Mahinda Rajapaksa: April 2016

Friday, April 29, 2016

ඒකාබද්ධ විපක්ෂය පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය ලේකම්ට අනුව නීතිය හමුවට?



[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස් නොතිබූ බවත්, වත්මන් එජාප ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ලබා දුන් බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ උදවිය නිතර ප්‍රකාශ කරයි.

නමුත් එකී විහිළුසහගත ප්‍රකාශ කළ අයට කට උත්තර නැති කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිල වශයෙන් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරනු ලැබුණි.

‘ඒකාබද්ධ විපක්‍ෂය’ නමින් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පැවසුවේය. පහත දැක්වෙන්නේ ඔහුගේ නිල නිවේදනයයි.





ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පළකළ ඉහත නිවේදනය මාධ්‍ය නිදහස නිල වශයෙන් උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
Freedom of Speech, assembly, association, movement, &c.
14. (1) Every citizen is entitled to –
(a) the freedom of speech and expression including publication;
[THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA – HAPTER III – FUNDAMENTAL RIGHTS – source]

[2]. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මානුෂික මෙහෙයුමට දැක්වූ දායකත්වය එතුමාගේ පුද්ගලික වැඩක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ කටයුත්තකි. එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ ඉහත නිවේදනය ඔහුගේ පුද්ගලික නිවේදනයක් නොව වත්මන් රජය විසින් සිදුකළ මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දැනගත යුතුය.

[3]. ‘ඒකාබද්ධ විපක්‍ෂය’ නම් පිලිගත් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කරන්නන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇතැයි ඊයේ දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් නිකුත් කල නිවේදනය පැය 24ක් යන්නට පෙර ශ‍්‍රී ලංකා පොලිසිය විසින් උල්ලංඝනය කර තිබේ.

මැයි මස පළමුවැනිදා පැවැත්වෙන මැයි රැුලි සම්බන්ධයෙන් වූ මාර්ග සැලැස්ම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත්තේ ‘ඒකාබද්ධ විපක්‍ෂය’ යන නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමිනි. එහි අදාල පිටු පහත දැක්වේ.







ජනමාධ්‍ය ලේකම් අනුව දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය නොවන්නේද?

මහින්ද යුගයට මඩ ගසන අතර ජනතාව වෙනුවෙන් හඬ නගන ජනමාධ්‍ය නිල වශයෙන්ම වාරණය කරමින් ජනමාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරන ආණ්ඩුව ගැන මීට වඩා මොන කතා ද?

Wednesday, April 27, 2016

මහින්ද නිසා Sri Lankan ගුවන් සේවය විකුණන්න වෙනවා කියන එජාපයේ මඩට පිළිතුරු මෙන්න



[1]. ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. පෞද්ගලික ආයෝජකයෙකු සමග හවුල් ව්‍යාපාරයක් කිරීම යනුත් පෞද්ගලීකරණය කිරීමක්. වැටුප්/දීමනා කප්පාදුව, රැකියා කප්පාදුව ආදී පෞද්ගලීකරණය කිරීමෙන් අත් වන ඉරණම ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට අත් විඳින්නට සිදුවේවි.



රජයේ ලියාපදිංචි පුවත්පතක් වන “රිවිර” පුවත්පත 2016/04/27




කෙසේ නමුත් එජාපයෙන් පවසන්නේ මහින්ද යුගයේ වැරදි නිසා ණය සහ අලාභ වැඩි වීමෙන් එය විකිණීමට සිදුවූ බවයි. එහි ඇත්ත නැත්ත විමසා බලමු.

 

[2]. යහපාලන ආණ්ඩුවේ දැන් සිටින චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිව සිටි 1998 වසරේදී එයාර් ලංකා ආයතනය එමිරේට්ස් වෙත පෞද්ගලීකරණය කරනු ලැබුණා. නමුත් 2008 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය විසින් එය නැවතත් ශ්‍රී ලංකා රජයට අත් පත් කරගත්තා.

 

[3]. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් වෙතින් නැවතත් රජයට පවරා ගන්නා විට ලෝකය විශාල ආර්ථික කුණාටුවකට හසුවෙමින් තිබුණා. ඒත් සමගම ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට පමණක් නෙමෙයි, ලෝකයේ ම සංචාරක කර්මාන්තය විශාල ලෙස හැකිලීමට පටන්ගත්තා. ගුවන් සමාගමක් සිය ආදායම් පවත්වා ගෙන යන්නේ මගීන් ප්‍රවාහනයෙන්. ආර්ථික අර්බුදය හමුවේ සංචාරකයින් අඩුවීමත් සමග සිදු වූයේ අපේක්‍ෂිත ආදායම් ඉලක්කවලට යාමට හැකි ඉල්ලුමක් සමාගමට නැතිවීමයි.



ලෝක ආර්ථික අර්බුදය හමුවේ එමිරේට්ස් සමාගමේත් ලාභය අඩු වුණ අයුරු.




At Air India about 15000 employees were asked to take leave without pay for between 3-5 years. Recruitment freeze, voluntary redundancy, non-renewal of temporary contracts, and unpaid holiday leave were the most common cost cutting measures adopted by the airlines al through the world. [source: academia.edu]

ලෝකයේ සමාගම් සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදවලින් ගොඩ එන්නේ විශාල ලෙස රැකියා කප්පාදු කරමින්. එවිට පිරිවැය අඩුවී ලාභය ඉහල යයි. ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් පැවැතියද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය තුළදී කිසිදු රැකියා කප්පාදුවක් සිදු කළේ නෑ. සිදු වූයේ රජයේ මුදල් යොදා රැකියා ද සුරක්‍ෂිත කරන අතරතුර සමාගම කඩාවැටීමට ඉඩ නොදීමයි. එසේ රජයෙන් ගන්නා මුදල් සමාගමේ ණය ලෙස එකතුවෙනවා.

 

[4]. ශ්‍රී ලංකන් සමාගම ගෝලීය ආර්ථික කුණාටුවට හසු ව ඉල්ලුම අඩු වී ආදායම් පහත වැටෙන විට තවත් පැත්තකින් පහර වැදෙමින් තිබුණා. ඒ නම් ආර්ථික අර්බුදය අවසන් වෙනවාත් සමගම ලෝක තෙල් මිළ අධික ලෙස ඉහළ යෑම. එක් අවස්ථාවට බොර තෙල් බැරලයක් ඩොලර් 150 සීමාවට යනවා.


ගමන් වාර නඩත්තු කිරීමට නම් කීයක් දී හෝ තෙල් ගැසිය යුතුයි. එහෙත් ප්‍රශ්නය වන්නේ එක් අතකින් ආර්ථික අර්බුදය නිසා අඩු වූ මගින් සංඛ්‍යාවක් ද සහහිත ව සිටි සමාගමට ගුවන් ග‍ාස්තු වැඩීකිරීමට අවස්ථාවක් නොලැබීමයි.

ගෝලීය සමාගම් සමග තරඟයේ දී ගාස්තු වැඩි කිරීම යනු සිටින පාරිභෝගිකයින් ද සමාගමෙන් ගිලිහීමයි. ඒ අනුව, එම බර ද රජයට දැරීමට සිදුවීම ස්වභාවිකයි.

තෙල් මිල අඩුවැඩි වීම මගින් සමාගමට කළ බලපෑම කොතරම් ද කිවහොත් 2013/2014 වසරේ දී සමාගමේ පාඩුව ලෙස වත්මන් රජය පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 32ක්. එහෙත් 2014/2015 වසරේ දී එහි පාඩුව බිලියන 16යි. එනම් තෙල් මිල සීඝ්‍ර ලෙස පහත යෑම සමාගමේ පාඩුව අඩකින් එනම් බිලියන 16කින් අඩු කිරීමට සමත් ව තිබෙනවා.

