මහින්ද මැතිඳුන්ගේ ෆේස්බුක් සජීවී අවුරුදු සුබපැතුම් වීඩියෝවට මඩ ගහන අයට පිළිතුරු

[1]. (i). හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2016 සිංහල හිංදු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමස්ත ජාතියටම සුබ පතමින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිල වීඩියෝවයි පහත දැක්වෙන්නේ.

(ii). එය නිකුත් කරන ලද්දේ 2016 අප්‍රියෙල් 13 වන දින දහවල් 12 ට පමණ ය. ඊට අමතරව ලිඛිත සුබ පැතුමක්ද මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

 

[2]. (i). මාධ්‍ය බලපත් අහෝසි කරන බව කියමින් වර්තමානයේදී යහපාලනයේ නාමයෙන් දරුණු මාධ්‍ය මර්දනයක් සිදුකරන අතර පාර්ලිමේන්තුවේදී පවා සැබෑ විපක්ෂය යටපත් කර සුළු පක්ෂ වලට විපක්ෂ නායකකම් දීම සිදුකර ඇත. ඒනිසා ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට ජනතාවට සිදුව ඇත්තේ සමාජ මාධ්‍ය මගින් ය.

(ii). රටේ වැදගත්ම කාර්යභාරයක් වන විපක්ෂ කාර්යභාරය ෆේස්බුක් මගින් සිදුකරන හිතවතුන්ට සහ හිතවතියන්ටත් අනෙකුත් ෆේස්බුක් භාවිතා කරන සියලුම දෙනාටත් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතා හිටපු ජනාධිපති තුමා විසින් “FaceBook Live Streaming” තාක්ෂණයට සජීවී විඩියෝවක් සිය පුත් නාමල් රාජාපක්ෂ මන්ත්‍රීතුමාගේ ෆේස්බුක් පිටුවේ පළ කර එක්ලක්ෂ පනස් දහසකට අධික ජනතාවක් අමතන ලදී. වීඩියෝව මෙතනින්.

(iii). ශ්‍රී ලංකාවේ හිටපු හෝ වත්මන් රාජ්‍ය නායකයෙක් විසින් ෆේස්බුක් සමාජ ජාලය “සජීවීව” ඇමතූ ප්‍රථම අවස්ථාව මෙයයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජංගම දුරකථනය සිය සුරතින් අල්වාගෙන ෆේස්බුක් ජාලය සමග සජීවීව සම්බන්ධ වු එම මොහොත යි.

(iv). රාජ්‍ය සේවය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් සභාපති බිල් ගේට්ස් ගෙන් පවා ප්‍රසංශා ලැබූ (විස්තර) මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑම විටම නවීන තාක්ෂණය යොදාගෙන ජනතාවට සමීපව කටයුතු කරයි.

 

[3]. (i). මුදල් වෙනුවෙන් සංධාන ෆේස්බුක් පේජ් එක පාවා දුන් පිරිසක් සමග එජාපය නියෝජනය කරන පිරිසක් විසින් එම වීඩියෝවට මඩ ගසනු දක්නට ලැබේ.

(ii). ෆේස්බුක් සමාජ ජාලය ප්‍රමුඛ මුළු මහත් අන්තර්ජාලය පුරාවටම සිය නායකයන්ව ප්‍රතික්ෂේප වෙමින් ඇති මොහොතක, ෆේස්බුක් සහෘදයන් වෙත වෙත අවුරුදු සුබපැතුමක් එක් කිරීමටවත් සිය නායකයින් කටයුතු කර නැත. එනිසා ඔවුන්ට ඉතිරිව ඇත්තේ මඩ ගසමින්ම අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට යි.

