මහින්ද මැතිඳුන්ගේ හමුදා ආරක්ෂාව අදින් අවසන්

Col. Mahendra Fernando

Col. Mahendra Fernando

අද සිට මහින්ද මැතිඳුන්ගේ ආරක්ශාවට සිටි සියලු හමුදා සමජිකයින් ඉවත්ව යනවා පුරා වසර දහයකට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජීවිතය ආරක්ශාව නැමති මහා භාරදූර කාර්‍ය්‍යය පැවරුනේ විශේශ කොමන්ඩො කන්ඩායමකටයි
මහින්ද රාජපක්ෂ මහතා යන එන ස්තාන අස්‍රයකරනපුද්ගලයින් ගේ සිට සියලු අවස්තාවන් සඳහා ඔවුන්ගේ ආරක්ශාව සැපයුනා මේ විශේශ කොමාන්ඩෝ කන්ඩයමේ වගකීම පැවරුනේද සුවිශේශී පුද්ගලයෙකුටයි, මෙම විශේෂ ආරක්ෂක සමුහයේ අණදෙන නිලධාරී, කනල් මහේන්ද්‍ර ප්‍රනාන්දු යනු සන්නද්ධ බලකා රෙජිමේන්තුවට (ආමඩ් කෝ) අයත්, වසර 15ටත් අධික කාලයක් යුධ ක්‍රියාන්විතවල නිරතවූ, වීර වික්‍රම විභූෂණ, රණවීර පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම යනාදී යුධ බිමෙහි දැක්වූ වීරත්වය සඳහා විශිෂ්ට සම්මාන ලැබූ, හමුදා බුද්ධි අංශයේ අත්දැකීම් ඇති, ඉන්දියාව, ප්‍රංශය වැනි රටවලින් විශේෂ සමීප ආරක්ෂා පුහුණු ලැබූ නිලධාරියෙකි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරා යුධ හමුදාවට බැඳුනු කැඩෙට්නිලධාරියෙකි.Army Unit

ඔහු යටතේ සිටින අනෙක් මේජර් වරුන්ද, උසස්පෙළ හදාරා කැඩෙට් නිලධාරීන් වශයෙන් යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔවුන්ද වසර 10ට අධික කාලයක් යුධබිමේහි ක්‍රියාන්විත වල සටන්කර, මෙරට හා විදේශ රටවලින් විශේෂ ආරක්ෂක පුහුණුවීම් ලැබූ, අත්දැකීම් සම්භාරයක් ඇති සුවිශේෂ නිලධාරින්ය. ඔවුන් යටතේ සිටින කමාන්ඩෝ භටයන්ද යුධබිමේ දස්කම් පෑ, වීරත්වයෙන් අතිවිශිෂ්ට සේවාවක් තම මාතෘභූමියට ඉටුකළ රණවිරුවන්ය.Col. Mahendra Fernandopop

ශුදොතුම් පාප්වහන්සේ ලංකාවට පැමිනිවිට දී චාල්ස් කුමරගේ  ලංකා සංචරයේදී ඇතුලු විදේශ නායකයින් රැසකගේ ආරක්ශාව ලංකාව තුල භාර කෙරුනේ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුට හා ඔහුගේ විශේෂ කොමාන්ඩො කන්ඩායමටයි

මහින්ද මැතිඳුන්ගේ ආරක්ශාව අඩුකීරිම මගින් වත්මන් රජය බලාපෙඔරොත්තු වනුයේ එතුමන් ගේ මහජන හමුමීම් පාලනය කිරීම නම් එය කිසිදිනක ඉටු නොවන සිහිනයකි!

 

කේසේ නමුත් මෙතුවක් කාලය පුරාවට මහින්ද මැතිඳුන් ආරක්ශාකරන ලද කොමන්ඩො කන්ඩායමටත් කනල් මහෙන්ද්‍ර ප්‍රනන්දුටත් මේජර් නෙවිල් වන්නිඅරච්චිටත් අතුලු සියලු නිලදරුවන් හා සෙසු නිලයන්ට සුභ අනාගතයක් කියා මහින්ද ඉන්ෆො කන්ඩායම ප්‍රර්තනාකරමු! ඔබ සැමට ජයවේවා

 

 

අප රට රැකගත් නායකකයා ආරක්ශාකල ඔබලාට බොහොම ඉස්තූතියි!

