Mahinda Rajapaksa: යහපාලනයේ අනුහසින් වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ බිහිසුණු ක්‍රියාවලිය හෙළිවෙයි.

Sunday, April 24, 2016

යහපාලනයේ අනුහසින් වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ බිහිසුණු ක්‍රියාවලිය හෙළිවෙයි.

යුද වැදී ලබා ගත නොහැකි බව තහවුරු වූ ඊළම ඊට වඩා අති සූක්ෂම ලෙස ලබා ගැනීම සඳහා බටහිර බලවතුන් සහ කොටි ඩයස්පෝරාවේ ඒකාබද්ධ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

එක්සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය යොදා ගනිමින්, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර රටෙන් වෙන් කර ඊට තමිල්නාඩුව ඒකාබද්ධ කර වෙනම බලවත් ද්‍රවිඩ රාජ්‍යයක් බිහි කිරීම සඳහා වන කොටි ඩයස්පෝරාවේ සහ බටහිර බලවතුන්ගේ මෙම ඒකාබද්ධ සැලසුම මේ වන විට තතු දත් පුද්ගලයන් හරහා mahinda.info වෙත අනාවරණයවී තිබේ. මේ ලිපියෙන් අප හෙළි කරන එම සෑම කරුණක් පිළිබඳවම සාක්ෂි සියල්ලම අන්තර්ජාලය ඇසුරෙන්ම ඔබ වෙත ලබා දෙන්නෙමු.



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු සංකල්පයක් වන R2P (Responsibility to Protect) අදහස් කෙරෙන්නේ “කිසියම් ස්වාධීන රාජ්‍යයක අණ්ඩුව විසින් සිය රටේ ජන කොටසක් ආරක්ෂා කරන්නේ නැතිනම් බාහිර රටවල් වලට එම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව ලබා දීම” යි. එලෙස පෙනී සිටීමට ඇති හැකියාව යුධමය මැදිහත් වීමක් දක්වා විහිදෙයි. එසේම අවසානයේදී අදාල ජන කණ්ඩායම රැක ගැනීම වෙනුවෙන් දේශපාලන තීන්දු ගැනීමටද ජාත්‍යන්තරයට ඉඩකඩ ලැබෙයි. මූලාශ්‍රය: wikipedia.org/wiki/Responsibility_to_protect

තම ජනතාවට වෙන් වීම අවශ්‍ය බව සනාථ කරමින් R2P සංකල්පය හරහා මෑත කාලයේදී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගත් රටකට හොඳම උදාහරණය දකුණු සුඩානයයි. ඊට අමතරව Central African Republic, Burundi, Syria, Sudan, Burma, Lake Chad Basin, Iraq, Yemen යනාදී රටවල් ගණනාවක් සඳහා R2P ක්‍රමය යෝජනා වී තිබේ. වැඩි විස්තර. www.globalr2p.org/regions

පසුගිය කාලයේ සිදුවූ ක්‍රියාදාමයන් නිරීක්ෂණය කළහොත් ද්‍රවිඩ ජනතාවට සිංහල බහුතරය සමග ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමට නොහැකි බව කොටි ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් මගින් පෙන්වීමටත් එමගින් වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ඉස්මතු කිරීමටත් උත්සාහ දරා තිබේ. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

 

[1]. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත. ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත. [මූලාශ්‍රය:1. දිවයින 2016/04/19 , 2. colombogazette.com 2016/04/14]

බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂය ශ්‍රී ලංකාවේ වෙනම රටක් බිහි කිරීමට සහතික දෙද්දී ඊටත් වඩා බටහිර න්‍යායපත්‍රය ගැන සාක්ෂි කුමකට ද?

