Mahinda Rajapaksa: හෙළිකොප්ටර් දුන්නේ මෛත්‍රීපාල නොවෙයි. බොරු තොගයක්ම ආයිත් මාට්ටු.

Monday, April 11, 2016

හෙළිකොප්ටර් දුන්නේ මෛත්‍රීපාල නොවෙයි. බොරු තොගයක්ම ආයිත් මාට්ටු.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා බිබිලේදී දැක්වූ අදහස් සියල්ලම පාහේ සත්‍යයෙන් තොර ය. ඒ සම්බන්ධයෙන් mahinda.info වෙබ් අඩවිය මගින් ඔබ වෙත සිදුකරන පැහැදිළි කිරීමයි මේ.



එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ප්‍රධාන තර්ක දෙස බලමු.

 

[1]. [[කාලය 00:40 - මහින්ද රාජපක්ෂ මහත්මයාට 2015 ජනවාරි මාසෙ 10 වැනිදා උදේ තංගල්ලට යන්න හෙළිකොප්ටර් 2 ක් දුන්නා මම.]]

(i). ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා තංගල්ලට ගියේ ජනවාරි 10 වෙනිදා නොව ජනවාරි 9 වෙනිදා දහවල් කාලය තුළදී ය. ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 8 වෙනිදාට පසු 9 වෙනිදා ප්‍රතිඵල ලැබෙමින් තිබූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටවී තංගල්ල නිවසට ගිය බව රටම දැනගත් කාරණාවකි. විශ්වාස නොමැතිනම් පහත පින්තූරයේ දක්වා ඇති පරිදි මෙම වීඩියෝවේ දිනය බලන්න, යුටුයුබ් වීඩියෝ වල දින වෙනස් කිරීමට නොහැකි බවත් මතක් කරන්නෙමු.


The President then met the SLFP Central Committee and bade farewell to them. He concluded his final official assignment around 11.00a.m. and readied himself for the departure to his ancestral house located at Medamulana. He boarded a helicopter of the State for the last time to head towards his hometown having served the office of President for nearly a decade. source: www.ceylontoday.lk

එම ලිපිය වැඩිදුර කියවීමෙන් එහි සඳහන් වන්නේ 2015 ජනවාරි 9 වෙනිදා බව ඔබට පැහැදිළි වේවි.

එසේනම් රටම දන්නා කාරණාවක් වන, තම දිවුරුම් දීමට සෘජුවම සම්බන්ධ සිදුවීමක දින වකවානු නොදැන සිටීම මගින් පෙනෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ සිදුකරන බවයි. එසේ නොමැතිනම් දැන දැනම බොරු රට හමුවේ පවසන බවයි.

(ii). මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2015 ජනවාරි මස 9 වෙනි දින සවස 6:20ට එළඹුන නැකතිනි.
"Sirisena was sworn in as the sixth Executive President before Supreme Court judge K. Sripavan in Independence Square, Colombo at 6.20pm on 9 January 2015" Source: en.wikipedia.org/wiki/Maithripala_Sirisena

(iii). ඒ අනුව 2015 ජනවාරි 9 වෙනිදා සවස 6.20 වෙන තුරුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යවස්ථාවේ 4. "ආ" වගන්තියේ පහත උපුටනයෙන් එහි නීතිමය වලංගුභාවය පැහැදිළි වෙයි.


(iv). ජනාධිපති ධූරයේ දිවුරුම් දී සේනාධිනායකවරයා වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් මෙහෙයවූවා යැයි පැවසීම ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ දෙවැනි බොරුව යි.

 

[2]. කාලය 00:28 - තමුන්නාන්සේලා අහලතියෙනවාද ලෝකයේ කොහෙ හරි රටක මැතිවරණයකට ගිහිල්ලා මැතිවරණය පැරදුනාට පස්සේ ආණ්ඩුවේ හෙලිකොප්ටරයකින් ගෙදර යන්න දුන්න කියල අහල තියෙනවාද?
කාලය 00:54 මේ රටේ කවුරු හරි මට ඉදිරිපත් වෙලා කියන්න ලෝකයේ රාජ්‍ය නායකයෙක් පරාජයට පත් වුණාට පස්සේ රජයේ ආරක්ෂක හමුදා රජයේ යුධ හමුදාව තමන්ට ඕනෑ පරිදි නිලධාරීන් තෝරගෙන තමන්ගේ ආරක්ෂාවට ගෙදර යන්න දේශපාලනය කරන්න ඉඩ දීපු රටක් කියන්න.
කාලය 01:45 - මට ටෙලිෆෝන් කෝල් එකක් දීල ගේන්න තිබුණනේ, මම හමුදාපතිට කිව්වනම් ගිහිල්ල අර හමුදාව ඔක්කොම අරන් එනව කියල, ගේනවනෙ.
කාලය 01:59 මගේ ආරක්ෂාවට එකම හමුදා භටයෙක්වත් නෑ.