 

Col. Mahendra Fernando mahendra f mahindra fernando 3

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

21 comments to මහින්ද මැතිඳුන්ගේ හමුදා ආරක්ෂාව අදින් අවසන්

  • Dinuu

    යමපල්ලන්ගෙ ඔලමොට්ටල කම් වලට..
    සිදුවුනි සෙබල පුතුනේ අද සමු දෙන්ට..
    මෙතෙක් කලක් සෙනෙහෙන් රජු රැකි ඔබට..
    තෙරුවන් සරණ වේවා පතනෙමි හෙටට..!

    හිස අත ගා දෙපතුල් වඳිනා ඔබට..
    අප්පච්චී සමු දෙන හැටි දකින විට..
    නෙතඟින් පිරුන කඳුලැල් මැද මුලු රටට..
    හැඟුමන් බරව දැනුනා මුලු හදවතට..!

    මිනිසත් බවේ වටිනාකම රැකගන්ට..
    යමපල්ලන්ට බැරි වී ඇත පෙර පවට..
    තෙරුවන් සරණ වේවා අප නිරිඳුන්ට..
    දෙව් මහ රජුන් රැකදේවා හැම කලට..!

    කොටි උවදුරින් අප බේරූ අප්පච්චී..
    රට ගොඩ නඟා ඉහලට ගත් අප්පච්චී..
    කළගුණ දන්න රට ඔබටයි අප්පච්චී..
    ජන ගංගාව ඔබ සුරකී අප්පච්චී..!

    ජනගඟ ගලන්නේ ඔබ වෙතටයි රජුනේ..
    දින දින උතුරමින් තව තව වැඩි වන්නේ..
    යමපල්ලන් කරනා ජඩකම් වලිනේ..
    ජන හදවත් ඔබ වෙත තව ලං වන්නේ..!

    කල මෙහෙවරට හෙළ උරුමය රැකගන්ට..
    පින්බිම දහම් සිසිලස උතුරා යන්ට..
    හැම ජන කොටස් දෙරණේ සවි බල වෙන්ට..
    සැක නැහැ ඔබට මුලු රට ණයගැති බවට..!

    (එඩිටර් තුමා, මහත් බාධක මැද ඔබ කරනා සත් ක්‍රියාව බෙහෙවින් අගය කරමි. ජයෙන් ජයම වේවා! රණවිරු, සෙන්පතීන්, රජිඳුන් සමඟින් මව්බිම සුරැකේවා! රට දෙකඩ කරන සියලු දේශද්‍රෝහී බලවේග සුන්නත් දූවිලි වේවා! මගෙ හෙළබිමෙහි මහ සඟරුවන සුරැකී බුදුසසුන යලි බැබලේවා!)

  • Dinuu

    පවර්,සයුමි,අසරණයා,මහසෝන්,සමරේ,දේශමාමක ඇතුලු දේශප්‍රේමී මිතුරනේ….

    “හෙළ බිමට එහා කොහෙද අපිට අපේ තැනක්…”

    https://www.youtube.com/watch?v=iY1UWAJ5HkY

  • පලිගැනීම් කොතනින් අවසන් වෙනවාදැයි නොදනිමු
    මෙහෙම නීච තුට්ටු දෙකේ පාලනයක් JR කාලයෙන් මෙපිට උදා වී නැත
    පවතින තත්වය යටතේ රාජපක්ෂ වරයෙක් නැවත රටේ පාලනයට පත්වීම
    හෙට ඉර පායනවා සේ ඉස්තිර දෙයකි
    එතකං ආරක්ෂා වී සිටීම ඔවුන්ට රට වෙනුවෙන් පැවරෙන වගකීමයි
    එතන මෙතන ගමන් කිරීම , මළගෙවල් , මගුල් ගෙවල් කවර් කිරීම , හිරගෙදර බලන්න යාම
    අඩු කලොත් කෝකටත් හොඳය.
    එසේ නොකරත් මිනිස්සුන්ගේ ආදරය සහ ගෞරවය ඉහටත් උඩිං ලැබෙන බවට
    සහ දිනෙන් දින එය තවත් වැඩිවෙන බවට හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ය.