 

[5]. “දැන් මේ ඔක්කොම වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විතරද, ලෝකේ අනිත් ගුවන් සේවා වල සංචාරකයො අඩු වුණෙ නැද්ද? තෙල් මිලෙන් පාඩු වුණේ නැද්ද?” ආදී ලෙස කැපුවත් අහවල් පාට බුද්ධිමතුන් අසා තිබුණා. ඔවුන්ට වෙන අමුතු උදාහරණ අවශ්‍ය නෑ, යහපාලන ජනපතිතුමාගේ ඇඳුමට පවා ආදර්ශයට ලබා ගන්නා ඉන්දියාවේ ඉන්දියන් ජාතික ගුවන් සේවාවේ අලාභයයි පහත දැක්වෙන්නේ. [මූලාශ්‍රය: scroll.in]



ඉන්දියන් ගුවන් සේවයේ 2014 වර්ෂයේ පමණක් අලාභය රු බිලියන 117.48 කි. (5389*10,000,000*2.18)




Public-sector carrier Air India recorded a net loss of Rs 5,389 crore during FY 2014 and Rs 5,490 crore during FY 2013. [source: scroll.in]

Air India has a debt of about Rs 40,000 crore for aircraft purchase and working capital. Its accumulated losses are close to Rs 30,000 crore. The airline lost Rs 5,389 crore and Rs 5,490 crore in the fiscal 2013-14 and 2012-13, respectively. [source: indiatimes.com 2015/11/06]

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ ණය මුදල රු බිලියන 460 කි. එහෙත් එයාර් ඉන්දියා ආයතනයේ සම්පූර්ණ ණය මුදල රු බිලියන 860 කි. (40000*10,000,000*2.15)

එතරම් පාඩු ලබමින් වුවද රාජ්‍ය අංශයෙන් ගුවන් සේවයක් ඉන්දියාවෙ පවත්වාගෙන යන්නේ රජය සතුව ගුවන් සේවය පැවතීමෙන් රටට ලැබෙන වාසි ප්‍රයෝජන නිසයි.

 

[6]. එයාර් ලංකා ආයතනය එමිරේට්ස් වෙත විකිණීමෙන් පසුව එහි වෙනස්කම් ගණනාවක් සිදුකළා. “එයාර් ලංකා” ලෙස තිබූ එහි නම “ශ්‍රී ලංකන්” ලෙස වෙනස් කරමින් ගුවන් නාම ලේඛනයේ අකාරදී පිළිවෙළේ පහළටම දැමීමේ සිට, එයාර් ලංකා වෙත අයත්ව තිබූ එමිරේස් වෙත පිවිසීමට නොහැකිව තිබූ ගුවන් ගමන් වාර ලබා ගැනීම දක්වා සියල්ලම මගින් සිදුවූයේ එදා එයාර් ලංකාවෙත තිබූ කීර්තිනාමය ක්‍රමිකව එමිරේට්ස් වෙත ලබා ගැනීමයි. අවසානයේදී එමිරේට්ස් මගින් නැවත ලබා ගත්තත් එදා එයාර් ලංකා වෙත තිබූ හැකියාව නැවතත් මතු කිරීම ලෙහෙසි වන්නේ නැහැ. පෞද්ගලීකරණය කිරීමේ එක් භයානකත්වයක් එයයි.
එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ ලැබූ යුරෝපය ඇතුළු ගුවන් ගමන් ගණනාවක්‌ නතර කර ඒවා සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවා යොදවන ලදී. එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවයට රටක නිල ගුවන් සේවය ලෙස ගුවන් තොටුපළවල ලැබෙන ගොඩබෑම් අවස්‌ථා හෙවත් ලෑන්ඩින් රයිට්‌ස්‌ එමිරේට්‌ස්‌ ගුවන් සේවාව විසින් හිමිකරගන්නා ලදී. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]

 

[7]. ශ්‍රීලන්කන් ගුවන් සේවය විදෙස්‌ කළමනාකරණයක්‌ තුළ ලාභ ලැබිය හැකි බවට මිථ්‍යා මතයක්‌ මේ වන විට රට තුළ ඇතිකර තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්‌ස්‌ කළමනාකරණය යටතේ ලාභ ලැබූ බවට ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකර ඇති මිථ්‍යාව ඊට හොඳම උදාහරණයයි. එමිරේට්‌ස්‌ පාලනය තුළ ශ්‍රීලන්කන් ලාභ ලැබුවේ වසර දෙකකි. ඒ හා පසුබිම් කතාවද අපුරුය. එල්ටී.ටී.ඊ සංවිධානය කටුනායක ගුවන්තොටුපල වෙත එල්ලකළ ප්‍රහාරයෙන් විනාශ කළ ගුවන් යානා සඳහා වන්දි ලැබීම, ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් යානා විකුණා දමා එම ගුවන් යානා නැවත කුලියට ගැනීම තුළින් අදාළ ගුවන් යානා විකිණීමෙන් ලබාගත් මුදල ශේෂ පත්‍රයේ ලාභය ලෙස පෙන්වීම තුළින් අදාල ලාභය පෙන්වීමට කටයුතු කරන ලදී.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් සේවා සැපයුම් සමාගමක කොටස්‌ විකුණා ලබාගත් ලාභය ද මේ වසර දෙකක ලාභ ලැබීමට හේතුවිය.

අනිත් අතට ශ්‍රීලන්කන් ගුවන් සේවය හා ගිවිසුමට අනුව එමිරේට්‌ස්‌ කළමනාකාරිත්වය වසර දහයකට පමණක්‌ ඔවුන්ට හිමිවූ අතර ඔවුන් අවසන් වසරවල ලාභය පෙන්වුයේ ගිවිසුම දීර්ඝ කර ගැනීම සඳහාය. අදාළ ගිවිසුමේ අවසන් කාලයේ ලන්ඩන් සිට පැමිණෙන ගුවන් ආසන වෙන් කිරීමේ ප්‍රශ්නයක්‌ ඇති වුවද ඒ වන විට ගිවිසුම දීර්ඝ නොකරන්නට තීරණය කර තිබිණි. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]



 

[8]. මේ සමාගම නැවතත් පෞද්ගලීකරණය කිරීමට යනවා. වෙනත් ගුවන් සමාගමක් විසින් නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගතහොත් එසේ කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ නැගීමට නොව, එහි තිබෙන සාරයද උරා ගනිමින් තම සමාගම ශක්තිමත් කරගැනීමටයි. රාජ්‍ය ආයතනයක් එහි තරගකරුවෙකුට විකුණා දැමීමෙන් ඊට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පහත දැක්වෙන්නේ ඊට අදාල පැහැදිළි කිරීමක්.
ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගනු ලබන්නේ කටාර් ගුවන් සේවයයි. වත්මන් රජය බලයට පත්ව දින ගණනාවකින් කටාර් පාලකයා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවස්‌ථාවේද ඔවුන් මේ සඳහා ඇති කැමැත්ත මෙරට පාලකයන් වෙත දැනුම්දී තිබේ.

කටාර් ගුවන් සේවය විසින් අපේ රටේ ජාතික ගුවන් සේවය මිලදී ගතහොත් ශ්‍රීලන්කන් ගුවන් සේවය ජාතික ගුවන් සේවාවක්‌ ලෙස ලොවපුරා සෑම රටකම ගුවන් තොටුපළවල හිමිකරගන්නා ගමන් අවස්‌ථා හිමිකරගන්නට කටාර් ගුවන් සේවයට හැකියාව ලැබේ. රටක ජාතික ගුවන් සේවාවක්‌ නොවන ආයතනයක්‌ ඒ සඳහා ඉල්ලුම් කරන විට ගෙවන්නට වන ඇති විශාල මුදල ඔවුන්ට ඉතිරි වනු ඇත. එසේම ඔවුන් දැනට බොහෝ රටවලට පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවාවන් වඩාත් පුළුල් කරන්නටද ඔවුන්ට මෙයින් අවස්‌ථාව හිමිවේ.

මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මගීන් අතර දැඩි ඉල්ලුමක්‌ තිබූ යුරෝපා ගමනාන්ත නවතා දමන්න්නට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කරමින් සිටී. දැනටමත් රෝමය බලා ගමන් කරන සේවාවන් අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති අතර පැරිසිය (ප්‍රංශය) හා ෆ්‍රෑන්ක්ෆෘට් (ජර්මනිය) සේවාවන් ඉදිරියේදී නවතා දමන්නට නියමිතය.

මේ සියලු ගමනාන්ත කටාර් ගුවන් සේවය ගුවන් ගමන් වාර පවත්වන ඒවා වන අතර එවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය නවත්වන ගමන් වාර සියල්ලේම වාසිය හිමිවන්නේ කටාර් ගුවන් සේවයටය. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]

 

[9]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී සතොස, හම්බන්තොට වරාය, ආදිය ලාභ ලබන ආයතන බවට පත් වී තිබුණි. එනමුත් වත්මන් ආණ්ඩුවට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට සිදුවන්නේ ඔවුන් මෙරට සාර්ව ආර්ථික තත්වයන් කළමනාකරණය නොකර රට බංකොලොත් කළ නිසයි.

චීනයට දිගට හරහට බනිමින් චීන ආයෝජකයන්ව එලවා ගැනීම, එමගින් කොටස් වෙළඳපොළ කඩා වැටීම, ආයෝජන නොමැති වීම නිසා රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම, ඒ සමගම රටට එන ආයෝජන නැති වීමෙන් රුපියල බාල්දු වීම, රුපියල රැක ගැනීමට කියමින් විදේශ සංචිත විකුණා දැමීම, දිගින් දිගටම බැඳුම්කර නිකුත් කර පොලී මට්ටම ඉහල දැමීම, එසේම අති දැවැන්ත බැඳුම්කර මගඩිය මගින් රට ණය උගුලක හිර කිරීම ආදිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත ප්‍රපාතයක ඇද දැමූ එජාපයට දැන් ඉතිරිව ඇත්තේ රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම පමණයි.

Sunday, April 24, 2016

යහපාලනයේ අනුහසින් වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ බිහිසුණු ක්‍රියාවලිය හෙළිවෙයි.

යුද වැදී ලබා ගත නොහැකි බව තහවුරු වූ ඊළම ඊට වඩා අති සූක්ෂම ලෙස ලබා ගැනීම සඳහා බටහිර බලවතුන් සහ කොටි ඩයස්පෝරාවේ ඒකාබද්ධ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

එක්සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය යොදා ගනිමින්, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර රටෙන් වෙන් කර ඊට තමිල්නාඩුව ඒකාබද්ධ කර වෙනම බලවත් ද්‍රවිඩ රාජ්‍යයක් බිහි කිරීම සඳහා වන කොටි ඩයස්පෝරාවේ සහ බටහිර බලවතුන්ගේ මෙම ඒකාබද්ධ සැලසුම මේ වන විට තතු දත් පුද්ගලයන් හරහා mahinda.info වෙත අනාවරණයවී තිබේ. මේ ලිපියෙන් අප හෙළි කරන එම සෑම කරුණක් පිළිබඳවම සාක්ෂි සියල්ලම අන්තර්ජාලය ඇසුරෙන්ම ඔබ වෙත ලබා දෙන්නෙමු.



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු සංකල්පයක් වන R2P (Responsibility to Protect) අදහස් කෙරෙන්නේ “කිසියම් ස්වාධීන රාජ්‍යයක අණ්ඩුව විසින් සිය රටේ ජන කොටසක් ආරක්ෂා කරන්නේ නැතිනම් බාහිර රටවල් වලට එම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව ලබා දීම” යි. එලෙස පෙනී සිටීමට ඇති හැකියාව යුධමය මැදිහත් වීමක් දක්වා විහිදෙයි. එසේම අවසානයේදී අදාල ජන කණ්ඩායම රැක ගැනීම වෙනුවෙන් දේශපාලන තීන්දු ගැනීමටද ජාත්‍යන්තරයට ඉඩකඩ ලැබෙයි. මූලාශ්‍රය: wikipedia.org/wiki/Responsibility_to_protect

තම ජනතාවට වෙන් වීම අවශ්‍ය බව සනාථ කරමින් R2P සංකල්පය හරහා මෑත කාලයේදී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත් රටකට හොඳම උදාහරණය දකුණු සුඩානයයි. ඊට අමතරව Central African Republic, Burundi, Syria, Sudan, Burma, Lake Chad Basin, Iraq, Yemen යනාදී රටවල් ගණනාවක් සඳහා R2P ක්‍රමය යෝජනා වී තිබේ. වැඩි විස්තර. www.globalr2p.org/regions

පසුගිය කාලයේ සිදුවූ ක්‍රියාදාමයන් නිරීක්ෂණය කළහොත් ද්‍රවිඩ ජනතාවට සිංහල බහුතරය සමග ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමට නොහැකි බව කොටි ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් මගින් පෙන්වීමටත් එමගින් වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ඉස්මතු කිරීමටත් උත්සාහ දරා තිබේ. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

 

[1]. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත. ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත. [මූලාශ්‍රය:1. දිවයින 2016/04/19 , 2. colombogazette.com 2016/04/14]

බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂය ශ්‍රී ලංකාවේ වෙනම රටක් බිහි කිරීමට සහතික දෙද්දී ඊටත් වඩා බටහිර න්‍යායපත්‍රය ගැන සාක්ෂි කුමකට ද?

 

[2]. කොටි සංවිධානය විසින් සිදුකළ ඝාතනයන් ගැන ජිනීවා මානව හිමිකම් වාර්තාවේ සඳහන් නොකිරීම. එමගින් ශ්‍රී ලංකා හමුදාව මගින් පමණක් මානව හිමිකම් කඩ කර ඇති බවට පෙන්වීම සිදු වෙයි.
(i) මඩකලපුව මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය 2004 ඔක්‌තෝම්බර් 19
(ii) දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානී පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය
(iii) ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය
(iv) ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම
(v) කොළඹ ඩුප්ලිකේෂන් පාරේ දී ප්ලොට්‌ මොහාන් ඝාතනය
(vi) වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලන්ගී සෙල්වරාජා සහ ඇගේ සැමියා ඝාතනය කිරීම
ඉහත කී කරුණු ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් නොකිරීම හරහා ශ්‍රී ලංකා හමුදාවට වරද පටවමින් කොටි ත්‍රස්තවාදී සැහසිකම් යටපත් කර ජත්‍යන්තර අනුකම්පාව දිනා ගැනීම සිදුකර ඇත. [මූලාශ්‍රය: දිවයින 2015/10/13]



 

[3]. ජිනීවා මානව හිමිකම් වාර්තාවට පක්ෂව යහපාලන ආණ්ඩුව මගින් ඡන්දය ප්‍රකාශ කරමින් එය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම. [මූලාශ්‍රය: BBC 2015/10/01]. මේ හේතුව කොටගෙන ජිනීවා යෝජනාවට එරෙහි රටවලට ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අතර, එම ජිනීවා යෝජනාවේ දැක්වෙන ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ව්‍යාජ යුධ අපරාධ චෝදනා යහපාලන ආණ්ඩුව විසින්ම පිළිගැනීම සිදුවිය.

 

[4]. චැනල් 4 නාලිකාව විසින් විකාශය කළ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බවට පෙන්වූ චිත්‍රපටය සත්‍යයක් බව වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබේ. [මූලාශ්‍රය: දිවයින 2015/10/26]. චැනල් 4 නාලිකාව මගින් දරුණු ගනයේ යුධ අපරාධ සිදුවී ඇති බවට ව්‍යාජ චිත්‍රපට පෙන්වූ අතර වත්මන් රජය විසින් ඒවා සත්‍යය බවට පිළිගැනීම යනු සියතින් අප රටේ හමුදාවේ ගෙළ සිඳලීමකි.