(i). මෛත්‍රීපාල මහතාගේ ඉහත ප්‍රකාශ වලට පිළිතුරු දෙනවා වෙනුවට එතුමාගෙන් ඇසිය යුත්තේ "ත්‍රස්තවාදය නිසා බෙදී වෙන් වී තිබූ රටක් යුධමය ක්‍රියාමාර්ගයක් තුළින් එක්සේසත් කර රට තුළ ත්‍රස්තවාදය අවසන් කළ ජීවමාන ලෝක නායකයෙක් තවත් සිටීනම් දක්වන්න" යනුවෙනුයි.

(ii). ජීවිත තර්ජන තිබෙන්නේ කොටි ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මිස, කොටි ත්‍රස්තයන්ව හිරෙන් නිදහස් කර හමුදා භටයින්ව සිරගත කරන මෛත්‍රීපාල සිරිසේන මහතාට නොවේ.

(iii). එසේම ප්‍රේමදාස යුගයේ සිටම මහින්ද රාජපක්ෂ මැතිතුමාට හමුදා ආරක්ෂාව ලැබුණි. හමුදා ආරක්ෂාව යනු කවරෙක් හෝ පිනට ලබා දෙන්නක් නොවන බව ඉන් පැහැදිළි වෙයි.



 

[3]. මීට පෙරද මෛත්‍රීපාල සිරිසේන මහතා අතේ පැලවෙන බොරු චෝදනා සිදුකර ඇත.
(i). රාජපක්ෂවරුන් සතුව හෙළිකොප්ටර් 6 ක් තිබෙනවා කීම (විස්තර මෙතනින්),
(ii). රත්තරං අශ්වයෙක් ඇති බව පැවසුවත් ඌව තාමත් හොයානොගැනීම (විස්තර මෙතනින්),
(iii). මහ මැතිවරණය ආසන්නයේ නිකුත් කළ බොරු පිරුණ ලිපිය (විස්තර මෙතනින්),
(iv). පවුල් පාලනය නැති කරනවා කීම (විස්තර මෙතනින්),
(v). පසුගිය කාලයේ රට ජාත්‍යන්තරයේ පරාජය වුණා කීවද රට ජයග්‍රහණ ලැබූ බවට ඊට පෙර පවසා තිබීම (විස්තර මෙතනින්),
(vi). ආරක්ෂකයෙකුගේ වතුර බෝතලය පිස්තෝලයක් ලෙස පෙනීම (විස්තර මෙතනින්),
(vii). ප්‍රේමදාස මහතා ගම්මුදාව සමයේ හැදූ ජනාධිපති මන්දිර මහින්ද මහතා හදපු ඒවා ලෙස දැක්වීම (විස්තර මෙතනින්)
ඉන් කිහිපයක් පමණි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

12 comments:

  1. සිරා කියන විකාර කවුද දැන් සීරියස් ගන්නේ. කට ඇරියොත් විහිළුවක්. බර්ටි සැමුවල් දෙන්න දැන් රට පාලනය කරනවා

    ReplyDelete
  2. මොනවද මේ සිරිසේන ජනපති ගේ පූචානම් කතා? හරි එයා හෙලිකොප්ටර් දුන්නම කියලා හිතමු. දීලා ඒ ගැන ඔහොම පාරම් බාන්න...ග්‍රාම සේවක තනතුරට ගැලපුනත් ජනපති කෙනෙකුගේ පෞරුෂයට කොහෙත්ම නොගැලපේ! අනික මුලු ලෝකෙන්ම එයා විතරයි හෙලිකොප්ටර් දුන්නේ කියන කතාවට යාලුවනේ මේ වීඩියෝ එකත් බලන්න.

    මේ වීඩියෝ එක බලන්න ජනපති තුමෝ ඔබතුමන්ලා වන්දනාමාන කරන බලවත්ම රටක ජනාධිපති ව ගෙදර යවන හැටි….!