 

[2]. කොටි සංවිධානය විසින් සිදුකළ ඝාතනයන් ගැන ජිනීවා මානව හිමිකම් වාර්තාවේ සඳහන් නොකිරීම. එමගින් ශ්‍රී ලංකා හමුදාව මගින් පමණක් මානව හිමිකම් කඩ කර ඇති බවට පෙන්වීම සිදු වෙයි.
(i) මඩකලපුව මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය 2004 ඔක්‌තෝම්බර් 19
(ii) දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානී පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය
(iii) ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය
(iv) ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම
(v) කොළඹ ඩුප්ලිකේෂන් පාරේ දී ප්ලොට්‌ මොහාන් ඝාතනය
(vi) වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලන්ගී සෙල්වරාජා සහ ඇගේ සැමියා ඝාතනය කිරීම
ඉහත කී කරුණු ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් නොකිරීම හරහා ශ්‍රී ලංකා හමුදාවට වරද පටවමින් කොටි ත්‍රස්තවාදී සැහසිකම් යටපත් කර ජත්‍යන්තර අනුකම්පාව දිනා ගැනීම සිදුකර ඇත. [මූලාශ්‍රය: දිවයින 2015/10/13]



 

[3]. ජිනීවා මානව හිමිකම් වාර්තාවට පක්ෂව යහපාලන ආණ්ඩුව මගින් ඡන්දය ප්‍රකාශ කරමින් එය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම. [මූලාශ්‍රය: BBC 2015/10/01]. මේ හේතුව කොටගෙන ජිනීවා යෝජනාවට එරෙහි රටවලට ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අතර, එම ජිනීවා යෝජනාවේ දැක්වෙන ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ව්‍යාජ යුධ අපරාධ චෝදනා යහපාලන ආණ්ඩුව විසින්ම පිළිගැනීම සිදුවිය.

 

[4]. චැනල් 4 නාලිකාව විසින් විකාශය කළ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බවට පෙන්වූ චිත්‍රපටය සත්‍යයක් බව වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබේ. [මූලාශ්‍රය: දිවයින 2015/10/26]. චැනල් 4 නාලිකාව මගින් දරුණු ගනයේ යුධ අපරාධ සිදුවී ඇති බවට ව්‍යාජ චිත්‍රපට පෙන්වූ අතර වත්මන් රජය විසින් ඒවා සත්‍යය බවට පිළිගැනීම යනු සියතින් අප රටේ හමුදාවේ ගෙළ සිඳලීමකි.

 

[5]. යහපාලන ආණ්ඩුව මගින් කොටි සාමාජිකයින්ව නිදහස් කිරීමත් මේ දින වල සිදුවෙයි. එහි අරමුණ වී ඇත්තේ නුදුරේදී පැවැත්වෙන යුධ අපරාධ අධිකරනයේදී කොටි සාමාජිකයින්ට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්ෂි ලබා දීමට අවස්ථාව ලබා දීමයි.
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් 31 දෙනකු අද (11 වැනිදා) ඇප මත නිදහස්‌ කිරීමට පියවර ගෙන තිබේ. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116 කට නඩු පවරා ඇත. මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් 52 කට නඩු පවරා ඇති අතර ඉන් සැකකරුවන් 10 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.  [මූලාශ්‍රය. දිවයින 2015/11/11]

 

[6]. ශ්‍රී ලංකා හමුදාව විසින් රෝහලකට බෝම්බ දැමූ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම. කොටි සංවිධානයට ඔප්පු කරගැනීමට නොහැකිව තිබූ මෙම ව්‍යාජ චෝදනාව තමන්ට පාර්ලිමේන්තුවට යාමට තරම්වත් ඡන්ද නොදුන් ජනතාව කෙරෙහි වෛරයෙන් පසුවෙන හිටපු හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කරවාගැනීම ඩයස්පෝරාව ලද ජනග්‍රහණයකි. පහත වීඩියෝව බලන්න.



මීට අමතරව ඔහු පැවසූ සුදු කොඩි කතාවෙන්ද සිදුවූයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද අපරාධ උගුලකට හිර වීමයි.



 

[7]. දෙමළ සංධානයේ නායකයින්ද පවසන්නේ ඔවුන්ට වෙනම රටක් අවශ්‍ය බවයි. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශ වලට උදාහරණ කිහිපයකි.
බලය බෙදීමක්‌ අවශ්‍ය නැති බවත් දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේදී ප්‍රකාශ කර ඇත.  [මූලාශ්‍රය: දිවයින 2015/05/06]
දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය. [මූලාශ්‍රය: දිවයින 2015/08/12]

 