 

[5]. යහපාලන ආණ්ඩුව මගින් කොටි සාමාජිකයින්ව නිදහස් කිරීමත් මේ දින වල සිදුවෙයි. එහි අරමුණ වී ඇත්තේ නුදුරේදී පැවැත්වෙන යුධ අපරාධ අධිකරනයේදී කොටි සාමාජිකයින්ට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්ෂි ලබා දීමට අවස්ථාව ලබා දීමයි.
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් 31 දෙනකු අද (11 වැනිදා) ඇප මත නිදහස්‌ කිරීමට පියවර ගෙන තිබේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116 කට නඩු පවරා ඇත. මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් 52 කට නඩු පවරා ඇති අතර ඉන් සැකකරුවන් 10 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.  [මූලාශ්‍රය. දිවයින 2015/11/11]

 

[6]. ශ්‍රී ලංකා හමුදාව විසින් රෝහලකට බෝම්බ දැමූ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම. කොටි සංවිධානයට ඔප්පු කරගැනීමට නොහැකිව තිබූ මෙම ව්‍යාජ චෝදනාව තමන්ට පාර්ලිමේන්තුවට යාමට තරම්වත් ඡන්ද නොදුන් ජනතාව කෙරෙහි වෛරයෙන් පසුවෙන හිටපු හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කරවාගැනීම ඩයස්පෝරාව ලද ජනග්‍රහණයකි. පහත වීඩියෝව බලන්න.



මීට අමතරව ඔහු පැවසූ සුදු කොඩි කතාවෙන්ද සිදුවූයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද අපරාධ උගුලකට හිර වීමයි.



 

[7]. දෙමළ සංධානයේ නායකයින්ද පවසන්නේ ඔවුන්ට වෙනම රටක් අවශ්‍ය බවයි. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශ වලට උදාහරණ කිහිපයකි.
බලය බෙදීමක්‌ අවශ්‍ය නැති බවත් දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේදී ප්‍රකාශ කර ඇත.  [මූලාශ්‍රය: දිවයින 2015/05/06]
දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය. [මූලාශ්‍රය: දිවයින 2015/08/12]

 

[8]. කොටි ක්‍රියාකාරීන් බලාපොරොත්තු වෙන ඊළාම් රාජ්‍යයට ඇති බාධාව වන්නේ සිංහල ජනතාව අතීතයේ උතුරේ ජීවත් වූ බවට ඓතිහාසික මූලාශ්‍ර තිබීමයි. ඒ අනුව ප්‍රධාන බාධාවක් වන නාගදීපයේ නම වෙනස් කිරීමත්, ඒ හා සමගම මහාවංසය මිත්‍යාවක් බවට සමාජගත කර ලිඛිත ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමත් සිදුවෙයි. [මූලාශ්‍රය: දිවයින 2015/11/10]



ඊට අමතරව නාගදීපයේ බුදු පිළිමයක් ඉදි කිරීමටත් එරෙහිව නියෝගයක් පැනවීම මගින් උතුරේ කිසිදු බිම් අඟලක් තවදුරටත් සිංහල ජනතාවට අයිති නැති බවත්, ඒ අනුව උතුර රටේ වෙනම කොටසක් බවටත් මතයක් ස්ථාපිත කරමින් සිටියි.  [මූලාශ්‍රය: NethFM 2016/03/28]

 

[9]. මෑතකදී දෙමළ පාසල් සිසුවෙක් දුම් රියකට යට වී ජීවතක්ෂයට පත් වූ අතර ඉන් අනතුරුව දෙමළ සංධාන නායකයින් එය යොදා ගත්තේත් තම ඊළාම් සිහිනය වෙනුවෙනි. පාසල් සිසුවෙක් ඉංග්‍රීසි භාෂාවෙන් ඊළම ඉල්ලමින් ලිපියක් ලිවීම අසාමාන්‍ය/කෘතිම සිදුවීමක් බව විචාරක මතයයි. [මූලාශ්‍රය: දිවයින 2015/11/30]



 

[10]. ඒ අතර යාපනය විශ්ව විද්‍යාලය තුළට ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඇතුළු වීම තහනම් කරමින් වත්මන් යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය උපයෝගී කරගනිමින්, කොටි ක්‍රියාකාරීන් විසින් යාපනය විශ්ව විද්‍යාලය ඊළාම් මතය ව්‍යාප්ත කිරීමේ මූලස්ථානය බවට පත් කරගෙන තිබේ. [මූලාශ්‍රය. දිවයින 2015/11/28]



 

[11]. නැගෙනහිර මුස්ලීම් ජනතාව වෙනුවෙන් එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වූ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන්නේත් එසේ මුස්ලීම් ජනතාවටත් සිංහලයන් සමග එකට සිටීමට නොහැකි බවට ජාත්‍යන්තරයට ඔප්පු කිරීම සඳහා ය. පහත වීඩියෝව බලන්න.


රාවුෆ් හකීම් සහ ප්‍රභාකරන් එදා එකට සාකච්ඡා කළ අතර වර්තමානයේදී හකීම් සහ ඩයස්පෝරාව අතර සම්බන්ධය මෙලෙසම සිදුනොවෙතැයි කිව හැකිද?.


 

[12]. පසුගිය ජනාධිපතිවරණයට පෙර මෛත්‍රී-රනිල් ගිවිසුම ලෙසට තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත හෙළි කළ ගිවිසුමේ කරුණු සියල්ලම පාහේ මේ වන විට ඉටු වී තිබේ. පහත කොන්දේසි  දෙස වඩාත් හොඳින් බලන්න. මේ කොන්දේසිවල මුල් 4 ඇත්තේ කාගේ වුවමනාව සඳහා ද?



 

[13]. R2P ක්‍රමවේදය හරහා කිසියම් ජනකොටසක් රටකින් වෙනම කොටසක් ලබාගැනීමේදී ඒ සඳහා වැදගත් වන තවත් සාධකයක් වන්නේ එරට මහ ජාතියට රටේ පාලනය කරගෙන යාමට නොහැකි බවට ලෝකය හමුවේ ඔප්පු කර පෙන්වීමයි. මේ දේ වත්මන් රජය අවබෝධ කරගෙනත් නොමැත. එජාප නායකයන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයට මේ වන විට රටේ ඩොලරය කඩා වැටී තිබේ, කොටස් වෙළඳපොළ බිඳ වැටී ඇත, සිංගප්පූරු නියෝජිතයා මගින් සිදු කළ බැඳුම්කර වංචාව නිසා රජයේ ණය සක්‍යතාවය බිඳ වැටී ඇත, බඩු මිල වැඩි වෙමින් පවතියි, ජාතික ආරක්ෂාව කඩා වැටී ඇත, නිල ඇඳුම මහපොළ පමණක් නොව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පවා ගෙවා ගත නොහැකිව ඇත. මෙවන් වාතවරණයක් තුළ දෙමළ නායකයන්ට කිව හැක්කේ සිංහල මහ ජාතියට රටේ පාලනය ගෙන යා ගත නොහැකි බවත් එනිසා දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය බවයි.

 

[14]. ඉහත කරුණ තවත් පහසු වීමටදෝ ප්‍රධාන විපක්ෂයක් තිබියදී කෘතිම ලෙස දෙමළ සංධානය විපක්ෂය කර ඇත. ඉන් සිදුවූයේ එජාපයෙන් පැවසූ දේ නොවේ. තම විපක්ෂ නායක ධූරය දෙමළ ඊළම ලබා ගැනීම සඳහා මෙවලමක් කරගත් ආකාරයයි මේ.



