අවුරුදු නැකැත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි – මහින්ද මැතිඳුන්ට මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රශ්නයක්

“මේ රටේ ජනතාව සඳහන් කළා අවුරුදු නැකැත් චාරිත්‍ර වල දෝශ තියෙනවා කියලා. ඒ බව ඔබතුමාටත් දැනගනන්ට ලැබුණාද?” යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් පිළිතුර මෙලෙස ය.

“ඇත්ත වශයෙන්ම මටත් දැනගන්න ලැබුණා. මොකද මේ හැන්දෑවේ නැකතක් ආවේ කියලා. සමහරු මට ගන්නත් එපා කියලා කිවුවා. නමුත් පොදුවේ අපි ගත්තා. රජයේ අවශ්‍යතාවයක් සඳහා හැන්දෑවට ගියා කියලා තමයි කියවුණේ. අදත් බස්නාහිර බලාගෙන තෙල් ගාණ නැකතක් තියෙනවා. ඒ ගැනත් මතවාදයක් තියෙනවා. මේ අය ඉතින් කියන මත. අපි දන්නේ නෑ, අපේ විෂය පථය නෙවෙයිනේ. අපිට කිවුවාම අපි ගා ගන්නවා“

එසේම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා තමන්ට ආරාධනා ලැබුණ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා මෙතෙක් ආරාධනා නොලැබුණ බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. එසේම අලුත් අවුරුද්දේ ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අවුරුදු නැකැත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි – මහින්ද මැතිඳුන්ට මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රශ්නයක්

  • Kasun

    රෑට නැකත දාල තියෙන්නේ කොළ පාට ඇඳගෙන ලිප ගිණි මෙලවීම සහ ආහාර අනුභවය කිරීමටයි. එතකොට මුළු රටම කිරි ඉතිරවන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාටින්.

    ඊගාවට බස්නාහිර බලාගෙන හිස තෙල් ගෑමේ නැකත දාල තියෙන්නේ නිල් පාට ඇඳගෙන හිස තෙල් ගෑමටයි. එතකොට නිල් පාට ඇඳන් බස්නාහිර බලන් හිස තෙල් ගෑව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසුබ කිරීමටයි.

  • RATA wenuwen

    පඹයත් කොල වුනා නැකතට වැඩ අල්ලා,
    ලඟදිම කෙළවෙන්නෙ පන්නමු පොල් ගහලා,
    රා- නිලයත් මූ ගොන් තඩියෙක් කරලා,
    අනේ අපොයි කියවෙනවා පව් කියලා.

  • Dinuu

    පාට ඇන්දට එජාපයට ජනතා කැමැත්ත හිමි නොවේ. ජනතාව යමපල්ලන් ගැනත් රට යන පැත්ත ගැනත් පුදුම කලකිරීමකින් ඉන්නේ. චන්දෙ දීපු අය තමයි වැඩියෙන්ම බනින්නේ. එයාලගෙ පැතුම් සුන් වෙලා. මේ වසර තුලදී රටේ වෙනසක් වෙන එක ස්තීරයි!

Leave a Reply