[8]. කොටි ක්‍රියාකාරීන් බලාපොරොත්තු වෙන ඊළාම් රාජ්‍යයට ඇති බාධාව වන්නේ සිංහල ජනතාව අතීතයේ උතුරේ ජීවත් වූ බවට ඓතිහාසික මූලාශ්‍ර තිබීමයි. ඒ අනුව ප්‍රධාන බාධාවක් වන නාගදීපයේ නම වෙනස් කිරීමත්, ඒ හා සමගම මහාවංසය මිත්‍යාවක් බවට සමාජගත කර ලිඛිත ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමත් සිදුවෙයි. [මූලාශ්‍රය: දිවයින 2015/11/10]



ඊට අමතරව නාගදීපයේ බුදු පිළිමයක් ඉදි කිරීමටත් එරෙහිව නියෝගයක් පැනවීම මගින් උතුරේ කිසිදු බිම් අඟලක් තවදුරටත් සිංහල ජනතාවට අයිති නැති බවත්, ඒ අනුව උතුර රටේ වෙනම කොටසක් බවටත් මතයක් ස්ථාපිත කරමින් සිටියි.  [මූලාශ්‍රය: NethFM 2016/03/28]

 

[9]. මෑතකදී දෙමළ පාසල් සිසුවෙක් දුම් රියකට යට වී ජීවතක්ෂයට පත් වූ අතර ඉන් අනතුරුව දෙමළ සංධාන නායකයින් එය යොදා ගත්තේත් තම ඊළාම් සිහිනය වෙනුවෙනි. පාසල් සිසුවෙක් ඉංග්‍රීසි භාෂාවෙන් ඊළම ඉල්ලමින් ලිපියක් ලිවීම අසාමාන්‍ය/කෘතිම සිදුවීමක් බව විචාරක මතයයි. [මූලාශ්‍රය: දිවයින 2015/11/30]



 

[10]. ඒ අතර යාපනය විශ්ව විද්‍යාලය තුළට ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඇතුළු වීම තහනම් කරමින් වත්මන් යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය උපයෝගී කරගනිමින්, කොටි ක්‍රියාකාරීන් විසින් යාපනය විශ්ව විද්‍යාලය ඊළාම් මතය ව්‍යාප්ත කිරීමේ මූලස්ථානය බවට පත් කරගෙන තිබේ. [මූලාශ්‍රය. දිවයින 2015/11/28]



 

[11]. නැගෙනහිර මුස්ලීම් ජනතාව වෙනුවෙන් එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වූ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන්නේත් එසේ මුස්ලීම් ජනතාවටත් සිංහලයන් සමග එකට සිටීමට නොහැකි බවට ජාත්‍යන්තරයට ඔප්පු කිරීම සඳහා ය. පහත වීඩියෝව බලන්න.


රාවුෆ් හකීම් සහ ප්‍රභාකරන් එදා එකට සාකච්ඡා කළ අතර වර්තමානයේදී හකීම් සහ ඩයස්පෝරාව අතර සම්බන්ධය මෙලෙසම සිදුනොවෙතැයි කිව හැකිද?.


 

[12]. පසුගිය ජනාධිපතිවරණයට පෙර මෛත්‍රී-රනිල් ගිවිසුම ලෙසට තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත හෙළි කළ ගිවිසුමේ කරුණු සියල්ලම පාහේ මේ වන විට ඉටු වී තිබේ. පහත කොන්දේසි  දෙස වඩාත් හොඳින් බලන්න. මේ කොන්දේසිවල මුල් 4 ඇත්තේ කාගේ වුවමනාව සඳහා ද?



 

[13]. R2P ක්‍රමවේදය හරහා කිසියම් ජනකොටසක් රටකින් වෙනම කොටසක් ලබාගැනීමේදී ඒ සඳහා වැදගත් වන තවත් සාධකයක් වන්නේ එරට මහ ජාතියට රටේ පාලනය කරගෙන යාමට නොහැකි බවට ලෝකය හමුවේ ඔප්පු කර පෙන්වීමයි. මේ දේ වත්මන් රජය අවබෝධ කරගෙනත් නොමැත. එජාප නායකයන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයට මේ වන විට රටේ ඩොලරය කඩා වැටී තිබේ, කොටස් වෙළඳපොළ බිඳ වැටී ඇත, සිංගප්පූරු නියෝජිතයා මගින් සිදු කළ බැඳුම්කර වංචාව නිසා රජයේ ණය සක්‍යතාවය බිඳ වැටී ඇත, බඩු මිල වැඩි වෙමින් පවතියි, ජාතික ආරක්ෂාව කඩා වැටී ඇත, නිල ඇඳුම මහපොළ පමණක් නොව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පවා ගෙවා ගත නොහැකිව ඇත. මෙවන් වාතවරණයක් තුළ දෙමළ නායකයන්ට කිව හැක්කේ සිංහල මහ ජාතියට රටේ පාලනය ගෙන යා ගත නොහැකි බවත් එනිසා දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය බවයි.

