියානු පාර්ලිමෙන්තුවේදී සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් ආර්ථික වශයෙන් පරිහානියට ලක්වීම වළක්වා ලීම සදහා ශ්‍රී ලංකා රජයට සහය පල කරන ලෙස කොරියානු අග්‍රාමත්‍ය වරයාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඉල්ලා සිටියහ.

කොරියාවේ සංචාරයක නිරත වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරක්ෂාව පිළිබදවද පුදගලිකවම සොයා බලන බවත් ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යාමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබා දුන් දායකත්වය පිළිබදවත් අගමැතිවරයා මෙහිදී සිහිපත් කළහ.