
උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේ වැඩ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය අද උදෑසන 9.30 ට කාර්යයාල පරිශ්‍රයේදි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද පැවැතිවිණි.
සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිනු දක්නට ලැබිණි.
එමෙන්ම සිය නායකයා හට බුලත් දී ආශිර්වාද ලබාගැනිමට ජනතාව විශාල වශයෙන් කාර්යාල භූමියට ඇදි එනු අපහට දැකගන්නට හැකි විය.