 

[14]. ඉහත කරුණ තවත් පහසු වීමටදෝ ප්‍රධාන විපක්ෂයක් තිබියදී කෘතිම ලෙස දෙමළ සංධානය විපක්ෂය කර ඇත. ඉන් සිදුවූයේ එජාපයෙන් පැවසූ දේ නොවේ. තම විපක්ෂ නායක ධූරය දෙමළ ඊළම ලබා ගැනීම සඳහා මෙවලමක් කරගත් ආකාරයයි මේ.



 

[15]. ‘‘ෆෙඩරල් ලබාගන්න පුළුවන් එතෙක් වැඩ අවුල් කරන්න එපා“ යැයි විපක්ෂ නායක ආර්.සම්බන්දන් උතුරු පළාත් සභා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.  මේ බව හෙළි කරන්නේ අප නොව යහපාලන ආණ්ඩුවේම කොටසක් වූ ජාතික හෙළ උරුමයයි. [මූලාශ්‍රය: puvath.lk 2016/04/19].

 

[16]. ෆෙඩරල් පාලනයක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවට ගෙන ආ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත විය. [මූලාශ්‍රය: NethFM 2016/04/19].

තනි රටකින් වෙනම කොටසක් ලෙස ෆෙඩරල් පාලනය ලබා ගැනීම යනු වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ පළමු අඩිතාලම යි. මන්ද යත්, ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම මගින් ෆෙඩරල් ලබා ගත් ජනතාව තව තවත් ප්‍රධාන රටෙන් වෙන් වෙන අතර, පසුකාලයේදී සම්පූර්ණයෙන්ම වෙන් වීමට එය හේතු වෙයි.

 

[17]. සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාවේ තේරුම තවත් හෙළිදරව් කරමින් විග්නේශ්වරන් පවසන්නේ රටවල් දෙකක් අවශ්‍ය බවයි.



මේ බව රජයේ ඩේලි නිවුස් පත්තරේත් මෙසේ සඳහන් වේ.
Northern Provincial Council (NPC) Chief Minister C.V. Wigneswaran presenting a Resolution on the Constitutional Reforms to the NPC has proposed the set up of two States in the country, one by merging the Northern and Eastern Provinces and the other by merging the seven other Provinces. [source: dailynews.lk 2016/04/09]

 

[18]. යුරෝපයේ වසන දෙමළ ඩයස්පෝරාවට තමන්ටම කියා රටක් නොමැති වීම ප්‍රශ්නයක් වී ඇති බව අප කවුරුත් දන්නා දෙයකි. එසේම යුරෝපයේ සිටින සමහර දෙමළ කොටස් නිසා යුරෝපීය ජාතිකයින්ටත් සමාජ ප්‍රශ්න ඇති වී තිබේ. උදාහරණ ලෙස යුරෝපීය දෙමළ ජාතිකයින් ඒ රට වල දේශපාලනයට මෙන්ම සමාජ සාමකාමීත්වයටත් බලපෑම් කරයි. යුරෝපයේ පාතාලය, කුඩු ව්‍යාපාර, කප්පම් කල්ලි අතර දෙමළ නම් බෙහෙවින් කියවෙයි. [විස්තර] එනිසා යුරෝපීය නායකයන්ට අවශ්‍යව ඇත්තේත් කෙසේ හෝ දෙමළ ඊළම ලබා දී දෙමළ ජනතාව ආපසු පිට කර හැරීමයි. ඒ සඳහා යුරෝපීය නායකයන් මෙසේ ශ්‍රී ලංකාවට සෘජුවම මැදිහත් වන්නේ දෙමළ ඩයස්පෝරාවේද අනුදැනුම මත ය. [මූලාශ්‍රය. දිවයින 2015/12/10]



 

[19]. ශ්‍රී ලංකවේ ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් කඩා පනින්නේත් දෙමළ ජනතාවට එරෙහිව අපරාධ සිදුවූ බව ලෝකයට ඔප්පු කර පෙන්වීම උදෙසා ය.



