
ජපන් වැසියන් අතීතයේ මුහුණ දුන් අති කටුක ජීවන අත්දැකීම් හමුවේ සැබෑ නායකයෙකුගේ ගුණ සුවඳ තෙද බල හොඳින් දැන සිටින පිරිසකි. නායකයා යනු ජාති දේශසීමා ඉක්මවා සියල්ලට ඉහළින් විරාජමාන වන්නෙකු බව ද ඔවුහු දනිති. නෙළුම කුඩ මස තුළ ඇති ව ඉන් නොගැටී සුපිපෙන ලෙස ය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජපනුන්ගෙන් ලැබෙන මේ නොමද පිළිගැනීම හා ගෞරවය මතු නොව අසීමිත ලෙන්ගතුකම හුදු නිරායාසයෙන් ලැබෙන්නක් නොවේ. ඔවුන් මහින්ද කියවා ඇත. මහින්ද හඳුනාගෙන ඇත. ඔවුන්ට මහින්ද දැනේ.
සියවස් 6 ක ට පසුව ශ්රී ලංකාවේ බිහිවූ රට එක්සේසත් කළ නායකයාට කෘතවේදීත්වය දක්වමින් වන්දනා කරන ජනතාවට "වහල්ලු" යැයි එක්තරා දේශපාලඥයෙක් පැවසුවේය. දැන් ඔහුගෙන් ඇසීමට ඇත්තේ ඔහු ණය ඉල්ලමින් ගිය ජපන් ජාතිකයන්ටත් එසේ කියනවාද යනුවෙනි.










