මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩට බහියි. සම්බන්ධීකරණ කාර්යාලයේ වැඩ අරඹයි.

උදාවු සිංහල හින්දු අලුත් අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේ වැඩ කටයුතු ආරම්භ කිරිමේ උත්සවය අද උදෑසන 9.30 ට කාර්යයාල පරිශ්‍රයේදි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද පැවැතිවිණි.

සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පැවති මෙම අවස්ථාවට කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටිනු දක්නට ලැබිණි.

එමෙන්ම සිය නායකයා හට බුලත් දී ආශිර්වාද ලබාගැනිමට ජනතාව විශාල වශයෙන් කාර්යාල භූමියට ඇදි එනු අපහට දැකගන්නට හැකි විය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩට බහියි. සම්බන්ධීකරණ කාර්යාලයේ වැඩ අරඹයි.

  • Dinuu

    සයුමී සමඟ රට වෙනුවෙන් දැන් පේවී..
    මහසෝනා සමරෙත් අප වෙත එක්වී..
    සොයුරා දේශමාමක එක පවුලක් වී..
    පවර් පින්ක් මිතුරන් කොහිදෝ සැඟවී..!

    ගී රස මතුවෙවී අප නිවහන හැඩ වී..
    මිහිඳුන් නමින් වටිනා දෑ ලියැවේවී..
    ජනගඟ උතුරමින් නිරිඳුන් රැකදේවී..
    පින්බර මව්බිමට ජයමල් පිබිදේවී..!

    දිනූ දේශයේ අසිරිය රැකගන්නයි..
    එඩිටර් තුමා දිව රෑ මෙහි කැපවෙන්නයි..
    මිහිඳුන් නමට ජන හදවත් පිබිදෙන්නයි..
    තිස් තුන් කෝටියක් දෙවිඳුන් රැක දෙන්නයි..!

    ජන ගඟ ගලා මහ ජන පවුරක් වේවා..
    අසිරිය බුදුන් වැඩි රට මතු වී ඒවා..
    මහ සඟ රුවන රණවිරු මෙහි සුරැකේවා..
    මිහිඳුන් නමින් හිරු සඳු යලි බැබලේවා..!

Leave a Reply