 

[20]. ද්‍රවිඩ ඡන්ද වල පිහිටෙන් බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පාලමක් හදමින් පවතියි. මේ බව සඳහන් වන්නේ එජාපයේ රුවන් විජයවර්ධන අමාත්‍යවරයාට අයත් එජාප පුවත්පත ලෙස සැලකෙන ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේයි.



පාලමක් හැදූ විට පහසුවෙන් ඉන්දියාවට යා හැකි බව කීවත් එය සිතන තරම් සුන්දර නැත. මන්ද යත් පාලම අවසන් වෙන විට උතුර ශ්‍රී ලංකාවෙන් වෙන් වීමට සිදුවීමට නියමිත බව අප ඉහත දක්වා ඇති උදාහරණ වලින් ඔබට දැනටමත් පැහැදිළි වී තිබේ. එවිට පාලමෙන් ඉන්දියාවට යද්දී උතුරට පවා අපට යන්න වෙන්නේ වීසා ලබා ගනිමිනි.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ නව අධිරාජ්‍යවාදීන් ලෝකය පාලනය කිරීමට යොදා ගන්නා උපක්‍රමය වන්නේ බෙදා පාලනය කිරීමයි. (Divide and Rule)  ඉන්දියාව සමග දේශපාලන ගිවිසුම් වලට එළඹීමට වඩා පහසුවෙන්, දකුණු ඉන්දියාව වෙන් කර වෙනම රාජ්‍යයක් බිහි කිරීම හරහා ඉන්දියාව පාලනය කිරීමට බටහිරයන්ට හැකියාව පවතියි.

 

[21]. සාපේක්ෂව වඩාත් දුබල රට වන ශ්‍රී ලංකාවේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයකට අඩිතාලම දා ගත් පසුව තමිල්නාඩුවත් ඉන්දියාවෙන් වෙන් වීමට කටයුතු යොදනු ඇත. මේ බව දැනටමත් ඉන්දීය බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත. උදා: PIL seeks special autonomous status for Tamil Nadu. source: thehindu.com

 

[22]. නමුත් ඉන්දියානු රජය වඩාත් බලවත් බැවින් දකුණු ඉන්දීය දේශපාලඥයන් ශ්‍රී ලංකාවේ උතුර වෙන් කිරීම පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම සිදුවෙන අතර එය හැකි වුවහොත් දකුණු ඉන්දියාව වෙන් කිරීම පිළිබඳව දෙවනුව කටයුතු යොදනු ඇත. පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වෙබ් අඩවියක් මගින් හෙළිදරව් කර ඇති දෙමළ ඩයස්පෝරාව විසින් පළ කෙරුණ ඔවුන්ගේ අවසාන අරමුණ සහිත ඊළාම් සිතියමයි. ඉහත අප සඳහන් කළ පාලම ඉදිවන්නේ ඇයි දැයි මෙමගින් පැහැදිළි වෙයි. සිතියමේ මූලාශ්‍රය: globalsecurity.org



ඒ ආකාරයෙන් උතුරේ වෙනම රාජ්‍යයක් බිහි වීමෙන් අගතියට පත් වන්නේ සිංහල ජනතාව පමණක් නොවේ. දකුණේ සාමකාමීව වාසය කරන අහිංසක ද්‍රවිඩ ජනතාව සහ සෙසු ජන වර්ග අතර සුහදත්වයට එමගින් පහර වදියි. එසේම විශාලව පවතිද්දී ශක්තිමත්ව පවතින රට කැබලි වලට වෙන් වෙද්දී දුර්වල වෙයි. එනිසා දකුණේ ජාතීන් අතර සහෝදරත්වයට කැමති සියල්ලෝම මෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව පවතිනවාට කැමැති සියලෝම දේශපාලන සහ ජාති බේධ වලින් තොරව, උතුරේ වෙනම රාජ්‍යයක් බිහි කිරීමට එරෙහි විය යුතුය.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

18 comments:

