"තායිලන්තය" යන නම ඇහෙද්දී යහපාලන ප්රධානීන්ගේ කෝණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මනිමින් එජාප හිතවාදීන් විසින් ෆේස්බුක් එකේ මඩ ගසනු දක්නට ලැබුණි. ඒ සියල්ලන්ටම දැන් පිළිතුරු ලැබී තිබේ.
තායිලන්තයේ අගනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව තායිලන්ත හමුදා ප්රධානීන්, රාජ්ය නිලධාරීන් විසින් ඉතාමත් ගෞරව අභිමානයෙන් යුතුව පිළිගන්නා ලදී.


ඉන්පසු තායිලන්තයේ ප්රධාන නගරයක් වන උඩන්-තානී නුවරට සවස 3 ට මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්ප්රාප්ත විය. එදින සවස්වරුවේදී ආගමික වැඩසටහන් සදහා සහභාගී විය.
එම ආගමික වැඩසටහනේදී තායි ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගනු ලැබූයේ තායිලන්තයේ රජතුමාට මෙන්ම ගරු බුහුමන් දක්වමිනි.

ක්රි.ව. 1361 දී තායිලන්තයට නැවතත් බුදු දහම ලැබුණේ ලක්දිවෙනි. එනිසා ශ්රී ලංකාව ගැන තායි බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයක් පවතියි. එකී ශ්රී ලංකාව එක් සේසත් කළ අවසන් නායකයාව සියැසින් දැකබලාගැනීමේ ආසාවෙන් සිටි තායි වැසියෙක් ආචාර කළේ මෙලෙසයි.

එම පින්කමේ තවත් පින්තූර පහත දැක්වේ. තායිලන්තය සහ ශ්රී ලංකාව අතර ඇති සංස්කෘතික සම්බන්ධතාවයන් තව තවත් දියුණු වේවායි අප ප්රාර්ථනා කරන්නෙමු.