 

[15]. ‘‘ෆෙඩරල් ලබාගන්න පුළුවන් එතෙක් වැඩ අවුල් කරන්න එපා“ යැයි විපක්ෂ නායක ආර්.සම්බන්දන් උතුරු පළාත් සභා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.  මේ බව හෙළි කරන්නේ අප නොව යහපාලන ආණ්ඩුවේම කොටසක් වූ ජාතික හෙළ උරුමයයි. [මූලාශ්‍රය: puvath.lk 2016/04/19].

 

[16]. ෆෙඩරල් පාලනයක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවට ගෙන ආ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත විය. [මූලාශ්‍රය: NethFM 2016/04/19].

තනි රටකින් වෙනම කොටසක් ලෙස ෆෙඩරල් පාලනය ලබා ගැනීම යනු වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ පළමු අඩිතාලම යි. මන්ද යත්, ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම මගින් ෆෙඩරල් ලබා ගත් ජනතාව තව තවත් ප්‍රධාන රටෙන් වෙන් වෙන අතර, පසුකාලයේදී සම්පූර්ණයෙන්ම වෙන් වීමට එය හේතු වෙයි.

 

[17]. සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාවේ තේරුම තවත් හෙළිදරව් කරමින් විග්නේශ්වරන් පවසන්නේ රටවල් දෙකක් අවශ්‍ය බවයි.



මේ බව රජයේ ඩේලි නිවුස් පත්තරේත් මෙසේ සඳහන් වේ.
Northern Provincial Council (NPC) Chief Minister C.V. Wigneswaran presenting a Resolution on the Constitutional Reforms to the NPC has proposed the set up of two States in the country, one by merging the Northern and Eastern Provinces and the other by merging the seven other Provinces. [source: dailynews.lk 2016/04/09]

 

[18]. යුරෝපයේ වසන දෙමළ ඩයස්පෝරාවට තමන්ටම කියා රටක් නොමැති වීම ප්‍රශ්නයක් වී ඇති බව අප කවුරුත් දන්නා දෙයකි. එසේම යුරෝපයේ සිටින සමහර දෙමළ කොටස් නිසා යුරෝපීය ජාතිකයින්ටත් සමාජ ප්‍රශ්න ඇති වී තිබේ. උදාහරණ ලෙස යුරෝපීය දෙමළ ජාතිකයින් ඒ රට වල දේශපාලනයට මෙන්ම සමාජ සාමකාමීත්වයටත් බලපෑම් කරයි. යුරෝපයේ පාතාලය, කුඩු ව්‍යාපාර, කප්පම් කල්ලි අතර දෙමළ නම් බෙහෙවින් කියවෙයි. [විස්තර] එනිසා යුරෝපීය නායකයන්ට අවශ්‍යව ඇත්තේත් කෙසේ හෝ දෙමළ ඊළම ලබා දී දෙමළ ජනතාව ආපසු පිට කර හැරීමයි. ඒ සඳහා යුරෝපීය නායකයන් මෙසේ ශ්‍රී ලංකාවට සෘජුවම මැදිහත් වන්නේ දෙමළ ඩයස්පෝරාවේද අනුදැනුම මත ය. [මූලාශ්‍රය. දිවයින 2015/12/10]



 

[19]. ශ්‍රී ලංකවේ ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් කඩා පනින්නේත් දෙමළ ජනතාවට එරෙහිව අපරාධ සිදුවූ බව ලෝකයට ඔප්පු කර පෙන්වීම උදෙසා ය.



 

[20]. ද්‍රවිඩ ඡන්ද වල පිහිටෙන් බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පාලමක් හදමින් පවතියි. මේ බව සඳහන් වන්නේ එජාපයේ රුවන් විජයවර්ධන අමාත්‍යවරයාට අයත් එජාප පුවත්පත ලෙස සැලකෙන ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේයි.



පාලමක් හැදූ විට පහසුවෙන් ඉන්දියාවට යා හැකි බව කීවත් එය සිතන තරම් සුන්දර නැත. මන්ද යත් පාලම අවසන් වෙන විට උතුර ශ්‍රී ලංකාවෙන් වෙන් වීමට සිදුවීමට නියමිත බව අප ඉහත දක්වා ඇති උදාහරණ වලින් ඔබට දැනටමත් පැහැදිළි වී තිබේ. එවිට පාලමෙන් ඉන්දියාවට යද්දී උතුරට පවා අපට යන්න වෙන්නේ වීසා ලබා ගනිමිනි.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නව අධිරාජ්‍යවාදීන් ලෝකය පාලනය කිරීමට යොදා ගන්නා උපක්‍රමය වන්නේ බෙදා පාලනය කිරීමයි. (Divide and Rule)  ඉන්දියාව සමග දේශපාලන ගිවිසුම් වලට එළඹීමට වඩා පහසුවෙන්, දකුණු ඉන්දියාව වෙන් කර වෙනම රාජ්‍යයක් බිහි කිරීම හරහා ඉන්දියාව පාලනය කිරීමට බටහිරයන්ට හැකියාව පවතියි.

 

[21]. සාපේක්ෂව වඩාත් දුබල රට වන ශ්‍රී ලංකාවේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයකට අඩිතාලම දා ගත් පසුව තමිල්නාඩුවත් ඉන්දියාවෙන් වෙන් වීමට කටයුතු යොදනු ඇත. මේ බව දැනටමත් ඉන්දීය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත. උදා: PIL seeks special autonomous status for Tamil Nadu. source: thehindu.com

 

[22]. නමුත් ඉන්දියානු රජය වඩාත් බලවත් බැවින් දකුණු ඉන්දීය දේශපාලඥයන් ශ්‍රී ලංකාවේ උතුර වෙන් කිරීම පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම සිදුවෙන අතර එය හැකි වුවහොත් දකුණු ඉන්දියාව වෙන් කිරීම පිළිබඳව දෙවනුව කටයුතු යොදනු ඇත. පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියක් මගින් හෙළිදරව් කර ඇති දෙමළ ඩයස්පෝරාව විසින් පළ කෙරුණ ඔවුන්ගේ අවසාන අරමුණ සහිත ඊළාම් සිතියමයි. ඉහත අප සඳහන් කළ පාලම ඉදිවන්නේ ඇයි දැයි මෙමගින් පැහැදිළි වෙයි. සිතියමේ මූලාශ්‍රය: globalsecurity.org



ඒ ආකාරයෙන් උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වීමෙන් අගතියට පත් වන්නේ සිංහල ජනතාව පමණක් නොවේ. දකුණේ සාමකාමීව වාසය කරන අහිංසක ද්‍රවිඩ ජනතාව සහ සෙසු ජන වර්ග අතර සුහදත්වයට එමගින් පහර වදියි. එසේම විශාලව පවතිද්දී ශක්තිමත්ව පවතින රට කැබලි වලට වෙන් වෙද්දී දුර්වල වෙයි. එනිසා දකුණේ ජාතීන් අතර සහෝදරත්වයට කැමති සියල්ලෝම මෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව පවතිනවාට කැමැති සියලෝම දේශපාලන සහ ජාති බේධ වලින් තොරව, උතුරේ වෙනම රාජ්‍යයක් බිහි කිරීමට එරෙහි විය යුතුය.

මහින්ද මැතිඳුන් තායිලන්තයට ගොස් කරපු දේවල් හෙළිදරව් වෙයි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පළමුවරට විදේශ සංචාරයක නිරත වූයේ තායිලන්තයටයි. ඒ එරට පන්සලක පැවැත්වෙන විවෘත කිරීමකට ලද ආරාධනාව අනුවයි.

"තායිලන්තය" යන නම ඇහෙද්දී යහපාලන ප්‍රධානීන්ගේ කෝණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මනිමින් එජාප හිතවාදීන් විසින් ෆේස්බුක් එකේ මඩ ගසනු දක්නට ලැබුණි. ඒ සියල්ලන්ටම දැන් පිළිතුරු ලැබී තිබේ.

