Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාවට සිටි සියලු හමුදා හටයන්ව ඉවත් කෙරේ..

Monday, May 2, 2016

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාවට සිටි සියලු හමුදා හටයන්ව ඉවත් කෙරේ..



හිටපු ජනධිපති මහින්ද රාපජක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාව සඳහා මෙතෙක් කර්නල් මහේන්ද්‍ර ෆනෑන්ඩු මහතා යතතේ යොදවා සිටි 102 ක් වූ සියළු යුධ හමුදා නිලධාරීන් අද දිනයේ සිට ඉවත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ සිට හිමිවන්නේ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව පමණි.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ හමුදා ආරක්‍ෂාව අද දිනයේ සිට ඉවත් කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට්ටුවේදී කියා සිටි බව ඇමති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේදී දැනට දින දෙක තුනකට පෙර කියා සිටියේය.



කිරුලපන මැයි රැළියට අති විශාල ජන කන්දරාවක් සහභාගී වීම නිසා ඊට එරෙහි පළි ගැනීමක් ලෙසට මෙලෙස හමුදා ආරක්ෂාව ඉවත් කරන ලද බවට වාර්තා වී තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා යනු තවත් එක් හිටපු ජනාධිපතිවරයෙක් නොව, ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමට නායකත්වය දෙනු ලැබූ සේනාධිනායකවරයා ය. එනිසා විදෙස්ගත කොටි ත්‍රස්තයින්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ එතුමා වය.

හමුදා ආරක්ෂාව ලබා දෙන්නේ එක්තරා නඩු තීන්දුවක් හෝ නීති පනතක් සලකා නොව අදාල පුද්ගලයාට ලැබිය යුතු ආරක්ෂාවේ තරම සලකා බලමිනි. උදාහරණ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු ආරක්ෂාව පොලිස් නිලධාරීන් 2 දෙනෙක් වුවද , එදා විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කදිරගාමර් මහතාට අගමැතිවරයා ගාවට විශාල ආරක්ෂාවක් දෙනු ලැබූයේ එදා එතුමා කොටින්ගේ අංක 1 කේ හතුරා වී සිටි නිසාය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාව කොටි ත්‍රස්තයින්ගේ පහසු ඉලක්කයක් කිරීමට ඔබත් එරෙහිනම් පහත පෙත්සමට අත්සන් කරන්න.

Restore the Army Protection for Hon. Mahinda Rajapaksa.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. අප හද දිනූ යුග පුරුෂයාණනි, ඔබට තෙරුවන් සරණයි! තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ යන එන මඟ ඔබව සුරකීවා!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.