Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ගෙන් 2016 සිංහල දෙමළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය

Tuesday, April 12, 2016

මහින්ද මැතිඳුන්ගෙන් 2016 සිංහල දෙමළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය



උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සම්පත සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි. මුළු රටම එකම නැකතකට වැඩ කරන අපේ අලුත් අවුරුද්ද තරම් සංහිදියාවේ සහ එකමුතුකමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනක නැති බව මාගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයේ වෙඩි පහරටවත් වෙන්කළ නොහැකි වූ උතුරු-දකුණු හිතවත්කමේ වාර්ෂික සැමරුම් මංගල්‍ය මේ අලුත් අවුරුද්දයි.

අලුත් අවුරුද්ද සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි. දේශීය කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව ගැන මෙනෙහි කිරීමටද මේ හොඳම කාලයයි. බතින් බුලතින් සරු රටක් අටුකොටු පිරුණු ගෘහස්ථ ආර්ථිකයක් අලුත් අවුරුද්දේ උරුමය බව අමතක නොකළ යුතුය. අලුත් අවුරුද්ද සිංහල හා දෙමළ සංස්කෘතික මංගල්‍යයයි. අලුත් අවුරුදු සංස්කෘතිකාංග වෙත අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටි අපගේ යුතුකමයි. අලුත් අවුරුදු සිරිත් විරිත් අඛණ්ඩව පවතින්නේ එමගින් පමණි.

වෙඩි හඩ නොඇසෙන රටක අළුත් අවුරුද්ද සැමරීමට අප සැම භාග්‍යවන්ත වු බව මේ අවුරුදු මාසයේ සිහිපත් කිරීම වටී. 2009 වසරේ බක් මාසය වන විට සාමය දිනා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය උදා වු බව අමතක නොකළ යුතුය. ගහ කොළට ස්වභාදහමට පවා කෘතවේදීත්වය පල කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් සිහිපත් කල යුතු යැයි මම දැඩි ලෙස විශ්වාස කරමි. හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුද්දක් රටටම උදා වේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් අවංකව වෙහෙසවන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

මහින්ද රාජපක්ෂ

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.