ඒකාබද්ධ විපක්ෂය පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය ලේකම්ට අනුව නීතිය හමුවට?

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස් නොතිබූ බවත්, වත්මන් එජාප ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ලබා දුන් බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ උදවිය නිතර ප්‍රකාශ කරයි.

නමුත් එකී විහිළුසහගත ප්‍රකාශ කළ අයට කට උත්තර නැති කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිල වශයෙන් මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරනු ලැබුණි.

‘ඒකාබද්ධ විපක්‍ෂය’ නමින් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පැවසුවේය. පහත දැක්වෙන්නේ ඔහුගේ නිල නිවේදනයයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පළකළ ඉහත නිවේදනය මාධ්‍ය නිදහස නිල වශයෙන් උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

Freedom of Speech, assembly, association, movement, &c.
14. (1) Every citizen is entitled to –
(a) the freedom of speech and expression including publication;
[THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA – HAPTER III – FUNDAMENTAL RIGHTS – source]

[2]. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මානුෂික මෙහෙයුමට දැක්වූ දායකත්වය එතුමාගේ පුද්ගලික වැඩක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ කටයුත්තකි. එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ ඉහත නිවේදනය ඔහුගේ පුද්ගලික නිවේදනයක් නොව වත්මන් රජය විසින් සිදුකළ මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දැනගත යුතුය.

[3]. ‘ඒකාබද්ධ විපක්‍ෂය’ නම් පිලිගත් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කරන්නන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇතැයි ඊයේ දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් නිකුත් කල නිවේදනය පැය 24ක් යන්නට පෙර ශ‍්‍රී ලංකා පොලිසිය විසින් උල්ලංඝනය කර තිබේ.

මැයි මස පළමුවැනිදා පැවැත්වෙන මැයි රැුලි සම්බන්ධයෙන් වූ මාර්ග සැලැස්ම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත්තේ ‘ඒකාබද්ධ විපක්‍ෂය’ යන නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමිනි. එහි අදාල පිටු පහත දැක්වේ.

ජනමාධ්‍ය ලේකම් අනුව දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය නොවන්නේද?

මහින්ද යුගයට මඩ ගසන අතර ජනතාව වෙනුවෙන් හඬ නගන ජනමාධ්‍ය නිල වශයෙන්ම වාරණය කරමින් ජනමාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරන ආණ්ඩුව ගැන මීට වඩා මොන කතා ද?

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to ඒකාබද්ධ විපක්ෂය පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය ලේකම්ට අනුව නීතිය හමුවට?

  • Dinuu

    දේශද්‍රෝහීන් ලෙස බලයට පැමිනි යමපල්ලන්ට හෘද සාක්ශියක් ගැන කතා කිරීමටවත් අයිතියක් නැත. මේ පාලනය විහිලුවකි.

Leave a Reply