Mahinda Rajapaksa: Mahinda.info වෙබ් අඩවිය නැවතත් ඔබ හමුවට...

Saturday, April 9, 2016

Mahinda.info වෙබ් අඩවිය නැවතත් ඔබ හමුවට...



මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අන්තර්ජාලයේ දියත් වූ සාහසික මඩ කන්දරාවට පිළිතුරු දීමේ අවශ්‍යතාවය පෙරදැඩි කරගනිමින් ආරම්හ කළ mahinda.info වෙබ් අඩවිය 2015 පෙබරවාරි මුල් භාගයේ සිට වසර අවසානය දක්වා එම යුතුකම උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ දැරීය. ඒ සඳහා වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය මෙන්ම, වෙබ් අඩවියේ ලිපි සමාජ ජාල ගිණුම් මගින් "Share" කළ දහස් සංඛ්‍යාත හිතවතුන් සහ හිතවතියන්ගේ අප්‍රතිහත ධෛර්යය ඉවහල් විය.

විරුද්ධවාදී කණ්ඩායම් විසින් අන්තර්ජාලයේ සිදුකළ සංවිධානාත්මක චරිත ඝාතනයන් ඔබ අප සියල්ලන්ගේම වෑයම ඉදිරියේ තවදුරටත් පවත්වාගැනීමට නොහැකි බව දැනෙද්දී ඔවුන් සිදුකළේ සුපුරුදු මර්දනය ක්‍රියාත්මක කිරීමයි.

මොබිටෙල් මගින් mahinda.info වෙබ් අඩවිය ශ්‍රී ලංකා අන්තර්ජාල ග්‍රාහකයන්ට වාරණය කිරීමෙන් නොනැවතී වෙනත් අන්තර්ජාල සේවා සපයන්නන් හරහාද වාරණය කිරීමට යහපාලකයින් වරින් වර උත්සාහ දැරීය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලය තුළ සිංහල කොටින්ගේ වෙබ් අඩවි වාරණය සිදුවුණොත් සිදුවුණේ අධිකරණ නියෝගයකට අනුව වුවද, mahinda.info වෙබ් අඩ්වියට එරෙහි කිසිදු අධිකරණ නියෝගයක් තියා පැමිණිල්ලක්වත් නොමැති වීම විශේෂත්වයක් විය.

mahinda.info වෙබ් අඩවිය ආරම්භ කළ දා පටන් අති විශාල සයිබර් ප්‍රහාරයන්ට ලක් වුණි. ඒවායින් වෙබ් අඩවිය රැක ගැනීම සඳහා විශාල කාලයක් සහ වියදමක් දැරීමට සිදු විය. වෙබ් අඩවියේ ආරක්ෂාව ගැන සිතීම ලිපි ලිවීමට වඩා ප්‍රමුඛ කර්තව්‍යය වී තිබුණි.

එපමණක් නොව මෙම වෙබ් අඩවියට සම්බන්ධ පිරිස් වල ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තර්ජන ඇති වූයේ යහපාලනයේ ස්වරූපය මොනවට කියා පාමිණි.

එවන් වාතාවරණයක් යටතේ අප වෙත එල්ල වෙමින් තිබූ පීඩනය සලකා බලමින් වෙබ් අඩවිය තාවකාලිකව වසා දැමූයේ උපක්‍රමිකව වඩාත් සංවිධානය වීමේ බලාපොරොත්තුවෙන් ය.

වෙබ් අඩවිය දිගටම පවත්වාගෙන යන ලෙසට අපගේ ආදරණීය සහෘදයන් විසින් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් අප වෙත යොමු කළ නමුත් එම අවස්ථාවේ වෙනත් විකල්පයක් අප වෙත ඉතිරිව නොතිබුණි.

මේ පවතින වාතාවරණය තුළ mahinda.info වෙබ් අඩවිය ආරම්භ කළහොත් එහි ලේඛකයන්ට එල්ල වී ඇති තර්ජන වඩාත් වැඩි වුවත්, අපගේ ජීවිත අවදානම නොසලකා හරිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිත අවදානම සම්බන්ධයෙන් කටයුතු කිරීම රටේම අවශ්‍යතාවය බවට පත් වෙමින් තිබේ.

