[2]. එදා එලෙස කොළඹ වරාය නගරය නතර කරනවා කී රනිල් වික්‍රමසිංහ අද මෙලෙස කොළඹ වරාය නගරය යළි ආරම්භ කරනවා කියමින් වර්ණනා කරයි.
යහපාලු ආණ්ඩුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පහත වීඩියෝවේ කාලය විනාඩි 2:44 සිට පවසන්නේත් වරාය නගරය යළි ආරම්භ කරන බවයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුත් කොළඹ වරාය නගරය චීනයට දෙනු ලැබූයේ අවුරුදු 99 ක බද්දකට අනුව වන අතර, චීන රජය ප්‍රකාශ කළ පරිදි වරාය නගරයේ කිසිදු වෙනසක් සිදුකර නැත.
The investor itself is expected put in another 2.5 billion US dollars into developing land received. The balance will be sold on 99-year leases to potential investors.
[Source: srilankaequity.com Jul 10, 2012]
එනමුත් මෙතෙක් කාලයක් නවතා තිබීම නිසා සිදුවූ පාඩුවට අමතරව රනිල් වික්‍රමසිංහ රජයෙන් චීනයට දන් දුන් දේවල් වෙනම ලිපියකින් කතා කළ යුතු වෙයි.
[3]. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් චීන රජයටත් මඩ ගසමින්, එජාපයෙන් නතර කරනවා කී කොළඹ වරාය නගරය නැවතත් එජාප ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නම් ගසා විවෘත කිරීමකට සැරසෙන බව වාර්තා වී තිබේ.
එයට ආරම්භයක් වශයෙන් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ චීන ජනාධිපති ෂින් පින් මහතා නිරාවරණය කළ මුල් ගල සහ සමරු ඵලකය ඩෝසර් කර ගලවා ඉවත් කෙරුණි.

එදා විවෘත කළ සමරු ඵලකය අද මෙලෙස බැකෝ කර ගලවා දොඹකරයකින් ඔසවා ඉවත් කරයි. (එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තුන් පැත්තෙන් සමරු සටහන තිබුණි)


අධිවේගී මාර්ග සිදුවීමේදී මෙන්ම පෝර්ට් සිටි ව්‍යාපෘතියත් එජාප ආණ්ඩුවේ සංකල්පයක් මත ඉදිවූවක් බවට මුල් ගල් තබා රටට ප්‍රචාරය කිරීම සිදුවෙනු ඇත. එදා ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකු බවට පැවසුණි. අද…