Mahinda Rajapaksa: දැන් මේ ආණ්‌ඩුවේ බැටරි බැහැලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

Sunday, April 17, 2016

දැන් මේ ආණ්‌ඩුවේ බැටරි බැහැලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ



අද රට තුළ අපරාධ රැල්ලක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා 11 දා කපුගම, ගන්දර මිල්ලවැව ප්‍රදේශයේ දී පැවසීය. කපුගම ගන්දර එකමුතු ප්‍රජා හවුල මගින්a කරන ලද ඉල්ලීමකට අනුව කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්‌ස නාහිමියන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙමින් එම උත්සව සභාවට සහභාගි වී සිටි පිරිස අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය. රට තුළ සිදුවෙන අපරාධ රැල්ල ගැන අපට මොන තරම් අහන්න ලැබෙනව ද...? යම් යම් සිදුවීම් ගැන... දැන් අපට මේ ගැන හිතන්න ඕන... මේ වෙන කොට මේ සමාජය කොහාටද යන්නේ කියලා... අපට හිතන්න වෙනවා. පසුගිය දවසක මම ගියපු තැනක මම ඉස්‌සරහ කෙනෙක්‌ කතා වෙනවා. ඒ පුද්ගලයාට ආපු දුරකථන ඇමතුමෙන් කියනවා, ඒ කතා කළ පුද්ගලයා ඉල්ලපු ගාණ දුන්නේ නැතිනම් රතුපාට මෝටර් සයිකලයකින් ඇවිත් වෙඩි තියලා මරලා දානවා කියලා තර්ජනය කරා කියලා... අද එවැනි තත්ත්වයක්‌ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ... මේ නිසා ව්‍යාපාරිකයන්ට පවා බය වෙලා ඉන්න සිදුවෙලා. මේක දැන් රැල්ලක්‌ විදියට යනවා... මේක තමා දැන් අලුත්ම ත්‍රෙරෙන්ඩ් එක. රජයේ වගකීමක්‌ හැම පුරවැසියෙකුටම ආරක්‌ෂාව දීම. රජයේ වගකීමක්‌ සිංහල, මුස්‌ලිම්, ද්‍රවිඩ යන සියලු ජනවර්ග ආරක්‌ෂා කිරීම. නිදහසේ ජීවත් වීමේ අයිතිය අප ඇති කළා.

දිගු කාලීනව රටේ පැවති යුද්ධය අවසන් කළා. මේ රටේ හැම පුරවැසියකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළා. අප යුද්ධය අවසන් කළාම සමහරු කියනවා අප ජාතීන් සම`ග යුද්ධ කළා කියලා. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කළා. එහෙම කරපු අපට හොරා, හොරා රට කෑවා කියලා කියනවා. අප රට කෑවේ නැහැ. මේ රට සංවර්ධනය කළා. අද ඉතා ඉක්‌මනින් නගරයෙන් ගමට එන්න පුළුවන්. අධිවේගී මාර්ග පද්ධති හැදුවා. ඒ දවස්‌වල අපි හැමදාම ගියේ බොරළු පාරවල්වල. අපෙන් හැමදාම ඉල්ලුවේ පාරවල්වලට බොරළු දාන්න මුදල් ප්‍රතිපාදන දෙන්න කියලා.. අද පාරවල්වල බොරළු දාන්න මුදල් ඉල්ලන්නේ නැහැ. කාපට්‌ දාන්න තමයි මුදල් ඉල්ලන්නේ. බලන්න අද විභාග ප්‍ර්‍රතිඵලවලට වෙලා තියෙන දේ.... අපේ කාලයේ විභාග වලින් ගමේ දරුවෝ ඉහළින් සමත් වුණා. මුල් දහදෙනා අතරටත් ආවා. එක අවුරුද්දයි ගියේ. යහපාලනයේ ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. බලන්න මේ වසරේ ප්‍රතිඵල වලින් හොඳම දහදෙනාම නගරයේ පාසල්වල දරුවෝ. එදා මාතර සුජාතා එකෙන් මහින්ද රාජපක්‌ෂ විද්‍යාලයේ දරුවන් විභාග ප්‍රතිඵල වලින් ඉදිරියෙන් හිටියා. අද වෙලා තියෙන්නේ මොනවගේ තත්ත්වයක්‌ද කියලා හිතලා බලන්න....

