Mahinda Rajapaksa: July 2016

Sunday, July 31, 2016

පාද යාත්‍රාවේ 4 වන දිනයේදී කිරිබත්ගොඩට ගැලූ මහ ජන ගංගාව (VIDEO)



කොළඹ බලා ගමන් කරමින් තිබෙන ජනසටන පාද යාත‍්‍රාව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් ගනිද්දී සටන් පාථ කීම නවතා හිස් වැසුම් ගලවා කොඩි පහත් කරගෙන ගමන් ගත්හ. පෙළපාලියේ ගමන් ගත් අති විශාල ජනතාව සියල්ලන් මෙසේ සමාධියට ආචාර කළහ. සමාධිය අද වසා දමා පොලිස් බලඇණියක ආරක්‍ෂාව යොදවා තිබිණ.

සමාධියට පෙළපාලියෙන් ගල් ගසනු ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් කල ඉල්ලීමක් අනුව මෙසේ පොලීසිය යොදා ඇත. තම පියාගේ සොහොනට ගල් වදින්නට ප්‍රාර්ථනා කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අපේක්ෂාව බොඳ වීම ගැන ඇයට අපගේ සංවේගය පළ කරමු. බණ්ඩාරනායක සමාධියට ගල් ගසන තුරු බලා සිටි සියළු ශ්‍රිලනිප විරෝධීන්ගේ අපේක්‍ෂා භංග කරමින් ගල් වෙනුවට ඊට මල්පිදූ සැබෑ ශ්‍රිලනිප බලවේගයට අපගේ උපහාරය.























පෙළපාලිය කිරිබත්ගොඩට ළඟා වී ජනහමුව පැවතෙද්දී කිරිබත්ගොඩ නගරයේ විටින් විට විදුලිය විසන්ධි විය. මින් පෙර නෙලුම්දෙණිය හා නිට්ටඹුවේදීද මේසේ විදුලිය විසන්ධි වූ අතර මාවනැල්ල නගරයට ඇතුළු වීමට නොහැකි වූයේ උසාවි නියෝගයක් නිසාය.

පහත දැක්වෙන්නේ කිරිබත්ගොඩට පැමිණෙන පාද යාත්‍රාවේ පින්තූර යි.







හෙට අවසන් දිනට පෙළපාලිය කිරිබත්ගොඩ සිට කොළඹට ගමන් ආරම්භ කරයි. වෙන් කරන ලද හයිඞ් පිටිය පුරා වළවල් කපා පස් කඳු ගොඩගසා ඇත. එහෙත් කොළඹට ගලන මහා ජන සන්නිපාතය වලක්වාගන්නටට ආණ්ඩුවට කෙලෙසකවත් නොහැකි වනු ඇත.

Saturday, July 30, 2016

පා ගමනට ආශිර්වාද පතා මහින්ද මැතිඳුන් ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳපුදා ගනී (පින්තූර)



මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදැසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිනියේය. එහි සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බැතිමතුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සාදරයෙන් පිළිගන්නා ලදී. අදමිටු බලවේගයන්ගෙන් රට බේරා ගැනීමේ පාද යාත්‍රාවට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශීර්වාද පැතීම එහි එක් අරමුණක් විය.



















Friday, July 29, 2016

කොළඹට එන ජන ගඟට බිය වී යහපාලකයින් හයිඩ් පිටිය පුරාම ඩෝසර් කර බොරු වලවල් කපයි...

මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇත.

ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට කටයුතු කරමින් තිබීම ය.

පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටිය ඩෝසර් කර තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.













වෙන්කරගත් පිටිය වැනසීමට අමතරව, පාද යාත්‍රාව තුළට එජාප ආධාරකරුවන් ලවා ගිලන් රථ පැදවීම, පාද යාත්‍රාවට එරෙහිව පොලිසිය මගින් උසාවි නියෝග ලබා ගැනීම, පාද යාත්‍රාව පවත්වන දිනදීම එය ඉදිරියෙන් එජාපයේ රැළි පැවැත්වීම, පාදයාත්‍රාව පැවැත්වෙන මාර්ගයේ ජනාධිපතිවරයා වෙනම රැස්වීම් පැවැත්වීම, පාද යාත්‍රාවේ එන අයට විශ සහිත බීම වර්ග බෙදීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සියලුම පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගැනීම, පාද යාත්‍රාවේ එන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලඥයින්ව අත් අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගැනීම, පාද යාත්‍රාව ඉදිරිපිටට 6000 ක පමණ පොලිස් බලඇණියක් යෙදවීම ආදී නොයෙකුත් ආකාරයේ නිවට වැඩ වලින්, පාද යාත්‍රාව නිසා ආණ්ඩුව මරු විකල්ලෙන් දඟලන අයුරු පැහැදිළි වෙයි.

ජන සටනේ දෙවැනි දින පින්තූර

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති, නුවර සිට කොළඹ දක්වා ගමන් කරන ජන සටන පාද යාත්‍රාවේ දෙවැනි දිනයේදී ලබාගත් ඡායාරූප පහත දැක්වේ.































‘ජන සටන’ විරෝධතා පාද යාත‍්‍රාවේ ගුවන් දර්ශණ වීඩියෝවකි මේ.

Thursday, July 28, 2016

පාද යාත්‍රාවට එරෙහි ඇම්බියුලන්ස් මඩ අතේ මාට්ටු, ආණ්ඩුව හත් පොළේ ගා ගත්ත හැටි මෙන්න.