    • Dinuu

      මහසෝන් ඔබ හරි. ජනතා ව දිනූ මහින්ද මැතිඳුන් සහ ගෝටාභය මැතිඳුන්…..අප වෙනුවෙන් සහ රටවෙනුවෙන්… සතුරු උපද්‍රව වලින් ආරක්ශා වී සිටිය යුතුමයි!

  • මොංගල් සමරේ

    වටිනා කියන ලිපියක්
    http:/www.yuthukama.com/2016/05/MahindaRekaGathayuththeAi.html

  • මොංගල් සමරේ

    එදා රජ දවස ඔද තෙදින් දිලුණු
    මෙදා නිවටයන් රජ පුටුවල වැටුණු
    නිදා හිදින තුරු ජාතික පෙම බිදුණු
    කදා වළලු ගෙන යති නපුරෝ

    රටක් බෙදන්නට හැල්මේ පොර බැදුණු
    එහෙත් නිවට පාලකය නිදි වැදුණු
    කටින් බතල හිටවන්නට දිව නැමුණු
    වදන් වලට විතරද අද තැන ලැබුණු

    රටක් බෙදන බදුම්වාදයේ නපුරු
    රගන්න තවත් අද ලිප නටන තුරු
    කපටිකමින් රටානසන මෙහෙම හොරු
    ටපස් රකිමුදැයි රට ගිනි තියන තුරු

  • Dinuu

    යමපල්ලන් ගෙ හපන්කම් හොඳට තේරුම්ගන්න නම්….

    අසරනයා, සයුමි ඇතුලු දේශප්‍රේමී මිතුරනේ….යුතුකම සම්මන්ත්‍රණය “ෆෙඩරල් සංහිඳියාව” ගෙවිඳු කුමාරතුංග ගේ අලුත්ම වීඩියෝව…

    https://www.youtube.com/watch?v=8QjsKx0oySM

    ගෙවිඳු කතාව ඉවර කරන්නෙ මෙහෙමයි!

    “දෑස මගේ මට අහිමි වුනොත්……ගීත ඇසිය හැක මිහිරි සරින්..
    සවන් මගේ මට අහිමි වුනොත්…….අහසේ පෑ දේදුන්න පෙනේ..
    දෑත මගේ මට අහිමි වුනොත්…..සාද වලදි රඟ පාමි සොඳින්..
    දෙපා මගේ මට අහිමි වුනොත්…..මිතුරන් මා ඔසවා යන්නේ..
    සිරුර මගේ මට අහිමි වුනොත්…..මගෙ මව්බිම මා වැළලෙන්නේ..

    මගෙ මව්බිම මට අහිමි වුනොත් …..කුමක් කරමි මම අසමි හඬා…!
    මගෙ මව්බිම මට අහිමි වුනොත්…….කුමක් කරමි මම අසමි හඬා….!”

  • Dinuu

    දැයේ අප්පච්චී වෙතටයි!

    අප්පච්චීගේ 29 th June වීඩියෝව කඳුලු පිරි දෙනෙතින් බැලුවා. ඇයි අප්පච්චී, අපිට 2015 ජන 8 මව්බිමට වන මේ අනතුර ගැන කලින් නොතේරුනේ?