ජනතාව අතර සිටින නායකයෙක්ට ඝාතනය කිරීමට පෙර, සාහසිකයන් සිදුකරන්නේ හෙතෙමගේ චරිතය ඝාතනය කිරීමය. පසුගිය කාලයේ අරාබිකරයේ සිදුවූ සිදුවීම් අප අත් දුටුවෙමු. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීමට උත්සාහ දැරීමෙන් නොනැවතී, එතුමාට එරෙහිව නැවතත් දිගින් දිගටම මඩ අවලාද එල්ල කරන්නේ හොඳකට නොවන බව කාටත් සක් සුදක් සේ පැහැදිළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ රට දැනුවත් කිරීමටත්, මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාගේ සමීපතමයන්ට එරෙහිව එල්ල කරන මඩ අවලාද වලට පිළිතුරු දීම උදෙසාත් මහින්ද ඉන්ෆො වෙබ් අඩවිය නැවතත් පෙරට වඩා සංවිධානාත්මකව ආරම්භ කළ බව ඔබ වෙත සතුටෙන් පවසන්නෙමු.

"වඩා හොඳ හෙට දවසක්" බලාපොරොත්තු වෙන ඔබ අප සැමට, රටට ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව වන මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා පවුරක් සේ ශක්තිමත් වීමට අප සැමට කාලය උදා වී තිබේ. පසුගිය වසරේදී අප වෙත සහයෝගය ලබා දුන් ඔබ සියලුම දෙනාට අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පළ කරන අතර, අද පටන් එම කාරුණික සහයෝගය නැවතත් ලබා දෙන මෙන ඉල්ලා සිටින්නෙමි.

- Mahinda.info Editor -

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

32 comments:

  1. Great. We will be with you again

    ReplyDelete
  2. මේ තියෙන්නේ වෙඩි වගේ. පහුගිය කාලේ විඩින් විඩේ ඇවිල්ල බැලුව. සයිට් එක තිබ්බෙත් නෑ. අපේ සියලුම සහයෝගය දෙන්නං වෙනද වගේ. එහෙනං ... මානිවත්ථ අභික්ඛම

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. :)

    ReplyDelete
  4. We will give your our support at all times, hope we can meet you to help you. Be careful of Sirisena, he is not to be trusted at any time, any day.

    ReplyDelete
  5. Wisjh you & your family a Happy & Prosperous New Year with good health & long life.

    ReplyDelete
  6. එඩිටර් තුමනි, සතුට ඉහ වහා ගියා නැවත Mahinda.info දැකලා! අලුත් අවුරුද්ද නම් සුබම සුබ වෙන ලකුණු තමයි මේ. ඔබතුමා ඇතුලු සහෘදයින් ට උණුසුම් සුබ පැතුම් එක් කරමි! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  7. We appreciate that would be good news.

    ReplyDelete
  8. We always be with him. .

    ReplyDelete
  9. ඔබවත් නැවත දැකීම අපට බොහොම සතුටක්. :)

    ReplyDelete
  10. What happened? Thought something was wrong when we couldn't see this site. Please keep us informed. Happy new year for all of your workers. Nandri, vanakkam!

    ReplyDelete
  11. Happy New year too. Thank you.

    ReplyDelete
  12. Excellent! This is our world,Congratulation.
    == RATA Wenuwen===

    ReplyDelete
  13. Its so nice to see you all, again.

    ReplyDelete
  14. වෙබ් අඩවිය යලි පිබිදුනු බව දැකලා..
    නිම් හිම් නැති සතුටින් හදවත පිරිලා..
    මැතිඳුන් මහින්දට ජය ජය ජය පතලා..
    එක්වෙමු මිතුරනේ දැන් අත්වැල් බැඳලා..!

    මහසෝනා දැනටම ඇත වැඩ අල්ලා..
    රට වෙනුවෙන් සයුමිත් එයි ජය පතලා..
    පවර් අපේ මිතුරා කොහිදෝ සොයලා..
    සමරේ පින්ක් තව තව අය එයි දුවලා..!

    අරුණලු නැගී එද්දී නව ලෝකයට..
    මිතුරනි පවුර වෙමු අපි මැති මහින්දට..
    ජන හද පැතුම් ඉටුවේවා මහ ජයට..
    පින්බිම සදා සුරැකේවා ඔබෙ නමට..!