[1]. ජන සටන පාද යාත්‍රාව අතරට ගිලන් රථයක් දමා ආණ්ඩුව විසින් සිදුකළ නිර්ලජ්ජිත ක්‍රියාව ආණ්ඩුවේ මාධ්‍ය මගින් විකාශය කළේ මෙලෙසයි.



 

[2]. එහි දැක්වෙන්නේ "රෝගීන් රැගෙන ඒමට යමින් සිටි ගිලන් රථයක්" ලෙසටය.

(i). ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ නියාමනයන්ට අනුව රෝගීන් රැගෙන ඒමට යන ගිලන් රථයක නිල සාත්තු සේවකයෙක් හෝ හෙදියක් සිටීම අනිවාර්ය වේ.

(ii). ඊට හේතුව ගිලන් රථයක් ගෙන යන්නේ කැස්ස හෙම්බිරිස්සාව ඇති රෝගීන් රැගෙන ඒමට නොව අසාධ්‍ය රෝගීන් රැගෙන ඒමට නිසාය.  එහිදී ප්‍රථමාධාර දීමට පුහුණුව ලත් අයෙක් සිටිය යුතුය. නැතහොත් රෝගියා රැගෙන ඒමේදී සිදුවෙන අත්වැරදීමකින් රෝගියා මිය යනු ඇත.

(iii). පහත පින්තූර බලන්න, මේවායේ සාත්තු සේවකයන් හෝ හෙදියන් සිටියි.







 

[3]. නමුත් ආණ්ඩුවේ මාධ්‍ය මගින් නිර්ලජ්ජිතව විකාශය කරන ලද මඩ වීඩියෝවේ ඇති ගිලන් රථයේ කිසිදු හෙදියක් හෝ සාත්තු සේවකයෙක් නොමැත.



(i), ජනසටන අනතුරදී මේ ආකාරයෙන් ආණ්ඩුවේ හෙංචයියන් පදවන, හෙදියන් හෝ රෝගීන් නොමැති ගිලන් රථ 6 ක් පමණ ගෙන ගොස් පාද යාත්‍රාවේ යන ජනතාව පීඩාවට පත් කළෝය. එහිදී අවසාන ගිලන් රථයේ පසුපස දොර අරමින් එහි රෝගීන් හෝ හෙදියන් නොමැති බවට එහි සිටි ජනතාව පෙන්වා දෙන ලදී. මහින්ද පාක්ෂිකයන්ගේ සංවරත්වය නිසා එම ගිලන් රථ යහතින් ගිය අතර, වෙනත් පක්ෂයක රැළියක් අතරතුරදී මෙවැනි වැඩක් කළහොත් ගිලන් රථ රියදුරා එම ගිලන් රථයෙන්ම රෝහල් ගත වෙනු ඇත.

(ii). අප වෙත වාර්තා වුණ ආකාරයට එම ගිලන් රථය පැදවූයේ ජනසටන කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින මහනුවර ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ හෙංචයියෙක් සහ පසුපස සිටියේ එම හෙංචයියාගේ බිරිඳයි.

(iii). යුද ගිණිදැල් කඳුළෙන් තෙත් වූ දේශයට නිදහසේ සිනාව එක් කරමින් යෝධ සංවර්ධනයක් සිදුකළ අසහාය ජනනායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසීමේ නින්දිත කටයුත්ත සිදුකිරීමට රජයේ කිසිදු හෙද නිලධාරියෙක් හෝ නිලධාරිණියක් එක් නොවූ අතර, ඔවුන්ගේ උතුම් නිළ ඇඳුම මඩ ගැසීමේ වැඩ වලට බලහත්කාරයෙන් යොදා ගත්තොත් නඩු දමන බවට ඔවුන් පවසා ඇත.

 

[4]. පහත දැක්වෙන්නේ ඒම අවස්ථාව ගැන ජනතාව දැක්වූ අදහස් සහ ජන සටනට එක් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දර්ශන කිහිපයකි.

මහින්ද මැතිඳුන් පෙරටුකරගෙන ජන සටන පාද යාත්‍රාව ඇරඹෙයි. (පින්තූර)

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජන සටන’ පාද යාත්‍රාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය පාලම අසලින් ආරම්භ විය.

මේ සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ගණනාවක් එක්ව සිටින අතර අති විශාල ජන සහභාගීත්වයක්ද තිබේ.

පෙළපාලිය නිසා කොළඹ නුවර මාර්ගය පේරාදෙණියේදී දැඩි වාහන තදබදයක් ඇති වී ඇත.

















පාද යාත්‍රාවේ ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියෙන් පා ගමනින් පැමිණියද ඉන් අනතුරුව ඇතිවුණ දැඩි සෙනග තදබදය නිසාත්, වත්මන් ආණ්ඩුවෙන් දරුණු කොටි ත්‍රස්තවාදීන්ව නිදහස් කිරීම නිසා ඇතිවී ඇති ආරක්ෂක අවදානම නිසාත්, එතුමාගේ ආරක්ෂාවට සිටි පුහුණු හමුදා නිලධාරීන් වෙනුවට නුපුහුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති නිසාත්, එතුමාව විශ්වාසවන්ත හිතවතුන්ට මැදි කරගනිමින් රථකයින් ගමන් කර ඇත.











මේ අතර කොළඹ අතිරේක මහේත‍්‍රාත් අධිකරණය විසින් පාද යාත්‍රාවේ එන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත්හ යදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ.