Mahinda Rajapaksa: පාද යාත්‍රාවේ 4 වන දිනයේදී කිරිබත්ගොඩට ගැලූ මහ ජන ගංගාව (VIDEO)

Sunday, July 31, 2016

පාද යාත්‍රාවේ 4 වන දිනයේදී කිරිබත්ගොඩට ගැලූ මහ ජන ගංගාව (VIDEO)



කොළඹ බලා ගමන් කරමින් තිබෙන ජනසටන පාද යාත‍්‍රාව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් ගනිද්දී සටන් පාථ කීම නවතා හිස් වැසුම් ගලවා කොඩි පහත් කරගෙන ගමන් ගත්හ. පෙළපාලියේ ගමන් ගත් අති විශාල ජනතාව සියල්ලන් මෙසේ සමාධියට ආචාර කළහ. සමාධිය අද වසා දමා පොලිස් බලඇණියක ආරක්‍ෂාව යොදවා තිබිණ.

සමාධියට පෙළපාලියෙන් ගල් ගසනු ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් කල ඉල්ලීමක් අනුව මෙසේ පොලීසිය යොදා ඇත. තම පියාගේ සොහොනට ගල් වදින්නට ප්‍රාර්ථනා කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අපේක්ෂාව බොඳ වීම ගැන ඇයට අපගේ සංවේගය පළ කරමු. බණ්ඩාරනායක සමාධියට ගල් ගසන තුරු බලා සිටි සියළු ශ්‍රිලනිප විරෝධීන්ගේ අපේක්‍ෂා භංග කරමින් ගල් වෙනුවට ඊට මල්පිදූ සැබෑ ශ්‍රිලනිප බලවේගයට අපගේ උපහාරය.























පෙළපාලිය කිරිබත්ගොඩට ළඟා වී ජනහමුව පැවතෙද්දී කිරිබත්ගොඩ නගරයේ විටින් විට විදුලිය විසන්ධි විය. මින් පෙර නෙලුම්දෙණිය හා නිට්ටඹුවේදීද මේසේ විදුලිය විසන්ධි වූ අතර මාවනැල්ල නගරයට ඇතුළු වීමට නොහැකි වූයේ උසාවි නියෝගයක් නිසාය.

පහත දැක්වෙන්නේ කිරිබත්ගොඩට පැමිණෙන පාද යාත්‍රාවේ පින්තූර යි.







හෙට අවසන් දිනට පෙළපාලිය කිරිබත්ගොඩ සිට කොළඹට ගමන් ආරම්භ කරයි. වෙන් කරන ලද හයිඞ් පිටිය පුරා වළවල් කපා පස් කඳු ගොඩගසා ඇත. එහෙත් කොළඹට ගලන මහා ජන සන්නිපාතය වලක්වාගන්නටට ආණ්ඩුවට කෙලෙසකවත් නොහැකි වනු ඇත.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. ජන සටනේ ජන සන්නිපාදය දැක යමපාලනයට උණ සන්නිපාතය වැළඳී ඇති බවක් පෙනෙන්නට ඇත.මෙතෙක් කල් විවිධාකාර කතාංග ගොතමින්,නිදිකිරා වැටෙමින්,බොරුවම රජ කරවූ යමපාලනයට අද නව මාතෘකාවක් සමඟ නව ජවයකුත් ලැබී ඇති බව පෙනේ.එයටත් පිංසිදු විය යුත්තෙ ජන සටන පාද යාත්‍රාවේ දේශපාලන නාකයින් ප්‍රමුඛ මහා ජන ගංගාවටය.විදුලිය කපා,වලවල් කපා,මොන හරස් දැම්මත් මහා ජන ගඟ කොළඹ ආක්‍රමණය කරනුයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සුනාමි දලරළ ශ්‍රී ලංකාවට කඩා වැදුනා සේය.මහා විනාශයක් කරමින් එදා සුනාමිය යන්නට ගියේය.එහෙත් 2016 වසරේ අගොස්තු මස 01 වනදා කොළඹට කඩා වදින පාදයාත්‍රා සුනාමිය එසේ නොව,එය කොළඹට කඩා වදිනුයේ රටට වින කරන යමපාලනය නැමැති කලවම් දේශපාලූ ක්‍රමය අවසන් කරමින් මුළු රටටම සුභ අනාගතයක පෙරමන් ලකුණු උදා කිරීමේ තිර අධිඨනින්ම බව කිව යුතුමය.

    යමපාලන අනේකවිද බාධා කිරීම් මධ්‍යයේ අති පූජනීය ශ්‍රී දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් පෙරටුව තබා කන්ද උඩරටින් ඇරඹි මහා පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද දිනය මහා ජන සන්නිපාතයක් සමඟ යමපාලනයට එරෙහිව දේශමාමකයන්ගේ සුජාත ශක්තිය විහිඳුවා හරින අති සාර්ථක සටනක් වේවා යන්න මාගේ ඒකායන පැතුමයි.

    මහින්ද රාජපක්ෂ අප සදාදරණීය නායකයාණන් ප්‍රමුඛ සැමට ජයවේවා..!

    ReplyDelete
  2. පාද යාත්‍රාව අස්සේ දිගට හරහට යන ගිලන් රථ වලින්ම පේනවා ආණ්ඩුවට උණ සන්නිපාතය වැළඳී තියෙන තරම.

    ReplyDelete
  3. apita adambarai maharajaneni. oba nawathath ape rate nayakaya wee ape rata bera denna. sinhala jathyath, buddhagamath bera denna. oba kala meheya apita kisida amathaka nowevi. obata deergayu wewa maharajaneni.......

    ReplyDelete
  4. ජයවේවා. නායකයන්ගේ කතා පටිගත කර youtube දැමීමට කෙනෙක් නැතිකම අඩුවකි. විරවංශ මහත්මයා නම් තමන්ගේ කතා යම්කිසි කෙනෙකු ලවා පටිගත කරගෙන සමාජ ජාල වලට යොමු කරන බව පෙනෙන්නට ඇත. සමාජ ජාල වල බලය අවතක්සේරු නොකර එවන් ක්‍රියාදාමයක් අනිත් නායකයනුත් ආරම්භ කරනවා නම් අපට සතුටුය

    ReplyDelete
  5. යුග පුරුෂයාණනි පින්බිම ගොඩ නැගුව..
    ඔබමය හදගැස්ම ජනහදවත් දිනුව..
    මුලු රට පතයි දෙනෙතෙහි කඳුලැලි මුසුව..
    ලැබෙවා ආයු බල දෙවි රැක නිරතුරුව..!

    උතුම් අරමුණින් ලක්මව රැකගන්ට..
    හැඟුම් බරව පා ගමනට එක්වන්ට..
    නොහිම් සතුට දැනුනේ ලක් පුතුන් හට..
    පුදම් බැති කුසුම් යන්නට ඉදිරියට..!

    ReplyDelete
  6. ajwickramasiriithAugust 7, 2016 at 4:19 AM

    please implement new strategy formulation team

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.