  1. The reality is yet to be dawned on those who were vociferous advocates of good governance! In retrospect MR failed to gauge the true nature of the present society whose majority have gone down the path of materialistic achievements and down the line have lost their ability to gauge right from wrong! MR is a genuine Sri Lankan who cares for his country deeply, however, our history has repeatedly given us many instances of what happens to true patriots who in the end are betrayed by their own allies! Sri Lankan values have become segregated to paper and mere mouth utterances. MR's government failed to effectively counteract the allegations of misappropriation of funds, nepotism, effective governance in a transparent manner to the latter part of his second term due to the arrogance of some who held the high positions, today the same parties have gone ahead and joined the government and are shamelessly bashing MR! This is what today's politics have become; in such a country it is no wonder that people forget the supreme sacrifice made by our valiant forces who laid down their lives to protect the sovereignty of our country and have allowed all and sundry to dictate terms to us. In such a scenario separatism becomes a piece of cake for those hell bent on dividing our land!

    ReplyDelete
  2. shyam ඔබ හරියටම හරි. මේ දේශයට සැබවින්ම හදවතින්ම ආදරය කරන මහින්ද රාජපක්ශ මැතිඳුන් මේ භයානක කුමන්ත්‍රණයෙන් ජන 8 පරදවා නමට පමනක් සීමාවූ යහපාලන තේමාව රැගෙන මේ යමපල්ලන් රට අල්ලා ගත්තේ එඩිටර් තුමා මේ ලිපියෙන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කල පරිදි රට දෙකඩ කිරීමේ ප්‍රභාකරන් ගේ ඊලාම් සිහිනය සැබෑ කරදීමේ භයානක යටි අරමුණත් සමඟයි!

    එඩිටර් තුමනි, ඔබට බෙහෙවින් ස්තුතියි සාධක මූලාශ්‍ර සමඟ මේ ඉදිරිපත් කල වැදගත් කරුණු සහිත ලිපියට. සීරුවෙන් කියෙව්වොත් මේ ලිපිය පමණක් ප්‍රමාණවත් අපේ මාතෲභූමියට අත්වෙන්න යන ඉරණම හොඳින් තේරුම් ගන්න. රටට සැබවින්ම ආදරේ සැබෑ දේශප්‍රේමීන්ට ඇස් ඇරෙන්නත්, රට වෙනුවෙන් සැබෑ හඬක් නඟන්න නැගී සිටීමටත් වෙලාව හරි!

    ReplyDelete
  3. සැබෑ දේශප්‍රේමී අපේ මහින්ද රාජපක්ශ මැතිඳුන් වටා සිටි දැන් එජාප ඇමති කටු සූප්පු කරන... තනතුරු සහ වරප්‍රසාද සහ බලය පමණක්ම හඹා යමින්... ජනතාව කුණු කූඩෙට දැමූ... මව්බිමට ද්‍රෝහි වූ... මව්බිම වෙනුවෙන් තම දිවි කැප කල තම වටිනා තරුණ ජීවිත අතපය කැපකල අපේම වීරොධාර රණවිරුවන් ට සිර ගෙය පෝරකය උරුම කරමින්.... වසර 30 ක් මේ රට ලේ විලක් කල මිනීමරු කොටි නිදහස් කරන යමපාලනයට හවුල් වූ.... බලලෝභී දේශපාලුවන් සහ මේ මහා භයානක අපරාධයට මුල් වූ සිරිසේන ජනපති ට ජනතාවට වග උත්තර දෙන්න වෙන දිනය වැඩි ඈතක නොවේ!
    වසර දහස් ගනනක් මෙවැනි බාධා සතුරු කරදර මැද මේ පින්බිම සුරැකුනාක් මෙන් අසිරිමත් බුදුදහම සුරැකුන බුදුන් වැඩි දේශය රට රකිනා දිව්ය සමූහයා රැකගන්න බව ස්තීරයි! නමුත් ඒ සදහා සැබෑ දේශප්‍රේමී හැම කෙනෙක්ම නැගී සිටිය යුතුමයි!

    ReplyDelete
  4. How can we share this articel in FB

    ReplyDelete
  5. රජ පරපුරේ දේශය රැකි හෙළ පුතුනේ..
    අනුහස් පා මගෙ රට යලි රැක දෙන්නේ..
    හෙළ අබිමන් රැකි රණවිරු සොහොයුරනේ..
    මව්බිම දරුණු ඉරණමකට ලං වෙන්නේ..!

    නිදි ගැට හැර දමා හෙළයිනි දැන් පිබිදෙව්..
    මව්බිම රැකගන්න දෑ එඩියෙන් සැරසෙව්..
    ලක්මව වනසනා සතුරන් දැන් එලවව්..
    හෙළ අබිමන් සුරකින්නට පෙරට වරෙව්..!