    Arun Kuma පොලොන්නරුවෙ හිටන් රට පාලනේ කොලාට ලෝකෙ ගැන දන්නෙ නෑ හිටන්,

    https://www.youtube.com/watch?v=yXW2lRhmgTo

    George W Bush’s final goodbye
    President Obama escorts FORMER President Bush to a waiting helicopter….!

    අනික තමන්ගේ සාක්කුවෙන් වියදම් කලා වගේනෙ මේ හිස් කතා? රජයකින් එවැනි උපරිම ආරක්ශාවක් පහසුකම් සැලසීමක් ගන්න සම්පූර්ණ අයිතිය මහින්ද මැතිඳුන්ට හිමි යි! මේ රට තිස් වසරක මහා ත්‍රස්ත බියෙන් ගලවා මිනීමරු කොටි සුන්නත් දූවිලි කල එතුමාට ඒ ත්‍රස්තයින්ට උඩ ගෙඩි දෙන අයගෙන් තර්ජන උපරිමයෙන්ම ඇති බව මේ රටේ පොඩි දරුවන්ට පවා තේරෙනවා සිරිසේන ජනපතිට නොතේරුනාට. කොටිත් සමඟ ඉන්න එයාට තර්ජන කොයින්ද?
    හෘද සාක්ශියක් ඇති කෙනෙක් ඕනෙ ජනතාවට තමන්ගේ හෘද සාක්ශියෙන් අහන්න කියලා උපදෙස් දෙන්න. රටට ජාතියට මිතුරාට දේශයට ද්‍රෝහි වූ කෙනාට කොයින්ද හෘද සාක්ශියක්?

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=mS1j3HGANcA menna mey video eka balanna kiyanna. 2 prashneta pilithura

    ReplyDelete
  4. Koi taram watina deyak unat taman laga thiyenakan ....eke watinakama dennne ne...eka nethi unamai...eke niyama watinakama denne...modayannta...mata nam yuddaya awasan karala dipu ekama athi...eken ginigena dewena hadawat laksha gaanak niwa demuwa...sinhalayage ekama gelaum karu..oba thumata deergausa lebewa...me waha palanaya iwarakaranna ...

    ReplyDelete
  5. අද ලංකාවේ ජනාධිපති තනතුරේ ඉන්නා පුද්ගලයා ඉතාම පහසුවෙන් බොරු කියන කෙනෙකි.

    මගේ තර්කයේ හැටියට, තිරිසන් සතෙකුවත් බොරු නොකියන බැවින්, මිනිසෙක් බොරු කියයි නම් ඒ මිනිසා තිරිසන් සතෙකුටත් වඩා පහත් තත්වයක සිටී.

    අපේ අවාසනාවට අද රටේ ජනාධිපති තනතුරේ අද ඉන්නේ එවන් අයෙකි. මෙය රටේ අවාසනාවය. රට ගැන, ලොව ගැන, සමාජය ගැන, තාක්ෂනය ගැන, ඉතිහාසය ගැන කිසිවක් නොදන්නා කෑදර කම සහ වයිරය පමණක් ඇති, නූගත් ලිං මැඩියන් දේශපාලනය කිරීම මීට හේතුවයි.

    එහෙත් මෙහි වරද එකී නුගත් ලිං මැඩියාගේ ද නැතහොත් ඒ ලිං මැඩියා පත්කරගත් ලක්ෂ 62ක් වූ, යතාර්ථය නොදුටු, නුගත් ලිං මැඩියන්ගේ ද යන්න බරපතල ප්‍රශ්නයකි.

    ReplyDelete
  6. සිරා ගොයියා හරි මිනිහා ඕ..ඔ..ඕ
    පච මල්ලක් කරේ තියා- අවුරුද්දක් වටේ ගියා
    සිරා ගොයියා හරි මිනිහා

    බොරු බේගල් ඇදබාලා ඔ ඕ..ඕ - සිංහලයා රවටාලා..ඕ.. ඔ.. ඕ
    බොරු බේගල් ඇදබාලා - සිංහලයා රවටාලා
    ජනාදිපති පුටුව අල්ලගත්තෙ- ලැජ්ජ නැතුව මෙයා.. සිර ගොයියා හරි මිනිහා

    අවුරුද්දක් ගෙවිලා ගියා.ඔ.ඕ..ඕ - ලැම්බෝගිනි කොහෙද මෙයා.. ඕ.. ඔ.. ඔ.. ඕ
    අවුරුද්දට වැඩිය ගියා - ලැම්බෝගිනි කොහෙද මෙයා..
    රන් අස්සයො හෙලිකොප්ටර් - පෙන්නනවකො තිබුන තැනිං.. කොහෙද සිරෝ කෝ එව්වා...?

