"මේ රටේ ජනතාව සඳහන් කළා අවුරුදු නැකැත් චාරිත්‍ර වල දෝශ තියෙනවා කියලා. ඒ බව ඔබතුමාටත් දැනගනන්ට ලැබුණාද?" යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් පිළිතුර මෙලෙස ය.
“ඇත්ත වශයෙන්ම මටත් දැනගන්න ලැබුණා. මොකද මේ හැන්දෑවේ නැකතක් ආවේ කියලා. සමහරු මට ගන්නත් එපා කියලා කිවුවා. නමුත් පොදුවේ අපි ගත්තා. රජයේ අවශ්‍යතාවයක් සඳහා හැන්දෑවට ගියා කියලා තමයි කියවුණේ. අදත් බස්නාහිර බලාගෙන තෙල් ගාණ නැකතක් තියෙනවා. ඒ ගැනත් මතවාදයක් තියෙනවා. මේ අය ඉතින් කියන මත. අපි දන්නේ නෑ, අපේ විෂය පථය නෙවෙයිනේ. අපිට කිවුවාම අපි ගා ගන්නවා“
එසේම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා තමන්ට ආරාධනා ලැබුණ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා මෙතෙක් ආරාධනා නොලැබුණ බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. එසේම අලුත් අවුරුද්දේ ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.