    තිස් වසරක ත්‍රස්ත බිය මුලුමනින්ම නැති කරලා… අපේ ජීවිත කාලයේ හීනෙන්වත් නොසිතූ මහා දැවැන්ත සංවර්ධනයකින් අප්පච්චී මේ රට ඉහලටම එසවූවා! ගෝටාභය මැතිඳු යුධ ජයග්‍රහණයටත් හවුල් වී අගනගරය සුරපුරක් මෙන් ලස්සන කලා. විදේශයකට ටික කලකට ගොස් ආපහු මව් රටට ආව ශ්‍රී ලාංකිකයින් පවා පුදුම වුනා “අනේ මේ අපේ ලංකා භූමියද?” කියලා. අප්පච්චී මව්බිමට ලබා දුන් දියුණුව හරිම ආශ්චර්යජනකයි!

    අප්පච්චී අසලම සිටි අය පිටුපසින් පැමින පිහියෙන් ඇන පාලන බලය කොල්ල කා මව්බිම මේ මහා ඛේදනීය තත්ත්වයට ඇද දැමුවා. මේ කරන ආර්ථික වින්නැහිය දේශප්‍රේමී බලවේගයක් ගොඩ නැගී නැවත සුබදායක ලෙස ගොඩ නඟාවි. යමපාලනය වැට් බදු බරින් පීඩිත ජනයා එයට විරෝධතා සඳහා අවධානය යොමු කරන අතර තුරදී….මේ කඩිමුඩියේ ගෙන එන එට්කා ගිවිසුමෙන් සහ රට දෙකඩ කිරීමේ ෆෙඩරල් ව්‍යවස්තාවෙන් රටට අත් වෙන ඛේද ජනක ඉරණම ගැන ජනතාව දැනුවත් විය යුතුයි!

    විමල් මැතිඳු, ගෙවිඳු මැතිඳු ඇතුලු යුතුකම සංවාද කවයේ දේශප්‍රේමීන් (yuthukama.com) වෙහෙස වී ජනතාව දැනුවත් කරනවා. ඉදිරියේදී නව බලවේගය ගොඩ නඟන ජන හමු වලදීත් මේ ගැන ජනතාව දැනුවත් වේවි!

    බුදුදහමට තැන අහිමි කිරීම සහ හෙළබිමේ ඓතිහාසික උරුමය අති බහුතරයක් ජනතාවට අහිමි කරන්න යමපල්ලන් ගන්න උත්සාහයට මව්බිම වෙනුවෙන් මේ ව්‍යවස්තාවට විරුද්ධව මහා සංඝ රත්නය ප්‍රමුඛව මුලු රටේම දේශප්‍රේමීන් එක හඬක් නඟා නැගිටින දිනය අත ලඟයි!

  • Dinuu

    එඩිටර් තුමා, අපමණ බාධා ඇති බව පෙනේ. එහෙත් සුබ අනාගතයක ප්‍රාර්ථනා සමඟින් නිරතුරුවම ඔබ හා රැඳී සිටිමු!

    අප්පච්චීගේ ජූනි 29 “යහපාලන ආණ්ඩුවේ බදු සහ ණය අර්බූදය” කතාවේ වීඩියෝ හැකි නම් පල කරන්න.

  • Dinuu

    “රජෙකි තෙද බල-ගැමුණු යුග සම කල
    නිරිඳුනේ බාරයි-දෙරණ සැම කල”..!

    මෙවන් තෙද බල නිරිඳෙකුව අහෝ
    ලක් මවට අහිමි කලේ- මොන හිතකින්ද?
    රැවටී මුසා බස්- යහපාලන මුවාවෙන්
    මව් පොලොව රැකි- අභීත නිරිඳුන්
    අහිමි කර ගති-දැයේම දූ පුතුන්..!

    ලැබුනු යහ පාලනයකුත් නැත
    මෛත්‍රී යුගයකුත් නැත
    අවි අමෝරා තර්ජන ගර්ජන මැද
    දිනපතා පලිගැනීම් පමනී
    තම විරුද්ධවාදීන් බොරු නඩු ගොතා
    සිරගෙට දක්කන-බදු බරින් ජනතාව
    පීඩාවට පත් කරන -හෙම්බත් කරන
    කුරිරු පාලනයකි…!