තායිලන්තයේ අගනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව තායිලන්ත හමුදා ප්‍රධානීන්,  රාජ්‍ය නිලධාරීන් විසින් ඉතාමත් ගෞරව අභිමානයෙන් යුතුව පිළිගන්නා ලදී.





ඉන්පසු තායිලන්තයේ ප්‍රධාන නගරයක් වන උඩන්-තානී නුවරට සවස 3 ට මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්ප්‍රාප්ත විය. එදින සවස්වරුවේදී ආගමික වැඩසටහන් සදහා සහභාගී විය.

එම ආගමික වැඩසටහනේදී තායි ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගනු ලැබූයේ තායිලන්තයේ රජතුමාට මෙන්ම ගරු බුහුමන් දක්වමිනි.



ක්‍රි.ව. 1361 දී තායිලන්තයට නැවතත් බුදු දහම ලැබුණේ ලක්දිවෙනි. එනිසා ශ්‍රී ලංකාව ගැන තායි බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයක් පවතියි. එකී ශ්‍රී ලංකාව එක් සේසත් කළ අවසන් නායකයාව සියැසින් දැකබලාගැනීමේ ආසාවෙන් සිටි තායි වැසියෙක් ආචාර කළේ මෙලෙසයි.



එම පින්කමේ තවත් පින්තූර පහත දැක්වේ. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික සම්බන්ධතාවයන් තව තවත් දියුණු වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.













Thursday, April 21, 2016

අමා දම් සිසිළ පෝදා ධර්ම දේශනාව තංගල්ල කාල්ටන් නිවසේදී

සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන "අමා දම් සිසිළ" ධර්ම දේශනා මාලාවේ 149 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. ඊට මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පවුලේ අය සහ ගම්වාසී හිතවතුන් සහභාගී විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියදී එය අරලියගහ මන්දිරයේ පැවැත්වුණ අතර එතුමා පදවියෙන් ඉවත් වූ පසුවත් එම ධර්ම දේශනා මාලාව නොකඩවා පැවැත්වෙයි.

ඔබ සැමට පින්බර පුන් පොහෝ දිනක් වේවා.!











Tuesday, April 19, 2016

එදා මහින්දට මඩ ගැසූ චම්පිකට වැඩ වරදියි. සැබෑ හොරුන් කවුදැයි රටම ඉදිරියේ හෙළි වෙයි.

[1]. ජාතික මංකොල්ලයේ පළමුවන වග උත්තර කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ඔහුට දඬුවම් කළ යුතු බවත් පාථලී චම්පික රණවක පැවසූයේ 2015 මුල් භාගයේදී ය.



 

[2]. ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි. බදු මුදල් වංචා කරමින් සිය ධනය සැඟවූ ධනවත් හා බලවත් පුද්ගලයන් කවුදැයි "පැනමා පත්‍රිකා" මඟින් හෙළිදරව් කරන ලදී.

 

[3]. එක්සත් ජාතික පක්ෂයේ පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශය වන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ නම එහි සඳහන්ව ඇති බව වාර්තා වේ. [මූලාශ්‍රය: "අද" පුවත්පතේ වෙබ් අඩවිය 2016/04/12]



 

[4]. පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ ඉල්ලා අස්වීම හුදු කාලය ගැනීමක් පමණක් බව පැහැදිළි වන්නේ චම්පිකගේ මීට පෙර චෝදනා වලිනුත් ඔහු කාලය ගත කරමින් අමතක කරන ආකාරය අනුවය. (ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේඛන හැදුවා කියන චෝදනාව, සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටිය චෝදනාව, සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද චෝදනාව)

 

[5]. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කබිර් හෂීම් මහතා අමාත්‍ය ධූරය දරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පීඑල්සී ආයතනයේ සභාපති ධූරයක් දරණ "අවන්ති කුමාර ජයතිලක" මහතාගේ නම පැනමා පත්‍රිකා වල ඇති බවට Sri Lanka Mirror වෙබ් අඩවිය ප්‍රශ්න කරයි. [මූලාශ්‍රය]. Lanka News Papwers හෙළි කර ඇති පැනමා පත්‍රිකා නම් ලයිස්තුවේ Kaluachchigamage Avanthi Kumara Jayatilake යන අයගේ නම සඳහන් වේ. [මූලාශ්‍රය].

 

[6]. විදේශ ගිණුම් වල ඇති එක ඩොලරයක් තිබේනම් පෙන්වන ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමා අභියෝග කළ අතර තවමත් එම අභියෝගයට පිළිතුරු දීගත නොහැකිව යහපාලකයින් අසරණ ව ඇත. ඒ අතර එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසූ උදවියගේ සත්‍ය තත්ත්වය දිනෙන් දින ජනතාවට හෙළි වෙමින් පවතී...

Monday, April 18, 2016

මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩට බහියි. සම්බන්ධීකරණ කාර්යාලයේ වැඩ අරඹයි.



උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේ වැඩ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය අද උදෑසන 9.30 ට කාර්යයාල පරිශ්‍රයේදි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද පැවැතිවිණි.

සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිනු දක්නට ලැබිණි.

එමෙන්ම සිය නායකයා හට බුලත් දී ආශිර්වාද ලබාගැනිමට ජනතාව විශාල වශයෙන් කාර්යාල භූමියට ඇදි එනු අපහට දැකගන්නට හැකි විය.











Sunday, April 17, 2016

මහින්ද හැදූ දක්ෂිණ අධිවේගෙන් දවස් 3 ට රු කෝටි 3 ක ට අධික ආදායමක්



[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ගොඩ නගන ලද අධිවේගී මාර්ගවලින් අලාභයි කියමින් මඩ ගසා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් එකේ පෝස්ටර් ගසනවා ඔබ දකින්නට ඇති. ඔවුන්ට කදිම පිළිතුරු දැන් ලැබෙමින් පවතියි. [මූලාශ්‍රය: 2016/04/18 දිවයින]



 

[2]. 2014 ජූනි මාසයේදී  දක්ෂිණ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ග වලින් දිනක ආදායම මිලියන 8 ක් විය. [මූලාශ්‍රය: 2014/0612 හිරු]

2015 අප්‍රියෙල් මාසයේදී දින 5 ක පමණක් ආදායම කෝටි 2.5 ක් විය. මූලාශ්‍රය 2015/04/16 LCN].

2015 දෙසැම්බර් 24 (සති අන්තය, පොහොය, නත්තල්) එක් දිනක ආදායම කෝටි 1.6 ක් විය. [මූලාශ්‍රය: 2015/12/25 දෙරණ]

ඒ අනුව අධිවේගී මාර්ගවල ආදායම ක්‍රමිකව ඉහළ යන බව පෙනෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනතාව අධිවේගී මාර්ග වලට හුරු වන්නේ යම් කාලයක් ගොසින් වීමයි. සෑම ව්‍යාපාරයකම පාහේ පාරිහෝගිකයන් එයට හුරු වෙන්නට කල් ගනී.

 

[3]. පහත වීඩියෝවේ චම්පික රණවක ඇමතිවරයා පවසන්නේ අධිවේගී මාර්ග වල අද කරන්නේ වී වේලන එක සහ තල වේලන එක බවයි. එහෙත් අධිවේගී මාර්ග ව්‍යාපෘති ඉදි කළේ වසර කිහිපයක ඉදිරි ආර්ථික දැක්මක් සහිතවයි.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට යොදා මේ වන විට යහපාලන ආණ්ඩුවෙන් තාවකාලිකව නතර කර ඇති හම්බන්තොට කර්මාන්ත පුරය ඉදි කිරීමෙන් පසුව චම්පික රණවක ඇමතිවරයා පවසන එම අධිවේගී මාර්ග වල වැදගත්කමත් සියල්ලන්ටම වැටහෙනු ඇත. එකී අධිවේගී මාර්ගය අදාල කර්මාන්ත පුරයේ යටිතල පහසුකමකි. (infrastructure).  නිවසක නම් අත්තිවාරම වැන්නකි. චම්පික රණවක ඇමතිවරයාට අනුව නිවසක අත්තිවාරම දැමූ සැනින් පදිංචි වීමට හැකි විය යුතුය.

