Mahinda Rajapaksa: මහින්ද හැදූ දක්ෂිණ අධිවේගෙන් දවස් 3 ට රු කෝටි 3 ක ට අධික ආදායමක්

Sunday, April 17, 2016

මහින්ද හැදූ දක්ෂිණ අධිවේගෙන් දවස් 3 ට රු කෝටි 3 ක ට අධික ආදායමක්



[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ගොඩ නගන ලද අධිවේගී මාර්ගවලින් අලාභයි කියමින් මඩ ගසා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් එකේ පෝස්ටර් ගසනවා ඔබ දකින්නට ඇති. ඔවුන්ට කදිම පිළිතුරු දැන් ලැබෙමින් පවතියි. [මූලාශ්‍රය: 2016/04/18 දිවයින]



 

[2]. 2014 ජූනි මාසයේදී  දක්ෂිණ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ග වලින් දිනක ආදායම මිලියන 8 ක් විය. [මූලාශ්‍රය: 2014/0612 හිරු]

2015 අප්‍රියෙල් මාසයේදී දින 5 ක පමණක් ආදායම කෝටි 2.5 ක් විය. මූලාශ්‍රය 2015/04/16 LCN].

2015 දෙසැම්බර් 24 (සති අන්තය, පොහොය, නත්තල්) එක් දිනක ආදායම කෝටි 1.6 ක් විය. [මූලාශ්‍රය: 2015/12/25 දෙරණ]

ඒ අනුව අධිවේගී මාර්ගවල ආදායම ක්‍රමිකව ඉහළ යන බව පෙනෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනතාව අධිවේගී මාර්ග වලට හුරු වන්නේ යම් කාලයක් ගොසින් වීමයි. සෑම ව්‍යාපාරයකම පාහේ පාරිහෝගිකයන් එයට හුරු වෙන්නට කල් ගනී.

 

[3]. පහත වීඩියෝවේ චම්පික රණවක ඇමතිවරයා පවසන්නේ අධිවේගී මාර්ග වල අද කරන්නේ වී වේලන එක සහ තල වේලන එක බවයි. එහෙත් අධිවේගී මාර්ග ව්‍යාපෘති ඉදි කළේ වසර කිහිපයක ඉදිරි ආර්ථික දැක්මක් සහිතවයි.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ආරම්භ කිරීමට යොදා මේ වන විට යහපාලන ආණ්ඩුවෙන් තාවකාලිකව නතර කර ඇති හම්බන්තොට කර්මාන්ත පුරය ඉදි කිරීමෙන් පසුව චම්පික රණවක ඇමතිවරයා පවසන එම අධිවේගී මාර්ග වල වැදගත්කමත් සියල්ලන්ටම වැටහෙනු ඇත. එකී අධිවේගී මාර්ගය අදාල කර්මාන්ත පුරයේ යටිතල පහසුකමකි. (infrastructure).  නිවසක නම් අත්තිවාරම වැන්නකි. චම්පික රණවක ඇමතිවරයාට අනුව නිවසක අත්තිවාරම දැමූ සැනින් පදිංචි වීමට හැකි විය යුතුය.

 

[4]. මාර්ග තදබදය අවම කිරීම සඳහා අධිවේගී මාර්ගවලට අමතරව ගුවන් පාලම්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ඉදි කෙරුණි. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. Boru boru. Oya boru.aie apps sirage fans eka kewe adiweegi marga lankawata kannda kylaaa... Sira maaama boru kiynne na. Apps kana sarala porakne...? nadda hoyaganna madu waligayak....

    ReplyDelete
  2. මුන් කෙලින්නෙම පිස්සු , රටේ අගමැතියාගෙ බාශා විලාශය
    අපේ ගම් පැත්තේ මුදු යන මාලු කාරයන්ටත් ඔයිට වඩා වැදගත් ලෙසින් භාශාව හසුරුවන්න පුලුවන්,

    ReplyDelete
  3. මරණ බියෙන් අප මුදවා ගත් රජුනේ..
    මව්බිම ඉහලටම ඔසවා තබමින්නේ..
    කළ සේවය මහමෙරටයි සම කෙරුනේ..
    ජන හදවත් සැමදා ණයගැති වන්නේ..!

    අධිවේගී මංමාවත් සිරිලකට..
    නිම වූ ත්‍රස්ත බිය මත්තෙන් හැදෙන විට..
    රට ගොඩ නඟා ඔබ සෑදූ නවලොවට..
    මෙය නම් හාස්කමකී යැයි සිතුනි මට..!

    අපේ සිඟිති දරු පරපුර මතු දිනට..
    දිනූ දේශයේ අසිරිය විඳගන්ට..
    ජන ගඟ එක්ව උතුරා රට රැකගන්ට..
    මැතිඳුන් මිහිඳු නමටම ජය ජය වෙන්ට..!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.