පාසල කඩා හලන්න නෙවෙයි ඕන.... පාසල්a සංවර්ධනය කරන්නයි අවශ්‍ය වෙන්නේ. අපේ දරුවන් වැඩි ප්‍රමාණයක්‌ හොඳ අධ්‍යාපනයක්‌ ලබලා වැඩි ප්‍රමාණයක්‌ සරසවියට යන්න ඕන. අප මහින්ෙද්‍යාaදය විද්‍යාගාර 1000 ක්‌ හැදුවා. අපට ටිකක්‌ විවෘත කර ගන්න බැරුව ගියා. මේ අය ඉතුරු ටික විවෘත කළා. ඒත් ඒ විද්‍යාගාරවලට පරිගණක ලැබිලා නැහැ. පරීක්‌ෂණ භාණ්‌ඩ ලැබිලා නැහැ.

මේ රට එකම වැඩ බිමක්‌ බවට පත්වෙලා තිබුණේa. මේක එක පාරටම නතර වුණා. සංවර්ධනය සහමුලින්ම අඩපණ වුqණා. මේ රජය එකපාරටම හොඳ වැඩක්‌ පටන් ගන්තා. ඒ චීනෙට ගිහින් මේ රටේ අගමැතිතුමා ගිවිසුමක්‌ අත්සන් කළා. ඒත් ඒ ගිවිසුම් අපේ රජය කාලේ අප අත්සන් කරපු ගිවිසුම්. ඒවා තමයි නැවත මේ අය අත්සන් කළේ. ඒ ගිවිසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්න මේ අය පොරොන්දු වෙලා. පෝට්‌ සිටි එක කරන්න අත්සන් කරලා තිබුණේ. හැබැයි මේ දේවල් ආරම්භ කරන්න කාලයක්‌ යනවා. ඇයි බස්‌ එක වුණත් බැටරි බැහැලා සුළං බැහැලා තිබුණාම ඒක අලුත් කරලා ගන්න කාලයක්‌ ගත වෙනවා. දැන් මේ අයගේ රජයෙත් බැටරි බැහැලයි තියෙන්නේ.

මම පෞද්ගලිකවම හිතුවා නායකයන් දෙදෙනකුට රටක්‌ පාලනය කරන්න බැහැ කියලා. එ.ජා.ප.යේ ප්‍රතිපත්තීන් අපේ පක්‌ෂයේ ප්‍රතිපත්නීන් හා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරිය ගැන අපට හිතන්න වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන ගන්දර වරායට මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒත් ඒ වරාය තවම හදන්නේ නැහැ. පසුගිය දවසක මම වීරකැටිය පොළට ගියා. මම පොළේ වෙළෙන්දන්ගෙන් ඇහුවා.. කොහොමද බඩුවල මිල කියලා.. ඒ අය කියනවා.. බඩු මිල නම් කොහොමහරි අඩු කරලා දෙන්න පුළුවන්... ඒත් බඩු ගන්න මිනිස්‌සුන්ගේ අතේ සල්ලි නැහැ කියලා.

අද සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙනවා අපව පන්සලෙන් ඈත් කරන්න. අප බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු අය.... බටහිර පන්නයට හිතන්න පතන්න පුරුදු වුණුq අය නෙවෙයි... ඒ දවස්‌වල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ 99.2% ක්‌ සිංහල බෞද්ධයෝ හිටියා.... අද ඒ තත්ත්වය වෙනස්‌ වෙලා. එදා තිබුණු පන්සල අද වැහිලා ගිහිල්ලා.... පසුගිය දවසක මට කෙනෙක්‌ කිව්වා අවසන් කටයුතු කරලා පාංශු කූලය දෙන්න හාමුදුරුවන් කෙනෙකු නැතිs වුණාම වෙනත් ආගමික නායකයකු ගෙන්නලා ඒ කටයුත්ත කළා කියලා. ඒ කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ ඒ ආගමට බැඳිලා... අප නිතරම පන්සල් යන පල්ලියට කෝවිලට යන්න ඕන... දේශපාලන නායකයෙක්‌ වුණාම ඒ දේ කරන්න ඕන. ඒත් අප වැඩිපුරම පන්සල් යනවානම්... කියනවා... මේ යකා හැම සුමානෙකම පන්සල් යනවා කියලා. අපට ඒ විදියට දේශපාලන නායකයන් චෝදනා කරනවා. එහෙම චෝදනා කරලා ඒ සංස්‌කෘතියෙන් අපිව ඈත් කරන්න බැහැ.

කැකනදුර - ගයාන් දර්ශන
දිවයින 2016/04/18

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.