මහින්ද මැතිඳුන්ගෙන් 2016 සිංහල දෙමළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සම්පත සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි. මුළු රටම එකම නැකතකට වැඩ කරන අපේ අලුත් අවුරුද්ද තරම් සංහිදියාවේ සහ එකමුතුකමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනක නැති බව මාගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයේ වෙඩි පහරටවත් වෙන්කළ නොහැකි වූ උතුරු-දකුණු හිතවත්කමේ වාර්ෂික සැමරුම් මංගල්‍ය මේ අලුත් අවුරුද්දයි.

අලුත් අවුරුද්ද සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි. දේශීය කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව ගැන මෙනෙහි කිරීමටද මේ හොඳම කාලයයි. බතින් බුලතින් සරු රටක් අටුකොටු පිරුණු ගෘහස්ථ ආර්ථිකයක් අලුත් අවුරුද්දේ උරුමය බව අමතක නොකළ යුතුය. අලුත් අවුරුද්ද සිංහල හා දෙමළ සංස්කෘතික මංගල්‍යයයි. අලුත් අවුරුදු සංස්කෘතිකාංග වෙත අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටි අපගේ යුතුකමයි. අලුත් අවුරුදු සිරිත් විරිත් අඛණ්ඩව පවතින්නේ එමගින් පමණි.

වෙඩි හඩ නොඇසෙන රටක අළුත් අවුරුද්ද සැමරීමට අප සැම භාග්‍යවන්ත වු බව මේ අවුරුදු මාසයේ සිහිපත් කිරීම වටී. 2009 වසරේ බක් මාසය වන විට සාමය දිනා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය උදා වු බව අමතක නොකළ යුතුය. ගහ කොළට ස්වභාදහමට පවා කෘතවේදීත්වය පල කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් සිහිපත් කල යුතු යැයි මම දැඩි ලෙස විශ්වාස කරමි. හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුද්දක් රටටම උදා වේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් අවංකව වෙහෙසවන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

මහින්ද රාජපක්ෂ

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද මැතිඳුන්ගෙන් 2016 සිංහල දෙමළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය

  • sayumi

    අප දයාබර මහින්ද මැතිඳුන් සහ පවුලේ සැමටත්, හිතවත් එඩිටර් තුමා ඇතුලු මහින්ද නිවසේ සැමටත්, දිනූ, පවර්, රටවෙනුවෙන් ඇතුලු දේශ හිතෛෂී සහෘද සැමටත් සුභ නව වසරක් වේවා !

    (සිරිතක් වශයෙන් කිව්වට මොකද ඇත්තම කියනවා නම්, මේ අවුරුද්දේ වෙනදා දැනෙන අසිරිමත් සතුට නැහැ. දිනූ මොකද හිතන්නේ ?)

  • RATA wenuwen

    අසුචි බුදින බත්බැල ජඩ පාලකයන් මකබැවිලා යන්නෙනම් එකත් සතුටක්.
    මහින්ද හිතේශි දෙශ මාමක මිතුර කැලට වාසනාවන් සුභ වසරක් වේවා. දිනු, සයුමි , පවර් ඇතුලු මිතුරු කැල සමග එඩිටර් තුමාටත් සුඛ ,ආයු බල සහා ජයම ලැබේවා

  • Dinuu

    ඔව් සයුමි අපි කාටත් එහෙම තමයි. රට බේරා ගත් රණවිරුවන් සිරබත් කද්දී අහිංසක දරු පවුල් කඳුලු බොද්දී අපිට තනිවම අවුරුදු සමරන්න බැහැ සයුමි. මේ සාපරාධී ක්‍රියාවන් ආපසු හැරී මව්බිමට යහපත් කාලයක් උදා විය යුතුමයි.

  • මොංගල් සමරේ

    ඔන්න මොංගල් සමරෙත් ආයේ ඔන්න ආවා power දිනු සයුමි මහසෝන් editor තුමා ඇතුළු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

    මුළු රටටම කිරි ඉතිරි
    මිහිදු නමත් නීති සුරැකි
    රටකට නව පන ලෑබදී
    ගමනක් යමු අපි එක්වී

    • Dinuu

      සමරේ ඔබේ පැමිනීම හරිම සතුටක්! ඔන්න සයුමි ඔබේ අවුරුදු පැතුම ඉටු වුනා! සමරේටත් සුබම සුබ අලුත් අවුරුද්දක් පතමි හදවතින්ම! කෝ අපේ මිතුරා පවර්! කොහේ හිටියත් හොඳින් ඉන්න! අපේ සුබ පැතුම් එක්කරමු. පින්ක්, දේශමාමක ඇතුලු මිතුරන් ද ඉක්මනට එක්වේවි. තවම mahinda.info ගැහුවට නියම පිටුවලට ඇතුල් වෙන්නෙ නැහැ. මුල් පිටුව ගන්න mahinda.info/2016/04/mahinda-info-again/ ගහන්න ඕනෙ.

    • sayumi

      මුලු රටටම කිරි ඉතිරී
      මිහිඳු නමත් නිති සුරැකී
      රටටම නව පණ ලැබදී
      පෙරටම යමු අපි එක්වී !

      ඔව් දිනූ, සමරේ යලි දකින්න ලැබීම ගැන හරිම සතුටුයි ! පහත කවිත් කියවලා ඇති තරම් සිනාසුනා ! අපේ පවර් සොයුරාට නම් පණිවිඩය හරියට ලැබිලා නෑ වගෙයි දිනූ. ආයිත් සී නිව්ස් එකේ පණිවිඩයක් තියමු මෙහි එන්න ඕනෙ විදිහ කියලා.මට විස්වාසයි පවර්, පින්ක් හා දේශමාමකත් ඉක්මණින්ම එයි කියලා.සැමටම සුභ පැතුම් !

  • මොංගල් සමරේ

    සිරිලක රැකි විරුවන්නේ
    ලේ දා බිදු මිහි හැලුනේ
    ඒ විරුවන්ගේ මතිනි
    ලක් මව නීති සනහෙන්නේ

    කෙහෙල් කොලේ සරල හිටන්
    රෙදි පොරවා බුදිද හිටන්
    පිස්සූ නටා ජෝගි දමා
    ආතල් දෙයි අපිට හිටන්
    බුද්ධි අන්ශේ අය ඇතුලේ
    කොටි සෙට් නම් එළියේ
    සංහිදියා රෙද්ද අස්සේ
    හිල් ටික ටික මතුවෙන්නේ

    රටක් ඉල්ලුවේ යහපාලනයක්
    එතකොට ලැබුනේ පනනැති මිනිසෙක්
    පච කෙල්ලලා බලය ගත්තු හංස රෑන
    හොරුත් සමග අද හෙළුවෙන්

    ගවපාලන බොරුපාලන
    පෙන්නුවාට යහපාලන
    ඇතුලේ ඉදන් චෝරපලන
    පේනවානේ පචපාලන

Leave a Reply