අද සිට මහින්ද මැතිඳුන්ගේ ආරක්ශාවට සිටි සියලු හමුදා සමජිකයින් ඉවත්ව යනවා පුරා වසර දහයකට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ජීවිතය ආරක්ශාව නැමති මහා භාරදූර කාර්ය්යය පැවරුනේ විශේශ කොමන්ඩො කන්ඩායමකටයි
මහින්ද රාජපක්ෂ මහතා යන එන ස්තාන අස්රයකරනපුද්ගලයින් ගේ සිට සියලු අවස්තාවන් සඳහා ඔවුන්ගේ ආරක්ශාව සැපයුනා මේ විශේශ කොමාන්ඩෝ කන්ඩයමේ වගකීම පැවරුනේද සුවිශේශී පුද්ගලයෙකුටයි, මෙම විශේෂ ආරක්ෂක සමුහයේ අණදෙන නිලධාරී, කනල් මහේන්ද්‍ර ප්‍රනාන්දු යනු සන්නද්ධ බලකා රෙජිමේන්තුවට (ආමඩ් කෝ) අයත්, වසර 15ටත් අධික කාලයක් යුධ ක්‍රියාන්විතවල නිරතවූ, වීර වික්‍රම විභූෂණ, රණවීර පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම යනාදී යුධ බිමෙහි දැක්වූ වීරත්වය සඳහා විශිෂ්ට සම්මාන ලැබූ, හමුදා බුද්ධි අංශයේ අත්දැකීම් ඇති, ඉන්දියාව, ප්‍රංශය වැනි රටවලින් විශේෂ සමීප ආරක්ෂා පුහුණු ලැබූ නිලධාරියෙකි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරා යුධ හමුදාවට බැඳුනු කැඩෙට්නිලධාරියෙකි.
ඔහු යටතේ සිටින අනෙක් මේජර් වරුන්ද, උසස්පෙළ හදාරා කැඩෙට් නිලධාරීන් වශයෙන් යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔවුන්ද වසර 10ට අධික කාලයක් යුධබිමේහි ක්‍රියාන්විත වල සටන්කර, මෙරට හා විදේශ රටවලින් විශේෂ ආරක්ෂක පුහුණුවීම් ලැබූ, අත්දැකීම් සම්භාරයක් ඇති සුවිශේෂ නිලධාරින්ය. ඔවුන් යටතේ සිටින කමාන්ඩෝ භටයන්ද යුධබිමේ දස්කම් පෑ, වීරත්වයෙන් අතිවිශිෂ්ට සේවාවක් තම මාතෘභූමියට ඉටුකළ රණවිරුවන්ය.
ශුදොතුම් පාප්වහන්සේ ලංකාවට පැමිනිවිට දී චාල්ස් කුමරගේ ලංකා සංචරයේදී ඇතුලු විදේශ නායකයින් රැසකගේ ආරක්ශාව ලංකාව තුල භාර කෙරුනේ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුට හා ඔහුගේ විශේෂ කොමාන්ඩො කන්ඩායමටයි
මහින්ද මැතිඳුන්ගේ ආරක්ශාව අඩුකීරිම මගින් වත්මන් රජය බලාපෙඔරොත්තු වනුයේ එතුමන් ගේ මහජන හමුමීම් පාලනය කිරීම නම් එය කිසිදිනක ඉටු නොවන සිහිනයකි!
කේසේ නමුත් මෙතුවක් කාලය පුරාවට මහින්ද මැතිඳුන් ආරක්ශාකරන ලද කොමන්ඩො කන්ඩායමටත් කනල් මහෙන්ද්‍ර ප්‍රනන්දුටත් මේජර් නෙවිල් වන්නිඅරච්චිටත් අතුලු සියලු නිලදරුවන් හා සෙසු නිලයන්ට සුභ අනාගතයක් කියා මහින්ද ඉන්ෆො කන්ඩායම ප්රර්තනාකරමු! ඔබ සැමට ජයවේවා
අප රට රැකගත් නායකකයා ආරක්ශාකල ඔබලාට බොහොම ඉස්තූතියි!