    ReplyDelete
  6. Pls visit this link http://www.mahinda.info/2016/04/r2p/
    and then you could see there is a Facebook "Share" button at the bottom.

    ReplyDelete
  7. බිඳ පස මිතුරු රට ජාතිය නඟන්නද,
    අදහස එහෙම නැත්නම් මුලු වදින්නද,
    නිදහස නැමති රස නොවිඳම මැරෙන්නද,
    හද පත්ලෙන්ම විමසව් කුම් කරන්නද.

    තෙද බල විකුම් පෑ පැරකුම් ගැමුණු වගේ,
    ඹද වඩ වඩා කවුරුත් අපි එකා වගේ,
    යෙදමින් වැඩෙහි ජාතික බල අදන් මගේ
    නිදහස් සිරිය ගෙන්වමු සෝයුරෙනි මගේ

    ReplyDelete
  8. "රජෙකි තෙද බල-ගැමුණු යුග සම කල
    නිරිඳුනේ බාරයි-දෙරණ සැම කල"

    මෙවන් තෙද බල-නිරිඳෙකුව අහෝ
    ලක් මවට අහිමි කලේ-මොන හිතකින්ද...
    රැවටී මුසා බස්-යහපාලන මුවාවෙන්
    මව් පොළොව රැකි-අභීත නිරිඳුන්
    අහිමි කර ගති-දැයේම දූ පුතුන්...

    ලැබුනු යහපාලනයකුත් නැත
    මෛත්‍රී යුගයකුත් නැත
    අවි අමෝරා-තර්ජන ගර්ජන මැද
    රට වැසියන් බිය වද්දන
    කුරිරු පාලනයකට යට විය...

    රට දෙකඩ වන්නට-ඔන්න මෙන්න
    තව සුලු මොහොතකි...
    අහෝ ලක් මෑණියනි-ඔබේම දූ දරුවන්
    ඔබට කල විපතක හැටි...

    මව්බිම අනතුරේ
    අප රැකි විරුවන් අනතුරේ
    අහස පොලොව නුහුලන
    ඉර හඳ තරු කම්පා කරවන
    මහා විනාසයකි ලඟ ලඟ ඇත්තේ..

    වහ වහා අවදිවව්!
    දේශයේ සැබෑ හිතවතුනි!
    එකා මෙන් පෙරමුණ ගනිව්!
    රණබිමට එක්වව්!
    මාතෲ භූමිය රැකගනිව්!

    ReplyDelete
  9. ඔව් දිනූ, ඔබ හරි .අද මහින්ද නිවසට පිවිසෙන්න බොහොම අමාරුයි. ආයිත් බාධා කරනවා වගෙයි. එකත් එකටම රට ඉදිරියේ ඇති මේ බිහිසුනු තත්වය ඉතාම හොඳින් එලිදරව් කෙරෙන මේ ලිපිය රටෙන් වසන් කරන්න හිතාගෙන වෙන්න ඕනේ.
    එඩිටර් තුමා, මේ කරන බාධා වසන් නොකර රටට හෙලිදරව් කරන්න.නැත්නම් තවත් වැඩිවේවි.

    ReplyDelete
  10. Oba thuma nawatha rata Kala uthui me rata raka gatha uthui wadi athak na obathumata kata karala baradevi ape sinhalayata kalaguna nodanna jathiyak Dan niyama horu tika anduwe tani rakinawa obathumata samada jayawewa

    ReplyDelete
  11. එඩිටර් තුමා, ටික දවසකට පසු සයිට් එක පේනවා. නමුත් අප්‍රේල් 25 ට ආපස්සට ගිහින්. මහින්ද මැතිඳුන්ට අදත් (ජූනි 13) ජපානයේ මහත් හරසර ලැබෙන හැටි දැකලා හරිම සතුටුයි. එතුමා අපිට හැමදාම රජෙක්!

    ReplyDelete
  12. කොතරම් බාධා පැමිනියත් Mahinda.info වෙබ් අඩවිය කෙසේ හෝ කරගෙන යමු. මේ පින්බර ලක්දෙරණ බෙදී වැනසී යන්නට පෙර 2015 ජන 8 ට පෙර පැවතියාක් මෙන් හෘද සාක්ශියක් ඇති ජනතාව වෙත නැවත බාර දිය යුතුමයි!

    ReplyDelete
  13. Mahinda.info හි හිතවත් මහත්මයාණෙනි..

    මොකක් හරි අවුලක්ද..? වෙබ් අඩවියේ මීට පෙර පළවූ ලිපි සියල්ල මැකී ගිහින්නේ..සමහර ලිපිවල තිබූ ඡායාරූප එහෙමත් ඉවත් වෙලා. මට නම් පේන හැටියට සයිට් එක කවුරුන් හෝ හැක් කරලා වගේ..

    ReplyDelete
  14. හිතවත් පවර්, වෙබ් අඩවියේ යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබුණා. දැන් මෙය හරි. ලිපි කිහිපයක් සහ කොමෙන්ට් අඩුයි, ඒවාත් අපි එකතු කරනවා. දැනට පළව ඇති ලිපි වලින් පින්තූර අඩු ඒවා මොනවාදැයි හැකිනම් දක්වන්න.

    ReplyDelete
  15. 1. මහින්ද මැතිඳුන්ගෙන් 2016 සිංහල දෙමළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය.
    2. අවුරුදු නැකැත් ආණ්ඩුවට අවශ්‍ය පරිදි - මාධ්‍යවේදියෙකුගෙන් මහින්ද මැතිඳුන්ට ප්‍රශ්නයක්.
    3. යහපාලන අනුහසින් වෙනම ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ බිහිසුණු ක්‍රියාවලිය.

    Mahinda.info හි හිතවත් මහත්මයාණෙනි.. ඉහත පුවත් තුනට අදාළ Tag image තවම පෙන්වන්නෙ නැත.

    “වරාය නගරයේ මහින්දගේ නම සහිත මුල්ගල ගලවයි.වෙනත් නමකින් සවිකිරීමට"...යන ලිපියේ හා “මහින්ද හැදූ දක්ෂිණ අධිවේගයෙන් දවස් 3ට රු.කෝටි 3ක ආදායමක්..” නැමැති ලිපි දෙකට අදාලව එහි අභ්‍යයන්තරයේ රඳවා තිබූ ඡායාරූප මීට පෙර පෙනෙන්නට තිබුණේ නෑ.එහෙත් දැන් එය පෙර පරිදිම යථා තත්වයට පත්වී තිබෙනවා.

    (ඉහත සඳහන් කර ඇති පුවත් වලට අදාළව තමයි මට දෝශ සොයාගත හැකිවුණේ..තව පුවත් වල අදාළව යම් දෝශයක් සොයාගත හැකි උවහොත් ඔබතුමන්ට දැනුම් දීමට කටයුතු කරන්නම්.ස්තූතියි..!)

    ReplyDelete
  16. මොංගල් සමරේJune 16, 2016 at 3:17 AM

    සතුටුයි නැවත ආවට පහුගිය දවස් වල හිටපු ගමන් නැතිවෙලා ආය ආවා editer තුමා ඔබතුමා Dr දයාන් ජයතිලක මහතාගේ fb පිටුවට ගිහින් පසුගිය සති තුනේ සිරස නාලිකාවේ විකාශය වූ සිතිජය වැඩසටහන බලන්න මෙමාසේ 29/ 30 එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ දී එදා 1815 වඩා ලොකු පාවාදීමක් කරන්න යන බවටයි ආරංචි පොඩ්ඩක් හොයලා බලලා දැනුවත් කරනවද ඒ වගේම තිස්ස අත්තනායක මහතාගේ රනිල් මෛත්‍රී ගිවිසුම ගැන මෙහි පළවූ විස්තරයත් update කරන්න

    සතුරු බලමුළු වටකර සතර දෙසින්
    ගිලගන්නට සැරසේ රුදු රකුසු වෙසින්
    දැස පියා සිටිමුද තව නිවට ලෙසින්
    පෙළ ගැසී ඉදිරි බලා එනු සිහ විලසින්

    ReplyDelete
  17. බෙහෙවින් ස්තුතියි හිතවත් Power. හැකි විගසින් අප එම ලිපි යථා තත්ත්වයට පත් කරනවා.

    ReplyDelete
  18. ස්තුතියි, අප ඒ ගැන සොයා බලන්නම්.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.