 

[4]. මාර්ග තදබදය අවම කිරීම සඳහා අධිවේගී මාර්ගවලට අමතරව ගුවන් පාලම්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ඉදි කෙරුණි. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

දැන් මේ ආණ්‌ඩුවේ බැටරි බැහැලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ



අද රට තුළ අපරාධ රැල්ලක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා 11 දා කපුගම, ගන්දර මිල්ලවැව ප්‍රදේශයේ දී පැවසීය. කපුගම ගන්දර එකමුතු ප්‍රජා හවුල මගින්a කරන ලද ඉල්ලීමකට අනුව කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්‌ස නාහිමියන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙමින් එම උත්සව සභාවට සහභාගි වී සිටි පිරිස අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය. රට තුළ සිදුවෙන අපරාධ රැල්ල ගැන අපට මොන තරම් අහන්න ලැබෙනව ද...? යම් යම් සිදුවීම් ගැන... දැන් අපට මේ ගැන හිතන්න ඕන... මේ වෙන කොට මේ සමාජය කොහාටද යන්නේ කියලා... අපට හිතන්න වෙනවා. පසුගිය දවසක මම ගියපු තැනක මම ඉස්‌සරහ කෙනෙක්‌ කතා වෙනවා. ඒ පුද්ගලයාට ආපු දුරකථන ඇමතුමෙන් කියනවා, ඒ කතා කළ පුද්ගලයා ඉල්ලපු ගාණ දුන්නේ නැතිනම් රතුපාට මෝටර් සයිකලයකින් ඇවිත් වෙඩි තියලා මරලා දානවා කියලා තර්ජනය කරා කියලා... අද එවැනි තත්ත්වයක්‌ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ... මේ නිසා ව්‍යාපාරිකයන්ට පවා බය වෙලා ඉන්න සිදුවෙලා. මේක දැන් රැල්ලක්‌ විදියට යනවා... මේක තමා දැන් අලුත්ම ත්‍රෙරෙන්ඩ් එක. රජයේ වගකීමක්‌ හැම පුරවැසියෙකුටම ආරක්‌ෂාව දීම. රජයේ වගකීමක්‌ සිංහල, මුස්‌ලිම්, ද්‍රවිඩ යන සියලු ජනවර්ග ආරක්‌ෂා කිරීම. නිදහසේ ජීවත් වීමේ අයිතිය අප ඇති කළා.

දිගු කාලීනව රටේ පැවති යුද්ධය අවසන් කළා. මේ රටේ හැම පුරවැසියකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළා. අප යුද්ධය අවසන් කළාම සමහරු කියනවා අප ජාතීන් සම`ග යුද්ධ කළා කියලා. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කළා. එහෙම කරපු අපට හොරා, හොරා රට කෑවා කියලා කියනවා. අප රට කෑවේ නැහැ. මේ රට සංවර්ධනය කළා. අද ඉතා ඉක්‌මනින් නගරයෙන් ගමට එන්න පුළුවන්. අධිවේගී මාර්ග පද්ධති හැදුවා. ඒ දවස්‌වල අපි හැමදාම ගියේ බොරළු පාරවල්වල. අපෙන් හැමදාම ඉල්ලුවේ පාරවල්වලට බොරළු දාන්න මුදල් ප්‍රතිපාදන දෙන්න කියලා.. අද පාරවල්වල බොරළු දාන්න මුදල් ඉල්ලන්නේ නැහැ. කාපට්‌ දාන්න තමයි මුදල් ඉල්ලන්නේ. බලන්න අද විභාග ප්‍ර්‍රතිඵලවලට වෙලා තියෙන දේ.... අපේ කාලයේ විභාග වලින් ගමේ දරුවෝ ඉහළින් සමත් වුණා. මුල් දහදෙනා අතරටත් ආවා. එක අවුරුද්දයි ගියේ. යහපාලනයේ ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. බලන්න මේ වසරේ ප්‍රතිඵල වලින් හොඳම දහදෙනාම නගරයේ පාසල්වල දරුවෝ. එදා මාතර සුජාතා එකෙන් මහින්ද රාජපක්‌ෂ විද්‍යාලයේ දරුවන් විභාග ප්‍රතිඵල වලින් ඉදිරියෙන් හිටියා. අද වෙලා තියෙන්නේ මොනවගේ තත්ත්වයක්‌ද කියලා හිතලා බලන්න....

පාසල කඩා හලන්න නෙවෙයි ඕන.... පාසල්a සංවර්ධනය කරන්නයි අවශ්‍ය වෙන්නේ. අපේ දරුවන් වැඩි ප්‍රමාණයක්‌ හොඳ අධ්‍යාපනයක්‌ ලබලා වැඩි ප්‍රමාණයක්‌ සරසවියට යන්න ඕන. අප මහින්ෙද්‍යාaදය විද්‍යාගාර 1000 ක්‌ හැදුවා. අපට ටිකක්‌ විවෘත කර ගන්න බැරුව ගියා. මේ අය ඉතුරු ටික විවෘත කළා. ඒත් ඒ විද්‍යාගාරවලට පරිගණක ලැබිලා නැහැ. පරීක්‌ෂණ භාණ්‌ඩ ලැබිලා නැහැ.

මේ රට එකම වැඩ බිමක්‌ බවට පත්වෙලා තිබුණේa. මේක එක පාරටම නතර වුණා. සංවර්ධනය සහමුලින්ම අඩපණ වුqණා. මේ රජය එකපාරටම හොඳ වැඩක්‌ පටන් ගන්තා. ඒ චීනෙට ගිහින් මේ රටේ අගමැතිතුමා ගිවිසුමක්‌ අත්සන් කළා. ඒත් ඒ ගිවිසුම් අපේ රජය කාලේ අප අත්සන් කරපු ගිවිසුම්. ඒවා තමයි නැවත මේ අය අත්සන් කළේ. ඒ ගිවිසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්න මේ අය පොරොන්දු වෙලා. පෝට්‌ සිටි එක කරන්න අත්සන් කරලා තිබුණේ. හැබැයි මේ දේවල් ආරම්භ කරන්න කාලයක්‌ යනවා. ඇයි බස්‌ එක වුණත් බැටරි බැහැලා සුළං බැහැලා තිබුණාම ඒක අලුත් කරලා ගන්න කාලයක්‌ ගත වෙනවා. දැන් මේ අයගේ රජයෙත් බැටරි බැහැලයි තියෙන්නේ.

මම පෞද්ගලිකවම හිතුවා නායකයන් දෙදෙනකුට රටක්‌ පාලනය කරන්න බැහැ කියලා. එ.ජා.ප.යේ ප්‍රතිපත්තීන් අපේ පක්‌ෂයේ ප්‍රතිපත්නීන් හා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරිය ගැන අපට හිතන්න වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන ගන්දර වරායට මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒත් ඒ වරාය තවම හදන්නේ නැහැ. පසුගිය දවසක මම වීරකැටිය පොළට ගියා. මම පොළේ වෙළෙන්දන්ගෙන් ඇහුවා.. කොහොමද බඩුවල මිල කියලා.. ඒ අය කියනවා.. බඩු මිල නම් කොහොමහරි අඩු කරලා දෙන්න පුළුවන්... ඒත් බඩු ගන්න මිනිස්‌සුන්ගේ අතේ සල්ලි නැහැ කියලා.

