Mahinda Rajapaksa: අමාදම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල නිවසේදී පැවැත්වුණි.

Tuesday, July 19, 2016

අමාදම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල නිවසේදී පැවැත්වුණි.

සෑම පොහෝ දිනකම සංවිධානය වන අමා දම් සිසිල 152 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේ දී ඇසළ පුන් පොහොය නිමිති කොට පැවැත්විණි. මෙම ධර්ම දේශනය පවත්වනු ලැබුවේ තිස්සමහාරාම යෝධකන්ඩිය නාග මහා විහාරාධිපති මහවැව මහින්ද හිමියන් විසිනි.

මෙම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමන්, යහපාලන ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීම් ගැනීමට සිර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය හා සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!







හදිසියේ අභාවප්‍රාප්ත වූ ගාමිණී වික්‍රමසිංහ මහතාගේ දේහයට අවසන් ගරු බුහුමන් දක්වන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය නිවසෙන් බැහැරව ගියේය. ගාමිණී වික්‍රමසිංහ මහතා ෆේස්බුක් මගින් රට ජාතිය පිලිබදව දැක්වූ ලෙන්ගතු කම ද එතුමන් මෙහිදී මතක් කර සිටියහ.