    රට දෙකඩ වන්නට-ඔන්න මෙන්න
    තව සුලු මොහොතකි-අහෝ ලක් මෑණියනි
    ඔබේම දූ දරුවන්-ඔබට කල විපතක හැටි..!

    මව්බිම අනතුරේ-අප රැකි විරුවන් අනතුරේ
    බුදු දහම- සඟපරපුර අනතුරේ
    අහස පොලොව නුහුලන
    ඉර හඳ තරු කම්පා කරවන
    මහා විනාසයකි-ලඟ ලඟ ඇත්තේ..!

    වහා වහා පෙරට එව්!
    දේශයේ සැබෑ හිතවතුනි!
    පෙරමුණ ගනිව්!
    රණබිමට එක්වව්!
    මාතෲ භූමිය රැක ගනිව්!
    අභීත නායකත්වය වටා
    එකා මෙන් එක්වව්!
    නොබියව නොසැලී!
    ජය සිකුරුයි-ජය සිකුරුයි!

  • මොංගල් සමරේ

    ගොඩක් කාලෙකින් එන්න බැරිවුනා ඊත් පුළුවන් විදිහට ඇවිල යනවා මොකද දැන් නිතර update නැත්තේ අපමණ අගයක්වත් ලබලද

    සයුමි power දිනු මහසෝන් රටවෙනුවෙන් මිතුරනි ඔයාල කොහෙද

    • sayumi

      මේ ඉන්නවා සමරේ. මාත් ටිකදවසකින් මේ ආවේ. පඩි පෙලකින් වැටිලා පොඩි කරදරයක් උනා! දැන් සුවයි. කාලෙකින් සමරේගෙ කවියක් දැක්කෙත් නෑ? අපේ යාලුවො මේ ඉන්නේ…

      http://lankacnews.com/sinhala/main-news/145184/#comment-1412831

      http://lankacnews.com/sinhala/main-news/145184/#comment-1412891

    • Dinuu

      අපිත් මේ ලඟම ඉන්නවා සමරේ! නිතර විපරමින් බලනවා අපේ වෙබ් අඩවිය හරි ද කියලා. මෙය බාධා මැඬගෙන ක්‍රමවත්ව කල හැකි නම් හොඳ ප්‍රථිපල ගත හැකියි. දැන් රට අමුතුම විදියේ ඉරණම් ගමනකට පිවිසිලා නිසා. සයුමි අසනීප වුනා කියලා දැනුයි දැක්කේ. තෙරුවන් සරණින් සම්පූර්ණ සුවය ඉක්මනින් ලැබේවායි පතමි.

      • sayumi

        ඔව්, සැවොම සමගිව එකාවන්ව අපේ මහින්ද මැතිඳුන්ගේ නායකත්වයෙන් පෙරටම යමු! ජඩයින් පන්නමු !රට සුරකිමු !
        —————————————-
        ඔබට බොහොම තුති ජයමල්.හොඳ ලමයා ඉහත දී ඇති ලින්ක් එක බලන්න ජයමල්. බටහිර ගැති යමයින් රටේ ජාතික ආරක්ෂාව සහ රටේ ජනතාවගේ ධනය මහ මුහුදට විසි කරන හැටි. මේවා සහගහන අපරාධ.( මේ ගැන මා ඔබට ලිවූ කමෙන්ට් එක සී නිව්ස් පල කලේ නෑ )

        • Dinuu

          සයුමි, ඒ සිද්ධියත් අවි ගබඩාව පිපුරුන එකත් සියල්ල යමපල්ලන් අපේ හමුදා ශක්තිය අඩපන කරන්න අධිරාජ්‍යවාදීන්ට දුන් පොරොන්දු ඉටු කිරීම්!

          හමුදාව විදේශ යුධ අධිකරණ වලට ගෙනිහින් සිරගෙවල් පෝරක වලට ගෙනියන තුරු… හමුදා නිලධාරීන් ගනනින් හරි අඩක් කරන්නත්… අවි බලය ශක්තිය හැකිතරම් අඩපණ කරන්නත්…. එංගලන්ත වැනි රටවල පුහුණු කරලා වහල් මානසිකත්වයකින් බෙලහීන කරලා…. දුර්වල හමුදාවක් කරන්නත් පොරොන්දු වුනා.