අද සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා අපව පන්සලෙන් ඈත් කරන්න. අප බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු අය.... බටහිර පන්නයට හිතන්න පතන්න පුරුදු වුණුq අය නෙවෙයි... ඒ දවස්‌වල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ 99.2% ක්‌ සිංහල බෞද්ධයෝ හිටියා.... අද ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. එදා තිබුණු පන්සල අද වැහිලා ගිහිල්ලා.... පසුගිය දවසක මට කෙනෙක්‌ කිව්වා අවසන් කටයුතු කරලා පාංශු කූලය දෙන්න හාමුදුරුවන් කෙනෙකු නැතිs වුණාම වෙනත් ආගමික නායකයකු ගෙන්නලා ඒ කටයුත්ත කළා කියලා. ඒ කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ ඒ ආගමට බැඳිලා... අප නිතරම පන්සල් යන පල්ලියට කෝවිලට යන්න ඕන... දේශපාලන නායකයෙක්‌ වුණාම ඒ දේ කරන්න ඕන. ඒත් අප වැඩිපුරම පන්සල් යනවානම්... කියනවා... මේ යකා හැම සුමානෙකම පන්සල් යනවා කියලා. අපට ඒ විදියට දේශපාලන නායකයන් චෝදනා කරනවා. එහෙම චෝදනා කරලා ඒ සංස්‌කෘතියෙන් අපිව ඈත් කරන්න බැහැ.

කැකනදුර - ගයාන් දර්ශන
දිවයින 2016/04/18

Saturday, April 16, 2016

අවුරුදු නැකැත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි - මහින්ද මැතිඳුන්ට මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රශ්නයක්

"මේ රටේ ජනතාව සඳහන් කළා අවුරුදු නැකැත් චාරිත්‍ර වල දෝශ තියෙනවා කියලා. ඒ බව ඔබතුමාටත් දැනගනන්ට ලැබුණාද?" යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් පිළිතුර මෙලෙස ය.

“ඇත්ත වශයෙන්ම මටත් දැනගන්න ලැබුණා. මොකද මේ හැන්දෑවේ නැකතක් ආවේ කියලා. සමහරු මට ගන්නත් එපා කියලා කිවුවා. නමුත් පොදුවේ අපි ගත්තා. රජයේ අවශ්‍යතාවයක් සඳහා හැන්දෑවට ගියා කියලා තමයි කියවුණේ. අදත් බස්නාහිර බලාගෙන තෙල් ගාණ නැකතක් තියෙනවා. ඒ ගැනත් මතවාදයක් තියෙනවා. මේ අය ඉතින් කියන මත. අපි දන්නේ නෑ, අපේ විෂය පථය නෙවෙයිනේ. අපිට කිවුවාම අපි ගා ගන්නවා“



එසේම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා තමන්ට ආරාධනා ලැබුණ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා මෙතෙක් ආරාධනා නොලැබුණ බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. එසේම අලුත් අවුරුද්දේ ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.

Thursday, April 14, 2016

මහින්ද මැතිඳුන්ගේ ෆේස්බුක් සජීවී අවුරුදු සුබපැතුම් වීඩියෝවට මඩ ගහන අයට පිළිතුරු

[1]. (i). හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2016 සිංහල හිංදු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමස්ත ජාතියටම සුබ පතමින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිල වීඩියෝවයි පහත දැක්වෙන්නේ.



(ii). එය නිකුත් කරන ලද්දේ 2016 අප්‍රියෙල් 13 වන දින දහවල් 12 ට පමණ ය. ඊට අමතරව ලිඛිත සුබ පැතුමක්ද මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

 

[2]. (i). මාධ්‍ය බලපත් අහෝසි කරන බව කියමින් වර්තමානයේදී යහපාලනයේ නාමයෙන් දරුණු මාධ්‍ය මර්දනයක් සිදුකරන අතර පාර්ලිමේන්තුවේදී පවා සැබෑ විපක්ෂය යටපත් කර සුළු පක්ෂ වලට විපක්ෂ නායකකම් දීම සිදුකර ඇත. ඒනිසා ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට ජනතාවට සිදුව ඇත්තේ සමාජ මාධ්‍ය මගින් ය.

(ii). රටේ වැදගත්ම කාර්යභාරයක් වන විපක්ෂ කාර්යභාරය ෆේස්බුක් මගින් සිදුකරන හිතවතුන්ට සහ හිතවතියන්ටත් අනෙකුත් ෆේස්බුක් භාවිතා කරන සියලුම දෙනාටත් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතා හිටපු ජනාධිපති තුමා විසින් "FaceBook Live Streaming" තාක්ෂණයට සජීවී විඩියෝවක් සිය පුත් නාමල් රාජාපක්ෂ මන්ත්‍රීතුමාගේ ෆේස්බුක් පිටුවේ පළ කර එක්ලක්ෂ පනස් දහසකට අධික ජනතාවක් අමතන ලදී. වීඩියෝව මෙතනින්.



(iii). ශ්‍රී ලංකාවේ හිටපු හෝ වත්මන් රාජ්‍ය නායකයෙක් විසින් ෆේස්බුක් සමාජ ජාලය "සජීවීව" ඇමතූ ප්‍රථම අවස්ථාව මෙයයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජංගම දුරකථනය සිය සුරතින් අල්වාගෙන ෆේස්බුක් ජාලය සමග සජීවීව සම්බන්ධ වු එම මොහොත යි.



(iv). රාජ්‍ය සේවය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් සභාපති බිල් ගේට්ස් ගෙන් පවා ප්‍රසංශා ලැබූ (විස්තර) මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑම විටම නවීන තාක්ෂණය යොදාගෙන ජනතාවට සමීපව කටයුතු කරයි.



 

[3]. (i). මුදල් වෙනුවෙන් සංධාන ෆේස්බුක් පේජ් එක පාවා දුන් පිරිසක් සමග එජාපය නියෝජනය කරන පිරිසක් විසින් එම වීඩියෝවට මඩ ගසනු දක්නට ලැබේ.

(ii). ෆේස්බුක් සමාජ ජාලය ප්‍රමුඛ මුළු මහත් අන්තර්ජාලය පුරාවටම සිය නායකයන්ව ප්‍රතික්ෂේප වෙමින් ඇති මොහොතක, ෆේස්බුක් සහෘදයන් වෙත වෙත අවුරුදු සුබපැතුමක් එක් කිරීමටවත් සිය නායකයින් කටයුතු කර නැත. එනිසා ඔවුන්ට ඉතිරිව ඇත්තේ මඩ ගසමින්ම අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට යි.

(iii). ඉතිහාසයේ කිසිදු නායකයෙක් එවන අවුරුදු සුබපැතුමක් "Block" කිරීමට ජනතාව කටයුතු කර නොමැති අතර (3000 ක් පමණ ජනතාවගේ අදහස් මෙතනින්), මෙවර එවැන්නක් සිදුවූ බැවින් ඇති වූ සිත් වේදනාවෙන් එවැනි පහත් මඩ ප්‍රචාරයක් ගෙන යන බව පැහැදිළි වෙයි.

(iv). එමගින් පෙන්නුම් කරන්නේ යහපාලකයින් මේ වන විට පත්ව ඇති නොහැකියාවේ තරම ය. විරුද්ධවාදීන් කොතෙක් මඩ ගැසුවත් ෆේස්බුක් සමාජ ජාලය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ නමුත්, වත්මන් නායකයින් විසින් ෆේස්බුක් ක්‍රියාකාරීන්ව කිහිප අවස්ථාවකදීම සිර අඩස්සියට ලක් කරන ලද බවත් ඔබට සිහිපත් කරන්නෙමු.

 

[4]. අවුවට මෙන්ම වැස්සටත් බිය වෙන නායකයන්ගේ අතවැසියන් විසින්, රටක් එක් සේසත් කර යෝධ සංවර්ධනයක් සිදුකර රණවිරුවන්ව රැක ගැනීම වෙනුවෙන් බටහිර බලවතුන් සමග පවා හැප්පුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞර්ෂය ගැන කතා කිරීම ගැන අනුකම්පා කරන්නෙමු.