    ඡන්දෙට පස්සෙන් පහුදා ඕ.. ඔ..ඕ ඕ..- මහින්ද අපෙ ජනපතිඳා
    ඡන්දෙට පස්සේ පහුදා - මහින්ද අපෙ ජනපතිඳා
    හෙලිකොප්ටරයක නැඟිලා - මැදමුලනට පිටත් උනා
    රටම දුකෙන් සිටියෙ බලා.....

    ජනපති එතකොටත් එයා.. ඕ..ඔ..ඔ.. ඕ - දිවුරුම් දී නොමැත සිරා
    ජනපති එතකොට එතුමා - දිවුරුම් දී නොමැත සිරා
    ඉතිං එහෙම නං කොහොමද - අපෙ මහින්ද ජනපතිඳුට
    හෙලිකොප්ටර් දෙන්නෙ සිරා....?

    ReplyDelete
  7. සයුමි ගේ පදමාලාව නම් අපූරුවට ගැලපුනා! ඉන්න ගමන් තව ගීත ලියමු රට ගෙනියන විකට චරිත සඳහා...!

    ReplyDelete
  8. සයුමි වෙනුවෙන්,
    කවියට කතාවට සැමදා කටකාර,
    ගීත ලියන්නත් හැකිබව රවුම්කර,
    දැනනෙවා, දැකලා පැබැඳුම් හරි හැඩකාර,
    මහින්ද ඉන්ෆො රස කෙරුමට උපකාර.

    ReplyDelete
  9. රට වෙනුවෙන් දිනූ සමග දෙන දිරියට තුති පුදමී
    අසරණ නෑ තවදුරටත් මිහිඳු නිවසෙ නිති රැඳෙමී
    දිනු බිම ජය මල් පිබිදෙන දිනයට අත ලඟ බැවිනී
    මිතුරනි රස අදහස් දී නිවස එක'ලු කල මැනවී !

    ReplyDelete
  10. රට වෙනුවෙන් මහසෝනා සයුමිත් සමඟින් ආවා..
    දේශමාමකත් සමරෙත් තව මිතුරන් එක්වූවා..
    පවර් පින්ක් ලඟ එනවා තව තව මිතුරන් කැඳවා..
    එඩිටර් තුමා හා එක්වී නිවහන හැඩ වැඩ වෙනවා..!

    සාදරයෙන් අපි එක්වෙමු රජිඳුට පවුරක් වන්නට..
    මගෙ මව්බිම මර උගුලෙන් තිරවම ගලවා ගන්නට..
    එන හැම බාධා ජයගෙන ජන ගංගාවක් වෙන්නට..
    පෙරටම යමු එකාවන්ව සිකුරුයි ජය ලැබගන්නට..!

    ReplyDelete
  11. රට වෙනුවෙන් සෙත් කවි මා ගෙතුවාට,
    අසරණ නමින් වස් කවි ලිව්වා පෙලට,
    ජඩ පාලනෙන් දුක්විඳිනා බොහෝ ලෙසට,
    අය වෙනුවෙන් නැවතත් එන්නෙමි පෙරට.

    ReplyDelete
  12. මොංගල් සමරේApril 19, 2016 at 12:48 PM

    මිහිදු ධජයගෙන සවිය ලබන්නේ
    රටට අවැසි ජන පවුර සාදන්නේ
    සැවොම එක්ව පය පෙරට තබන්නේ
    මාතෘ භුමි ගරු පසස ලබන්නේ

    පනින උන්ට හු පෙලට තැබෙයා
    ගොට්ටෝ බැලයෝ හට දෙස්ම ලෑබෙයා
    යහපාලන karumaya ඉන් හෙලිවෙයා
    රෙද්ද පල්ලේ බොරු ඉන් විසිවේයා


    පොඩි ඉල්ලීමක් මෙවර ඒකාබද්ධ විපක්ෂ මයි රැලිය csn එකේ හැකිනම් සජීවීව විකාශය කරන්න

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.