          දැන් යමපල්ලන් තම බලය රැකගන්න ඒ සියල්ල ක්‍රියාත්මක කරනවා. තිස් වසරක ත්‍රස්ත බිය මුලුමනින්ම තුරන් කරලා… ලොව දරුණුතම ත්‍රස්තවාදීන් සහමුලින්ම පරාජය කල අපේ වීර හමුදාවෙන් පලි ගැනීමටයි…. කොටි ඩයස්පෝරා චන්ද වලට ගැති වූ… අධිරාජ්‍යවාධී රටවලට වුවමනා වී ඇත්තේ!

  • Dinuu

    දැන් මේ වෙලාවෙ මහා භයානක අනතුරකට මව්බිම මුහුණ දෙන අන්තිම හෝරාව එළඹුනු වෙලාවක්. ඉතින් යහපත් නායකත්වයක් වටා හැමෝම සියලු භේද අතහැර වහ වහා එක් රැස් විය යුතු මොහොතක් එළඹී ඇත්තේ මව්බිම බේරාගන්න යෝධ ශක්තියක් වෙන්න.

    අපිට විමල්, මහින්ද, බැසිල්, ඩලස්, දිනේශ් කිය කියා භේද නොසොයා හැමෝම එක ධජයක් යට පෙරට යන්න ධෛර්‍යය ශක්තිය සහ වාසනාව උදා වේවා….! ජිනීවා මර උගුලෙන් අපේම ආදරණීය රණවිරුවන් සමඟ මව්බිම බේරාගැනීමේ උදාර මෙහෙවරට පෙරටම යන්න.

    ව්‍යවස්තාවේ ෆෙඩරල් යක්ශයා රට දෙකට තුනට හතරට පහට කඩන්න හදනවා. එට්කා මාරයා මව්බිම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ඔන්න මෙන්න දැන්. වෛරී දේශපාලනයක නිරත කෲර ගැහැණිය බුද්ධාගම පාසල් වලින් අයින් කලා.

    ව්‍යවස්තාවෙන් රට අනාගමික කර වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයක් හිමි සිංහල බෞද්ධ රාජ්‍යයෙන් බුදුදහමට ප්‍රමුඛත්වය දී ආරක්ශා කිරීම අයින් කරන්න යනවා. දැන් ඉතිහාසයත් පාසලින් ඉවත් කරන්න යනවා.

    මහ සඟ රුවන සිරගත කරන බුදුදහම වනසන පාලකයින්ට මේ රට අහිමි කල යුතුයි! හැම ජන කොටසක්ම ආරක්ශා කරනු වෙනුවට… බටහිරට ඉන්දියාවට දණ නමා කොටින්ගේ කරට අත දමාගෙන සුලු ජාතීන් පමණක් සතුටු කරමින් බහුතර සිංහල බෞද්ධයා කුණු කූඩෙට දැමීමට රනිල් සිරිසේන ඇතුලු යමපල්ලන්ට වැඩිකල් ඉඩ නොලැබේ!

  • RATA wenuwen

    නිදහස් අඬින් මුලු රට හඬ නගන්නට,
    උදහස් සතුරු සෙන් එඩි මන් මඬින්ට,
    නිදහස් සිහල බල නන්ගා තබන්නට,
    අදහස් කරව්! තරුණෙනි අද පටන් සිට,
    === රට වෙනුවෙන් අසරනයෙක් මෙසේ ලියයි===

  • RATA wenuwen

    නිදහස නිසා එන හෙණ ගිනි ගුලිය නොකා,
    ඇද කුද ගහා අහුමුලුවල වදින එකා,
    අද හව් ඔහු තමයි ජාතික ඊරියකා,
    ඇද සුන් කරව් ඌ උන් හිටි තැනින් මකා.

Leave a Reply