වරාය නගරයේ මහින්දගේ නම සහිත මුල් ගල ගලවයි. වෙනත් නමකින් යළි විවෘත කිරීමට…

[1]. “මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් තුළින් පෝර්ට් සිටි (කොළඹ වරාය නගරය) ගොඩනැගීම නතර කරනවාද? නැතිනම් ක්‍රියාත්මක කරනවාද?” යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ මහතා සෘජු පිළිතුරක් ලබා දුන්නේ “නතර කරනවා” යනුවෙනි. එසේ නැතිව පරිසරයට හිතකර ලෙස කරනවා වැන්නක් කිව්වේ නැත.

 

[2]. එදා එලෙස කොළඹ වරාය නගරය නතර කරනවා කී රනිල් වික්‍රමසිංහ අද මෙලෙස කොළඹ වරාය නගරය යළි ආරම්භ කරනවා කියමින් වර්ණනා කරයි.

යහපාලු ආණ්ඩුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පහත වීඩියෝවේ කාලය විනාඩි 2:44 සිට පවසන්නේත් වරාය නගරය යළි ආරම්භ කරන බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුත් කොළඹ වරාය නගරය චීනයට දෙනු ලැබූයේ අවුරුදු 99 ක බද්දකට අනුව වන අතර, චීන රජය ප්‍රකාශ කළ පරිදි වරාය නගරයේ කිසිදු වෙනසක් සිදුකර නැත.

The investor itself is expected put in another 2.5 billion US dollars into developing land received. The balance will be sold on 99-year leases to potential investors.
[Source: srilankaequity.com Jul 10, 2012]

එනමුත් මෙතෙක් කාලයක් නවතා තිබීම නිසා සිදුවූ පාඩුවට අමතරව රනිල් වික්‍රමසිංහ රජයෙන් චීනයට දන් දුන් දේවල් වෙනම ලිපියකින් කතා කළ යුතු වෙයි.

 

[3]. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් චීන රජයටත් මඩ ගසමින්, එජාපයෙන් නතර කරනවා කී කොළඹ වරාය නගරය නැවතත් එජාප ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නම් ගසා විවෘත කිරීමකට සැරසෙන බව වාර්තා වී තිබේ.

එයට ආරම්භයක් වශයෙන් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ චීන ජනාධිපති ෂින් පින් මහතා නිරාවරණය කළ මුල් ගල සහ සමරු ඵලකය ඩෝසර් කර ගලවා ඉවත් කෙරුණි.

එදා විවෘත කළ සමරු ඵලකය අද මෙලෙස බැකෝ කර ගලවා දොඹකරයකින් ඔසවා ඉවත් කරයි. (එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තුන් පැත්තෙන් සමරු සටහන තිබුණි)

අධිවේගී මාර්ග සිදුවීමේදී මෙන්ම පෝර්ට් සිටි ව්‍යාපෘතියත් එජාප ආණ්ඩුවේ සංකල්පයක් මත ඉදිවූවක් බවට මුල් ගල් තබා රටට ප්‍රචාරය කිරීම සිදුවෙනු ඇත. එදා ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකු බවට පැවසුණි. අද…

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to වරාය නගරයේ මහින්දගේ නම සහිත මුල් ගල ගලවයි. වෙනත් නමකින් යළි විවෘත කිරීමට…

  • Dinuu

    යමපල්ලන්ට අපේ හදවත් වල ගලේ කෙටූ ලෙස නොමැකී සදා ලියැවුනු මහින්ද නාමය ඉවත් කරන්න කිසිවිටෙක ඉඩ නොලැබේ.

    දැයේ අප්පච්චීටයි මේ උපහාර..!

    ජන හදවත් සුවඳ කරන පිවිතුරු මල් ගොමුව ඔබයි..
    කැපු කැපු විට සුවඳ හමන “මහා සඳුන් රුකත්” ඔබයි..
    මගෙ මව්බිම එලිය කරන බබලන හිරු මඬල ඔබයි..
    අප හද දෙවොලට වඩිනා පුදසුන හිමි දෙවිඳු ඔබයි..!

    රණවිරු මහ සඟ සුරකින නිරිඳුනි සිරිලක ඔබටයි..
    තිළිණ කලේ තම දරු කැල ලක්මව හිනැහී ඔබටයි..
    මව්පිය සෙනෙහස ලැබදී රටවැසි රකිනුයෙ ඔබමයි..
    ජයශ්‍රී! ජයශ්‍රී! රජිඳුනි හදේ කිරුළ හිමි ඔබටයි..!

Leave a Reply