(iii). ඉතිහාසයේ කිසිදු නායකයෙක් එවන අවුරුදු සුබපැතුමක් “Block” කිරීමට ජනතාව කටයුතු කර නොමැති අතර (3000 ක් පමණ ජනතාවගේ අදහස් මෙතනින්), මෙවර එවැන්නක් සිදුවූ බැවින් ඇති වූ සිත් වේදනාවෙන් එවැනි පහත් මඩ ප්‍රචාරයක් ගෙන යන බව පැහැදිළි වෙයි.

(iv). එමගින් පෙන්නුම් කරන්නේ යහපාලකයින් මේ වන විට පත්ව ඇති නොහැකියාවේ තරම ය. විරුද්ධවාදීන් කොතෙක් මඩ ගැසුවත් ෆේස්බුක් සමාජ ජාලය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ නමුත්, වත්මන් නායකයින් විසින් ෆේස්බුක් ක්‍රියාකාරීන්ව කිහිප අවස්ථාවකදීම සිර අඩස්සියට ලක් කරන ලද බවත් ඔබට සිහිපත් කරන්නෙමු.

 

[4]. අවුවට මෙන්ම වැස්සටත් බිය වෙන නායකයන්ගේ අතවැසියන් විසින්, රටක් එක් සේසත් කර යෝධ සංවර්ධනයක් සිදුකර රණවිරුවන්ව රැක ගැනීම වෙනුවෙන් බටහිර බලවතුන් සමග පවා හැප්පුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞර්ෂය ගැන කතා කිරීම ගැන අනුකම්පා කරන්නෙමු.

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්ද මැතිඳුන්ගේ ෆේස්බුක් සජීවී අවුරුදු සුබපැතුම් වීඩියෝවට මඩ ගහන අයට පිළිතුරු

  • RATA wenuwen

    මහින්ද හිතේශී සියලු දෙනාටම සම්පතෙන් පිරි නව වසරක් වේවා කියා මම සුහද සිතින් පතමි= මේ රට වෙනුවෙන්

  • Dinuu

    මොන විදියේ උත්සාහයක් ගත්තත් මහින්ද මැතිඳුන් කෙරෙහි ජනතාව දක්වන ආදරය ලෙන්ගතුකම චුට්ටක්වත් අඩු වෙන්නෙ නැහැ. උදාවූ නව වසර අපේ මහින්ද මැතිඳුන්ටත් ආදරණීය පවුලේ සැමටත් මුලු ලංකා වාසීන්ටත් නිරෝගි සුව සතුට පිරි වාසනාවන්ත සුබම සුබ ඉසුරුබර නවවසරක් වේවා!

  • නවීන තාක්ෂණය භාවිතා කරමින් හෝ නොකරමින් ෆේස්බුක් ජනයා වෙනුවෙන් එක් කල සුභ පැතුමට නොසෑහෙන්න රිදී ඇති බව නම් පෙනේ.. යහපාලනයේ සමහර නායකයින් නම් තෛපෝංගල් සැමරුවාට සිංහල අළුත් අවුරුද්ද සමරන්න අමතක වී ඇත. දිනෙන් දින යහපාලනේට වැඩ කළ ජනයා නන් අයුරින් මහින්ද මහත්තය සමඟ අත්වැල් බැඳගැනීම දකිද්දී ඔවුන්ගේ ඇස් වලට කටු ඇනේනවා විය හැක. කරන්න දෙයක් නෑ. ඊලඟ ඡන්දෙදි බලාගමු කියන්න විතරයි අපිට කියන්න තියෙන්නෙ. සුභ අළුත් අවුරුද්දක් වේවා මැතිඳුනි.

  • Sitharan

    What is wrong with this selfie? Sorry, I can’t read the letters from mobile device and not very well versed. Thank you!

  • “මහසොහොන් පිල්ලිය” නමින් කමෙන්ට් කරන හිතවත, ඔබගේ අදහස එතුමාගේ සමීපතමයන් වෙත පුද්ගලිකව දන්වා යැවීම වඩාත් සුදුසු බැවින් එලෙස දන්වා යැව්වා.

Leave a Reply