    ජය ජය පතා නව වසරේ යලි පැමිනී..
    එඩිටර් තුමා පවුලේ හිතවතා වැනී..
    පුරුදු නිවහනේ අප හැම සුරකිමිනී..
    කල වැඩ කොටස මහමෙර මෙන් නොසෙල්වුනී..!

    ReplyDelete
  15. We are with Mahinda through thick and thin, all the way....

    ReplyDelete
  16. Very happy to see the site back!! We need it. Happy new year !

    ReplyDelete
  17. සමරසේකරApril 12, 2016 at 1:34 AM

    ගොඞාක් ස්තුතියි නැවත ආරමිභ කලාට මෙිගහන මඞවලට පිළිතුරැ නිවැරදිව දිය යුතුයි.

    ReplyDelete
  18. This is a great new year gift for us

    ReplyDelete
  19. මල් හතයි. සියලුදෙනාට ජඩ පාලනයෙන් තොර සුභ නවසරක් වේවා. :)

    ReplyDelete
  20. හද පිරි සතුට කොපමණදැයි නිමක් නැතී,
    රට වෙනුවෙන් පණ දෙන්නට සිතක් ඇතී,
    වැඩබිම නැතුව ගතකල හැටි දුකෙන් නිතී,
    එඩිටර් තුමෝ ඔබහට මම දෙනවා තුතී

    ReplyDelete
  21. Api marenakamma mahinda ekka

    ReplyDelete
  22. අනේ දිනූ මට නම් සතුට කියලා නිම කරන්න බැහැ! ඔබ කියන තුරු මම දැනගෙන හිටියේ නැහැ.බොහොම පින් ඒ ගැන දැනුම් දුන්නාට ! රට වෙනුවෙන්, මහ සොහොන් නම් දැනටමත් ඇවිත් ! ආයි අපේ පවර් සොයුරා, පින්ක් ,දේශ මාමක හා මොංගල් සමරේ අපේම නිවසේ දකින්න ලැබීම තමයි මේ අලුත් අවුරුද්දේ මගේ ලොකුම සතුට ! ඒ වගේම අපේ හිතවත් එඩිටර්තුමාටත් හදවතින්ම සුභ පතමි!

    ReplyDelete
  23. Thalpawila hamuduruwoApril 12, 2016 at 4:20 PM

    A great news. We need your invaluable service today more than yesterday. Wish you all the success.

    ReplyDelete
  24. Dear Editor,

    Very happy that this website is back before us. Mahinda's leadership is indispensable for the country at this juncture. I join the thousands of patriots who read mahinda.info. Thank you to all the organizers.

    ReplyDelete
  25. Awesome, nice to be back on this site :) :) :)

    ReplyDelete
  26. මොංගල් සමරේApril 16, 2016 at 8:09 AM

    මම ආවා යලි මහින්ද ඉන්ෆෝ නිවසට

    ReplyDelete
  27. ඔබව දැකීම අපිටත් හරිම සතුටක්!

    ReplyDelete
  28. දේශමාමකApril 19, 2016 at 6:17 AM

    ඔන්න එහෙනං මමත් අපේ සුපුරුදු නිවහනට ගොඩවැදුන!
    අපේ දිනූට පින් සිදුවෙන්න තමයි දැනගත්තෙ.
    එහෙනං ඉතින් එඩිටර්තුමා ඇතුලු සියලුම හිතවතුන්ට ජඩ පාලනයෙන් තොර සුබ අලුත් අවුරුද්දක් වේවා!

    අසරණ රටක අපි අසරණ නොවී ඉමූ
    හෙණ ගෙඩි වුණත් අපි උරදී ඉවත ලමූ
    මිහිඳුන් සමග අපෙ ලක් මව රැක ගනිමූ
    ඒ මෙහෙවරට ජාතිය එක ගොඩට ගමූ!

    ReplyDelete
  29. දේශමාමක සොයුර, ඔබේ පැමිනීම ගැන හරිම සතුටුයි. දැන් එහෙනම් මේ වගේ රසවත් කවි සහ කමෙන්ට් ලැබෙයි අපිට අඩුවක් නැතුව. පවර්, පින්ක් ඇතුලු මිතුරන් ද ඉක්මනට එකතු වේවි මහින්ද නිවස හැඩ කරන්න!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.