Mahinda Rajapaksa: එදා මහින්දට මඩ ගැසූ චම්පිකට වැඩ වරදියි. සැබෑ හොරුන් කවුදැයි රටම ඉදිරියේ හෙළි වෙයි.

Tuesday, April 19, 2016

එදා මහින්දට මඩ ගැසූ චම්පිකට වැඩ වරදියි. සැබෑ හොරුන් කවුදැයි රටම ඉදිරියේ හෙළි වෙයි.

[1]. ජාතික මංකොල්ලයේ පළමුවන වග උත්තර කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ඔහුට දඬුවම් කළ යුතු බවත් පාථලී චම්පික රණවක පැවසූයේ 2015 මුල් භාගයේදී ය.



 

[2]. ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි. බදු මුදල් වංචා කරමින් සිය ධනය සැඟවූ ධනවත් හා බලවත් පුද්ගලයන් කවුදැයි "පැනමා පත්‍රිකා" මඟින් හෙළිදරව් කරන ලදී.

 

[3]. එක්සත් ජාතික පක්ෂයේ පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශය වන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ නම එහි සඳහන්ව ඇති බව වාර්තා වේ. [මූලාශ්‍රය: "අද" පුවත්පතේ වෙබ් අඩවිය 2016/04/12]



 

[4]. පාථලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතාගේ ඉල්ලා අස්වීම හුදු කාලය ගැනීමක් පමණක් බව පැහැදිළි වන්නේ චම්පිකගේ මීට පෙර චෝදනා වලිනුත් ඔහු කාලය ගත කරමින් අමතක කරන ආකාරය අනුවය. (ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේඛන හැදුවා කියන චෝදනාව, සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටිය චෝදනාව, සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද චෝදනාව)

 

[5]. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කබිර් හෂීම් මහතා අමාත්‍ය ධූරය දරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පීඑල්සී ආයතනයේ සභාපති ධූරයක් දරණ "අවන්ති කුමාර ජයතිලක" මහතාගේ නම පැනමා පත්‍රිකා වල ඇති බවට Sri Lanka Mirror වෙබ් අඩවිය ප්‍රශ්න කරයි. [මූලාශ්‍රය]. Lanka News Papwers හෙළි කර ඇති පැනමා පත්‍රිකා නම් ලයිස්තුවේ Kaluachchigamage Avanthi Kumara Jayatilake යන අයගේ නම සඳහන් වේ. [මූලාශ්‍රය].

 

[6]. විදේශ ගිණුම් වල ඇති එක ඩොලරයක් තිබේනම් පෙන්වන ලෙසට මහින්ද රාජපක්ෂ මැතිතුමා අභියෝග කළ අතර තවමත් එම අභියෝගයට පිළිතුරු දීගත නොහැකිව යහපාලකයින් අසරණ ව ඇත. ඒ අතර එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැසූ උදවියගේ සත්‍ය තත්ත්වය දිනෙන් දින ජනතාවට හෙළි වෙමින් පවතී...

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.